(ලංකා ඊ නිව්ස් -2016.මාර්.30, ප.ව.11.30) සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වන සැමරුම් උළෙල අපගේ ප්‍රධාන ජාතික උත්සවය බවට රට පුරා පැතිරගත් මතයක් තිබේ. එහෙත් අප රටේ ප්‍රධාන ජන කොටස වන සිංහල ජනගහනයෙන් බොදුනුවන් හැරුණු කොට කතෝලික සහ අන් කිතුණු නිකායික කිසිදු සිංහලයෙක් මෙම උළෙල නොපිළිගනිති. එමෙන්ම ශ්‍රී ලාංකීය හින්දු ජනගහනයෙන් ඉන්දියානු සම්භවයක් සහිත වතුකර ජනතාව ද මෙම සැමරුම් උළෙල පිළිබඳ විශේෂ උනන්දුවක් පළකරනු නොපෙනේ. තවද මුස්ලිම්, බර්ගර්, ජා මැලේ ආදී ශ්‍රී ලාංකීය ජාතිකත්වයට අයත් සෙසු ජන කොටස් තුළ ද මෙම උත්සවය පිළිබඳ කිසිදු තැකීමක් නැත. ලංකාවේ උතුරු ප්‍රදේශය මුල් කොට ගත් දෙමළ ජාතික හින්දු භක්තිකයන් මෙම උළෙල සමරන මුත් එ් සිංහලයන්ගේ අවුරුදු සැමරුමට වඩා ඉඳුරාම වෙනස් ආකාරයකටය. අඩුම තරමින් ඔවුහු සිංහලයන් අනුගමනය කරන සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවවත් එලෙසින්ම අනුගමනය නොකරති. හුදෙක් කෝවිල මුල් කොට ගත් ඔවුන්ගේ අලුත් අවුරුදු චාරිත්‍ර එක් දිනයකට පමණක් සීමා වීම ද බොහෝ දෙනෙකු නොදත් විශේෂත්වයකි. මෙවන් තත්වයක් යටතේ මෙය ජාතික උත්සවයක් ද නැතහොත් ගෝත්‍රික උත්සවයක් ද යන්න පිළිබඳ විමසා බැලිය යුතු කාලය දැන් එළැඹ තිබේ.
කලක් තිස්සේ තමන් සන්තකව තබා ගත් කිසිවක් එකහෙළා ඉවත දැමීමට කිසිවෙක් කැමති නොවෙති. තම තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන්, දේපල, වතුපිටි සේම තමන්ගේ ජාතිවාදය (Racialism), ජාතිකවාදය (Nationalism) ආදිය කෙරෙහි ද මිනිසා මෙම ආකල්පයම දරනුයේ එ්වා ද හුදෙක් මමත්වය පදනම් කරගත් බැවිනි. මිනිසුන් තුළ පවත්නා අතීත කාමය (Nostalgia) ට අමතරව සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධ සිංහල බෞද්ධ ජන සමාජයේ පවත්නා ලෝලීත්වයට මෙය ද ප්‍රධාන හේතුවකි.
සිංහල අලුත් අවුරුද්ද යනු මීට සියවස් කිහිපයකට පෙර එවක කෘෂිකාර්මික පදනමින් යුතු අප ජන සමාජය වසරේ ප්‍රධානම කන්නය වූ මාස් කන්නය නිමාවේ පවත්වනු ලැබූ අස්වනු මංගල්‍යයකි. එ් සඳහා මූලික නිමිත්ත වූයේ මාස් කන්නයේ අස්වැන්නෙන් අටුකොටු සපිරීම ය. එහෙත් 1950-1970 දශක දෙක තුළ ලොව පුරා ව්‍යාප්ත වූ හරිත විප්ලවයෙන් පසු විද්‍යා තාක්ෂණය අනුව භාවිතයට ගැනුණු අප රටේ පැවැති සාම්ප්‍රදායික කන්න දෙක කන්න තුනක් දක්වා වැඩි කරන ලදී. එමෙන්ම විසිවෙනි සියවසේ මැද භාගයේ රට පුරා රැකීරක්ෂා බහුලවීම මත කලින් කෘෂිකර්මයේ යෙදුණු පිරිස්වල ඊළඟ පරපුර රැකියා සොයා ගමින් නගරයට සංක්‍රමණය වීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබිණ. එ් අනුව වී ගොවිතැන ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තයම සැලකිය යුතු පසුබෑමකට ලක්වූ අතර එ් නිසාම ‘අටු කොටු පිරීම‘ යන සංකල්පයේ ප්‍රායෝගිකත්වය ද කෙමෙන් හීන විය. එ් අනුව අතීතයේ ‘අටු කොටු පිරීම‘ මුල් කොට ගෙන ස්වභාවික ලෙස සමරන ලද මෙම සිංහල අලුත් අවුරුදු උත්සවය සඳහා කෘත්‍රිම ලෙස අටු කොටු පුරවා ගැනීමට හෙවත් ධනය රැස්කර ගැනීමට මෑතක සිට අප රටේ ජනයාට සිදුව තිබේ. මතුපිටින් සතුටට කරුණක් සේ හඟවතත් ඉහත සඳහන් අන්දමට සිංහල අලුත් අවුරුද්ද සඳහා ප්‍රමාණවත් ධනයක් සපයා ගැනීමට නොහැකි බොහෝ දෙනෙක් අද සිංහල අලුත් අවුරුද්ද හමුවේ දුක් සුසුම් හෙළන බව සමාජයේ බොහෝ දෙනකු දන්නා ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ. එසේම අදත් “කොහොමද මෙදා අවුරුදු සරු ද?“ යනුවෙන් දසතින් නැගෙන පැනවලට “ඔව්, සරුයි“ යනුවෙන් පවසනුයේ සත්‍ය වශයෙන්ම නොවන බව අපි කව්රුත් දනිමු.
මීට දශක කිහිපයකට ඉහත සමාජයේ පැවැති සාමූහිකත්වය අවප්‍රමාණ වීම නිසා අද වනවිට සිංහල අලුත් අවුරුද්ද හුදෙක් මිනිසාගේ ආත්මාර්ථය වඩාත් තහවුරු කරවන අවස්ථාවක් බවට පත්ව තිබේ. එ් අතීතයේ ගම කේන්ද්‍ර කරගත් විස්තෘත පවුල මත පදනම් වූ අලුත් අවුරුද්ද වෙනුවට අද වනවිට න්‍යෂ්ටික පවුල කේන්ද්‍ර කරගත් අලුත් අවුරුදු සංකල්පයක් ක්‍රියාත්මක වී ඇති බැවිනි.
එමෙන්ම අතීතයේ සාමූහික උත්සවයක්ව පැවැති සිංහල අලුත් අවුරුද්ද පසුව සංවර්ධනය සහ විකාශනය වී ඇත්තේ පොදුවේ තම තමන්ගේ ලෞකිකත්වය තහවුරු කරගැනීමේ අවස්ථාවක් වශයෙනි. මූලික මිනිස් අවශ්‍යතා වන කෑම, ඇඳීම සහ වාසස්ථාන යන විෂයන් කෙරෙහි විශේෂ නැඹුරුවක් අප විසින් දැරිය යුතු වීම මෙම අලුත් අවුරුද්දේ මුඛ්‍යාර්ථයකි. පොදුවේ ගත් විට ‘අවුරුදු කෑම‘ යනුවෙන් හැඳින්වෙන මෙම උත්සවයේ දී අලුත් ඇඳුම් ඇඳීමක් සිදුවන අතර ඊට පෙර තමන් ජීවත් වන ගේ දොර අලුත්වැඩියා කර ගැනීමේ සිරිතක් ද පෙර සිට පැවතුණි. එමෙන්ම මෙහි එන සියලුම චාරිත්‍ර විධි තමන් සහ තම තමන්ගේ ඥාති මිත්‍රාදීන් කේන්ද්‍ර කොට ගෙන ඇති බව ද පැහැදිලිව පෙනී යන්නකි.
දෙමළ දින දර්ශනයේ ‘තායි‘ යනුවෙන් හැඳින්වෙනුයේ වසරේ දස වන මාසයයි. වර්තමානයේ භාවිත කෙරෙන ග්‍රෙගෝරියන් දින දර්ශනයට අනුව බලන විට තායි මාසය ජනවාරි මැද භාගයේ සිට පෙබරවාරි මැද භාගය වශයෙන් හඳුනා ගත හැක. එ් අනුව දෙමළ ජනතාවගේ ප්‍රධානතම අස්වනු මංගල්‍යය වනුයේ සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ යෙදෙන තෛපොංගල් ය. අප ජන සංස්කෘතියේ එන අලුත් සහල් මංගල්‍යය නම් වන පසු අස්වනු ආධ්‍යාත්මික උත්සවයට සමගාමී ලෙසක් අඟවන දින හතරකින් යුත් මෙම උත්සවයේ සිව්වන දිනය වෙන්කොට ඇත්තේ කෘෂි කර්මාන්තය සඳහා තම ශ්‍රම ශක්තිය උපරිමයෙන් යොදන ගවයාට කෘතවේදීත්වය පළ කිරිම පිණිස ය. තෛපොංගල් උත්සවය හා සබැඳුණු මෙම ගව උපහාර උත්සවය හැඳින්වෙනුයේ ‘මොට්ටු පොංගල්‘ යනුවෙනි.
සිංහල අලුත් අවුරුද්ද හුදෙක් ලෞකිකත්වය මත පදනම් වූ අතීත කාම උත්සවයක විපරිනාමයක් වන අස්වනු මංගල්‍යයකි. නමුත් සමාජ උත්සවයක පැවැතිය යුතු ආධ්‍යාත්මික පක්ෂය සැලකිය යුතු අයුරින් සිංහල අලූත් අවුරුදු උත්සවය තුළ ක්‍රියාත්මක නොවන බව මෙතෙක් ප්‍රසිද්ධියේ සාකච්ඡා වී නැත. එ් සඳහා ප්‍රධාන වශයෙන් ඉවහල් වන හේතුවක් ලෙස මා දකිනුයේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ තිබූ ආධ්‍යාත්මික අංග අලුත් සහල් මංගල්‍යය ඔස්සේම අභාවයට යමින් පැවැතීම ය.
ඒ කෙසේ හෝ තෛපොංගල් නම් වන පසුඅස්වනු මංගල්‍යය මුල් කොට කෘෂිකර්මාන්තයේ දී තමන් හට අනුපමේය මෙහෙවරක් ඉටු කරන ගවයා හට කෘත ගුණ දැක්වීමට හින්දු ආගම අදහන දෙමළ ජාතිකයන් දක්වන උනන්දුව, කෘතගුණ දැක්වීම ප්‍රධාන ආගමික පරමාදර්ශයක් සේ සලකන බෞද්ධයන් සිංහල අලුත් අවුරුද්ද තුළින් අමතක කොට දැමීම එහි සදාචාරාත්මක නිරුවත හෙළි කරන්නකි.
එසේම කෘෂි කර්මාන්තයේ දී ගවයාගෙන් ලබාගත්, ඇතැම් විට පැහැර ගත් ශ්‍රමයෙන් ලත් අස්වැන්න මුල් කොට එ් සත්වයා අමතක කොට සමහරවිට එ් කළණ මිතුරාගේ ශරීර මාංශය ද අනුභව කරමින් අවුරුදු කෑම අපගේ සිංහල බෞද්ධ සමාජයේ තරම පෙන්නුම් කරන්නකි. එමෙන්ම එවන් අකාරුණිකත්වයක් සහ ආත්මාර්ථය පදනම් කරගත් ලෞකිකෝත්සවයක් අපගේ ජාතික උත්සවය වශයෙන් හඳුන්වා ගැනීම කෙසේ නම් සාධාරණීකරණය කළ හැකිදැයි කල්පනා කර බැලීම බුද්ධිමත් ඔබට භාර කරමි.
වර්තමාන භාවිතය කෙසේ වෙතත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරෙන නත්තලේ දී දිළින්දා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව නොරහසකි. වර්තමානයේ තමන්ගේ පවුල් සහ ඥාති මිත්‍රයන් අතරේ සහ පැලැන්තියේ අය සමග පවත්වන නත්තල් සාදය කිතු දහමේ මූලික හරයන් හා කෙසේවත් බද්ධ නොවන නිසරු ක්‍රියාවක් බවට කිතුනු සමාජය තුළින් ප්‍රබල මත ගොඩ නැගෙයි. කිතුනු පූජකතුමන්ලා ද පුන පුනාම පවසනුයේ නත්තලේ මිහිර දිළිඳුන් හට හිමිකර දීම දේව නියමයක් බව ය.
එමෙන්ම තමන් සතු වත්කමින් හතළිහෙන් කොටසක් දිළිඳුන් අතරේ බෙදා දිය යුතු බව මූලික ඉස්ලාමීය ඉගැන්වීමකි. එය වර්තමානයේ ඉස්ලාමීය ප්‍රජාව අතරේ එ් අයුරින්ම ක්‍රියාත්මක නොවන බව ඇත්තකි. එහෙත් රාම්ලාන් මාසයේ පවත්වන උපවාස ශීලය නිමාවේ බොහෝ ඉස්ලාමිකයෝ එය සංකේතනය කරනු පිණිස තමන් සතු ධනයෙන් ඉතා සුළු ප්‍රමාණයක් හෝ දිළින්දන් හට ප්‍රදානය කරති. මෙහි දී ඇතැමුන් එම ආගමික නියමයෙන් නිදහස් වීමට රාම්ලාන් උපවාසය අවසානයේ දිළිඳු අයකු හට ධනයෙන් හතළිහෙන් පංගුව හෙවත් සියයට දෙකහමාර සංකේතය කරනු පිණිස කිලෝ දෙක හමාරක් බරැති ධාන්‍ය මල්ලක් දෙන බව ද මා අසා තිබේ.
නමුත් තම තමන්ගේ අලුත් අවුරුදු මුල් කොට සිය ආගමික සංස්කෘතික පසුතලයන් පදනම් කරගනිමින් මෙරට හින්දු, කිතුණු සහ ඉස්ලාමිකයන් මෙලෙස කළගුණ සැලකීම, දානය සහ පරිත්‍යාගය වැනි සදාචාරාත්මක උත්තමාංගයන් වෙත යොමුවන අතරේ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන් හට එවැනි නැඹුරුවක් සදහා සිංහල අලුත් අවුරුදු චාරිත්‍රාවලියෙන් ලැබෙන පිටිවහල කුමක් ද?
සිංහල, බෞද්ධ යන්න හුදු වර්ගවාදී පදනමක් යටතේ අර්ථ දැක්විය හැකි මිනිස් කොටසක් විනා සැබෑ ශ්‍රී ලාංකීය සමස්ත ජාතිකත්වය හඟවන ජන කොටස නොවන බවට පිරිසක් තර්ක කරති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොටස මුල් කොට එවැනි සඳහනක් කිරීම එක්තරා අන්දමක අසාධාරණයක් බව ඇත්තකි. එහෙත්, අපගේ ජාතික උත්සවය වන සිංහල අලුත් අවුරුද්ද ඔස්සේ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ඉක්මවා ගොස් සිදු කෙරෙන කිසිදු පොදු සමාජමය කාරියක් පිළිබඳව ඇගයුමක් නොතිබීම මත මෙය හුදෙක් ගෝත්‍රික උත්සවයක් සේ හැඳින්වීමට ද යමකුට බැරිකමක් නැත.
සමාජයීය උත්සවයක විවිධ ප්‍රමාණයන්ගෙන් පැවැතිය යුතු ආධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික, වින්දනාත්මක සහ විනෝදාත්මක යන අංග සතරක් තිබේ. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල සඳහන් පුණ්‍ය කාලය එහි දැක්වෙන ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක යන අංගයන්හි මනා සුසංයෝගයකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශිය වෙත පැමිණි, නොපැමිණි (න+අගත, න+අනගත) අවස්ථාව මෙසේ නොනගතය යනුවෙන් හැඳින්වෙන බව පැවසෙයි. ග්‍රහයන්ගේ බලපෑම්වලින් මිදී පවතින එම අවස්ථාව තුළ ‘මිනිසා ඉෂ්ඨ දේවතාවන්ගේ පිහිටෙන් ජීවත් විය යුතු ය‘ යන හින්දු මතවාදය නිසා නොනගතය ගත කළ යුතු අන්දම පැරණි ලිත්හි දක්වා ඇත්තේ ‘ඉෂ්ඨ දේවතානුස්මරණයෙහි යෙදී‘ යනුවෙනි. කෙසේ හෝ මේ සඳහා දෙමළ බසෙහි යෙදුණු ‘පුණ්‍ය කාලම්‘ යන වදන පසුව පුණ්‍ය කාලය වශයෙන් සිංහල අලුත් අවුරුදු ලිත්වලට ද පැමිණ තිබේ. එහෙත් මෙහි එන ‘පුණ්‍ය‘ යන්න බුදු දහමෙහි දැක්වෙන දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නොවන බව ඉඳුරාම පැහැදිලි ය. එ් සිංහල අලුත් අවුරුදු පුණ්‍ය කාලය තුළ එබඳු ආගමික පිළිවෙත්හි යෙදීම කිසිවකුත් සිදු නොකරන බැවිනි. එ් අනුව මෙම පුණ්‍ය කාලය ද හින්දූන්ගේ පුණ්‍ය කාලම් හි අන්ධානුකරණයක් පමණි.
බුදු සමයෙහි විස්තර කෙරෙන අන්දමට පින් දහම් කිරීම සම්බන්ධයෙන් වේලාවක් දක්වා නැත. එ් සම්බන්ධයෙන් අප ජන විඥානයේ සනිටුහන්ව ඇත්තේ ‘නිති පන්සිල්, පොහොය අටසිල්‘ යනුවෙනි. ගිහියන් විසින් නිති පන්සිල් රැකිය යුතු බව (සච්ච සීල වසෙන පඤ්ච සිකඛා පදාති) සහ ගිහි දිවිය අර්ථවත් වීමට නම් පෙහෙවස් සමාදන් විය යුතු බව (තතෝච පාතො උපවත්ථුපොසථො) බුදු දහමේ දැක්වෙයි.
එහෙත් මෙම සිංහල අවුරුද්දේ එන පුණ්‍ය කාලය මූලික නැකත් චාරිත්‍ර ඉටු කිරීමත් සමග නිමාවට පත් වන්නකි. එ් අනුව පුණ්‍ය කාලයෙන් පසුව එළැඹෙන කාලය කුමක් විය හැකිදැයි කල්පනා කළ අපේ මෑත භාගයේ ඇතැමුන් එය ‘පාප කාලය‘ වශයෙන් වචනයෙන් අර්ථ ගැන්වීම කෙසේ වෙතත් ක්‍රියාවෙන් අර්ථ දැක්වීම අකුරටම සිදුකොට තිබේ. ඉංග්‍රීසීන් මෙරට පාලන බලය සියතට ගැනීමට පෙර සිංහල අලුත් අවුරුදු සමය තුළ නිවසේ පිළිකන්නේ සැඟවී සිටි මත්පැන් බෝතලයට කිසිදු බයක් සැකක් හෝ ලජ්ජාවක්, හිරිකිතයක් නොමැතිව නිවසේ ආලින්දයේ විරාජමාන වන්නට හෝ සිංහල අලුත් අවුරුදු කෑම මේසයේ ප්‍රධානත්වය හිමිකර ගැනීමට හැකි වූයේ සිංහල අලුත් අවුරුද්දේ එම ‘පාප කාලයට‘ පින්සිදු වන්නට ය. එමෙන් සිංහල අලූත් අවුරුද්ද තුළ ශීඝ්‍රාකාරයෙන් සංවර්ධනය වන මෙම සුරා පාන උප සංස්කෘතිය විසින් කෙතරම් බිහිසුණු සමාජමය බලපෑමක් සිදුකොට තිබේ ද යත් “අවුරුද්දට ටිකක් බිව්වට කමක් නැහැ“ යන වැරැදි, නපුරු ආදර්ශය ද මේ වනවිට ශීඝ්‍රාකාරයෙන් සමාජගත වී තිබේ. එසේම එකම පවුලේ වැඩිමල් සහ බාල සොයුරන් සිංහල අලුත් අවුරුද්ද නිමිති කොට එකට වාඩිවී මත්පැන් බීම සුලබ දෙයක් බවට පත්ව ඇත.
සිංහල අලුත් අවුරුදු චාරිත්‍රාවලියේ ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවයට හිමිවනුයේ ප්‍රධාන තැනකි. මෙම නැකතට අනුව සියලු කටයුතු කළ යුත්තේ මිනිසාගේ ලෞකික සමෘද්ධිය අරමුණු කරගනිමිනි. එ් හැරුණු කොට අලුත් අවුරුද්දක් ලැබීම මුල් කොට කළ යුතු පරාර්ථකාමී ක්‍රියා කිසිවක් මෙම උත්සවයේ පරමාදර්ශ වශයෙන් දක්වා නැත. අඩුම තරමින් කෘෂි කර්මාන්තයේදී තමන්ට අනුපමේය සහයක් පළකළ ගවයා මරා මස් නොකෑ යුතු බවට වත් කිසිදු තහංචියක්වත් නොමැති මෙම සිංහල අලුත් අවුරුද්ද ඇතැම් ගෝත්‍රික උත්සව තරම්වත් නොවටිනුයේ එ්වායේ ද විවිධ සදාචාරාත්මක පැනවුම් තිබෙන බැවිනි. සමීපතම ඥාතීන් අතර ලිංගික සබඳතා නොපැවැත්විය යුතු බවට ඔවුන් විසින් පනවා ගනු ලැබූ තහංචිය (Incest taboo) ගෝත්‍රික සමාජයන්හි සදාචාරාත්මක බව මැනවින් හුවා දක්වන්නකි. එ් ඔස්සේ තමන්ගේ එලොව හා මෙලොව සමෘද්ධිමත් වන බව ඔවුහු තරයේම විශ්වාස කරති. එහෙත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල මෙලොව සමෘද්ධිය මුල් කොට ‘හිස තෙල් ගෑම‘ නම් වන මිත්‍යා චාරිත්‍රය මත පදනම්ව පවතී. එ් අනුව එම සියලු සමෘද්ධීන් අත්පත් කරගැනීම මුල් කොට ගත් ආයුෂ වර්ධනය සහ නිරෝගී බව පිළිබඳ සිංහල අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ දී සිදුකෙරෙන ප්‍රාර්ථනය වන්නේ “කළු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දළු එන තුරු අවුරුදු එකසිය විස්සකට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා“ යන්න ය. එමෙන්ම එලෙස හුදු කවට වදනකට පමණක් සීමා වන ආයු සම්පත්තිය සමග ඊළඟ වසර සඳහා සකලවිධ ලෞකික සම්පත් හිමිකර ගැනීමට සිංහල අලුත් අවුරුද්ද මගින් යෝජනා කෙරෙනුයේ ඉතා කෙටි පහසු සරල මංපෙතක් පමණකි. එනම් සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අකුරටම ක්‍රියාත්මක කිරීම ය. මේ අනුව අපගේ අව්‍යාජ සංස්කෘතිය සහ සභ්‍යත්වය මත ගොඩ නැගුණු සමස්ත ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය නියෝජනය කරන සැබෑ ජාතික උළෙලක් නොවන බව අපට මනාව වටහා ගත හැකි වනු ඇත.
---------------------------
by (2016-03-30 17:48:35)
Leave a Reply
Shame on you Mr. Senasinghe!!! Your article is based on utter falsehood and distortion of Sri Lankan traditions. Even Vedhas celebrate their own traditions and cultural events. Also in America, different ethnic groups celebrate their own cultural festivals and New years. For example Chines New Year, Hindu New Year and so on. I have many Christian friends who celebrate Sri Lankan New Year (Sinhala and Tmail/Hindu New year ) in Sri Lanka. Too bad that you don’t have such Christian friends. Are you aware about Christian churches conducted special mass in Sri Lankan New Year’s day according to traditions? People have right to identify themselves as Sinhala Buddhist as long as they don’t believe that they are superior to others. Majority of Sinhala Buddhist are not hegemonic though politicians appeal to their fear. In fact, Alcohol consume is nothing to do with Sri Lankan New Year. Even in the X’mas time people consume Alcohol. Way before, ‘sudha’ came to Sri Lanka, alcohol consumptions exist in Sri Lanka. People who want to consume alcohol, they would consume alcohol including Muslims. Many Arab Countries have illicit liquor sale. Apparently, you got all wrong about Sinhala and Tamil/Hindu New year. What’s wrong with any part of the world people celebrate their cultural festivities in innocent way. As I know, during the Sri Lankan New Year, adversaries become friends and they forgot the past. They give away or exchanged festival food to each other. They visit their relatives who they did not visit for long time. You got ‘punaya kalaya’ all wrong. It is not ‘papa kalya’. During ‘Punaya kalya’, people go to temple or church. What’s wrong with that? It is Sad that, you cannot appreciate good things about the festival. As a matter of fact, any traditional festivals are evolved by time, in any parts of the world. In fact, you should have promoted harmony among all the people of Sri Lanka in this Sri Lankan New Year. Yes, there are ‘tribal elements’ in Sri Lanka, They are the politicians (both UNP and SLFP) in Sri Lanka who crack coconuts going to every kovil and ask Gods for destruction of the country. In deed, it is a ‘tribal’ ritual. And they are not 'Sinhala Buddhist' but they are Thakkadiyas'.
-- by Pat on 2016-03-31
About islamic zakath (tax on 1/40 of wealth) and fitra rice. Tax is one of main pillars of belief (out of 5 pillars). It is done in ramadan to gain more reward as it will be multiplied during ramadan. And as a cut off date/month for wealth calculation.
Fitra is seperate one which is to be given before end of ramadan festival prayers. It can not be considered as Zakath tax, and it has to be given in grains or whatever the staple food of that country or community.
Remember Tax receivable categories are 8 kinds of people (one kind is non muslim who is inclined to islam). Tax liability arises only when you reach a threshold limit whcih is called "Nisab".Fitra you can give only to muslims. If there is a new born (a day old even) in the family for them too fitra to be given. Just to give you some knowledge about islamic culture.
-- by Mohammed on 2016-03-31
මේ උත්සවය සිංහලයාගේ ගෝත්‍රික යුගයේ (විජයගේ පැමිණීමට පෙර) සිට එන්නක් කියලා සලකන්න කිසිම සාක්ෂියක් නැහැ. මේක සිංහලයා ජාතියක් වසයෙන් සංවිදාන උනාට පසුව හෝ ජාතියක් වසයෙන් සංවිදාන වෙනවාත් සමග දකුණු ඉන්දියාවෙන් ලබාගත්ත උත්සවයකට සිංහල කම ආරෝපණය කළා කියන එකය් ඇත්ත. මේ නැකත සරල උත්සවයක් හැටියට ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, සහ තමිල්නාඩු ප්‍රාන්තයේ හිදුන් සමරනවා මම දැකලා තියෙනවා, ලංකාවේ ප්‍රදානම ජාතින් වන සිංහල බව්ද්ද සහ දෙමල හිදුන් යන කොටස් දෙකම එකම (ක්‍රමයට නොවුනත්) සමරන උත්සවයක් නිසා මේක ජාතික උත්සවයක් හැටියට සල කෙම වැරැද්දක් නැහැ.
-- by sujith on 2016-03-31
සිංහල බව්ද්දයා යනු ගෝත්‍රිකයෙක් කියන්න ගත්ත මෝඩ උත්සාහයක් ඇරුණු විට කිසිම වැදගැම්මකට නැති ලිපියක් මේක.
-- by pathirana on 2016-03-31
තමන්ගේම ජාතිය හා බද්ධ වයිරයෙන් පෙලෙන්නා වූ තමන් සිතන දෙය පමනක් හරියැයි සිතන්නා වූ අමන අලුගුත්තේරුවෙකුගේ ලිපියක් ලෙස මෙය සලකමි.
-- by Buddhi on 2016-04-10
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි