(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.20, ප.ව.11.50) තජුඩීන් ඝාතනය සිදුවූ අවස්ථාවේදී ඝාතනයට අදාල සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අද (20) සවස අත් අඩංගුවට ගත් එවක නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා රහස් පොලිසිය ඉදිරියේ දීර්ඝ පාපෝච්චාරණයක් කරමින් තජුඩීන් ඝාතනය ගැන තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.
චම්පික පෙරේරා ගේ දීර්ඝ පාපෝච්චාරණයෙන් හෙලි වී ඇති ප්‍රධාන කරුණ වන්නේ ඔහු තජුඩීන් ඝාතනයට අදාල සාක්කි වසන් කරන ලද්දේ එවක කොළඹ බස්නාහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ නියෝග මත බවයි.
තජුඩීන් මරා රථය තුලට දමා රථය ගිනි තබා තිබියදී එය රිය අනතුරක් යැයි සටහන් තැබීමට තමන්ට අනුර සේනානායක නියෝග කළ බව චම්පික පෙරේරා විසින් විස්තර සහිතව හෙලිදරව් කර ඇත.
තමන්ගේ දීර්ඝ සේවා කාලය මත ලත් අත්දැකීම් අනුව සිද්ධිය දුටු මතින් එය රිය අනතුරක් නොවන බව හැඟී ගිය බව පවසා ඇති චම්පික පෙරේරා හැඩි දැඩි තරුණයෙක් කුඩා රියකට අමාරුවෙන් රිංගවා රථයට ගිනි තබා ඇති බව තමාට පෙනී ගිය බවත් ඒ අසල අඩි දෙක හමාරක පමණ යකඩ පොල්ලක් තිබූ බවත් පවසා තිබේ. එය ඝාතනයක් බවට සැක යයි තමා ඒ ස්ථානයේ සිටිමින් එම අවස්ථාවේදීම පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනය මගින් දැනුම් දුන් විට අනුර සේනානායක මහතාට කතා කරන්නැයි උපදෙස් දුන් බවත් ඒ අනුව අනුර සේනානායකට කතා කර ‘ සර් මේක රියල් මර්ඩර් එකක් ‘ යැයි කී විට ‘තමුසේ පණ්ඩිත කම් කතා කරන්නේ නැතිව මෙය රථ වාහන අනතුරක් ලෙස පොලිස් TIB (ට්‍රැෆික් ඉන්ෆොමේෂන් බුක්) පොතේ සටහන් යොදන ලෙසත් කිසිවක් ප්‍රොඩියුස් නොකරන ලෙසත්‘ අනුර සේනානායක උපදෙස් දුන් බව චම්පික පෙරේරා පාපෝච්චාරණය කර තිබේ.
මේ ගැන ආරක්ෂක ලේකම් තුමා (ගෝඨාභය) දන්නා බවත් මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට කරන ලද කුමන්ත්‍රණයක් බවත් තව ටික දවසකින් ඔය මැරිලා ඉන්න එකා ගැන තොරතුරු හෙලිවනු ඇති යැයි අනුර සේනානායක කී බව පාපොච්චාරණය කර ඇති චම්පික පෙරේරා, ඩේලි රිපෝර්ට් මගින් මෙය රිය අනතුරක් ලෙස ද සටහන් යොදන ලෙසත් පොලිස්පති නිල මැදිරියට ද ඇමතුමක් දී මෙය රිය අනතුරක් ලෙස දැනුම් දෙන ලෙසත් නියෝග කෙළේ යැයි පවසා තිබේ.
මඳ වේලාවකට පසු සිද්ධිය වූ තැනට තජුඩීන්ගේ තාත්තා පැමිණි අතර ඔහුවත් රැගෙන තමන්ට අනුර සේනානායක හමුවීමට එන්නට දැනුම් දුන් බවත් ඒ අනුව තජුඩීන්ගේ පියා රැගෙන තමන් අනුර සේනානායක මුණ ගැසීමට ඔහුගේ කාර්යාලයට ගිය බවත් පවසා ඇති චම්පික පෙරේරා, තජුඩීන්ගේ පියාට සිය ඉදිරි අසුනේ වාඩි වෙන්නට යැයි පැවසූ අනුර සේනානයක “ මේක රිය අනතුරක්. තමන්ගේ පුතා රථය පදවන අවස්ථාවේ බීලා ඉඳලා තියෙන්නේ. මේ ගැන පරීක්ෂන පවත්වන ඕඅයිසී මේ ඉන්නේ. එයාගේ පරීක්ෂණ අනුව හෙලිවෙලා තියෙනවා. ඒ නිසා මේක ගැන වැඩිය අදින්නට ගියොත් තමන්ගේ පුතාගේ චරිතයට කැළලක් වේවි“ යැයි තමාවද පෙන්වා කීවේ යයි චම්පික පෙරේරා රහස් පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබේ.
තජුඩීන්ගේ පියාව පොලිස් රථයෙන්ම යලි නිවසට ඇරලෙන ලෙස චම්පික පෙරේරාට පවසා ඇති අනුර සේනානයක, චම්පික පෙරේරා ඉදිරියේදීම ගෝඨාභය රාජපක්ෂට සහ නාමල් බේබි ට දුරකථන ඇමතුම් රැගෙන සිද්ධිය පැවසූ බවද පාපෝච්චාරණය කර ඇත. ඉන් පසුව චම්පික අමතා ඇති අනුර සේනානායක තමාට කිසිදේකට බිය නොවන ලෙස කී බවත් ‘මූ කරලා තියෙන දේවල් ඉස්සරහදී එළියට එයි‘ යනුවෙන් කී බවද එහි දී අනුර සේනානයක ‘මූ‘ යනුවෙන් කීවේ මිය ගොස් සිටි තජුඩීන්ට බවද පවසා තිබේ.
තමන් ඒ අවස්ථාවේදී මේ ගැන කිසිවක් නොකියා සිටියේ තමාගේ සහ පවුලේ අයගේ ජීවිත ගැන තිබූ බිය නිසා බවත් පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා ගේ පාපෝච්චාරණයේ දැක්වේ.
රහස් පොලිස් ප්‍රශ්න කිරීම් තව දුරටත් පැවැත්වේ.
---------------------------
by (2016-04-21 01:27:44)
Leave a Reply
මගේ පවුලෙ සියළුදෙනාට එක එක බොරු චෝදනා කරල හිරේ දාන්න හදනවා - මහින්ද රාජපකෂ (පා. ම.) ---- දැන් ඉතිං යමරජා ඉස්සරහත් මරාට කියන්න වෙන්නෙ ඕකතමයි!
-- by Amare on 2016-04-21
තාත්තල පුතාලගෙ අයියල මලයලගෙ අහිංසක අපරාධ ගැන තමයි අද හැම තැනම කතාව..
-- by Nimali Jayawardana on 2016-04-21
රාජපක්ෂ කාලකන්නිය තව අවුරුදු 6කට බලය ගත්තනං අපිට සිද්ධ වෙන්නෙ මැදමුලනෙ වහල්ලු වගේ ජීවත් වෙන්න, එහෙම නැත්තං රටෙන් පැනල ගිහින් ජීවිතේ බේරගන්න, එහෙමත් නැත්තං අභිරහස් මරණයකට ගොදුරු වෙන්න!
-- by Jayantha Nonis on 2016-04-21
අනුර සේනානායක කියන්නෙ කොච්චර බල්ලෙක්ද කියල මං දැනගත්තෙ හිරගෙදර සිද්ධ වුනු මිනිස් ඝාතනය වෙලාවෙ. මේ පෙරේතය ඒ වෙලාවෙ නං ලැයිස්තුවක් කියව කියව මියගිය පුද්ගලයො විවිධ අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් බව කියමින් ඒ ඝාතන සාධාරණ කලා. හිරගෙදරක අපරාධකරුවන් පමණක් නෙවෙයි අහිංසකයොත් ඉන්නව, ඒ වගෙම ඇතුලෙ ඉන්න හැම කෙනෙකුගෙම නම ඉදිරියෙ මොකක් හරි වරදක් සටහන් වෙලාත් තියෙනව. ඒ වගෙම හරි හෝ වැරදි හෝ කිසියම් දඬුවමකුත් විඳින මිනිස්සු. එහෙව් මනුස්සයො කොටසක් තිරිසන් විදියට ඝාතනය කරල තියෙද්දි ඒ ගැන පරීක්ෂණයක් කරල හැබෑ අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කිරීම පැත්තකට දාල ඒ මිනිස් ඝාතනය මේ තිරිසනා සාධාරනය කලා.
-- by Amarasena Perera on 2016-04-21
රාජපක්ෂලත් එක්ක හවුල් වෙල කරපු අපරාධ බිස්නස් වල උඹේ ලාභ කොටහ ලබාගන්න දවසක් උඹටත් එනව අනුර සේනානායක, ඒක සමහරවිට මේ ආත්මෙදි නොවෙන්නත් පුළුවන, සමහර විට මුළු ලාභෙම උඹට ලැබෙන්නත් පුළුවන්!
-- by සරත් on 2016-04-21
Murders should go to jail, Rajapaksha murderers should destroy any way.
-- by shani on 2016-04-21
අනුර සේනානායකට කතා කරන්න කියල පොලිස් ස්ථානාධිපති කිව්වෙ ඇයි? ඒක රථ වාහන අනතුරක් කියල ලියන්නට බල කරන්න අනුරට ඇති අවශ්‍යතාවය මොකක්ද? කෙනෙකුගෙ මරණයක් ආණ්ඩුවක් අපහසුතාවයට පත් කරන දෙයක් හැටියට අනුරට පෙනුනෙ ඇයි? තාජුඩීන්ගෙ පියා අනුරගෙ දෙපා මුලට කැදෙව්වෙ ඇයි? මේක ‘රිය අනතුරක් මේ ගැන වැඩිය අවුස්සන්න එපා‘ කියල
තාජුඩීන්ගෙ පියාට අනුර තර්ජනය කළේ ඇයි? තාජුඩීන්ගෙ පියා පොලිස් රථයෙන් ඔහුගේ නිවසට ඇරලවන්නෙ මොන මගුලකටද?
තාජුඩීන්ගෙ මරණය සාමාන්‍ය මරණයක් වුනානම් ඉහත සිදුවීම් කිසිවක් සිද්ධ වෙන්නෙ නැති බව අපි අත් දැකීමෙන්ම දන්නව.
තාජුඩීන්ගෙ මරණය අසාමාන්‍ය එකක් ඒ කියන්නෙ ඝාතනයක් හා එය පිටිපස්සෙ මරා,අනුර සේනානායක, ගෝඨා, යෝෂිත,නාමල්
රාජපක්ෂ ඇතුළු ඝාතකයන් පිරිසක් සැඟවිල ඉන්න බව මේවායෙන් පැහැදිලි වෙනව.
-- by Prasad Gallage on 2016-04-21
කොළඹ පාතාල කල්ලි, කුඩු මුදලාලිලා, කප්පං කල්ලි එක්ක හොදට ගනුදෙනු කරපු සල්ලි හොයපු එකෙක් තමයි අනුර සේනානායක තක්කඩිය
-- by රාලාමි on 2016-04-21
රගර් ක්‍රීඩකයගෙ පණ බාගෙට තියෙද්දි තමයි වාහනේ ඇතුලට දාල ගිනි තියල තියෙන්නෙ... මහින්ද රාජපක්ෂයගෙ හත්මුතු පරම්පරාවම හැඳි ගෑවිල යනව මේ අපරාධ වලට!
-- by Jagath Liyanage on 2016-04-21
යෝෂිත හා නාමල් මුල් කාලයේදී තාජුඩීන් සමඟ සාමාන්‍ය මිත්‍රත්වයක් පැවැත්වූවා.නමුත් මීට මද කාලෙකට ඉහතදි යෝෂිත හා තාජුඩීන් අතර ගැටුමක් ඇති වුනා. මෙය ගෑණු හුටපටයක් ලෙස ප්‍රචාරය වුවත් එය ඇත්තටම රගර් පිළිබඳ ප්‍රශ්ණයක්. තාජුඩීන් දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වීම යෝෂිතලාගේ බොරු ක්‍රීඩා හැකියාවට අභියෝගයක් වුනා. මෙහි ප්‍රතිඵලය වුනේ තාජුඩීන්ව රාජපක්ෂලාගේ වෛරයට ලක් වීමයි. මෙම ගැටුම් මාලාවේ එක්තරා තීරණාත්මක දිනයක යෝෂිත නාමල් හා තාජුඩීන් එකට හමුවුනා. මෙම අවස්ථාවේදී දෙපස අතර බහින් බස් වීමක් සිදු වුනා. මේ අතරවාරයේ තාජුඩීන්ගේ කණට නාමල් රාජපක්ෂ ගෙන් තද බළ පහරක් එල්ල වුනා. මෙයින් දැඩි වේදනාවට හා කෝපයට පත් වූ රගර් ක්‍රීඩක තාජුඩීන් නාමල් රාජපක්ෂට පා පහරක් එල්ල කළා. මේ සමගම ක්‍රියාත්මක වූ යෝෂිත, තාජුඩීන්ගේ ඔළුවට තම අත වූ යකඩ පොල්ලෙන් පහර කීපයක් එල්ල කළා. තමන්ට සිදු වූ මදිපුංචි කමෙන් කෝපයට පත් නාමල් රාජපක්ෂද එම පොල්ලෙන්ම තාජුඩීන්ගේ හිසට වැරෙන් පහර දෙකක් එල්ල කළා. ඉන් සිහිසන් වූ තාජුඩීන්ගේ සිරුර මහින්දගේ ආරක්ෂකයින් විසින් ගෙන ගොස් රියට දමා ගිනි තබා රිය අනතුරක් ලෙස ප්‍රචාරය කළා. තාජුඩීන් ඝාතනයේ මා දන්නා සුලමුල එලෙසයි. --- චරිත් පෙරේරා
-- by චරිත් on 2016-04-22
රාජපක්ෂලාගෙ දූෂණ, භීෂණ හෙළි කරපු ප්‍රගීත් එක්නැළිගොඩව ඝාතනය කරන්න නියෝග කලේ කවුද කියල හෙළි කර ගන්නත් පුළුවන් වේවි!
-- by සංජය on 2016-04-25
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි