(ලංකා ඊ නිව්ස් -2014.සැප්.05, ප.ව.9.30) රටක රාජ්‍ය ඉංජිනේරු ආයතනය වනාහී ඒ රටේ අස්ථී පංජරයයි. අස්ථී පංජරය නිසා මිනිහෙක් බිම ඇද නොවැටී කෙලින් සිටිනවා සේම රටක් කෙලින් සිටුවීමට අත්‍යාවශ්‍ය ආයතනයක් නම් එරටේ රාජ්‍ය ඉංජිනේරු ආයතනයයි. ලෝකයේ රටවල එවැනි ආයතන වල ප්‍රධානීන් වනාහී ඉංජිනේරුවන්ගේත් ඉංජිනේරුවන් ය. ඩබල් ට්‍රිබල් ඩොක්ටර්ලා ය. ප්‍රාඥයින් ය. ලෝකයේ එසේ වෙද්දී ලංකාවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ දැන් ලොක්කා වී සිටින්නේ 9 වන ශ්‍රේණිය පමණක් සමත්, තම ජීවය කෙලින් කරගැනීමට බිත්තර සයිස් මදන මෝදක ගිලින මෝදක කාරයෙකි. හේ නමින් වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ වෙයි.
ඔහු තම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ලවා 2012 වසරේ ඔක්තෝම්බරයේදී පාර්ලිමේන්තුව අසල කෙහෙල් කොළයක හැඩේට බස්නැවතුමක් හැදුවේය. වියදම ලක්ෂ 8 ක් වුවද බිල දමා තිබුනේ ලක්ෂ 25 ක් කියා ය. බස් නැවතුම් 10 ක් හදන මුදල් එක බස් නැවතුමකට වියදම් වුවද ජනතාව ඉවසාගෙන සිටියේ වැඩේ හැඩේට රැවටිලා ය. දැන් හැඩෙන් හෝ වැඩක් ගන්නට නොහැකි වී ඇත. ගෝඨාභයගේ බෝට්ටු පාර්ලිමේන්තුව අසල පාලම යටින් යෑමට අවශ්‍ය නිසා පාලම උස්සන්නට යෑමෙන් විමලේගේ ලක්ෂ 25 කෙසෙල් කොළ බස් නැවතුම වතුරේ ගියේය.
ඒ ගැන ප්‍රවෘත්තියක් පළවී දිනක් යෑමත් සමග විමලේගේ තවත් බස්නැවතුමක් හදන්නටත් පෙර කඩාගෙන බිම ඇද වැටුනේ ඊයේ(04) ය. වෙන්නප්පුව බස්නැවතුම හදන්නේ ද විමලේගේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙනි. වියදම ලක්ෂ 330 කි. එහි පළමු තට්ටුව හදන්නටත් පෙර තට්ටුව පිටින්ම කඩාගෙන ඊයේ බිම ඇද වැටුනේය.
කොටුවේ වරාය චෛත්‍යය වැනි දැවැන්ත මෙන්ම නිර්මාණාත්මක කොන්ක්‍රීට් ශිල්ප පෙන්වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ගොබ්බයන්ගේ පාලන කාල වලදී මේ ආකාරයෙන්ම විනාශය කරා ගියේය. ඊට හොඳම උදාහරණය ආර්.ප්‍රේමදාස වැනි ගොබ්බයෙකුගේ පාලන කාලයේදී මාලිගාවිල බුදු පිළිමය එසැවීමට ගොස් එය තුනට හතරට කඩා ගැනීමයි. දැන් නවයේ පන්තිය පමණක් සමත් මෝදක විමලේගේ කාලයේදී බස් නැවතුමක් පවා හදා ගැනීමට නොහැකි ගානට කඩා වැටී ඇත.
---------------------------
by (2014-09-05 18:56:53)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි