~

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිලපිටිය අලි හොරුන් කොරහේ නාවයි.! විජේදාස, පිලපිටිය, පමිල, පූජිත, හෙට්ටිආරච්චි ‘අලිහොරා-විනිසොරා‘ බේරාගැනීමේ කුමන්ත්‍රණය හෙලිවේ

(ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.19, පෙ.ව‍‍.10.10) ආපදා තත්ත්වයක් නිසාත් වෙසක් උත්සවය නිසාත් මහජනතාවගේ අවධානය වෙනතක යොමු වී තිබියදී අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියත්, අධිකරණ සේවා කොමිසමේ සහකාර ලේකම් පමිල රත්නායකත්, ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චිත් පොලිස්පති පූජිත ජයසුන්දරත් මහේස්ත්‍රාත් තිලින ගමගේත් එක්වී යුක්තියේ කන්‍යාව අධිකරණය තුලදීම මහ දවාලේ අමු අමුවේ දූෂණය කිරීමේ බරපතල කුමන්ත්‍රණය ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙලි වී තිබේ.

කුමන්ත්‍රණය කළ එලි බැස්සේ ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී වන අතර දූෂිත අලි හොරා මහේස්ත්‍රාත් තිලින ගමගේ අත් අඩංගුවට පත්වීමෙන් බේරා ගැනීම එහි ප්‍රධාන අරමුණ විය.

නීතිපති නැතිව නඩු අසා නීති විරෝධී තීන්දු දුන් පිලපිටියගේ ග්‍රහලෝක වාර්තාව

අලි හොරුන්ගේ නඩුව ඉදිරි දිනයකදී විභාගයට ගැනීමට නියමිතව තිබියදී ගිහාන් පිලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එය කම්බි පස්පොටින් පන්නා ඊයේ(18) විභාගයට ගත්තේ නඩුවේ පැමිණිලි පාර්ශවය ලෙස ඉදිරිපත් විය යුතු නීතිපති දෙපාර්තමේන්තුවට හෝ නොදන්වා වීම මෙහි ප්‍රධාන කුමන්ත්‍රණයකි. මෙම නඩුව මෙහෙයැවීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් වන දිලීප පීරිස් මහතා ඊයේ අනුරාධපුරයේ වෙනත් නඩුවකට පෙනී සිටීමට ගොස් සිටියදී පිලපිටිය මෙම නඩුව විභාගයට ගත්තේය. එහිදී අලි හොරුන් ගැන පරීක්ෂණ මෙහෙයැවූ රහස් පොලිසිය පිලපිටිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ දිලීප පීරිස් නීතිඥ මහතා නොමැති නිසා වෙනත් දිනයකට නඩුව කල් දමන ලෙස නමුත් පිලපිටිය ඊට අවනත නොවී නඩුව විභාගයට ගත්තේය. මෙය කිසිදු දිනෙක අධිකරණයක සිදු නොවන්නකි. නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් නොමැතිව අත්තනෝමතික ලෙස නඩු විභාග කොට තීන්දු දීමක් මේ ග්‍රහලෝකයේ නම් සිදු නොවේ. නමුත් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය.  

මෙලෙස නඩුව විභාගයට ගත් ගිහාන් පිලපිටිය අලි හොරුන් වෙනුවෙන් දුන්නේ ලොව හිනස්සන තාලේ කැකිල්ලේ නඩු තීන්දුවකි. එනම් නිසි බලපත‍්‍රයක් නොමැතිව අලි හොරුන් ළඟ තබාගෙන සිටි, දැනට වනජීවී භාරයේ සිටින අලි ඇතුන් පෙරහැර සඳහා යෙදවීමට යැයි කියා නඩුව අවසන් වන තුරු රුපියල් කෝටියක බැඳුම්කරයක් යටතේ අලි හොරුන්ටම බාර දෙන ලෙස අතුරු තීන්දුවකි. 

මෙය හරියට හොරෙකු රත්තරන් බඩු හොරකම් කළ විට නඩු තීන්දුව නිමා වන තුරු එම රත්තරන් බඩු නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය බාරේ තබා ගන්නවා වෙනුවට බැඳුම්කරයක් යටතේ හොරාටම රත්තරන් බඩු ටික බාර දෙනවා වැනිය. 

මෙවැනි තීන්දුවක් විනිසුරු වරයෙකුට දිය නොහැකිය. මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධීය.

අනෙක් අතට පිලපිටිය බෞද්ධ ජනතාවගේ භක්තිය තම නීති විරෝධී තීන්දුව සඳහා යොදා ගත්තේ අලි ඇතුන් ‘පෙරහැර සඳහා‘ යොදා ගැනීම යන්න සඳහන් කරමින් නමුත් අලි හොරුන් ලඟ සිටි එකදු අලියෙක් හෝ ඇතෙක් හෝ පෙරහැර සඳහා යොදා ගන්නා අලි ඇතුන් නොවේ. පෙරහැර සඳහා යොදා ගන්නා අලි ඇතුන් ලංකාවේ ඇත්තේ 110 ක් පමණක් වන අතර එවුන් අතර මෙම අලි නැත.

ගිහාන් පිලපිටියගේ මෙම තීන්දුව කුමන්ත්‍රණයක් වන්නේ මෙසේය.

මොවුන්ට අවශ්‍ය වූයේ අලි හොරා මහේස්ත්‍රාත් තිලින ගමගේ අත් අඩංගුවට පත්වීමෙන් බේරා ගැනීම ය. රහස් පොලිසිය අලි හොරා තිලින ගමගේ අත් අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය සිකුරාදා 13 දා රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කීවද ඔහු එදින පැමිණියේ නැත. ඉන්පසු රහස් පොලිසිය ඊයේ 18 දා එන ලෙස දන්වා තිබිණ. එම නිසා පිලපිටිය ඊයේ දිනයේදීම අලි හොරුන් වෙනුවෙන් මෙවැනි අතුරු නඩු තීන්දුවක් ලබා දෙමින් අලි හොර කමේ බරපතල කම දියකර දැම්මේය. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් නොමැතිව පවා ඊයේ දිනයේදීම නඩුව විභාගයට රැගෙන තීන්දු දුන්නේ එබැවිනි. ඊයේ අතුරු තීන්දුවට පෙර ගිහාන් පිලපිටිය විසින් තවත් නීති විරෝධී ක්‍රියාවක් සිදුකර තිබිණ. ඒ නම් මෙම අලි හොරුන්ගේ නඩුවේ අනාගතයේදී සාක්කි කරුවන් වන වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 16 වෙනිදා  පුද්ගලිකව රහසිගතව තම චෙම්බරයට කැඳවා ඩීල් එකක් දැමීමයි. මෙයද විනිසුරුවරයෙකු නොකළ යුතු සදාචාර විරෝධී ක්‍රියාවකි. විනිසුරුවරයෙකුට නීතිඥවරුන් නොමැතිව සාක්කි කරුවන් පුද්ගලිකව රහසිගතව තම චෙම්බරයට කැඳවා සාකච්ඡා කළ නොහැකිය. කළ හැකි වෙතත් එය සදාචාරය නොවේ.   

පිලපිටියගේ ඊයේ තීන්දුවෙන් පසු තිලින ගමගේ නීතිඥයෙකු මාර්ගයෙන් රහස් පොලිසියට දන්වා ඇත්තේ ඊයේ දිනයේදී ද පැමිණිය නොහැකි අතර 27 වෙනිදා රහස් පොලිසියට පැමිණෙන බවයි. 

මෙම කුමන්ත්‍රණයට පොලිස්පතිවරයාගේද නොමඳ සහාය ලබා දී තිබේ. ඔහුද තිලින ගමගේ අත් අඩංගුවට ගැනීම කල් දැමීමට රහස් පොලිසියට බලපෑම් කර තිබේ. විජේදාස රාජපක්ෂ නමැති දූෂිත  අධිකරණ ඇමැතිවරයාද රහස් පොලිසියට ඇමතුම් ලබා දෙමින් ‘තිලින ගමගේ අත් අඩංගුවට ගන්න එපා අපි අධිකරණමය පියවරක් ගන්නවා‘ යැයි පවසා ඇති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සනාථ කරයි. එපමණක් නොව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිද තිලින ගමගේ අත් අඩංගුවට නොගන්නැයි රහස් පොලිසියට බලපෑම් කර තිබේ.

කුමන්ත්‍රණකරුවන්ගේ ගැන්සිය  

තිලින ගමගේ සහ පිලපිටිය යනු එක ලන්කට් එක බෙදාගෙන අඳින ගානේ ගජයෝ වෙති. පිලපිටිය සහ පොලිස්පති පූජිත ජයසුන්දරද ඥාතීහු වෙති. තිලින ගමගේ හැර මෙම නඩුවේ සිටින තවත් අලි හොරෙක් වන දෑල බණ්ඩාර ද පිලපිටියගේ ඥාතියෙකි. එබැවින් අලි හොරුන්ට සහන දීම පිලපිටියගේ පරම චේතනාවය. තිලින ගමගේ කණිෂ්ඨ නීතිඥයෙකු ලෙස පුහුණු වූයේ විජයදාස රාජපක්ෂ යටතේ ය. විජයදාසටද තිලින ගමගේ බේරා ගැනීමට අවශ්‍ය වන්නේ එනිසා ය. එපමණක් නොව තිලින ගමගේ අධිකරණ සේවයට පැමිණීමට පෙර (අධිකරණ සේවයට රැගෙන ආවේ කුප්‍රකට අගවිනිසුරු සරත් නන්ද සිල්වාය) පහත් බිම් ගොඩ කිරීමේ මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කෙළේය. ඒ ඔහුගේ අයියා දිනේෂ් ගුණවර්ධනගේ පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිටි කාලයේදී ය. එකල පහත් බිම් ගොඩ කිරීමේ මණ්ඩලයේ සභාපති වූයේ දිනේෂ්ගේ ගෝලයා වූ සෝමවීර චන්ද්‍රසිරිය. තිලින ගමගේ පහත් බිම් ගොඩ කිරීමේ මණ්ඩලයේ සිටියදී නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ට රජයේ ඉඩම් තුට්ටු දෙකට ලබා දී තිබිණ. කොටින්ම කියන්නේ නම් වත්මන් අගවිනිසුරු ශ්‍රී පවන්ද තිලිනගේ ඉඩම් ලාභියෙකි. ශ්‍රී පවන් එකල නිතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකුව සිටියදී තිලින ඔහුටද පහත් බිම් ඉඩමක් තුට්ටු දෙකට ලබා දී තිබින. මේ අනුව මෙම කුමන්ත්‍රණ කරුවන් එක අත්තේ වහන්නේ කෙසේදැයි ජනතාවට තේරුම් යා යුතුය.

අධිකරණ සේවා කොමිසමේ කුමන්ත්‍රණය

මේ අවනීතිය රජ කරවන නාටකයේ ඊලඟ ජවනිකාව රඟ දැක්වෙන්නේ අධිකරණ සේවා කොමිසම ඇතුලේය. තිලින ගමගේ ගේ අලි හොරකම් සම්බන්ධයෙන් පරීක්ෂනයක් පැවැත්විය යුතු අනෙක් ස්ථානය නම් අධිකරණ සේවා කොමිසමයි. එහි සභාපති වන්නේ ද අගවිනිසුරුවරයා වන අතර පෙර කීවා සේ ඔහු තිලින ගමගේ ගේ ඉඩම් ලාභියෙකි. ඊටත් වඩා මේ කල්ලියේ ගජයා වන්නේ කොමිසමේ සහකාර ලේකම් පමිල රත්නායක ය. පමිල රත්නායකද ගිහාන් පිලපිටියද තිලින ගමගේද එකට කන බොන ගජ මිතුරෝ වෙති. තිලින ගමගේ පිලිබඳ පරීක්ෂණය දිගින් දිගටම කල් අරින කොමිසම ඊයේ (18) සවස මේ සම්බන්ධයෙන් රැස්විය. එහිදී පමිල රත්නායක කොමිසමට දැනුම් දෙන්නේ පිලපිටිය තමාට කතා කළ බවත් ලබන 25 වෙනිදා තිලින ගමගේට අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහු නියෝගයක් නිකුත් කළ බවත් ඊට රහස් පොලිසියේ අවසරයද ලැබුන් බැවින් තිලින ගමගේ අත් අඩංගුවට ගැනීමක් සිදු නොවන බවත්ය. මෙය සම්පූර්ණයෙන්ම කෙප්පයක් වන්නේ ඊයේ අධිකරණයේදී එවැන්නක් සිදු නොවූ නිසාය. සිදුවූවා යැයි කියන්නේ නම් ඒ ප්‍රසිද්ධ අධිකරණයෙන් තොරව ගිහාන් පිලපිටිය විසින් ගෙදර ගොස් කුස්සිය මුල්ලේ සිට කරන ලද කුමන්ත්‍රණයක් විය යුතුය. මන්ද රහස් පොලිසියෙන් එවැනි අවසරයක් නොලැබුනු අතර එවැනි ඉල්ලීමක් ද ප්‍රසිද්ධ අධිකරණයේදී සිදු නොවීම ය. 

මෙහෙම වුනොත් දේදුනු විප්ලවයට අබසරණය..! 

ඊයේ දිනයේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූ යුක්තියේ කන්‍යාව අමු අමුවේ දූෂනය කිරීමේ මේ මහා අපරාධය කෙතරම් අපූරු කුමන්ත්‍රණයක් ද බව තහවුරු වන්නේ ඊයේට කලින් දා පෙරේදා (17) ගෝඨාභය රාජපක්ෂගේ ඔත්තුකාරයෙකු විසින් මෙහෙයවන වෙබ් අඩවියකින් මෙම නඩුවට අවශ්‍ය මතවාදය කල් තියා ගොඩ නැගීමට අවශ්‍ය ප්‍රවෘත්තියක් පැල කර තිබූ නිසා ය. 

යහපාලන ආණ්ඩුවේ අධිකරණ ක්‍රියාවලිය මෙය නම් දේදුනු විප්ලවයට අබ සරණය. තමන් මැයි 1 වෙනිදා පොලොන්නරුවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී සියල්ල සමතයකට පත් කර ගත්තේ යැයි තිලින ගමගේ තම මිතුරන්ට කියමින් යන කතා සත්‍යදැයි ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර සේවය නොදනී. එම ප්‍රකාශ සත්‍යයද අසත්‍යද යන්න ජනාධිපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයෙන් මහජනතාවට දැන ගත හැකි වනු ඇත. මේ අලි පැටව් දැන් ඉන්නේ පරිසරය බාර ඇමැති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ය. 

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

---------------------------
by     (2016-05-19 06:28:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

2015 ජනවාරි 8 වෙනි දාට පෙර රටත් ජනතාවත් අමානුෂික ලෙස පෙළමින් රට සූරා කෑවේ රාජපක්ෂ රජාට නියමයෙන් හෝ අනියමින් සම්බන්ධකම් තිබූ පරම්පරාවවල දඩාවත බල්ලන්ය. මේ ප්‍රවෘත්තියත් මීට කලින් පළවූ ප්‍රවෘත්ති කීපයකිනුත් පැහැදිලි වන අන්දමට ඡනවාරි 8 වෙනි දා විප්ලවයෙන් පසුව විජයදාස, කරුණාරත්න, පූඡිත, තිලින, ගිහාන්, පමිල වැනි අළුත් අළුත් දඩාවත බල්ලන්ගේ ජනගණනය ශීඝ්‍රයෙන් වැඩි වීම මෙරට සියළුම ස්වභාවික ආපදාවන්ට වඩා භයානකය. එබැවින් රනිල් හා මෛත්‍රීපාල බලුහබරුන් දෙන්නා නොපමාවම අවදි වී වැඩ පටන් ගත යුතුව ඇත!
-- by Chan on 2016-05-19

දෙවියෝ කෝපවෙලා තියෙන්නේ මෙව්වට තමයි. මිනිස්සුත් මේවට ඇස්කන් පියාගෙන ඉන්නවනේ.
-- by namal on 2016-05-19

keep it up.. reveal true... law is same to all....
-- by test on 2016-05-20

ape rate okkoma dasapaluwo akai munta chandya dana api modyo wamu mhajanyani munta viruddawa nagitimata kalaya pamina ata rate sama dasapaluwakuma alla gutidi gu gasamu
-- by akaalle on 2016-05-20

බුදු වීමට මොහොතකට පෙර බෞද්ධ පකීර්ලා කියල උන් ඉන්න රටේ උන් අදින්නා දානා කියල මන්තරයක් උදේ හවා ජප කරති. එක්තරා වසරක ජනවාරි 8 කම්බා හොරු ලෙස වාර්තා තබන ලද පිරිසක් අතුගා විනාස කර දැමීමට හොරකමට විරුද්ධ ඒ කියන්නෙ හොරකමට පට්ට විරුද්ධ සෙට් එකක් යයි කියාගන්නා බුදු වීමට ඔන්න මෙන්න සිටි සෙට් එකක් උන්ගේ පාලක වරු විදියට පත් කර ගත්තලු ඊට පස්සෙ කම්බා හොරු ටිකයි බුදු වෙන්න සිටි සෙට් එකයි එකතුවෙලා දිගටම හොරකම කරගෙන ගියාලු නිමි.
-- by අරුණ on 2016-05-21

eka horek beraganna horu relatama chans ekadenawa wagei penene
-- by goiiya on 2016-05-23

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links