~

අනුර සේනානායක රිමාන්ඩ්..! හඬා වැටීමට ‘මාගේ කිරිල්ලීවත්‘ නොසිටියේය..!!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.23, ප.ව‍‍.8.20) රගර් ක්‍රීඩක තජුඩීන් ඝාතනය රිය අනතුරක් කියා සාක්කි යටපත් කිරීමට පොලිසියේ නිලධාරීන්ට බලපෑම් කරමින් මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම සාක්කි යටපත් කිරීම යන චෝදනා යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක රහස් පොලිසිය විසින් අද අත් අඩංගුවට ගත් අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන නියෝග කෙළේය.

මීට ඉහත ‘අනුර කොට කලිසමකින් සැරසී ඝාතනය මෙහෙයවන වීඩියෝවක් හමුවෙලා‘ යනුවෙන් ලංකා ඊ නිව්ස් හෙලි කළ කරුණුම රහස් පොලිසිය අද අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ ද සඳහන් විය. තාජුඩීන් ඝාතනය සිදුවූ දවසේ අලුයම 2.45ට ත්  3.20 අතර කාලයේ ඔහු සාමාන්‍ය ඇඳුමින් සැරසී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මහපාරේ සිටි බවට සාක්කි ඇතැයි රහස් පොලිසිය අධිකරණයට අද ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් විය. 

සාක්කි යටපත් කිරීම හා මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ ඔහුට චෝදනා නැගීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇතැයි රහස් පොලිසියේ අධිකාරී ශානි අබේසේකර මහතා මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.

රාජපක්ෂ යුගයේදී පොලිස්පතිවරයාටත් ඉහලින් නියෝග දුන් අනුර සේනානායක තම පොලිස් බලය සමග රාජපක්ෂ හයිය යොදවා කෝටිපති ව්‍යාපාරිකයෙක් බවට පත්විය. අගනුවර වටිනා දේපොල තමන් සතු කර ගත්තේය. කප්පම් ගත්තේය. කප්පම් මුදල් එකතු කිරීමට වෙනම පොලිස් නිලධාරීන් යොදවා සිටියේ ය. රාජපක්ෂ මෘගයන්ගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කෙළේය. ජනතාව පැහැරගෙන ගොස් ඝාතනය කළ සුදු වෑන් මිනීමරුවන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා දුන්නේය. ජනවාරි 8 දේදුනු විප්ලවයෙන් පසුව තමන් බේරීම සඳහා තමාගේ සීඩී තැටියකින් ලත් ආදායම යැයි පවසා පොලිස් සුබ සාධක අරමුදලට රුපියල් කෝටියක් පරිත්‍යාග කර පරීක්ෂණ වලින් ගැලවී සිටීමට සිතුවේය. නමුත් අද දෑතට මාංචු දැමූ අනුර සේනානායක සිරගෙදරට ගෙනයද්දී මුහුණ කළු වී තිබිණ

ඔහු වෙනුවෙන් හඬා වැටීමට ‘මාගේ කිරිල්ලීවත්‘ සිටියේ නැත.

මෙම පරීක්ෂණ මෙහෙයවන්නේ රහස් පොලිසියේ කීර්තිමත් නිලධාරියා වන ශානි අබේසේකර ය.

 

සේයාරූ ලංකාදීපයෙනි.

---------------------------
by     (2016-05-23 16:50:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

My salute to government. Long live good governance (yaha palanaya).
-- by Wimal Weerasinghe on 2016-05-23

Hope that the inmates will take care of him
-- by tusith on 2016-05-23

නගා ඇති චෝදනාවට අනුව පාපොච්චාරණය කිරීමෙන් සහනයක් නොලද හැකි නමුත්, මේ සාහසික ඝාතනය පිටු පස සිටිනා සැබෑ මෘගයන් කවුරුන් ද යන සත්‍යය අනාවරණය කර තමන් කළ පාපයේ බර අඩු කර ගැනීමෙන් විපාකයේ දුර කෙටි කර ගත හැකි බව බුදුන් වදාළ ධර්මයට අනුව පැහැදිලිය.
-- by චාන් on 2016-05-23

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links