~

අනුර සේනානායක අත් අඩංගුවට ගැනීමෙන් මැදමූලන පවුල සැලී යයි..! ‘අපි ආවහම බලා ගනිමු‘ ගෝඨා තර්ජනය කරයි..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.23, ප.ව‍‍.10.10) රාජපක්ෂ රෙජීමය රට යටත් කරගෙන සිටි වනචර දශකයේදී මැදමූලන වලව්වේ දඩෝරියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මැදමූලන රාජපක්ෂ පවුල දරුණු ලෙස කම්පනයට පත්ව තිබෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

රාජපක්ෂලා සහ ඔවුන්ගේ නීතිඥවරුන් තැන තැන රැස්වෙමින් තමන් පත්ව සිටින අනතුරුදායක තත්ත්වය ගැන සාකච්ඡා කරමින් සිටිති. මෙහි ප්‍රධාන සාකච්ඡා පැවැත්වෙන ස්ථානය නම් හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දුගේ නිවසයි. අනුර සේනානායකට වඩා ඔහු බේරා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ මැදමූලන මෘග චෞර පවුලය. මන්ද යත් ඔවුන් අනුර සේනානායක ලවා කරවා ගත් අවනීතික ක්‍රියා තජුඩීන් ඝාතනයට පමණක් සීමා නොවන ඉතා විශාල වපසරියක් පුරා විහිදී යන ඒවා බැවිනි. දැන් අනුර සේනානායක ඒවා හෙලිකරනු ඇතැයි මැදමූලන පවුල සැලී ගොස් තිබේ. 

ගෝඨාභය රාජපක්ෂ පොලිසියේ ඉහල නිලධාරීන්ට දුරකථන ඇමැතුම් දෙමින් තර්ජනය කරමින් සිටින බවද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ‘පරීක්ෂණ නිසි ලෙස කෙළේ නෑ කියා පොලිස් නිලධාරීයෙක් අත් අඩංගුවට ගැනීමට නීති ඇත්තේ කොහේදැයි“ ප්‍රශ්න කර ඇති ගෝඨාභය රාජපක්ෂ “අපි ආවහම බලා ගනිමු“ යැයි කියමින් තර්ජනය ද කර තිබේ. 

අනුර සේනානායක පරීක්ෂණ නිසි ලෙස නොකළා නොව ඝාතනයක පරීක්ෂණ යට ගසා එය රිය අනතුරක් ලෙස ඇඟවීමට තම යටත් නිලධාරීන්ට බල කරමින් ඝාතනයක තොරතුරු වසන් කරමින් මිනීමැරුමක කුමන්ත්‍රණ කරුවෙක් වී සිටින බව ගෝඨාභය දැන ගත යුතුය. ‘අපි ආවහම බලා ගන්නැ‘යි ගෝඨාභය කියන්නේ තවමත් බලයට ඒමේ සිහින හිසේ තබාගෙනය. රාජපක්ෂලාට කිව යුත්තේ ආවහම බලා ගැනීම නොව..,  දැන් කාලය පැමිණ ඇත්තේ 

කෙලවේන්.. සැරසේන්... යා..! කියා හිර ගෙදරට යෑම සඳහා අමුඩ කෙටිය තද කර ගැනීමය

 

(සේයාරුවේ අයිතිය sankav16mm photography සතුය)

 

---------------------------
by     (2016-05-23 16:45:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

දූෂිතයන්, ඝාතකයන් හා පාදඩයන් එකිනෙකා සිරගත කිරීම නිසා ජාත්‍යන්තර හා අභ්‍යන්තර වශයෙන් රජයක් තවතවත් තර වෙනවා මිස තනි වෙන්නේ නැත!
-- by Chan on 2016-05-23

well done len get these murderers arrested as soon as possible
-- by Lion on 2016-05-24

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links