(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.08, පෙ.ව.5.45) කොස්ගම යුද හමුදා අවි ගබඩාව ගින්නකින් පුපුරා යෑම කිසියම් “කුමන්ත්‍රණයක්“ දැයි සාකච්ඡාවට බඳුන් වෙද්දී ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ.
කොස්‌ගම සාලාව අවි ගබඩාව පුපුරා යෑමේ සිද්ධිය පිළිබඳව "දිවයින" නමැති මරාවාදී පත්තර පඩංගුව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ “මීට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත්ය. වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි“ ද ගෝඨා පවසා ඇත.
රාජපක්ෂලා ජනවාරි 8 දා පැරදී මැදමූලනට පලා යන්නට යාන්තම් මාස 3 ක් තිබියදී 2014 ඔක්තෝම්බර් 02 වෙනිදා මත්තේගොඩ යුද හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරු කඳවුරු සංකීර්ණයේ පතොරම් හා පුපුරන ද්‍රව්‍ය ගබඩාව සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී යද්දී කිසිවෙකුට අස්වෙන්නැයි නොකියා නකුට දෙපරහැන්ද අස්සේ ගසාගෙන කන් පට කඩාගෙන සිටී ගෝඨාභය මේ සිද්ධියේදී බුරන්නේ ඇයි..?
පළමුවැන්න ලෙස ‘තමා ආරක්ෂක ලේකම්ව සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් අස් කරනවා‘ යි ඔහු කියන කාරණාව ගනිමු.
ආරක්ෂක ලේකම්ගේ සහ සංස්කෘතික ලේකම්ගේ තනතුරෙහි නිල බලයේ සහ තරාතිරමේ වෙනසක් නැත. දෙදෙනාම අමාත්‍යාංශ ලේකම් වරුන් වන අතර ඔහු එම අමාත්‍යාංශ වල ඇමැතිවරුන්ට යටත් ය. සංස්කෘතික ලේකම් මහනුවර දළදා පෙරහැරේ නියමුවා නොවනවා සේම, ආරක්ෂක ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරුනට අණ දෙන්නාද නොවේ. ඔහු ආරක්ෂක ඇමැතිගේ අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු මෙහෙයවන්නා මිස විධාන දෙන්නා නොවේ. එසේ විධාන දෙන්නේ ආරක්ෂක ඇමැතිවරයාද සේනාධිනායකයාද වන ජනාධිපතිවරයා ය. හමුදාපතිවරුන් පත් කරන්නේ සේනාධිනායක ජනාධිපතිවරයා වුවද හමුදාපතිලා අස් කිරීමක් ජනාධිපතිවරයා ද නොකරන්නේ ය. දරුණු ඝනයේ වරදකදී වුව කෙරෙන්නේ ඉල්ලා අස්වෙන ලෙස කීම මිස අල්ලා අස් කිරීම නොවේ. සේනාධිනායකයා පවා එසේ කරද්දී කොහේවත් යන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට හමුදාපතිලා අස්කළ නොහැකිය. සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්ට දළදා පෙරහැරේ නිලමේලා අස්කළ නොහැකිය.
ගෝඨාභය තම ජනාධිපති අයියාගේ පවර් පෙන්නමින් සිටි කාලයේදී පවා ඔහුට හමුදාපතිවරුන් අස් කිරීමේ හැකියාවක් තිබුනේ නැත. තිබුනා නම් සරත් ෆොන්සේකා දේශපාලනයට එන බවට ආරංචි ලැබූ සැනින් ඔහුව අල්ලා අස් කරන්නට හැකියාව තිබිණ. ගෝඨාභයට එවැනි බලයක් එදාවත් තිබුනේ නැත.
එහෙව් එකේ මේකා මේ අද ගොබ්බ පත්තරකාරයන් ඉදිරියේ කයිය ගහනවා ය.
ඊළඟට ගෝඨා ‘වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා යුද හමුදාපතිටම අස්වෙන්න‘ යැයි කියයි. ඒ ඇයි..? රාජපක්ෂලාගේ වනචර දශකයේදී ‘ඉල්ලා අස්වීම‘ යන වචනය පවා ශබ්ද කෝෂයෙන් ඉවත් කර සිටි ගෝඨාභය අද යුද හමුදාපතිටම ඉල්ලා අස්වෙන්නැයි කියන්නේ ඇයි..? තම සොයුරා පරාජය කළ සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ තමා දැරූ ධූරය දැනට දරන කරුණාසේන හෙට්ටිආරච්චිට හෝ ඉල්ලා අස්වෙන්න යැයි නොකියා යුද හමුදාපතිටම ඉල්ලා අස්වෙන්නැයි කියන්නේ ඇයි..?
වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා විශ්‍රාම යා යුතු වයස සම්පූර්ණ වන්නේ ලබන අගෝස්තු 21 වෙනිදා ය. ඔහු සේවා දිගුවක් නොලබා විශ්‍රාම ගතහොත් ඊළඟට හමුදාපතිවීමට නියමිත වන්නේ අද මාණ්ඩලික ප්‍රධානියා වන මිලින්ද පීරිස්, නැතහොත් අද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන සුමේධ පෙරේරා ය. මේ දෙදෙනාගෙන් කවුරුන් වුව හමුදාපති වෙනවා යනු ගෝඨාභය හමුදාපති කරනවා වැනිය. ඔවුන් ඒ තරමේ ගෝඨාභය වාදීන් ය. පට්ට දූෂිතයන් ය. සුමේධ පෙරේරා වැනි අය සිටිය යුත්තේ මේ තනතුරුවල නොව සිරගෙවල කූරු ගණන් කරමින්ය. අනුන්ගේ ඉඩම් වලට හොර ඔප්පු ලියා අධිකරණයෙන් වරද කරු වී වසර 5 ක් පමණ හමුදාවෙන් ඉවත් කර සිටි සුමේධ පෙරේරා වැනි පට්ට දූෂිතයෙක් යලි රැගෙන හමුදාව අස්සට ඔබා ගත්තේ ගෝඨාභය විසින් තමන්ට අවශ්‍ය සට්ටැඹියන් රෑන ශක්තිමත් කර ගැනීමට ය.
යුද හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා විශ්‍රාම නොලබා තව දුරටත් වසරක සේවා දිගුවක් ලබා දුනහොත් ගෝඨාභයගේ මිලින්ද පීරිස් සහ සුමේධ පෙරේරා පමණක් නොව ගෝඨාභයගේ අංක එකේ සට්ටැඹියන් 10 දෙනෙකුට අධික ඉහල ඇවරියක්ම නිලයේ උපරිම කාලය සම්පූර්ණ වී විශ්‍රාම යන්නාහ. රාජපක්ෂලා සමග අමු අමුවේ දේශපාලනය කළ හමුදා සට්ටැඹියන් රොත්තක්ම ගෙදර යන්නාහ. එවිට ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා යුද හමුදාව අස්සේ කළ හැකි බිබික්කමක් නැත.
මේ හේතුව නිසා ගෝඨාභයට විශාල වුවමනාවක් පැවතියේ ක්‍රිෂාන්ත සිල්වාට සේවා දිගුවක් ලබා නොදීමට හේතු කාරණා නිර්මාණය කිරීම ය. කොස්ගම සාලාව ආමරිය හදිසියේ ගිනි ගැනීමෙන් පසු ඊට යුද හමුදාපතිවරයා වග කිව යුතු යැයි කිසිවෙකු නොකියද්දී ගෝඨාභයම ඉදිරියට පැමිණ හමුදාපතිවරයාම ඉල්ලා අස්විය යුතුයැයිද ‘මං හිටියා නම් වහාම අස්කරනවා‘ යැයි ද උස් හඬින් තම හෙංචා දිවයින හරහා තප්පුලන්නේ ඒ නිසා ය.
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයේ දෙවැනියා කළ යුතු යැයි ජෝන් සෙනෙවිරත්න කියා පැය ගණනක් යද්දී මෙතෙක් කාලයක් නිරුපද්‍රිතව තිබූ කොස්ගම සාලාව ආමරිය කිසිදු හේතුවක් නැතිව පුපුරා යන්නේ ඇයිද කියා සොයා බලනවා නම් ඉහත ගෝඨාභයගේ ‘බළලා මල්ලෙන් එලියට පැනීම‘ නොසලකා සිටිය නොහැකිය. කිසිදු හේතුවක් නොමැතිව ට්‍රාන්ස්ෆෝමර පුපුරා යෑමත්, ගෝඨාභයගේ යුගයේ කොළඹ කච්චේරිය ගිනි ගැනීම ගැනත්, වරායේ ගුදම් ගිනි ගැනීම ගැනත්, ඉවත්ව යෑම ප්‍රතික්ෂේප කළ කොළඹ පිටකොටුවේ කඩ ගිනි ගැනීම ගැනත් කිසිදු හේතුවක් සොයා ගත නොහැකි වීමද නොසලකා සිටිය නොහැකිය.
“චන්ද්‍රිකා ජනාධිපතිනියගේ සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්‌ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස් තිබුණා. ටොන් 25,000 ක පමණ උණ්‌ඩ මෙම අවි ගබඩාවේ තිබුණා. මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක් බව පෙනී ගිය බැවින් එම උණ්‌ඩවලින් විශාල ප්‍රමාණයක් වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා“ යි ගෝඨා පවසා තිබේ.
මේ කතා පට්ට පල් බොරුය. චන්ද්‍රිකාගේ යුගයේ තිබී එය අනාරක්ෂිත යැයි පෙනී ගියා නම් ගෝඨාභය වසර 10 ක් තිස්සේ පොල් ගෑවාද? සාලාව ආමරියේ උණ්ඩ ගබඩා කර තිබී ඇත්තේ පොළොව යට නොවන බවත් උණ්ඩ ගබඩා කරද්දී ආරක්ෂිත වතුර ටැංකි හෝ වතුර ස්ප්‍රින්කල්ස් ක්‍රමයක් හෝ ස්ථාපනය කර නොතිබූ බවත් දැන් පෙනී ගොස් තිබේ. ‘‘මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක් බව පෙනී ගියා“ යි ගෝඨා කියන්නේ නම් අඩුම ගණනේ ආරක්ෂිත වතුර ස්ප්‍රින්කල්ස් සවි නොකර, වතුර ටැංකි සවි නොකර, උණ්ඩ පොළොව යට නොදමා වසර 10 ක් තිස්සේ බම්බු ගැහුවාද?
ටොන් 25000 ක් තිබුනා යැයි කියන්නේ ද පට්ට පල් කෙබරයකි. 2015 රාජපක්ෂලා පැරදී මැදමූලනට පසු බසිද්දී මෙහි තිබී ඇත්තේ ටොන් 17000 කි. වත්මන් යුද හමුදාපතිවරයා පත්වීමෙන් පසුව එය 7000-8000 ක් අතර ප්‍රමාණයකට අඩු කර ඉතිරිය වෙනත් ස්ථාන කරා ගෙන ගොස් තිබිණ. එදා පුපුරණ අවස්ථාව වෙද්දී එතරම් ප්‍රමාණයකින් උණ්ඩ අඩු වී තිබීම නිසා මේ තරමකට හෝ හානිය අවම විය. එපමණක් නොව මෙම ස්ථානය ජනාකීර්ණ ස්ථානයක තිබෙන බැවින් වත්මන් හමුදාපතිවරයා පැමිණීමෙන් පසු මෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්වාගෙන යා යුතු යුද හමුදා ‘ඩ්‍රිල් එක‘ සෑම මසකටම වරක් පවත්වා තිබේ. එවැනි පුහුණුවක් තිබූ නිසා මේ තරම් විශාල පිපිරීමක් සිදුවුවද එක් හමුදා ජීවිත හානියකින් සහ සිවිල් ජීවිත 2 කින් පමණක් හානිය අවම කර ගැනීමට හැකි වී තිබීම වාසනාවකි.
වත්මන් යුද හමුදාපතිවරයා බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ඇත්තෙක් බැවින් මෙම පිපිරුමට අදාල හේතු සොයා ගැනීමට පහසුවක් වනු ඇතැයි සිතමු. මේ ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට ද පිපිරුම සිදුවූයේ කෙසේදැයි සෙවීමට අදාල පරිවේෂනීය සාක්කි ඉතිරි වී ඇත්දැයි සැක සහිතය. එබැවින් සැබෑ හේතු සොයා ගැනීමේදී ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පැනීමේ ප්‍රකාශයත්, ජෝන් සෙනෙවිරත්නගේ බළලා දෙවැනියා කිරීමේ ප්‍රකාශයත්, ඇසින් දුටු අයගේ ප්‍රකාශත් බොහෝ දුරට ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමු. ගින්න හට ගන්නවාත් සමග සෙබලුන් මිය ගොස් සිටින වේදනාවෙන් කෑ ගසමින් සිටින අතීත යුද්දයේ අවස්ථාවක දර්ශන, සාලාව ආමරියේ පිපිරීමේ දර්ශන යැයි ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් ආරක්ෂක සාමාජිකයන් අතර පතුරුවා හැරියේ කව්ද කියා සොයා ගත හොත් ගින්නේ කුමන්ත්‍රණ කරුවන් හෙලිකර ගැනීමට එයද පිටුවහලක් වනවා ඇත.
---------------------------
by (2016-06-08 03:11:53)
Leave a Reply
විමල් ධීරසේකර හෝ සඳරුවන් සේනාධීර හෝ ඔබලාට විතරයි මෙහෙම කොන්දක් තියාගෙන ඇත්ත කියන්න පුළුවන්..බොහොම ස්තූතියි.. ඔබලාගේ සේවය අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා..
-- by Ravindra on 2016-06-08
මේවා විකාර කතා
-- by nayana on 2016-06-08
"adhikarana katayuthu hethuwen sebalunge chiththa shakthiya pahala wetila " weni prakashayakda eeye puwathpath niwedanayaka dutuwa. ehema nam meya sebalunge athapasuweemak ho kumanthranayak wiya nohekida ? wimaseemakata adahasak pamanai
-- by open mind on 2016-06-08
I live in Brisbane, I am a supporter of yahapalana government since early last year. Now the things happening are disgusting. I read the news about buying vehicles for 22 ministers and Mps-worth 117000 lakhs of rupees. This is really disappointing. Whats is the difference of this government and the previous? People are thinking Mahinda was better. If this continue we will have Rajapakse government very soon. Mark my word. I am really disappointed.
-- by Sarath Hapugoda on 2016-06-08
Agreed to Ravindra... These articles should be shared with other web sites and e-newspapers to aware the truth to other people.
-- by ruwan on 2016-06-11
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි