~

පුදුමයි ඒත් ඇත්තයි..! රාජපක්ෂලාගේ බයියෝ සේනාධිනායකයාට කොකා පෙන්වති..!!

රාජපක්ෂගේ බයියෙක් නාවික හමුදාවේ නඩුත් අසා යහපාලනවාදීන් හිරේ දමන්නත් යයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.08, පෙ.ව‍‍.8.20) යහපාලනප්‍රේමී ජනතාව දේදුනු විප්ලවයකින් රාජපක්ෂ රෙජීමය පරාජය කර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සේනාධිනායකයා ලෙසත් විධායක ජනාධිපතිවරයා ලෙසත් පත් කර ගත්තද රාජපක්ෂලාගේ බයියෝ තවමත් සේනාධිනායකයාට කොකා පෙන්වන අප්‍රකට නීච කුමන්ත්‍රණයක තොරතුරු ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී ඇත.

මෙය වාර්තා වන්නේ කාලයක් යෝෂිත රාජපක්ෂ නිල නොවන කොමාන්ඩර් චරිතය රඟ පෑ ශ්‍රී ලංකා නාවික හමුදාවෙනි. 

මේ වන විටත් නාවික හමුදාවේ ජජ් ඇඩ්වකේට් තනතුර දරන්නේ අදටත් මහින්ද රාජපක්ෂලාගේ පවුලේ නඩු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු යැයි කීවොත් යහපාලන ජනතාවට විශ්වාස කළ නොහැකි වනවා ඇත. නමුත් සත්‍යය එයයි. 

ඔහු නම් රාජපක්ෂ රෙජීමය රට යටත් කරගෙන සිටි වනචර දශකයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ රාජපක්ෂලාගේ නිල නියෝජිතයා ලෙස ක්‍රියා කළ හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු ය. රාජපක්ෂලා බලයෙන් විසිවී ගොස් නඩු පිට නඩු පැටලැවෙද්දී රාජපක්ෂලාගේ නඩු වෙනුවෙන්ම පෙනී සිටීම සඳහා මොහු පසුගිය මාසයේදී නීතීපතියේ රස්සාවෙන් ඉල්ලා අස්වී ගියේ විශ්‍රාම ගැනීමට තවත් අවුරුදු 3 ක් තිබියදී ය. මේකා එරම්ම රාජපක්ෂවාදියෙකි. 

මොහු නීතිපතියේ සිටියදීම නාවික හමුදාවේ ජජ් ඇඩ්වකේට් තනතුරද දැරුවේය. හමුදාවල ජජ් ඇඩ්වකේට් ධූරය යනු එම හමුදාවේ නීති අංශ ප්‍රධානියා ය. 

නාවික හමුදාවේ රාජපක්ෂ යුගයේ හිටපු නාවික හමුදාපතිවරයෙක් වන වසන්ත කරන්නාගොඩ විසින් මෙහෙයවන ලද ඝාතකයන් පිරිසක් විසින් 2010 දී ත්‍රිකුණාමලයේ සිසුන් 7 දෙනෙකු ඇතුළු 28 ක් කප්පම්  සඳහා පැහැරගෙන, කප්පම් ලබා ගැනීමෙන් පසු මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විණ. මෙහිදී ලුතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදර නමැති අවංක නිලධාරියෙක් මීට සම්බන්ධ වූවන් කව්දැයි හෙලිකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කට උත්තරයක් ලබා දුන්නේය. එපමණක් නොව වසන්ත කරන්නාගොඩ, තිසර සමරසිංහ, යෝෂිත රාජපක්ෂලා එකතුව නාවික හමුදාව විසින් යටින් උදව් කරමින් ඕස්ට්‍රේලියාවට සරණාගතයන් බෝට්ටු පිටින් පැටවීමේ ජාවාරම ගැනද කේ.සී.වෙලගෙදර හෙලිදරව්වක් කරන ලද්දේය. 

සිසු ඝාතනය ගැන පරීක්ෂන නොකරන්නේ යැයි අන්තර් ජාතික ප්‍රජාවගෙන්ද බරපතල බලපෑමක් එල්ල වී තිබියදී යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු රහස් පොලිසිය විසින් මේ ගැන පරීක්ෂන කරද්දී පෙර කී ශවීන්ද්‍ර ප්‍රනාන්දු නීතිපතියේ සිටිමින් රහස් පොලිසියට බලපෑම් කෙළේ නාවික හමුදාවේ සාක්කි කරුවන් කැඳවීමට බාධා කරමිනි. වෙලගෙදරගේ සාක්කි අනුව අනෙකුත් නාවික හමුදා සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ශවීන්ද්‍ර ප්‍රනාන්දු කෙතරම් බාධා කෙළේද යත් ලංකාවේ පළමු වතාවට රහස් පොලිසිය විසින් නීතිපතියේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙකු වූ ශවීන්ද්‍ර ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ‘බී‘  වාර්තාවක් මගින් කරුනු වාර්තා කරන ලදී. ඔහු එතරම්ම රාජපක්ෂවාදී සට්ටැඹියෙක් විය. 

දැන් මොහු නීතිපතියෙන් ඉවත් වී පූර්ණ කාලීනව රාජපක්ෂලාගේ නඩු කතා කරද්දී පවා නාවික හමුදාවේ ජජ් ඇඩ්වකේට් ලෙස හිඳිමින් පෙර කී නාවික හමුදාවේ රාජපක්ෂවාදී සට්ටැඹියන්ට එරෙහි පරීක්ෂණ වලට බාධා කරමින් සිටීම රාජපක්ෂලාගේ බයියෝ  සේනාධිනායකයාට කොකා පෙන්වීමක් නොවන්නේ ද?

මෙහි ආසන්නම බරපතල කොකා පෙන්වීම නම් පෙර කී රජයේ සාක්කි කරුවා වන ලුතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදර කෝට් මාර්ෂල් කර හිරේ දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමයි. රාජපක්ෂ යුගයේදී අවංක නිලධාරියෙක් වූ වෙලගෙදරට එල්ල වූ තර්ජන හමුවේ ඔහු වෙනත් රටකට යෑම පාදක කරගෙන ඔහුව කෝට් මාෂල් කර තිබේ. මෙම නඩුව අසන්නේ අන් කිසිවෙක් නොව පෙර කී ශවීන්ද්‍ර ප්‍රනාන්දු විසින්ය. මෙයද ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඇසූ නඩුව සේ ෆාස්ට් ෆෝවර්ඩ් දමා නඩු ඇසීමකි. ඊයේ නඩුව අසා අද නඩුවේ තීන්දුවද දීමට යයි. 

නාවික හමුදාපතිවරයා කෙසේ වෙතත් දෙවැනියා ලෙස පත්වී සිටින නීල් රොසයිරෝ නමැත්තාද දැඩි රාජපක්ෂ වාදියෙක් වී සිටින බැවින් මෙම කුමන්ත්‍රණය ඉතා පහසුවෙන් සඟවාගෙන සිටී. 

යෝෂිතලා වැනි නාවික හමුදා දූෂිතයන් සහ වසන්ත කරන්නාගොඩලා වැනි කප්පම් සඳහා අසරණ සිසුන් පැහැරගෙන ගොස් මරා දැමූ ඝාතකයන් බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක වන මෙම බරපතල කුමන්ත්‍රණය වහාම පරාජය කිරීම යහපාලන සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීමකි. එය අත්හළ නොහැකි වගකීමකි. 62 ලක්ෂයක් ජනතාව ඔහුට දුන් වගකීමකි. 

---------------------------
by     (2016-06-08 16:26:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

දේදුනු විප්ලවෙන් ගෙනාපු අයට දැන් අපි තෑගී දෙනවා වාහන ගන්න. අපි හිමිහිට නය බර කරට ගන්නවා. මොකෝ අපිනේ මේ දේදුනු විප්ලවෙන් මේ අයව ගෙනාවේ. අපේ යුතුකමනේ ඉල්ලාන දේ දෙන එක.
-- by chali on 2016-06-08

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links