~

ලේසියෙන් සල්ලි හොයන්න ජවසම්පන්න ලක්ෂ 13 ක් ත්‍රී වීල් උඩ වාඩිවෙලා බලා ඉන්නවා: ඔවුන්ගේ ශ්‍රමය ඔවුන්ටත් අහිමි වෙලා: ෂෝට් කට් හොයන්න එපා - කරු ජයසූරිය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.17, පෙ.ව‍‍‍‍.5.30) උත්සායහයෙන් ධෛර්යයෙන් සාධාරණ ලෙස පියවරෙන් පියවර නැගී සිටින මිනිසුන් තම අතීතය පිලිබඳ මහත් ආශ්වාදයෙන් සිහිපත් කරමින් සතුටු වන නමුත්, කෙටි පාරවල් සොයමින් ඉක්මනින් ධනවතුන් බලවතුන් බවට පත්වීමට උත්සාහ දරන්නන් බොහෝ දුරට අවසානයේදී පශ්චත්තාපයට පත්වන්නේ යයි කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

එබැවින් දිරිමත් නිර්මාණශීලී කැපවීමක් සහිත පුද්ගලයන් අගය කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයක යුතුකම බවද එය සමාජ ප්‍රගතියට හේතුවන බවද කථානායකවරයා කීය. කරු ජයසූරිය මහතා මේ බැව් පළ කලේ පසුගිය දා කොළඹදී පැවති ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ  සංගමය සංවිධානය කළ ‘මාස්කෝ 2016 වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයින් සහ ජනමාධ්‍යවේදීන් ඇගයීමේ සම්මාන උළෙලහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

අග්ගමහා පන්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන්  නියෝජ්‍ය ඇමතිවරුන් වන අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේද සහභාගිත්වයෙන් පැවති සම්මාන උලෙලේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකරයා මෙසේද පැවසීය.

“දේශපාලන පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේ‍දයෙන්   තොරව රට වෙනුවෙන් කැපවුන විශිෂ්ඨයින් අගයන පිලිගත් සම්මාන උළෙලක්  ලෙස  මාස්කෝ සම්මාන උළෙල හැඳින්විය හැකියි. විශිෂ්ඨයන් බිහිවන්නේ උපතින්යැයි කලක් විශ්වාස කළ නමුත් අද ලෝක‍ය පිළිගෙන තිබෙනවා කැපවීම අභියෝග භාර ගැනීම, මෙන්ම පීඩනය දරා ගැනීමට ඇති හැකියාව තුලින් තමයි විශිෂ්ඨයන් බිහි වන්නේ කියා. පීඩනය දරාගන්න, අභියෝග භාරගන්න කැපවීම සහිත මිනිසුන් සමාජයක ජීවයයි. ලෝකයේ  මිනිස් වර්ගයා එදා මෙදාතුර ලබාගත් සියළු ජයග්‍රහණයන් පිටුපස  සිටින්නේ එවැනි ධෛර්ය සම්පන්න මිනිසුන් අද සම්මානයට පාත්‍ර වෙන  විශිෂ්ඨයන් පියවරෙන්  පියවර තම  ක්ෂේත්‍රවලින් අඛණ්ඩ කැපවීමෙන්  ඉදිරියට  ආපු  අය. මේ වානිජකරණය වූ සමාජයේ එහෙම ධෛර්ය සම්පන්න නිර්මාණශිලීව  පියවරෙන් පියවර ඉදිරියට එන  අයට වඩා දකින්න  ලැබෙන්නේ කෙටි පාරවල්  හොයන (Shot cut)  අයයි. ලෝකයේ  දියුනු  රටවල්  වල  මොනතරම් ධනවත් මිනිසුන්  සිටියත් ඔවුන්  තම මනස  වෙහෙසා  වැඩ  කරනවා. නිකන්  ඉන්න  කවුරුත්   කල්පනා  කරන්නේ නැහැ ජපානය, කොරියාව චීනය වගේ  රටවල සීඝ්‍ර  ආර්ථික වර්ධනයට  ජනතාවගේ  අනලස්බව  ප්‍රධාන  හේතු වී තිබෙනවා. නමුත් අප රටේ  එය  එලෙසම  වන්නේ  නැහැ. බොහෝ තරුණයන් කල්පනා  කරනවා පාසලෙන්  එන්නේ නිදහස්  දාඩිය  මහන්සියක් නැතුව  දවසේ  වියදම  හොයාගන්න, ත්‍රිරෝද  රථයක්  ගන්න. අද රටේ ත්‍රී වීල් උඩ  වාඩි වෙලා  බලාගෙන සිටින ජවසම්පන්න තරුණයන්  ලක්ෂ 13  සිටිනවා . බස්නාහිර  පලාතේ පමණක් ලක්ෂ 05  සිටිනවා . ඔවුන්ගේ  ශ්‍රමය රටට පමණක්  නොවේ  ඔවුන්ටත්  අහිමි වෙලා  තිබෙන්නේ. ඒ නිසා  මේ  ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය පාලන ක්‍රමය අළුත් කඩඉමකට  පැමිණ ඇති, ඉතිහාසයේ අළුත් ගමනක් ආරම්භ කර ඇති  යුගයේ  තමන්  වෙනුවෙන් රට වෙනුවෙන් ධෛර්‍යසම්පන්න කැපවීමට ආකල්පමය වෙනසක් රටට  අවශ්‍යයි. එවැනි  වෙනසක්  ඇති  කිරීමට දිරිමත්  විශිෂ්ඨත්වය  අගයන  මෙවැනි සම්මාන  උළෙලවල් ඉතාම  වැදගත්. විශේෂයෙන්ම  ලංකා ජනසංනිවේදකයන්ගේ සංගමය මේ  ඉටු කරන්නේ  වැදගත් ජාතික  යුතුකමක්.“ කතානායක වරයා පැවසීය.

---------------------------
by     (2016-06-17 00:39:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

3 wheel drivers also may be thinking like politicians to make a quick buck but by not stealing the state coffers
-- by open mind on 2016-06-17

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links