~

මැදමුලන ‘වෙන්ඩ රජා‘ මහ පාරේ රගර් ක්‍රීඩකයන් පවා මැරුවද පළමු සියවස් වලදී ලංකාවේ සැබෑ රජවරුන් මරණීය දණ්ඩනය දී නැතැයි මංගල යුරෝපයට කියා දෙයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.23, ප.ව‍‍‍‍‍‍.11.30) ශ්‍රී ලංකාව වනචර දශකයක් පුරා යටත් කර ගෙන සිටි ‘මැදමුලන වෙන්ඩ රජා‘ තම පුතුන් සමග අමනාප වූ රගර් ක්‍රීඩකයන් පවා මහ මග මරා දැමුවද, පළමුවැනි තෙවැනි සහ සිව්වැනි සියවස් වල රජකම් කළ සැබෑ සිංහල රජවරුන් ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර නැතැයි අප දැනගත්තේ පසුගියදා ඔස්ලෝ නගරයේදී පැවැති කතාවකදී ය.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා නොර්වේහි ඔස්ලෝ නගරය බලා ගියේ එහි ප්‍රසිද්ධ ඔපෙරා ශාලාවේ පැවැත්වූ, මරණීය දණ්ඩනයට එරෙහි 6 වැනි ලෝක සමුළුවෙහි ආරම්භක දේශනය පැවැත්වීමට ය. නොර්වේ අග්‍රාමාත්‍ය ඒර්නා සෝල්බර්ග් මැතිණිය හමුවූ ඇමැති මංගල මානව හිමිකම් පිලිබඳ මහා කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු සහ නොර්වේ විදේශ කටයුතු අමාත්‍ය බෝර්හේ බ්‍රෙන්ඩේ මහතා ද සමග මරණීය දණ්ඩනයට එරෙහි සමුළුව ඇමැතූ මංගල සමරවීර මහතා ජාත්‍යන්තරය ඉදිරියේ කියා සිටියේ අතීත ශ්‍රී ලාංකික රජවරුන් බෞද්ධ ඉගැන්වීම අනුව යමින් මරණ දඬුවම අහෝසි කිරීමට පියවර ගෙන ඇති බවත් පළමු, තෙවැනි, සිව්වැනි මෙන්ම දහතුන් වැනි සියවස් හි දී පවා ශ්‍රී ලංකාව තුළ මරණීය දඬුවම ක්‍රියාත්මක කොට නොමැති බවයි...

සමරවීර මහතාගේ සම්පූර්ණ දේශනය පහතින් දැක්වේ.

“බහුල වශයෙන් භාවිතයට ගැනුණද, මරණීය දණ්ඩනය ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ දිගුකාලීන සමාජයීය ගැටළු මෙන්ම අසහනකාරී තත්ත්වයන් ඇති කිරීමට හේතු වී ඇත.  ඈත අතීතයේ පවා, කීර්තිමත් නායකයින් බොහෝ දෙනෙකු විසින් මරණීය දණ්ඩනය මානුෂීය අභිමානය කෙලෙසීමක් ලෙස හඳුනාගෙන ඇත.  නිදසුනක් ලෙස, අතීත ශ්‍රී ලාංකික රජවරුන් බෞද්ධ ඉගැන්වීම අනුව යමින් මරණ දඬුවම අහෝසි කිරීමට පියවර ගෙන ඇත.  හුදෙක්, පළමු, තෙවැනි, සිව්වැනි මෙන්ම දහතුන්වැනි සියවස් හි දී පවා ශ්‍රී ලංකාව තුළ මරණීය දඬුවම ක්‍රියාත්මක කොට නොමැත.

ශත වර්ෂයකට ආසන්න කාලයක් මුළුල්ලේ අපේ රටේ නීති සම්පාදකයින් අතර මරණීය දණ්ඩනය අවලංගු කළ යුතුයි යන ඒකමතික අදහස වර්ධනය වීමට ඉහත කාරණය හේතුවන්නට ඇතැයි සැළකිය හැකිය.  මෙම ඒකමතිකභාවය මූලික වශයෙන් සදාචාරාත්මක කරුණු මත මෙන්ම නිවාරකයක් ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ හරසුන්භාවය මත ද පදනම් විය.  ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මෙන්ම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමියා වූ ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1928 තරම් අතීතයේ රැස් වූ ලංකා ව්‍යවස්ථාදායක සභාවේ දී මරණීය දණ්ඩනය අහෝසි කිරීම් වෙනුවෙන් වූ යෝජනාවලියක් 19 කට 7ක් වශයෙන් වැඩි ඡන්දයෙන් සම්මත විය.  එහෙත් යටත් විජිත පාලකයන්ගේ බලපුළුවන්කාරකම් හමුවේ එම අවලංගු කිරීමේ යෝජනාව නිෂ්ප්‍රභා කෙරිණි.

නිදහසින් වසර කිහිපයකට පසු, 1956 දී එවකට අධිකරණ කටයුතු පිළිබද පාර්ලිමේන්තු ලේකම් ලෙස කටයුතු කළ මාගේ පියා, එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය වූත්,  දිවයිනේ අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමියා වූත්, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ සහයෝගය ඇතිව මරණ දඬුවම අහෝසි කිරීම සදහා පනතක් යෝජනා කළේය.  මෙම පනත සම්මත වූ නමුදු ඊට වසර කිහිපයකට පසු බණ්ඩාරනායක මහතා ඝාතනය වීමත් සමග යළි ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක වූ අතර, 1976 දී එය  තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කෙරිණි.

වර්තමාන පාර්ලිමේන්තුව තුළ සිටින මාගේ මිත්‍රයින් බහුතරයකගේ ද මතය වන්නේ මරණීය දණ්ඩනය සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන බවත් එය අසාර්ථක බවත්ය.  කෙසේ වෙතත්, කරුණු කාරණා නිසි ආකාරයෙන් නොදත් මහජනයාගේ විරෝධය හමුවේ, 1956 දී ආණ්ඩුව ගත් දැඩි පිළිවෙත ඉදිරියට ගෙන යාමට ඔවුන් අපොහොසත් වී ඇත.  ඒ සදහා ඔවුන් දක්වන බිය ශ්‍රී ලාංකික නීතිසම්පාදකයින්ට හෝ ජූරි සභිකයින්ට පමණක් සීමා වූවක් නොව මරණීය දණ්ඩනය මෙතෙක් අවලංගුකොට නොමැති අනෙකුත් ආසියානු රටවලට ද පොදු වූ කාරණයක් බව මාගේ විශ්වාසයයි.

ඒ අනුව, අද අප මුහුණ දී ඇති පොදු අභියෝගය වන්නේ අපගේ ජනතාවට එය ඒත්තු ගැන්වීමයි.  ඇතැම්විට වඩාත් වැදගත් විය හැක්කේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරී වෙමින් ඊට නායකත්වය ලබාදීමට සාමුහික ධෛර්යයක් තිබීමයි.

කෙසේ වුවද, මහජන මතය වෙනස් කිරීම කාලය ගත වන හා සම්පත් වැයවන ක්‍රියාවලියකි.  එමෙන්ම, දිගින් දිගටම ඒ පිළිබඳ සාකච්ඡා පැවතුන ද, බොහෝ රටවල මරණීය දණ්ඩනය යන මාතෘකාව සම්බන්ධයෙන් වූ මහජන මතය සාපේක්ෂව වෙනස් කළ නොහැකි තත්ත්වයක පවතින බව සාක්ෂි මගින් පෙනී යයි.  එහෙයින් මෙම ප්‍රධාන අභියෝගය ජය ගැනීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් අවශ්‍යය.  සමීක්ෂණයක ආකාරයෙන් පුද්ගලයන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කර පිළිතුරු ලබා ගැනීමේ දී මෙන් නොව පුද්ගලයන්ට ආදේශක නඩු විභාගයකට සහභාගීවීමට අවස්ථාව ලබා දුන් විට, ඉතා බරපතළ සිද්ධිවල දී පවා මරණීය දණ්ඩනයට සහාය පළකළ පිරිස 30% ක් වත් නොවන බව අධ්‍යයනවලින් හෙළි වී ඇත.  1981 දී ප්‍රංශයේ දී මරණීය දණ්ඩනයට පක්ෂව අති විශාල මහජන මතයක් ගොඩනැගී තිබුණද, එකළ ප්‍රංශ ජනපති විසින් මරණීය දණ්ඩනය අහෝසි කිරීමට ගත් තීරණය හේතුවෙන් මහජන මතයේ ද වෙනස්වීමක් සිදුවිය.  මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ ක්‍රියාවලිය හේතුකොට ගෙන පැනනගින තර්කයන් හා මරණ දඬුවම අහෝසි කිරීමෙන් පසුව ද අපරාධ ප්‍රමාණයේ වෙනසක් සිදු නොවීම මගින් ජනතාව තුළ පවතින සැක බිය අඩුවන බව පැහැදිලි කරුණකි.  ඒ අනුව, මරණීය දණ්ඩනය අහෝසි කිරීමෙන් පසුව ද පරිවර්තනයට ලක් වූ සිද්ධීන් ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි.

සෙසු ලෝකය හා සසඳන කළ, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ වැඩි ප්‍රවණතාවක් ආසියාව තුළ ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතී.   ගිණිකොන දිග ආසියාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ අවස්ථා ගණන සැළකිය යුතු ලෙස අඩු වී ඇති අතර, දකුණු ආසියාව තුළ මරණ දඬුවම කෙටි කාලීන හා දිගු කාලීන තාවකාලික වශයෙන් අත්හිටුවීමකට ලක්කොට ඇත.

2007 දී, ආසියානු රටවල් 24ක් මරණ දඬුවම අත්හිටුවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවලියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ නමුත්, 2014 දී එම සංඛ්‍යාව 18 දක්වා අව ප්‍රමාණය විය.  තවත් හොඳ ප්‍රවෘත්තියක් ද තිබේ.  එනම්, මෙම සමුළුවේ දී සැසියක් ඇමතීමට නියමිත ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා, 2007, 2008 හා 2010 වර්ෂවලදී සිදු කළ පරිදි ශ්‍රි ලංකාව මෙම යෝජනාවලියට පක්ෂව ඡන්දය ලබාදීමේ සාම්ප්‍රදායික ස්ථාවරයට නැවතත් ඵළඹෙන බවත්, දශක හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ පරිදි මරණ දඩුවම තත්වාකාරයෙන් අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය ඉදිරියටත් අනුගමනය කරන බවත් පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබීමයි.

මරණීය දණ්ඩනය අහෝසි කිරීම සඳහා ජනතාවට ඒත්තු ගැන්වීම හා නොසැලෙන අධිෂ්ඨානය අවශ්‍ය බවත්, ඒ සියල්ලටම වඩා නීති සම්පාදකයන්ගේ, ක්‍රියාකාරීන්ගේ, සංස්කාරකවරුන්ගේ, අධ්‍යාපනවේදීන්ගේ හා ජූරි සභිකයන්ගේ සාමුහික නායකත්වය අවශ්‍ය බවත් පවසමින් මම මේ කථාව අවසන් කරමි.  ප්‍රගතිශීලි මහජන මතයක් ගොඩනැගීමත් සමග, ඉදිරි වර්ෂවලදී අපගේ කලාපය තුළ ද මරණීය දණ්ඩනයේ අවසානයක් දකින්නට ලැබෙනු ඇතැයි මාගේ විශ්වාසයයි.

(සමරවීර මහතා සමුළුවේ මංගල දේශනය පැවැත්වූ ආකාරයත් හිමිකම් පිලිබඳ මහා කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු සහ නොර්වේ විදේශ කටයුතු අමාත්‍ය බෝර්හේ බ්‍රෙන්ඩේ මහතා සමග සමුළුවට සහභාගී වූ ආකාරයත්  නෝර්වේ අගමැතිනිය හමුවු අවස්ථාවත් සේයාරූ වල දැක්වේ)

---------------------------
by     (2016-06-23 22:54:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

රට කාපු මැද මුලන හොරුන්ට රට නැවත භාර දෙන්‍න හදන එවුන් තොපිට කන්‍න හොඳම කෑම පුන්‍ නක්කු ම වී තරයි .
-- by Chanak Los Anjeles on 2016-06-24

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links