~

මෛත්‍රී බලයට ගෙනා සිවිල් සංවිධාන සහ ජනාධිපති කෙටවීමට කුරුඳු පොලු පහර කෑ සර්පයාගේ කුමන්ත්‍රණයක්..! මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපතිට කම්පාව සහ විරෝධය පළ කරයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.25, ප.ව‍‍‍‍‍‍.11.30) ජුනි 26 වෙනිදා පළවන ඉරිදා ලංකාදීපයේ 6 වන පිටුවේ ලංකාදීප පාඨක ප්‍රශ්න වලට ජනාධිපතිවරයාගේ පිළිතුරු ලෙස ලිපියක් පළවී තිබේ. එහි මාතෘකාව “ජනතාවට ජීවන බර ප්‍රශ්නයක් බව අප පිළිගත යුතුයි“ ලෙසය. ලංකාදීපයට පාඨකයන් එවන ප්‍රශ්න ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ජනාධිපතිවරයාගේ පිළිතුරු ලබාගෙන පළ කිරීම එහි ක්‍රම වේදයයි. මෙම කාරිය කරන්නේ ලංකාදීපයේ අජන්ත කුමාර අගලකඩ නමැත්තාය. එහිදී ජනාධිපතිවරයා දුන් පිළිතුරක් ලෙස මෙසේ සඳහන් කර තිබේ. 

“මට ඉන්නේ උපදේශකයින් හතර දෙනයි. මහාචාර්ය සරත් විජේසූරියත් මගේ උපදේශකයෙක්“ 

ජනාධිපතිවරයා කීවා යැයි කියා ඉරිදා ලංකාදීපය පළ කර ඇති පට්ට පල් කෙබරය සම්බන්ධයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රතිචාර දක්වා තිබේ. එය සම්පූර්ණයෙන් පහත පළවේ.  

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සියලු භවතුන් වෙතටයි..!

2016  ජුනි 26 වෙනිදාට පළවන ඉරිදා ලංකාදීප පුවත්පතේ ජනාධිපතිවරයා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධවයි. 

01. මම ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් ලෙස පත්වීමක් ලබා නැත්තෙමි. මොනම අන්දමකින්වත් ජනාධිපතිවරයාගේ  උපදේශක වරයෙක් ද නොවෙමි. ජනාධිපතිවරයා තමන්ගේ උපදේශකවරයෙක් ලෙස මා පත්කර  නැති බව එතුමා හොඳින්ම දන්නා කරුණකි. මෙවැනි ප්‍රකාශයක් සිදු කලේ මන්ද යන්න බරපතල ප්‍රශ්නයකි. රටේ නායකයා ලෙස මෙවැනි වගකීමකින් තොර ප්‍රකාශයක් සිදු කිරීම මගේ  කීර්ති නාමයට  හානියකි. මම මේ ප්‍රකාශය තරයේ  හෙළා   දකිමි.

02. රාජපක්ෂලාගේ පාලනය මා  විවේචනයට බඳුන් කරමින් වැඩ කළේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බිහිවීමටත් පෙර සිටයි. අපවත් වී වදාළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සමග පැවති දීර්ඝ කාලීන සම්බන්ධතාවය නිසා උන්වහන්සේගේ ඉල්ලීම පිට මම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වුනෙමි. උන්වහන්සේ අපවත් වීමෙන් පසු විධායක සභාව මා වෙත  එහි වගකීම් පවරන විට ඊට මා කැමැත්ත පළ කළේ සෝභිත හිමි ගෙන ගිය ව්‍යාපාරය ආරක්ෂා කරගත යුතු නිසයි.  එම තනතුර දඩ මීමා කරගෙන මම පෞද්ගලික ලාභ අපේක්ෂා මොනම අන්දමකින්වත් ලබා නොගන්නා  බව අවධාරණයෙන් පවසමි. සෝභිත  හිමියන්ගේ   නාමයට අබ මල් රේණුවක තරමින්  හානියක් නොකරන්නට මට ආත්ම විශ්වාසය ඇති බව මම පවසමි.

03. මම ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවෙන් මොනම විදිහේ තනතුරක් මතුවටත් අපේක්ෂා නොකරමි. තනතුරක් භාරදුන්නත් භාර නොගනිමි. මම මගේ සුදුසුකම් මත දීර්ඝ  කාලයක් තිස්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පදවියක් දරන්නෙමි. සේවයෙන් විශ්‍රාම ගත්  දිනෙකවත් මොනම  තරාතිරමක හෝ දේශපාලනඥයකුගේ ළඟ හෝ කිසිම තනතුරක් භාර ගැනීමට මගේ සුදානමක් නැත. 

04. ජනාධිපති වරයා බලයට පත්කිරීමට ජීවිතය පරදුවට තබා කටයුතු කළ පුරවැසියෙකුට ජනාධිපතිවරයා සිදුකර තිබෙන වගකීම් විරහිත ප්‍රකාශය ගැන මගේ බලවත් කම්පාව මෙන්ම විරෝධය ද මෙයින් පළ කරමි. ලබන ඉරිදා පුවත්පතට මා මේ සම්බන්ධව මගේ අප්‍රසාදය පළකොට ලිපියක් ලියා යවන බවට ද වැඩි දුරටත් දන්වා සිටිමි. 

මෙයට විශ්වාසී 
මහාචාර්ය සරත් විජේසුරිය 
2016.06.26


ලංකා ඊ නිව්ස් පසු සටහන: 

අප විසින් කරන ලද සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ මෙවන් පුවත් පත් පාඨක ප්‍රශ්නෝත්තර ක්‍රියාවලිය බාරව සිටින්නේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස ක්‍රියා කරන ශිරාල් ලක්තිලක නමැත්තා බවයි. ඒ අනුව පිළිතුරු සපයා ඇත්තේ ශිරාල් ලක්තිලකගේ අනුදැනුම මත මිස ජනාධිපතිවරයාගේ අනුදැනුම මත නොවේ.  

මහාචාර්ය සරත් විජේසූරිය මහතා දැනට නායකත්වය දරණ මාදුළුවාවේ සෝභිත හිමියන් නිර්මාණය කළ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට‘ සමාන නමකින් ‘සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි හඬ‘ නමින් සංවිධානයක් හැදීමට ශිරාල් ලක්තිලක කූට්ටාලි කම් කරමින් සිටින බවත් ඊට අවශ්‍ය නීච කුමන්ත්‍රණයක් ලෙස මහාචාර්ය වරයාගේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා මෙවැනි ජඩ වැඩක් කර තිබෙන බවත් දැනගන්නට ලැබී තිබේ.

රාජපක්ෂලාගේ වනචර දශකයේදී ඊට එරෙහිව නැගී ආ විපාක්ෂික බලවේග දුර්වල කිරීම සඳහා රාජපක්ෂ-මහාරාජා මුදලින් යැපුණු සට කපට නීචයෙක් වූ ශිරාල් ලක්තිලක නමැත්තා අද දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයට වැද සිදුකරන අසම්බන්ධීකරන ගොංකම් කාරිය දැන්වත් ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය.

එදා මාතරදී ශිරාල් ලක්තිලකට විපාක්ෂිකයා විසින් දුන් ‘කුරුඳු පොලු‘ සංග්‍රහය නිසාවෙන් අද මෛත්‍රීපාල නමැති පුද්ගලයාට ජනාධිපති පුටුවේ වැජඹීමට හැකියාව ලැබුණු බව තේරුම් ගත්තේ නම් අද මෛත්‍රීපාල නමැති ජනාධිපතිවරයා කළ යුත්තේ දැනටමත් තමා තෙවරක් අමාරුවේ දමා ඇති ශිරාල් ලක්තිලකට ‘එරබදු පොලු‘ සංග්‍රහයක් දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එළවා දැමීමය. 

අදාල වාර තුන මතක් කර දෙන්නේ නම්,
1.මෛත්‍රී රජාට අන්දා ජනාධිපති පදවිප්‍රාප්ති නාඩගමක් නටා  සිදු කළ වින්නැහිය.
2.විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කිරීමට ලෝක වනචරයෙක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ පීච්චං වී ඇති දයාන් ජයතිලක නමැති පිස්සු වාහේ ජනාධිපති ඉදිරියට ගෙන්වා සිදුකරන ලද වින්නැහිය (මෙය මෛත්‍රී දැනට ලබා ගෙන සිටින ජාත්‍යන්තර පිලිගැනීම විනාශ කිරීමට සිදුකරන ලද කුමන්ත්‍රණයකි)
3.ජනාධිපතිගේ නමින් ලංකාදීපයට බොරු ලියා ජනාධිපතිවරයා සිවිල් සංවිධාන වල වෛරයට පාත්‍ර කරමින් අද සිදුකරන ලද වින්නැහිය.

තමා විසින්ම සර්පයා රෙද්ද අස්සේ දමාගෙන, පසුව ‘කනෝ කනෝ‘ කියා කෑ ගසන විට අනුකම්පා කරන්නට කිසිවෙක් නැති බව ජනාධිපතිවරයා දැන සිටිය යුතුය

---------------------------
by     (2016-06-25 23:51:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links