~

ලංකා ඊ නිව්ස් හි ඇබෑර්තු සඳහා ඉල්ලුම් පත් කැඳවයි

ලංකාවේ ප්‍රථම සිංහල ඔන් ලයින් ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්, සම්මානලාභී ලංකා ඊ නිව්ස් අන්තර් ජාල මාධ්‍යයේ පහත සඳහන් පුරප්පාඩු සඳහා ඉල්ලුම් පත් කැඳවනු ලැබේ. 

වීඩියෝ වාර්තාකරු

වයස 24 සහ 40 අතර විය යුතුය
ඩිජිටල් වීඩියෝ කැමරා භාවිතාව ඩිජිටල් සංස්කරණය පිලිබඳ නිපුණත්වය 
මනා පරිඝනක ඥානය
මනා නව සන්නිවේදන තාක්ෂනික ඥානය
අවම වසර 2 ක පළපුරුද්ද
වෙබ් මාධ්‍යයේ යෙදී සිටියේ නම් අතිරේක සුදුසුකමකි
කොළඹ හෝ තදාසන්නයේ පදිංචි කරුවෙක් විය යුතුය.
උපකරණ තමන් සතුව තිබේද නැතිද යන්න ඉල්ලුම් පතේ සඳහන් කළ යුතුය. තිබේ නම් ඒ කුමන ඒවාද යන්න සඳහන් කළ යුතුය
ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ සේවය කිරීමට සූදානම් විය යුතුය

සිංහල - ඉංග්‍රීසි පරිවර්තක

සිංහල ප්‍රවෘත්ති ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමේ හැකියාව.
වයස සීමාවක් නැත 
මනා පරිඝනක ඥානය
මනා නව සන්නිවේදන තාක්ෂනික ඥානය
පරිවර්තකයෙකු ලෙස අවම වසර 5 ක පළපුරුද්ද
වෙබ් මාධ්‍යයේ යෙදී සිටියේ නම් අතිරේක සුදුසුකමකි
ජීවත්වන රට කුමක් වුවද ප්‍රශ්නයක් නොමැති නමුත් ගෙවීම් සිදුකළ හැක්කේ ලංකාවේ මුදලින් ලංකාවේ වටිනාකම අනුවය.

දෙමළ සංස්කාරක

ලංකා ඊ නිව්ස්හි දෙමළ සංස්කරණය වෙනුවෙනි
සිංහල/ඉංග්‍රීසි ප්‍රවෘත්ති දෙමළ බසට පරිවර්තනය කිරීමේ හැකියාව.
වයස සීමාවක් නැත. 
මනා පරිඝනක ඥානය
මනා නව සන්නිවේදන තාක්ෂනික ඥානය
මාධ්‍යවේදියෙකු ලෙස අවම වසර 10 ක පළපුරුද්ද
වෙබ් මාධ්‍යයේ යෙදී සිටියේ නම් අතිරේක සුදුසුකමකි
ජීවත්වන රට කුමක් වුවද ප්‍රශ්නයක් නොමැති නමුත් ගෙවීම් සිදුකළ හැක්කේ ලංකාවේ මුදලින් ලංකාවේ වටිනාකම අනුවය.

සියළු අයැදුම් කරුවන්..,

මෑතකදී ගත් සේයාරුවක් සහිතව අයැදුම් කළ යුතුය
ඥාතීන් නොවන තමන් පිලිබඳ සහතික වන්නන් තිදෙනෙකුගේ නම් ලිපින දුරකථන අංක සඳහන් කළ යුතුය.
බලාපොරොත්තුවන ගෙවීම් පිලිබඳ ඉල්ලුම් පත් වල සඳහන් කළ යුතුය.
වසර 2 ක කොන්ත්‍රාත් කාල ගිවිසුමට පැමිණීමට සූදානම් විය යුතුය. 
සම්මුඛ පරීක්ෂණ 2 කින් පසු තෝරා ගනු ලැබේ. 
තෝරා ගැනීමට පෙර මාස 3 කට නොවැඩි පොලිස් වාර්තාවක් ඉදිරිපත් කිරීම අවශ්‍යය.
ඇයැදුම් පත් සම්බන්ධයෙන් දුරකථන විමසීම් නුසුදුසුකමක් සේ සැලකේ
 
සියළු ඉල්ලුම් පත් ජුලි මස 5 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර [email protected] ඊ මේලයට ලැබෙන්න සලස්වන්න. විෂය සඳහන් නොකරන ඊ මේල් ස්වයංක්‍රීයව ප්‍රතික්ෂේප වන බැවින් විෂය ලෙස LeN Vacancy ලෙස සඳහන් කළ යුතුමය

---------------------------
by     (2016-06-27 14:48:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links