~

ලසන්ත ඝාතන කණ්ඩායමේ නායකයා, යුද හමුදා සාජන්ට් මේජර් අල්ලයි..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.16, පෙ.ව‍‍‍‍‍‍.8.05) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ යුද හමුදාවේ සාජන්ට් මේජර් වරයෙකු ඊයේ රාත්‍රී 11 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ඝාතනය සම්බන්ධයෙන් ලැබී තිබූ පරිවේශනීය සාක්කි මත මෙකී සාජන්ට් මේජර් වරයා අත් අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු කොළඹට ගෙනැවිත් ප්‍රශ්න කරමින් සිටී. 

රාජපක්ෂලාගේ වනචාරී බිහිසුනු ලේ වැකි යුගයේදී සිංහල දෙමළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් ප්‍රහාර එල්ල කිරීම් රැසක් සිදුකළ මිනීමරු කණ්ඩායමේ නායකයා වූයේ මොහුය.  මොහු වත්මන් යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ ලඟම හිතවතෙකු වන බැවින් අත් අඩංගුවට ගැනීමට විශාල ලෙස බාධා ඇති කර තිබේ. 

මොහු විසින් රාජපක්ෂලාට අවශ්‍ය ඕනෑම ම්ලේච්ඡ ඝාතනයක් ඉටු කර දීම නිසා විදේශ සංචාර උසස් වීම් ආදිය නොඅඩුව ලබා දී ඇත.  

මීට සතියකට පමණ පෙර ඝාතකයන් ඇසින් දුටුවන්ගේ සාක්ෂි මත නිර්මාණය කරන ලද ඝාතනය සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකුගේ සිතුවම් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද අතර මහජනතාවගෙන් ඔවුන් පිලිබඳ තොරතුරු ඉල්ලා තිබිණ. (එකී සේයාරූ දෙක මෙහි දැක්වේ)

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කෙළේ 2009 ජනවාරි 08 වැනි දා දෙනෝදහක් බලා සිටියදී මහා දවාලේ දෙහිවල මහ පාරේදී ය. බැටළුවන් ඝාතනයට භාවිතා කරන උළක් වැනි අවියකින් ලසන්ත මහතාගේ හිස පසාරු කරගෙන යන ලෙස ඇනීමෙන් ඝාතනය කර තිබිණ. මෝටර් සයිකල් වලින් පැමිණි ඝාතකයන් තම ඉලක්කය සපුරා ගැනීමෙන් පසුව නිරුපද්‍රිව පලා ගියේ එවකට ඒ අසලම හමුදා මුර කපොලූ රැසක් තිබිය දී ය. එවක කොළඹ ආරක්ෂාව බාරව සිටියේ ගෝඨාභයගේ හෙංචයියෙක් වූ පසුගියදා විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ ය.

ලසන්ත මැරුවේ බැටලුවන් ඝාතනය කරන රහසිගත අවියකින් : ඒවා තිබුනේ 6 යි

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී ඇති පරිදි ලසන්ත ඝාතනයට යොදා ගත් බැටළුවන් ඝාතන උපකරණ 6 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ හමුදාවේ විශේෂ බලකාය වෙත ඊට මඳ කලකට පෙර ආනයනය කර ගෙනැවිත් දී තිබුනේ එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ වුවමනාව සහ අනුමැතිය පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. ට්‍රිගරයක් එබීමෙන් තියුණු උලක් ක්ෂණිකව එළියට පනින එම අවිය යළි ඉවතට ඇදීමේදී උලේ ඇමිණී තිබෙන මස් වැදලි කඩාගෙන එළියට එයි. උණ්ඩයක් භාවිතා කිරීමේ දී ශබ්දයක් පිටවන බැවින් රහසිගත ඝාතන සඳහා මෙම අවිය භාවිතා කෙළේ ය. මෙම සුවිශේෂී අවිය පිලිබඳ පුහුණුවක් තිබුනේ ද ස්වල්ප  දෙනෙකුට පමණි.

ලසන්ත ඝාතනයේදී ඝාතකයන්ට ආරක්ෂිත කලාපයෙන් නිරුපද්‍රිතව පිටව යෑමට නම් ආරක්ෂක අංශ වල සහායක් තිබිය යුතුමය. ඒ සම්බන්ධයෙන් එවක ඒ ප්‍රදේශය බාර පොලිස් ලොක්කාගෙන් අද වනතුරු ප්‍රශ්න කර නැත. ලසන්ත ඝාතනයට පොලිසිය සම්බන්ධ වන ආකාරය දැක්වෙන සාක්කියක් මෙසේය. ලසන්ත විසින් ගෝඨාභයට චෝදනා එල්ල කරමින් ලියූ මිග් ගනුදෙනුව ගැන වාර්තාව පළ වූ පසු ලසන්තව අත් අඩංගුවට ගන්නැයි එවක රහස් පොලිස් අධ්‍යක්ෂකව සිටි සිසිර මෙන්ඩිස් මහතාට ගෝඨාභය විසින් නීති විරෝධී නියෝගයක් දුන්නේය. මෙන්ඩිස් මහතා ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති යැයි කී බැවින් මෙන්ඩිස් මහතා වවුනියාවට මාරු කර යැවීය. ප්‍රභාකරන්ට වසර සියයක සිර දඬුවම් දුන් නඩුව මෙහෙයැවූ සිසිර මෙන්ඩිස් මහතා වවුනියාවට මාරු කර යැවුයේ එල්ටීටීඊයට ගොදුරු කරවා ඝාතනය කරවීමට යන්න වෙනම කතාවක් වන නමුත් ලසන්ත ඝාතනය කෙළේ ඊට සති කිහිපයකට පසුව ය. එම ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසියට පරීක්ෂණ බාර දුන්නේ පෙර කී සිසිර මෙන්ඩිස් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුවය.

අද යලිත් පරීක්ෂණ ආරම්භ වූයේ රාජපක්ෂ රෙජීමය පෙරලා යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුවය. සිසිර මෙන්ඩිස් මහතා අද ආරක්ෂක උපදේශකවරයෙකි.

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි- 

---------------------------
by     (2016-07-16 02:43:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

I thought you said CID Director avoiding arresting Army Kollo
-- by jayantha on 2016-07-16

හපෝයි! රණවිරුවො දඩයං කරනෝ! මගෙ පුක ද‍නෝ...!
-- by Gamman Pille on 2016-07-16

This is yet another scripted drama to entertain the stupid banana republic voters. The so called mig deal is enough to jail Gota for a long time but that will never happen because those were obvious corruptions.
-- by sam on 2016-07-16

මහින්ද හතුරුසිංහ ගෙනැල්ල 8ට2න් එල්ලල ගැහුව නං සේරම වමාරාවි......
-- by සරත් on 2016-07-16

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links