~

ශ්‍රී ලංකා නියෝජනය ටෙක්සාස් වෙත පැතිරේ: නව කොන්සල් ජනරාල් ලෙස සම්මානනීය තරුණ ව්‍යාපාරිකයෙක් (Video)

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.24, පෙ.ව‍‍‍‍‍‍.‍1.30) ශ්‍රී ලංකාව, ඇමරිකාව තුළ කෙරෙන නියෝජනය වර්ධනය කරමින් ජාතීන් අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරමින් සිටින බව Dallas –Fort Worth හි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සභාව විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට නව කොන්සල්වරයෙකු ලෙස පත් කරන ලද සුසන්ත ශාන් හැළඹ මහතා පිළිගැනීමට සංවිධානය කර තිබූ උත්සවයකදී ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා පැවසීය. එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරමින් ටෙක්සාස් තුළ පෙර නොවූ විරූ ලෙස සබඳතා පුළුල් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ටෙක්සාස් යනු දෙවන විශාලතම ඇමරිකානු ප්‍රාන්තය වන අතර සැලකිය යුතු ප්‍රමාණයකින් එහි වෙසෙන ශ්‍රී ලාංකික ඇමරිකානු ප්‍රජාවට සහ ව්‍යාපාර සඳහා සබඳතා පැවැත්වීමට ටෙක්සාස් නිවහනක් වී ඇත. මෙම නව පත්වීමත් සමඟම ටෙක්සාස් ප්‍රාන්තයේ බහු ක්ෂේත්‍ර සඳහා පහසුකම් සංවර්ධනයට, ටෙක්සාස් ප්‍රාන්තය සමග සහයෝගයෙන් කටයුතු කීරීමට  ශ්‍රී ලංකා ප්‍රජාවට සහාය ලැබෙනු ඇත.

ටෙක්සාස් Dallas –Fort Worth හි ශ්‍රී ලාංකික හා ඇමරිකානු නිළධාරීන් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේ ශ්‍රී ලංකා තානාපති විසින් ඉහත කී පත්වීම සුසන්ත ශාන් හැළඹ මහතාට පිළිගන්වන ලදී.

මේ අවස්ථාවට පැමිණි ආරාධිත අමුත්තන් පැසසුමට ලක් කරමින් සභාවේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී ජිම් ෆල්ක් මහතා ශතක දෙකකට අධික කාලයක සිට රටවල් දෙක අතර පැවති සබඳතා සිහිපත් කළේය. 

ඩලස් නගරාධිපතිනි, මොනිකා ඇලොන්සෝ, කැනඩාවේ කොන්සල් ජනරාල් සහ Dallas –Fort Worth හි කොන්සල් පීඨාධිපතිනි සාරා විල්ශෝ සහ  ආසියා-ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපති ගැල් ජුමාස් යන නිළධාරීන් ද නව කොන්සල් සුසන්ත ශාන් හැළඹ මහතා ගෞරවයෙන් පිළිගනිමින් ටෙක්සාස් හා ශ්‍රී ලංකාව අතර අන්නෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීමටත්, සියළු ක්ෂේත්‍රයන් සමඟ සුහදව  කටයුතු කරන බවත් ශපථ කළහ. ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර සහයෝගිතාව වැඩි කරමින් මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට දායක වීමේ වරප්‍රසාදය ලබා දීම සම්බන්ධව සුසන ශාන් හැළඹ මහතා ශ්‍රී ලංකා රජයට සිය ස්තුතිය පුද කළේය.

ලෝක ව්‍යාප්ත RIOCOCO සහ Ceytips සන්නාමයන්හි නිර්මාතෘ වන නව කොන්සල් සුසන්ත ශාන් හැළඹ මහතා අර්වින් ටෙක්සාස් හි සේහින්ස් ලින්ක් ඉන්ටර්නැෂනල් ඉන්කෝපරේෂන් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිළධාරීයා මෙන්ම ටෙක්සාස් හි Unitech Solutions Inc හි සභාපති ද වේ. සුසන්ත ශාන් හැළඹ මහතා 2015  වසරේ තරුණ ප්‍රධාන විධායක නිළධාරී සඳහා හිමි ජාත්‍යන්තර ව්‍යාපාරික සම්මානයෙන්ද, ස්ටීව් රන් සම්මානයකින්ද පිදුම් ලැබ ඇති අතර මීට පෙරද ටෙක්සාස් ආණ්ඩුකාර ගරු රික් පෙරී විසින්, ඔහු උතුරු ටෙක්සාස් ව්‍යාපාරික සංසදයේ දී වඩාත්ම සාර්ථක ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍රකොට ඇත.

ටෙක්සාස්හි පැවැති පිළිගැනීමේ උත්සවයේ වීඩියෝවක් පහත දැක්වේ 

---------------------------
by     (2016-08-23 20:02:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links