~

‘වසර 24 ක් එකම තනතුරක ඉන්න දෙන්නේ කොයි රටේද?‘ ජනාධිපති මෛත්‍රීකම පසෙක ලා දුම්මල වරම අතට ගනී: පරිසරය වැනසීමට එරෙහිව විධායක බලය යොදවයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.02, පෙ.ව‍‍‍‍‍‍.6.30) තමන් විධායක බලතල පාවිච්චි කරන්නේ මේ රටේ පරිසරය වනසන්නන්ට එරෙහිව පමණක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වසරකට පමණ ඉහත කරන ලද ප්‍රකාශය සාක්ෂාත් කරමින් දශක ගණනාවක් පුරා විසඳිය නොහැකිව අති දූෂිත ආයතනයක් බවට පරිවර්තනය වී තිබූ වයඹ පරිසර අධිකාරියට වෙනම අත්තනෝමතික බලයක් නොමැති බවත් එය අනිවාර්යයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියට යටත් විය යුතු බවත් ජනාධිපති මෛත්‍රී ඊයේ තම ‘මෛත්‍රීකම‘ පසෙක ලා දැඩි තීන්දුවක් ලෙස විධාන කෙළේය.

ජනාධිපති වරයා ඊයේ (01) පරිසර අමාත්‍යාංශයේද, මධ්‍යම පරිසර අධිකාරියේ ද,  වයඹ පරිසර අධිකාරියේද, වයඹ පළාත් සභාවේද ඉහලම නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීය. සාකච්ඡාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට මොහොතකට ඉවත්ව යන්නැයි නියෝග කළ ජනාධිපතිවරයා ඉන්පසුව දුම්මල වරම අතට ගත්තේය. 

පට්ට දූෂිත ආයතනයක් වූ වයඹ පරිසර අධිකාරියේ අංක එකේ දූෂිතයා ලෙස ජනමාධ්‍ය විසින්ද, පාරිසරික සංවිධාන විසින්ද ප්‍රදේශයේ මහජනතාව විසින් ද දශක ගණනාවක් තිස්සේ බලධාරීන්ට පැමිණිලි කර තිබූ එහි පරිසර අධ්‍යක්ෂක යැයි කියා ගන්නා සමන් සේනානායක වෙත ඇඟිල්ල දිගුකළ ජනාධිපතිවරයා ඔහුට මෙම තනතුර දැරීමට ඇති සුදුසුකම විමසා සිටියේ ය. (සමන් සේනානායක වනාහී නිකම්ම නිකම් අඩවි නිලධාරියෙකි. දූෂිතයන් විසින් ඔහුව පරිසර අධ්‍යක්ෂකයෙක් ලෙස පින්තාරු කරන ලදහ) ඉන්පසුව තමන් කෙතරම් කාලයක් මේ තනතුර දරනවාදැයි ජනාධිපති විමසූ විට මේකා කීවේ වසර 24 ක් තිස්සේ මෙම තනතුර දරණ බවයි. වයඹ පලාත් මහ ඇමැති දෙස හැරුණු ජනාධිපතිවරයා විමසූවේ වසර 24 ක් රජයේ එකම තනතුරක් දැරීමට හැකියාවක් ඇත්තේ කුමන රටේද ? කියා ය. වසර 24 ක් එකම තනතුරක හිඳීමට ඉඩ දීමෙන්ම දූෂනය පැටව් ගහන බව කී ජනාධිපතිවරයා, වයඹ පරිසර ප්‍රශ්න වලට මුල මේ නිලධාරියා බවත් මහ ඇමැතිවරයා ඇහැ කණ පියාගෙන ඉන්නවා දැයි ප්‍රශ්න කෙළේය. 

වයඹට වෙනම පරිසර ප්‍රඥප්තියක් ඇතැයි කියද්දී ජනාධිපතිවරයා කීවේ තමන් ඒ ගැන හොඳින්ම දන්නා බවත් එවැනි පරිසර ප්‍රඥප්තියක් කිසිදු පාර්ලිමේන්තුවකින් සම්මත වී නොමැති බවයි. ‘අර කලින් සිටි අගවිනිසුරුවරයෙක් දීපු වැලි නඩුවක තීන්දුවක් අල්ලාගෙන මෙතෙක් කාලයක් ගෙන ගිය සෙල්ලම අද සිට කරගෙන යා නොහැකි ය‘යි ජනාධිපතිවරයා අවධාරණය කෙළේය. මින්පසු මධ්‍යම පරිසර අධිකාරියට ඉහලින් කිසිවෙකුට තීන්දු ගත නොහැකි යයි ජනාධිපති වරයා තම විධායක බලතල භාවිතා කරමින් නියෝග කෙළේය. 

(SC/FR/2006/226 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩුවකදී ලංකාවේ මෙතෙක් පහල වූ කුපාඩිතම අගවිනි-සොරා වූ සරත් නන්ද සිල්වා විසින් විනිසුරුවරයා විසින් වයඹ පරිසර අධිකාරිය පාර්ලිමේන්තු පනතකින් සම්මත වී ඇද්දැයි එහි අධ්‍යක්ෂක සමන් සේනානායකගෙන් විමසූ විට අධිකරණය මුලා කරමින් සමන් සේනානායක කීවේ ඔව් එය පාර්ලිමේන්තු පනතකින් සම්මත වී ඇති බවයි. එහෙනම් ඉදිරියට කටයුතු කරගන යාමේ හැකියාව ඇතැයි තක්කඩි සරත් නන්දයා කීවේය. එම නඩුවේ නිගමනය පෙන්වමින්  මෙතෙක් කාලයක් සමන් සේනානායක විසින් මධ්‍යම පරිසර අධිකාරිය තඹ දොයිත්තුවක නොසලකා කෝටි ගණන් මුදල් ලබා ගනිමින් වයඹ පළාත තුළ දූෂිත කර්මාන්ත ශාලා පිහිටු වීමට අවසර ලබා දෙන්නේය.) 

සත්‍ය වශයෙන්ම එවැනි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර නැත. සිදුව ඇත්තේ පළාත් සභා පිහිටැවූ මුල් කාලයේදී ප්‍රථම වයඹ මහ ඇමැතිවරයා වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද ලියැවිල්ලකට කැබිනට් අනුමැතියක් ලැබීම පමණි. එයද සිදුවූයේ එකළ පළාත් සභා වලට අයත් කාර්යයන් පිලිබඳ නිසි අවබෝධයක් ඒ අවස්ථාවේ කැබිනට් ලේකම් වරයාට නොතිබීම ය. ඒ අනුව වයඹ පමණක් මෙවැනි පලාත් පරිසර අධිකාරියක් ස්ථාපනය විය. ඊට සුදුසු නිලධාරියෙක් නොසිටි කළ විල්පත්තුවේ අඩවි නිලධාරියෙක් වූ සමන් සේනානායක නමැත්තා පරිසර අධ්‍යක්ෂකයෙක් වීමය. ඉන්පසුව පත් වූ සියලූම මහ ඇමැතිවරුන්ට ජරාව කෑමට ඉඩ හසර සලසා දෙමින් තමන්ද යහමින් ජරාව කමින් මේකා වයඹ පරිසරය දූෂිත කර්මාන්ත කරුවන්ගේ රජ දහනක් කෙළේය. දූෂිත කර්මාන්ත ශාලා නිරීක්ෂණයට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ගියවිට ඔවුන්ව එළියට දමා සමන් සේනානායක සමග එන්නැයි කියන තරමේ දූෂිත තත්ත්වයක් මේ කාලකන්නි නිර්ලජ්ජිත දේශද්‍රෝහී නිලධාරියා වයඹ බිහි කර තිබිණ.

කෙසේ වෙතත් පළාත් සභා වලට බලය බෙදීම යන කාරණාව ඉස්මත්තට පැමිණ ඇති, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම් වන මේ අවස්ථාවේදී මෙකී සමන් සේනානායක සංසිද්ධියද අත්දැකීමකට ගෙන බලය බෙදිය යුත්තේ දූෂණය බෙදීමට වැට කඩොලු අවුරමින් බව වගකිව යුත්තන් තේරුම් ගත යුතුය. 

ලංකා ඊ නිව්ස් ඇතුළු අනෙකුත් මාධ්‍යයන්ද පරිසර සංවිධානද කලක් තිස්සේ හඬ නැගූ දැදුරු ඔයට කැල්සියම් නයිට්‍රේට් මහා පාරිමාණයෙන් මුදා හරින ජිෆී ෆැක්ටරි කරුවන්ගෙන් සමන් සේනානායක මාසිකව රුපියල් ලක්ෂ 5 ක පගාවක් ලබමින් ඔවුන් බේරා ගත්තේය.

අප වෙත වාර්තා වන අන්දමට අද ජනාධිපතිවරයාගේ දැඩි නියෝගයත් සමග දූෂිත ජිෆී ෆැක්ටරියේ සිටි සුසිල් ගුණරත්න නමැති ප්‍රධානියෙක් තම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබේ. ‘තවදුරටත් මම මේ තනතුරේ හිටියොත් මගේ දරුවන්ටත් සහ ගහනවා‘ යි කියමින් ඔහු ඉල්ලා අස්වී ඇත.

දූෂිත සමන් සේනානායක ප්‍රධාන වයඹ පරිසර විනාශ කිරීමේ අධිකාරියේ අනුමැතිය මත දැනට සිදුකරගෙන යන පරිසර විනාශකාරී කර්මාන්ත කිහිපයක් මෙසේය.

1.) කොබෙයිගනේ, ගුරුගොඩ පිහිටි ජිෆී කර්මාන්ත ශාලාව මගින් රසායනික ද්‍රව්‍ය සහිත ජලය දැදුරු ඔයට බැහැර කිරීම. මෙම ආයතනයට අයත් පන්නල කර්මාන්ත ශාලාවෙන්ද එයම සිදුකරයි. මධ්‍යම පරිසර අධිකාරියට ඇතුළුවීමට ඉඩ නොදුන්නේය. (මොවුන් සම්බන්ධ බොහෝ වාර්තා පළ වී ඇත)
2) බිංගිරිය පාතවැව නිකෝ බැටරි නිෂ්පාදන ආයතනය බැටරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කියා අවසර ලබා මේ වන විට බැටරි ඊයම් උණු කරමින් ඊයම් පරිසරයට මුදා හරිමින් ජනතාවත් පරිසරයත් දෙකම බරපතල ලෙස රෝගී කිරීම.
3) පුත්තලම මාදම්පේ බුවල්කා කර්මාන්ත ආයතනය පරිසරය වනසමින් ලෝහ උණුකරයි - මෙහි ඇති අපූරුම දේ නම් ප්‍රාදේශීය සභාවේ අවසරයක් ලබා දී නැතිවත් සමන් සේනානායකගේ අවසරය මත පවත්වාගෙන යනු ලැබීමයි. 
4) පුත්තලම ආරච්චි කට්ටුවේ ඉදිකරගෙන යන සෙලියුලෝස් කෙඳි සහිත ඇස්බැස්ටෝස් කර්මාන්ත ආයතනය. (ජනාධිපති මෛත්‍රී පත්වීමෙන් පසු ඇස්බැස්ටෝස් ලංකාවේ තහනම් කරන බව කීය)
5) පුත්තලම මූන්දලම වෙරළ කලාපය ආශ්‍රිතව පිහිටා ඇති ස්වභාවික වැලි නිධි වාණිජ මට්ටමින් ඉවත් කිරීම. 
6) කුරුනෑගල අලව්වේ යෝජිත වෙඩි බෙහෙත් කර්මාන්ත ශාලාව - මෙම වාර්තාවේ විශාල අඩුපාඩු තිබියදී සමන් සේනානායක විසින් අවසර දී තිබේ. සාලාව ඛේදවාචකය නොතකා මහජනතාව විශාල වශයෙන් පදිංචි ප්‍රදේශයක මෙයට අවසර දී ඇත.
7) කුරුණෑගල මාස්පොත තිත්තවැල් වැව ආශ්‍රිතව පරිසර සංවේදී කලාපය තුල හෝටල් හැදීමට අවසර දී තිබේ. 
8) වලංගු බලපත්‍ර කිසිවක් නොමැතිව ජනතාවට පීඩා වන අයුරින් ගල්වලවල් පවත්වාගෙන යාමට සමන් සේනානායක විසින් ඉඩ දීම. උදා- සුජීවා ලක්මිණී දොඩම්ගොඩ නමැත්තිය මල්කඩුවාව පවත්වාගෙන යන කළුගල් වැඩපොල. පරිසර ආරක්ෂණ බලපත්‍රය/ කැණීම් බලපත්‍රය/ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රය කිසිවක් නොමැතිව සමන් සේනානායකට ජරාව දීමෙන් පමණක් පවත්වාගෙන යයි.
9) ගිරිඋල්ල නගරයට ආසන්න මහින්ද ඔටෝ සර්විස් ආයතනය විශාල පාරිසරික හානියක් වන පරිදි වසර 20 ක් තිස්සේ අප ජලය මා ඔයට බැහැර කරයි. මා ඔය පහල පානීය ජලය ලබාගන්නා පොම්පාගාර 11 පවතිද්දී සමන් සේනානායකගේ පළාත් පරිසර අධිකාරිය නිදි වැද සිටී. මෙහි බලපෑම බස්නාහිර පළාත් සභාවටද බලපායි.
10) මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මංගලඑලිය ප්‍රදේශයේ කඩොලාන ආශ්‍රිත පරිසරය හා හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශ අධික ලෙස විනාශ වන අයුරින් ඉඩම් අත්පත් කර ගැනීම -විධිමත් පාරිසරික ඇගයීමක් නොමැතිව ලුණු ලේවායක් ඉදිකරයි. 

---------------------------
by     (2016-09-02 11:33:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

Thank you Mr.president! This is what is expected from a 'Yahapalana Government'.
-- by suri on 2016-09-02

Mewage huxxxxxpuththu meme thanaturuwalata pathkorapu ekaalatai, okkotoma nadu daala, nadu ahanakan kooduwe tiyala nisi danduwam nodunnoth Garu janadhipathi thumani, Garu Enews Senadheera mahathaneni , me raten wedak naa...
-- by Pari-Saraya on 2016-09-02

නිකම්ම නිකම් අඩවි නිලධාරියෙක්ට පරිසර අධ්‍යක්ෂවරයෙක් ලෙස අවුරුදු 24ක් කටයුතු කල හැක්කේ මොන රටේද? ලංකාවේ අපේ ලංකාවේ//. ලංකා ඊ නිව්ස් ඔබ මේ තක්කඩියාට විරුද්ධව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර මොහුට බෝඩින් බතේ රස බැලීමටත් අයුතු ලෙස උපයා ඇති කෝටි ගණන් ධනය රාජසන්තක කිරීමටත් මුලික වී ක්‍රියා කරන්න.වෙබ් අඩවියක පලවන මෙවැනි පුවතක් වුවත් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් වුවත්, ඔවුන්ගෙන් එය බලාපොරොත්තු විය නොහැකි නිසා ඔබ ඒ සඳහා පෙරමුණ ගන්නා මෙන් ඉල්ලමි.
-- by saparamadu on 2016-09-02

This is not a factory going manufacture Asbestos roofing sheets, but it is going to manufacture roofing sheets using cellulose fiber which is going to be a solution to harmful asbestos fiber. Therefore please correct it.
-- by kumara on 2016-09-02

Meka maha puduma deshayak. Vasara 24 k eka digata dhooshitha sevayaka sity ekek eliyata danna as arila thiyenne danui. Ohoma aya thava keedenek adda deviyane....... Moo witharak newei madyama parisara adikariye inna anith gahalayo ganath hoyala balanna. samaharek yahapalanaye doratuwen ringa janadipathuthumatath kole vahala gajarameta thamanta one karagena yanawa. Keti krama walin mahachariya padawi aran deshapalakayange passen gihin kisima prayogika danaumak nathiwa janadhipathi nomaga yawamin ayathana vinasha karana voorthikayangen beraganna katawath uvamanawak nadda.... .... Meyala karanna thamata hithathai pirisak hadagena owun lawa horaparenwadakarawagena rate jathika dhanaya vinasakereemai. Hakinam pahugiya kalaye siyalu viyapruthi dunne katada eva dunna piliwela, vinivida bava soya baluwoth keruwawal danaganna puluwan vei....
-- by Anil on 2016-09-04

What about this Provincial Environment Authority of North Central Province
-- by sudarsana on 2016-09-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links