~

චොකා මල්ලිත් දුමින්ද ගිය අඩි පාරේ..! මිනීමැරුවැයි අධි චෝදනා බාර දෙයි..!!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.13, ප.ව‍‍‍‍‍‍‍.10.40) පසුගිය ජනපතිවරණ සමයේ පොදු අපේක්‍ෂක වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ රත්නපුර රැස්වීමක සැරසිලි සිදුකරමින් සිටි ශාන්ත දොඩම්ගොඩ නමැත්තෙක් වෙඩි තබා  ඝාතනය කිරීම හා තවත් දෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකළැයි වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි‘ ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට රත්නපුර මහාධිකරණයදී මහාධිකරණ විනිසුරු යූ.එස්.බී.කරල්ලියැද්ද මහතා විසින් අද(13) අධි චෝදනා පත්‍ර භාරදුන්නේය.

නොවැම්බර් මස 7 වැනිදාට කල් තැබූ නඩුව ලබන 2017 වසර මාර්තු 06, 07, 08, 27, 28, 29 දිනවලදී විභාගයට ගැනීමටද තීරණය කෙරිණ. ඒ අනුව ලබන වසරේ මැද වන විට ‘චොකා මල්ලිටද දුමින්ද සිල්වා ගිය අඩි පාරේම යා හැකි වනු ඇත. 

චොකා මල්ලි ඇතුළු විත්තිකරුවන් 7 දෙනා අද ඇප මත මුදා හැරියේ පහළ අධිකරණ වලදී  නියම කළ අතර පෙර ඇප වලට අමතරව  ලක්‍ෂ 5 බැගින්වන ශරීර ඇප සහ  පුද්ගලික ඇප මතය.

නීතීපතිවරයා විසින් මොවුන්ට එරෙහිව චෝදනා 9 ක් යටතේ ලංකා දණ්ඩ නීතී සංග‍්‍රහයේ 140, 146, 296, 300 වගන්ති අනුව චෝදනා ගොනුකර තිබේ.  

2015 ජනවාරි 5 වැනිදා  පැවැත්වුණු රැලියකට පැමිණි පොදු අපේක්‍ෂක වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට කහවත්ත නගරයේ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් කළ සැරසිලිවලට අනර්ථයක් සිදුකිරීම, එහිදී කහවත්ත වැල්ලඳුර නාමිණිකන්දේ පදිංචි ඩී. සුසිල් පෙරේරා හෙවත් ශාන්ත දොඩම්ගොඩ යන අයට වෙඩි තබා මරණය සිදුකිරීම සහ තවත් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදුකිරීම, ඔවුන් දෙදෙනා ඝාතනයට තැත්කිරීම, අයුතු ජන රාශිය, ආදී චෝදනා 9 ක් ඇතුලත් වේ.

එදින වෙඩි තැබීමෙන් තුවාල ලත් අය වන්නේ කේ.ඩබ්ලිව්. කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් හුසේන් ඉල්ෆාන් යන දෙදෙනා ය. 

1. පාර්ලිමේන්තු මන්ත‍්‍රී එච්.එල්. ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි‘ සමග අනෙක් චුදිතයන් මෙසේය 

2. සබරගමුව පළාත් සභාවේ මන්ත‍්‍රී ජේ.ඒ.අරුණ නිලන්ත ජයසිංහ,
3. කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා,
4. පී.පැතුම් ධනංජය හෙවත් පැලා, 
5. යූ.එස්. අසංක නාමල් හෙවත් සාජන්ට්, 
6. යූ.නිලංක ප‍්‍රදීප්, 
7. යූ.ජී.අජිත් මලවි ගුණරත්න හෙවත් අමිල
යන විත්තිකරුවන්ය.

නඩුවට අදාලව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව, පිස්තෝලයක්, අධිකරණ වෛද්‍ය වාර්තා දෙකක්,  සීසීටීවී කැමරාපට දර්ශන ඇතුලත් සීඩී.පට තුනක් කොළඹ විශ්ව විද්‍යාලයේ සීසීටීවී කැමරා දත්ත විශ්ලේෂණ වාර්තා, රස පරීක්‍ෂක වාර්තා සහ තවත් දේ සාක්ෂි සඳහා ඇතුලත් වන අතර  පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලේඛනය 59 කි.

ලංකාවේ මරාවාදී ඡන්ද දායකයාගේ නූගත් සහ ගෝත්‍රික භාවය කොතෙක්ද යත් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකළ චොකා මල්ලි රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී තැබූ මැතිවරණයෙන් ඔහුව පාර්ලිමේන්තුවට යැවීමට එම ගෝත්‍රික ඡන්ද දායකයෝ කටයුතු කළහ.

---------------------------
by     (2016-09-13 20:12:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

mokakda moo mee ussala penanne
-- by sunil on 2016-09-13

mokadda moo mee ussala pennanne- by Sunil- on 2016-9- 13. - Sunil, moo mee ussala pennanne moo wage keri wesige puthek, thakkadi gas ballek mee loketa upaddapu uge ammage "arake" diga, palala, hile gembura, wenta o,ne. neththan amu amuwe minee marala kooduwata geniyaddi loketa pennanne athdeken ugema ammage kimba misak wena mokadda..?
-- by ChokaPakaa on 2016-09-14

Mechcharakal mehema arrest welaa hireta yaddi, usaavi geneddi, bail aragana eliyata eddi, athdeka-ussala pennapu Namal, Jonny, Yoshitha, kudu Duminda, meki noki pal horu relawal and issarahata ath adanguwata aragana usaavi genena me,wage horu ath usssala pennanneth unge ammalaage arakama thamaa kiyala jathaawata mathak wenwaaa wenawaa mai... nodannaa kenek innawaanam onna ithin denagannaa... !!!!
-- by Gynocologist on 2016-09-17

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links