~

FCID යේ තවත් වික්‍රමයක්..! චානුක රත්වත්තේ, ඉසිර දසනායක ඇතුලු එන්ට්‍රස්ට් ලොක්කෝ රිමාන්ඩ්..! වංචාව රු. කෝටි 1000 කට අධිකයි: රාජපක්ෂට පුත්තුන්ට අත දිගහැර බෙදලා..!

ලංකා ඊ නිව්ස් සම්පූර්ණ හෙලිදරව්ව..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.15, පෙ.ව‍‍‍‍‍‍‍.3.30) ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව රජයේ මුදල් කෝටි 422.3 ක්, තැන්පත්කරුවන්ගේ මුදල් කෝටි 650 ඇතුලුව රුපියල් බිලියන 10 කට අධික හෙවත් කෝටි 1072 ක පමණ අති දැවැන්ත මූල්‍ය වංචාවක කම්බ හොරුන් වූ 
චානුක උපේන්ද්‍ර රත්වත්තේ (පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ගේ සොයුරු) 
ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, (සභාපති) 
රොමේෂා දුෂාන්ති සෙනරත්, (සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය) 
කන්හැර පතිරන්නැහැලාගේ නන්දික සංජිව දයාරත්න, 
මධුෂාන් නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස්  ඇතුළු පිරිස ඊයේ(14) දහවල් FCID ය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් කරන ලද කම්බ හොරුන් පිරිස එන්ට්‍රස්ට් ව්‍යාපාර සමූහයේ ලොක්කන් පිරිසය. මෙම සමූහයට අයත් එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සමාගම  මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික නිකුතු ආයතනයක් හෙවත් Central Bank Primary Dealer ආයතනයක් ලෙස මහබැංකුවේ ලියාපදිංචි හා එහි පූර්ණ හා ඍජු අධීක්ෂණය යටතේ පවතින ආයතනයකි. 

එම සමාගමේ මුදල් ආයෝජනය සිදු කළ විදුලි බල මණ්ඩලයේ විශ්‍රාම අරමුදල සහ අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු තැන්පත් කරුවන් 350 ට ආසන්න තැන්පත් කළ අරමුදල් එන්ට්‍රස්ට් සමාගම ලබා ගෙන ඇති බවත් එම මුදල් මහ බැංකුවේ තැන්පත් කර නැති බවත් විමර්ශන අනාවරණය කර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. ඔවුන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාවද්‍ය ලෙස විශ්වාසය කඩ කිරීම, මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කර ඇත. 

පොදු මහජනයා තම ඉතුරුම් මුදල් මෙන්ම බොහොමයක් සමාගම් තම අතිරික්ත මුදල් ඉතා බහුල වශයෙන් භාණ්ඩාගාර බිල්පත්වල හා බැඳුම්කර වල ආයෝජයනය කරන්නේ ඒවා මහබැංකුව විසින් නිකුත්කරන ආයෝජන අවස්ථාවක් වන නිසාය. මහ බැංකුව විසින් නිරන්තරයෙන්ම තම කෙටි හා දිගුකාලීන ණය අවශ්‍යතා සඳහා මෙම බැඳුම්කර නිකුත්කරන අතර පසුගිය කාලයේ අර්ජුන් මහේන්ද්‍රන් පැටලුනේද එවන් බැඳුම්කර ගනුදෙනුවකය. අප අද කතා කරන එන්ට්‍රස්ට් සමාගමද අර්ජුන්ගේ බෑනාගේ සමාගම වැනිම වූ එම ව්‍යාපාර කටයුත්තේම නිරත සමාගමකි.

නමුත් කාලයක් තිස්සේ සිදුකරගෙන ගිය මෙම වංචාව අල්ලාගෙන ඒ ගැන පැමිණිලි කරන ලද්දේ ද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාම විසින් වීම ඔහුට ගෞරවයක් වශයෙන් සටහන් කළ යුතුය. 

එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සමාගම ceylinco සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ අතර 2008/2009 කාලයේදී රාජපක්ෂ හෙංචයියෙක් වූ සමාගමේ වර්තමාන සභාපති වන ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර දසනායක හෙවත් ඉසිර දසනායක නැමැත්තා විසින් රාජපක්ෂලාගේ බලපුළුවන්කාරකම් මගින් මුලින්ම මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පැමිණි අතර ඒ වකවානුවේ මොහු ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක ලේකම් වරයකු ලෙස ද කටයුතු කරමින් සිට ඇත. එවක විදුලිබල ඇමැතිවරයා වූ ජෝන් සෙනෙවිරත්නගේ සමීපතමයකු වන ඉසිර දසනායක නැමැත්තා එන්ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂ මංඩලයට පැනගැනීමට පෙර විදුලිබල මණ්ඩලයේ EPF අරමුදලට අයත් රුපියල් මිලියන 2300 හෙවත් බිලියන 2.3 ක් (රුපියල් කෝටි 230) අධික මුදලක් තම නිලධාරී හා ඇමතිගේ බලතල යොදා එන්ට්‍රස්ට් සමාගම හරහා මහබැංකුවේ භාංඩාගාර බිල්පත්වල ආයෝජයනය කර ඇත. මෙහිදී එවක  විදුලිබල මංඩලයේ EPF අරමුදල පරිපාලනය කළ නිලධාරීන්ගේද සහයෙන් එන්ට්‍රස්ට් හරහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජයනය කර ඇත්තේම පසු දිනකදී එම මුදල් මහ දවාලේ සොරකම් කිරීමට බව පසු සිදුවීම් පෙලගැසෙන ආකාරයෙන් පෙනේ.

ජෝන් සෙනෙවිරත්නත් දැනුවත්ව විදුලි බල මණ්ඩලයේ ඊපීඑෆ් මුදල් කෝටි 230 ක් ගිල්ල හැටි

මෙලෙස පළමුවෙන් විදුලි බල මණ්ඩලයේ EPF මුදල් භාංඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරන අතර පසුව සූක්ෂම ලෙස රාජපක්ෂ රෙජීමයේ හා ඉසිරට  හිතවත් ඇමති ජෝන්ගේ මාර්ගයෙන් මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට රිංගන අතර මාස කීපයකින්ම එම සමාගමේ සභාපති ලෙස පත්වේ.

සමාගමේ කලමණාකාරවරියක් වශයෙන් සිටි රොමේෂා සෙනරත් නැමැති චෞර රැජින සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් පත්කරගන්නා අතර ඇයගේ අධාර අනුබල සහිතව මුලින්ම ලංකා විදුලිබල මණ්ඩලයේ කෝටි 230 මුදල මණ්ඩලයට නොදන්වා භාණ්ඩාගාර බැඳුම්කර වලින් ආපසු ලබාගන්නා අතර එම අතිවිශාල මුදල් කන්දරාව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාක්කුවලට දමාගනී.

තම EPF අරමුදලේ කෝටි ගණනක මුදල මෙම මංකොල්ලකරුවන් විසින් වංචාකර ඇති බවත් ඒවා බැඳුම්කර ආයෝජනයෙන් ඉවත්කර ඇති බවත් ලංවිම සේවකයන් නොදන්නා අතර එහි නිලධාරීන් සමග එක්ව මෙම සොරුන් විසින් ඒවා තවමත් බැඳුම්කර වල ආයෝජයනය කර ඇතැයි සූක්ෂම ලෙස පෙන්වමින් අදාල මුදලට පොලිය කලට වේලාවට ගෙවමින් මෙම මහ දවල් මංකොල්ලය දිගටම කරගෙන ගියහ.. 

මෙයට වනචර දශකයේ මහ බැංකුවේ නිලධාරීන්, එවක විදුලිබල ඇමැතිවරයා, ලංවිම නිලධාරීන් යන ත්‍රිවිධ පාර්ශවම සම්බන්ධ විය යුතුය. ඔව්හු මෙම මහා පරිමාන වංචාවේ ලාභ 2015 ජනවාරි 8 වෙනිදා තෙක් නිරුපද්‍රිතව බුක්ති වින්දාහ. එහෙත් යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසු 2015 දෙසැම්බර් පමණ ලංවිම වෘත්තීය සමිති මෙම මුදල් පිලිබඳව සොයා බැලූ අතර මේවා තවදුරටත් බැඳුම්කර වල ආයෝජයනය වී නොමැති බවත් 2009 දී ම ඒවා withdraw කර ඇති බවත් පොලිය ගෙවමින් සිට ඇත්තේ වංචාවට බවත් කෝටි 230 ට වෙච්ච දෙයක් නැති බවත් දැනගෙන එවක විදුලිබල ඇමතිවරයා වූ රංජිත් සියඹලාපිටිය දැනුවත් කළේය. 

විදුලි බල මණ්ඩලයේ මුදල් වලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල්ද එන්ට්‍රස්ට් සමාගමේ තැන්පත් කර ඇති අතර එකතුවේ මුළු රාජ්‍ය මුදල කෝටි 422.3 කි. අද නඩු පවරන ලද්දේ එකී රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් පමණි.   තවත් පුද්ගලික සමාගම් හා මහජනතාව විසින් මෙම සමාගම හරහා මහබැංකු බැඳුම්කර හා බිල්පත්වල ආයෝජයනය කළ මුදල් රුපියල් කෝටි 650 කට අධික මුදලක්ද මෙම සමාගම විසින් මංකොල්ල කා ඇත. ඒ අනුව සමස්ථ වංචාව කෝටි 1072 කට අධිකය. මේවා ගැන තවමත් පරීක්ෂණ නිමා වී නැත.

රත්වත්තේලා  හොරකම් කළ මහජන මුදල් යෝෂිත රාජපක්ෂට වියදම් කළ හැටි

මෙම මුදල් වරින්වර සමාගම් සමූහයේ අනෙක් සමාගම් වලට ණයට දෙන මුවාවෙන් මුදල් ව්‍යාපාරයෙන් එලියට ඇද ඇති අතර එ්වා රාජපක්ෂ රෙජීමයේ මැතිවරණ වලට ද කෝටි සිය ගණනින්ද, බේබිලාගේ රගර් පිපාසාවට කෝටි ගණනින්ද අනෙක්වා මෙම සමාගමේ ලොක්කන් වන චානුක රත්වත්තේ, ඉසිර දසනායක, රොමේෂා සෙනරත් නැමැති විධායක නිලධාරිනිය, අනෙක් අධ්‍යක්ෂ වරුන් මෙන්ම සභාපතිගේ පුද්ගලික ලේකම් ලෙස තබාගත් නාරිදේහයක් වන සමාධි ෆර්ඩිනැන්ඩු නැමැත්තියද කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කර තිබේ. 

ඉසිර නැමැත්තා පදිංචිව සිටින්නේ ජයික් හිල්ටන් අතිසුඛෝපබෝගී නිවාස සංකීර්ණයේය, ගමන් යන්නේ හෙලිකොප්ටරයෙනි, නුවරඑළියේ රේස් දුවන අශ්වයන් දුසිම් ගණනකි, ඔවුන් රැකබලා ගැනීමට කෝටි ගනන් මුදල්‍, BMW, Benz කාර් දුසිම් ගනන්‍, බොඩිගාඩ්ලා දුසිමකි, මැද මහනුවර අක්කර 2000 ඉඩම් ඇතුලු නිශ්චල දේපලය.

චානුක රත්වත්තේ ඊයේ බොරුවට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පැමිණ සිටියද කෝටි ගණනින් ගසා කා තිබේ. තම සොයුරා ලොහාන් රත්වත්තේගේ දුව විවාහ වීමට යන යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පුදුමාකාර ලෙස මුදල් ලබා දී තිබේ. රුපියල් කෝටි 2 හමාරක් වටිනා බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථ දෙකක් යෝෂිතට පූජාකර තිබේ. ඒ ඔවුන්ගේ රගර් මේනියාවට මුදල් වියදම් කිරීමට අමතරවය.  කාල්ටන් Super 7's  රගර් තරගාවලියේදී යෝෂිත රාජපක්ෂ නියෝජනය කල Western warriors කණ්යමේ නිල අයිතිකරුවන් ලෙස එම කණ්ඩායමේ සියලු වියදම් සඳහා මෙම සමාගම මුදල් යෙදවීය. ෆීජී රටෙන් ක්‍රීඩකයන් කෝටි ගණන් මුදල් ගෙවා ගෙන්නවා යෝෂිතගේ කණ්ඩායමට යෙදෙව්වේය. කණ්ඩායමේ නායකයා වූ යෝෂිත වෙන්දේසියේදී මිලට ගැනීමටද කෝටි ගණන් මුදල් යොදවා ඇත. එපමණක් නොව 2015 ජනාධිපතිවරණයට ද කෝටි ගණනින් වියදම් කර ඇත්තේ මහජනතාවගෙන් වංචා කරන ලද කෝටි ගණනක මුදලිනි. 

විධායක නිලධාරිනිය වන රොමේෂා සෙනරත් නැමැති චෞර රැජින පදිංචිව සිටින්නේ නො 320, යූනියන් පෙදෙසේ පිහිටි ජෝන්කීල්ස් ආයතනයට අයත් "Onthree20 අපාර්ට්මන්ට් හි වන අතර එහි එකක් රුපියල් මිලියන 60-70 අතර වටිනා නිවාස දෙකක් ඇය විසින් මිලදී ගෙන තිබේ. ඇයට අවසන් කාලයේ ගෙවා ඇති මාසික වැටුප පමණක් රුපියල් මිලියන 3-4 පමණ ය. සමහරවිට ලංකාවේ ලොකුම වැටුප ලැබූ විධායක නිලධාරිනිය ඇය විය හැකිය. සොරකම් කිරීමට අවශ්‍ය වටපිටාව හා උපදෙස් ලබාදීම වෙනුවෙන් ඇයට ඒතරම් මුදලක් ගෙවා තිබේ. 

ඉසිරගේ ලේකම්වරියක වන සමාධි ෆර්ඩිනැන්ඩු නැමැත්තියටද කෝටි ගණනින් මුදල් ලබා දී ඇති අතර එම කාන්තාව වාසය කෙළේ නාරාහේන්පිට ට්‍රිලියම් රෙසිඩන්සීස් හිය. ගමන් බිමන් ගියේ කෝටි ගණන් වටිනා වාහන වලය.

මොවුන් කිසිවෙක් උපතින් මේ තරම් ධනවතුන් නොවූ අතර අහිංසක රජයේ සේවයකයන්ගේ ඊපීඑෆ් මුදල් සහ සාමාන්‍ය තැන්පත් කරුවන්ගේ මුදලින් පෙම් කෙළ තිබේ.

රත්වත්තේලාගේ එන්ට්‍රස්ට් වංචාව නිසා මහ බැංකුවද අමාරුවේ වැටිලා 

මහ බැංකුවේ ප්‍රාථමික නිකුතු ආයතනයක මුදල් වෙනත් ආයතනයක් සතු භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර ප්‍රතිමිලදී ගැනුම් (Re-repo) සඳහා යෙදවිය හැකි අතර එහිදී එම මුදල් භාණ්ඩාගාර බැඳුම්කර මගින් පමනක් සුරැකුම් සහිතව කළ යුතු නමුත් එසේ නොමැතිව මොවුන් ක්‍රියා කර ඇත. එහෙත් මෙම නීතිවිරෝධී ක්‍රියා සඳහා රාජපක්ෂ රෙජීමයේ මහ බැංකු ලොක්කන් අත හිත දී තිබේ. ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට මහ බැංකුව ක්‍රියාකළ යුතු නමුත් එසේ කර නැත. 

මහ බැංකුවේ සුරැකුම් පත් වල තැන්පත් කිරීමට කියා තැන්පත් කරුවන්ගෙන් ලබා ගත් මුදල් ව්‍යාජ සුරැකුම් පෙන්වමින් තමන්ගේ වෙනත් සමාගම් වලට ණය වශයෙන් ලබා දී ඇති අතර එම මුදල් අඩුම ගානේ එම සමාගමේ ගිනුම් වලටවත් ගොස් නොමැති බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. එනම් තැන්පත් කරුවන්ගේ මුදල් විවෘත චෙක්පත් ලෙස නිකුත්කර එම මුදල් ණය ලබාගත් සමාගමේ ගිණුමටවත් නොදා සාක්කුවේ දමාගනිමින් මහ දවල් මංකොල්ලයක් සිදුකර ඇත. මෙසේ වංචා කළ මුළු මුදල රු. බිලියන 10 ක් පමන වේ.

මෙම මහා පරිමාණ වංචාව නිසා මහ බැංකුව ද ගලේ පැහැරූ බළලාගේ තත්ත්වයට වැටී ඇත. මන්ද යත් මහජනතාව ආයෝජනය කෙළේ මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම් කර වල හෝ භාණ්ඩාගාර බිල්පත් වලය. එන්ට්‍රස්ට් යනු ඒ සඳහා මහ බැංකුව විසින් අනුමත කර ඇති අතරමැදි සමාගමය. අතරමැදි සමාගමක් නොමැතිව සෘජුව මහ බැංකුවේ ආයෝජනය කිරීමට ද නොහැකිය. අතරමැදියා හරහා වුව භාණ්ඩාගාර බැඳුම්කර හෝ බිල්පත්වල ආයෝජනය කළ මුදල් වලට සුරක්ෂිතතාව සඳහා වගකීමට බැඳෙන්නේ මහ බැංකුවය. පොදු ව්‍යවහාරයේදී මෙම ආයෝජන අවදානම් රහිත (Risk free  investments)ලෙස හඳුන්වනු ලබන්නේ එනිසා ය. ඒ මහ බැංකු සුරක්ෂිතතාව ඇති නිසාය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජපක්ෂ රෙජීමය විසින් භාණ්ඩාගාර බැදුම්කර හා බිල්පත් හි ආයෝජනයද අවදානමක් සහිත ආයෝජනයක් බවට පත් කර තිබේ. ඒ පවට කර ගැසීමට සිදුව ඇත්තේ ද වත්මන් ආණ්ඩුවට ය. 

වංචා කළාට හසුවන්නේ හාල්මැස්සන් පමණක් යැයිද තෝරුන් මෝරුන් පැන යන බවටද ලංකාවේ තිබූ ජනතා මතය වෙනස් කළ FCID යට මහජනතාවගේ අප්‍රමාණ ගෞරවය හිමිවිය යුතුය.

---------------------------
by     (2016-09-15 01:53:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  13 discussion on this news

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 A. 6) කියනව මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකිවයුතු නැති බව....ඒත් 104 b.3) කියනව මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකිවයුතු යි කියල...අනේ හුකේ ලල්ලාලේ.....NGO කාරයන් හදපු 19 වැනි සංශෝධනය මගින් එකිනෙකට විරැද්ධ ව්‍යවස්ථා 2ක් ලංකාවේ....මේ දෙකෙන් මොකක්ද හරි ජයම්පතියෝ......
-- by neela on 2016-09-15

Karunaawen Garu Janadhipathi thumangen ilaasitinne- me, ahasa polawa uhulanne nathi horakam walata wagakiwayuthu siyaluma denaa allaa nadu awassanawenathekma remand eke thabaa wahaama Adhichodanaa baradee, swaadeena vinisuruwarun ema nadu aseemata pathkara, mahajanathawata yukthiya udaakara dena lesai. FCID niladharenta janathawage uththamaacharaya, LeN, and the Staff- Obatada apage uththamachaaraya. ath adanguwata pathwoo meme lipiye nam helidaraw vee athi siyaluma denaage siyalu depala thawakalikawa rajasanthaka kireemata piyawara ganna. nethahoth me kamba horu unge naduwalata neethingayanta viyadamkaranne da mahajanayaagen mese horakam karana lada mahaa danaskandayamai. emanisaa karunaakara munge siyalu depola rajasanthaka karanna....please...!!!!
-- by Mahinda on 2016-09-15

amathakaunaa- anith kaaranaya thamai koti-prakoti ganan horakam karapu horunge nadu Magistrate court ekenam daanda epaaa. High Court ekata daala adhichodanaa karala nadu Trial at Bar ahanna daanna, nethinam ara Menakaala, Kusalalaa, Mohan Senevirathnalaa, Shiranlaa, Thotawaththalaa, Sumudulaa, Mahanil Silvalaa, Soora senalaa, Gihan Pilapitiyalaa, Kanishka Wijerathnalaa, Wasantha Kumaralaa[Gadola] ,thaniyen nadu ahuwoth [ one judge bench ] hukaa jero thamaa, horu okkoma gedara, nidos kara nidahas. hena gahanda o,ne owunta ehema me, nadu ahanda demmoth. uda usaaviyata appeal giyath Priyatha Jayawardanalaa, Nawaz laa, Buwanakalaa, nomehi bench ekakata me visaala wancha naduwala appeal da yomukireemata wagabalaagathayuthumayaaaaaaaaaaa........
-- by Mahinda on 2016-09-15

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 A. 6) කියනව මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකිවයුතු නැති බව....ඒත් 104 b.3) කියනව මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකිවයුතු යි කියල...අනේ හුකේ ලල්ලාලේ.....NGO කාරයන් හදපු 19 වැනි සංශෝධනය මගින් එකිනෙකට විරැද්ධ ව්‍යවස්ථා 2ක් ලංකාවේ....මේ දෙකෙන් මොකක්ද හරි ජයම්පතියෝ...... -- by neela on 2016-09-15 ----- Mokadda yako me....?
-- by Andun-kundun on 2016-09-15

This Chanuka Rathwatte is the man who killed 7 or 8 people in Wattegama. LEN drag all that past also.
-- by Batty on 2016-09-15

41 A.6) mulin sitina nisa ani varyenma 104 b.3) ahosi wana wagai mata nam peniyanne man da 1kta 1ka patahani wu nisai
-- by Fred on 2016-09-15

thank you F C I D !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
-- by dilip on 2016-09-15

චානුක රත්වත්තේ ඊයේ බොරුවට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පැමිණ සිටියද කෝටි ගණනින් ගසා කා තිබේ. තම සොයුරා ලොහාන් රත්වත්තේගේ දුව විවාහ වීමට යන යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පුදුමාකාර ලෙස මුදල් ලබා දී තිබේ. රුපියල් කෝටි 2 හමාරක් වටිනා බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථ දෙකක් යෝෂිතට පූජාකර තිබේ. ඒ ඔවුන්ගේ රගර් මේනියාවට මුදල් වියදම් කිරීමට අමතරවය. කාල්ටන් Super 7's රගර් තරගාවලියේදී යෝෂිත රාජපක්ෂ නියෝජනය කල Western warriors කණ්යමේ නිල අයිතිකරුවන් ලෙස එම කණ්ඩායමේ සියලු වියදම් සඳහා මෙම සමාගම මුදල් යෙදවීය. ෆීජී රටෙන් ක්‍රීඩකයන් කෝටි ගණන් මුදල් ගෙවා ගෙන්නවා යෝෂිතගේ කණ්ඩායමට යෙදෙව්වේය. කණ්ඩායමේ නායකයා වූ යෝෂිත වෙන්දේසියේදී මිලට ගැනීමටද කෝටි ගණන් මුදල් යොදවා ඇත. එපමණක් නොව 2015 ජනාධිපතිවරණයට ද කෝටි ගණනින් වියදම් කර ඇත්තේ මහජනතාවගෙන් වංචා කරන ලද කෝටි ගණනක මුදලිනි.-- Munge ammalaata hu....ahinsaka minissungen.horakan korapu salliwalinda yako mun magul kanna yanne. nodakin mehemath hora magadi paahara balu heththak, henagahanawa munta. yako magulkanda hithagana inne Yoni-shitha Welikada bandanagare athuleda? Pakeyo...pal horu...
-- by Jailer on 2016-09-15

FCID ,you are doing a great job.
-- by suri on 2016-09-15

Wearing rubber-slippers to courts?? I thought these Ratwatte's were 'respectable' sort of chaps. Looks like common thugs.
-- by Rohitha on 2016-09-15

Me chaura rjina kauda...... Kalin hitiyachaura rajina nam tham yahathin...
-- by John V on 2016-09-16

Isira Dissanayakege company vishala milakata Rienzie Edwards aragatha. Isira saha Edwardsge ewath LEN eli karanna
-- by Lalith on 2016-09-16

"..Wearing rubber-slippers to courts?? I thought these Ratwatte's were 'respectable' sort of chaps. Looks like common thugs. -- by Rohitha on 2016-09-15 "..- Ratwattala kawadda respectable une.? unge ithihaase gaththoth, suddanta puka deela thanataragattu rata paawaadeepu wesige puththu heththak. unge paramparaawal wala unge hama sudu welaa tiyenne unge paramparaa pewatha enne unge mul paramparaaawala gaanunta suddo hukala hambauna lamain gen ena paramparaawak nisaa. anaadimath kaaleka indamma un mahaa parapurak welaa tiyenne ahinsaka minissunge idam kadam okkoma suddage kaale balen athpathkaragana unge wage ewwage padinchiwelaa ahinsaka minissu suddoth ekka ekatuwelaa pannala daapu nisaa. neththan unta kohenda Kandy awatai oyatharam depola. paw ahinsaka minissu. mewwa denata avurudu 200 kata vitara issara indalama sidda wechchi dewal. mun okkoma paramparaa horu. passe ape gon heththath me horunta mahaaloku kerumo kiyala salakanda patangaththa. suddon ta puka deela depola edaa kadaawadaagaththe neththan munuth nikamma nikan sobba mee gon thadi. MOKADA IGANAGANA MOLEYAK EKEKUTAWATH NAA NE OYA RATWATTELA EKEKUTAWATH. OKKOMA GON NAAMBO. horakam, merakam karanda vitharai danne. ewwa paramparaawe Jaana walimmai enne. keri ballo. Lohan kiyana mineemaruwa JOEL PRERA [rugby coach] ta wedi tiyala meruwa. chandrika yasa ageta beragatta thamange nedaaya. onna munge pelenthiya. danne neththan denaganna hemotama me liwwe.
-- by Weera Keppetipola on 2016-09-16

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links