~

තම දරුවාට රෝයල් විශාකා නැතිනම් රෝගියාට මරණය..! මිනීමරු ජොස්තර මාෆියාවට පාඩමක් උගන්වමු..!! නම් ගම් දුරකථන අංක සහිත හෙලිදරව්ව..!!! (Video)

ජොස්තර මාෆියාවට යහපාලනය ඉස්මොල්ලෙ ගිහිල්ලා

(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.17, ප.ව‍‍‍‍‍‍‍.11.45) යම් මෝඩ මනුෂ්‍යයෙකු සිය දිවි නසා ගන්නටම තැත් කරන්නේ නම් එවැන්නෙකුගේ ජීවිතය බේරා ගැනීම අසීරුය. එලෙසම යම් මෝඩ වෘත්තිකයන් පිරිසක් ජනතා වෛරයට ලක්වන්නටම උත්සාහ කරන්නේ නම් ඒ මෝඩයන්ගේ මුහුණට කෙළ වැදීමත් ඔවුන්ගේ නිවාස වලට ගල් වැදීමත් වළක්වා ගැනීම අසීරුය. 

එවැනි වෘත්තිකයන් පිරිසක් වන අනුරුද්ධ පාදෙනිය නමැති තිරිසන් ජොස්තරයා පසුපස යන ජොස්තරලා පිරිසක් විසින් ජනතා වෛරය කුළු ගැන්වීමේ කූඨ ප්‍රාප්තියක් පසුගියදා දක්නට ලැබිණ. 

එනම් තම දරුවන්ට රෝයල් විශාඛා විදුහල් නොලැබෙන්නේ නම් කුරුණෑගල මාතර සහ මහනුවර වෙසෙන අසරණ රෝගීන් මරණය කරා දැක්කවීමයි.  මෙම ක්‍රියාව මේ මිහිපිට සිදුකරන ලද තිරිසන්ම ක්‍රියාව යැයි අප කීවොත් තිරිසන් සතුන් වුව ලැජ්ජාවට පත් වෙනු නිසැකය. එතරම් පහත් දීන නීච මිනීමරු ක්‍රියාවක් වසර 30 ක් පුරා මරාගෙන මැරෙන සටනක් කළ ප්‍රභාකරන් වැනි අන්තවාදියෙකුවත් සිදුකර නැත. 

වෛද්‍යවරුන් සේවා මාරුවීම් ලබද්දී ඔවුන්ගේ දරුවන්ට පාසැල් ලබා දීම ආණ්ඩුවක යුතුකමකි. යහපාලන ආණ්ඩුව එය පැහැර හැර නැත. නමුත් පාදෙනියගේ මාෆියාව ඉල්ලා සිටින්නේ අරුම පුදුම ඉල්ලීම්ය. හෝමාගම සිට මහරගමට මාරු වූ ජොස්තර විජේවංශගේ දරුවාට ඉල්ලන්නේ සිරිමාවෝ බාලිකාව ය. මුල්ලෙරියාව රෝහලේ සිට කොළඹ රෝහලට මාරු වූ ජොස්තර ගුණසේකරද සිරිමාවෝ එක ඉල්ලයි. පේරාදෙනියෙන් මහනුවරට මාරු වූ මිරිහැල්ල ජොස්තර මහාමායාව ඉල්ලයි. අපූරු ඉල්ලීමක් ඉල්ලන්නේ ජොස්තර මුබෂීර්ය. ඔහු මාතර සිට තංගල්ලට මාරු වී මාතර රාහුල විදුහල ඉල්ලයි. නිරෝෂන් ජොස්තර අංගොඩ සිට පාදුක්කට මාරු වී ඉල්ලන්නේ කොළඹ මහානාමයයි. තවත් එකෙක් කළුබෝවිල සිට කොළඹ මහ රෝහලට මාරුවී කොළඹ සුපිරි විදුහලක් ඉල්ලයි. මෙවැනි විහිළු රාශියකි. පාදෙනියගේ ගිනස් වාර්තා තැබූ දරුවන්ට සුපිරි විදුහල්ම ඉල්ලන ලැයිස්තුව මෙහි පහත ඉමේජයන්ගේ දැක්වේ. ඒවා විශාල කර කියවන්න.

ඒ අනුව ඔවුන් ඉල්ලන්නේ රෝයල්, විශාකා, ආනන්ද,  ඩී.ඇස්, ආදී  විදුහල් පමණි. ආණ්ඩුව මහානාම, තර්ස්ටන්, අනුලා, ධර්මපාල ආදී විදුහල් ලබා දෙන්නම් යැයි කීවද මේ ජොස්තරලා එය පිළිනොගෙන මස් රාත්තලම ඉල්ලා නිවෙස් වලට නොගොස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයට වී රැය පහන් වන තුරුම සිටියහ. පසුදා අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසු පොලිසිය විත් ඉවත් වෙන්නැයි කියන තුරුම මොවුහු මස් රාත්තලම ඉල්ලා සිටියහ. 

රාත්‍රියේ තවත් නීච ක්‍රියාවක් සිදුවිය. ශ්‍රවණාගාරයට වී සිටි මේ මිනීමරු ජොස්තරලාට දහවල් කිසිදු ඉහෙන් බහින රෝගයක් නොතිබුනද රාත්‍රියේ අයෙකුට අසනීප යැයි කියා කොළඹ මහ රෝහලින් ගිලන් රථයක් ආවේය. එහි ආවේ අන් කිසිවෙක් නොව පාදෙනියගේ ලේකම් ගුටිකන මූණා හෙවත් ජොස්තර සොයිසාය. ගිලන් රථයේ රැගෙන ආවේ ශ්‍රවණාගාරයේ රාත්‍රිය ගත කරන ජොස්තරලාට අවශ්‍ය රාත්‍රී කෑම සහ පානයන්ය. ගිලන් රථය ඇතුලට ගැනීමට තර්ජනය කළ සොයිසා 'ඇර සොයිසා' වී ගේට්ටුවලට පයින් ගැසුවේ මරදානේ චන්ඩියෙකු විලසිනි. 

කෙසේ වෙතත් පසුදා අධිකරණ නියෝගය අනුව මොවුන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයෙන් පිටව ගියද මොවුන්ගේ නීචතම දීනතම සහ මෘඝතම ප්‍රතිචාරය ක්‍රියාත්මක කෙළේය. එනම් තම දරුවන්ට අසාධාරණ ලෙස රෝයල් විශාඛා නොලැබීම නිසා කුරුණෑගල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්ක වල රෝහල් වල ලෙඩුන්ට ප්‍රතිකාර කිරීම වර්ජනය කළහ. ලෙඩුන් මරණයට දැක්කවීමට ක්‍රියා කෙළෝය. 

අගමැතිවරයා මීට ප්‍රතිචාර දක්වමින් සිය ෆේස් බුක්හි සටහනක් යොදා තිබුනේ තමන් සෑම වෘත්තියක්ම සමානව සලකනවා මිස එකක් අනෙකට වඩා ඉහල යයි, වැඩි වරප්‍රසාද සහිත යයි නොසලකන බවයි. 

මේ ජොස්තරලාගේ දරුවන්ට රෝයල් විශාඛාම අවශ්‍යයැයි ඉල්ලුවද එම පාසැල් වල උගන්වන ගුරුවරු තම දරුවාට තමා උගන්වන රොයල්ම හෝ විශාඛාම හෝ අවශ්‍ය යයි කිසිදා කියා නැත. වර්ජන තර්ජනය නිසාම ජොස්තරලාගේ දරුවන් බලහත්කාරයෙන් රෝයල් විශාඛා දැම්මොත් එකී දරුවන්ට ඒ පාසැල්වල ගුරුවරුන් උගන්වන්නේ නැතැයි කියා වර්ජනය කළහොත් මේ ජොස්තරලාට ගිහින් පාසැලේ ඉගැන්විය හැකිද? එසේ නම් ජොස්තර වෘත්තිය පමණක් ඉහල යැයි සිතාගෙන උද්ධච්ඡ ලෙස හැසිරෙමින් අසරණ රෝගීන් මරණයට දැක්කවීම කෙතරම් පහත් දීන නීච මෘඝ ක්‍රියාවක්ද?

පාදෙනියලා සොයිසලාගේ ඉල්ලීමේ අපූරු තක්කඩි කම නම් ආණ්ඩුවෙන් ලබාදෙන පාසැල් එකී දරුවන්ගේ නමින් නොදී කෝටාවක් ලෙස ඔවුන්ගේ වෘත්තීය සංගමය නමට ලබා දෙන කරන ලද ඉල්ලීමයි. කෝටාව සංගමයට දුන් විට බෙදා ගැනීම ඔවුන් විසින් සිදුකරගන්නේ ලු. මෙය නම් අපූරු ඉල්ලීමකි. එනම් කෝටාවක් ලබාගෙන පාදෙනියලා දොස්තරලා අල්ලේ නැටවීමට තැත් කරති. අනෙක් අතට ඒවා මුදලට විකිණීම සිදු නොකරතැයි කාට විශ්වාස කළ හැකිද? මේවා ශිෂ්ඨ ආණ්ඩුවකට රෙදි ඇඳගෙන ඉටු කළ හැකි ඉල්ලීම්ද? එවැනි ඉල්ලීම් ඉටු කළ නොහැකි යයි කී විට මොව්හු රෝගීන් මරණය කරා දක්කමින් වර්ජන කරති.

පාදෙනියගේ ජොස්තර මාෆියාවේ මේ තක්කඩි ඉල්ලීමට එරෙහිව සමාජ ජාලාවල දැඩි විරෝධයක් පැන නැගී අතර එක් සමාජ ජාලයක වැදගත් යෝජනාවක් දක්නට ලැබිණ. එහි සඳහන්ව තිබුනේ ජොස්තරලා අසරණ රෝගීන් බිල්ලට ගෙන වර්ජන කරන්නේ නම් එදිනට ජොස්තරලාවද වර්ජනය කිරීමට ජනතාව පෙළැඹවීමකි. එය අගනේය. ජනතාව ඒ සඳහා පෙළැඹවීම සඳහා ලංකා ඊ නිව්ස් එය යලිත් උපුටා දක්වමු.

ඉවසුවා ඇති..! ඊළඟ දොස්තර වර්ජන දිනට අපිත් ඔවුන්ව වර්ජනය කරමු...!!

* දොස්තර කඩේකට බඩු ගන්න ආවොත් බඩු දෙන්න එපා.
* දොස්තරගේ කාර් එකට ඉන්ධන ගහන්න එපා. 
* දොස්තරට එදිනට අවන්හල් වලින් කෑම දෙන්න එපා.
* දොස්තරගේ කාර් එක පාර්ක් කළ විට එය බලා ගන්න එපා.
* දොස්තරගේ ගෙවල් වල කුණු ගෙනයන්න එපා.
* දොස්තරගේ දුරකථන වලට සිග්නල් දෙන්න එපා.
* කිසිදු වෘත්තීය සේවයක් එදිනට දොස්තරට දෙන්න එපා.

දොස්තරලාගෙන් පමණක් ලෝකයක් පවත්වාගෙන යා නොහැකි බව එක දිනකට හෝ ඔවුන්ට පෙන්වන්න පෙළ ගැහෙන්න..!

ජොස්තරලාගේ කුරිරු ක්‍රියාවෙන් පසු අධ්‍යාපන ඇමැතිවරයා පවත්වන ලද මාධ්‍ය හමුවක වීඩියෝවක් සහ ගුටිකන මූණා හෙවත් ජොස්තර ‘ඇර සොයිසා‘ ගේ වර්ජන තර්ජන වීඩියෝවක් පහත දැක්වේ. මස් රාත්තලම ඉල්ලන ජොස්තරලාගේ ලැයිස්තුවද පහත ඉමේජයන්ගේ දැක්වේ. ඒවායේ ඔවුන්ගේ දුරකථන අංකද තිබෙන බැවින් තම දරුවාට සුපිරි පාසැලක් නොලැබුනාට රෝගීන් මරාගෙන කන්නට යෑම  සාධාරණද කියා ඔබට ඔවුන්ගෙන්ම විමසිය හැකිය 

---------------------------
by     (2016-09-18 00:08:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  10 discussion on this news

Let people solve the matter.
-- by Priyantha Fernando on 2016-09-18

Better we bring Doctors from other countries
-- by Sanjaya on 2016-09-18

මෙවුන්ම නේද කාර් දීමනාවක් නොලැබුනා කියලා වර්ජනය කරලා අහින්සක ලෙඩුන්ගෙන් පලිගත්තේ? මෙවුන් කියන කියන හැම පදේකටම ආන්ඩුව නැටුවොත් ඔය මාධ්ය සන්දර්ශන පවත්වන ඹය විරූපි දොස්තරයොන්ට ලස්සන ගෑනු හොයලා දෙන්ටත් කියලා ලෙඩ්ඩුන්ගේ ජීවිත වලින් පලි ගනියි. Dear Education Minister we are proud of you, we admire your firm decision. Tax payers funded for their education and they owe our country more than every other professionals. Every child of Sri Lanka should be treated the same and priority shouldn’t be given to children of doctors.
-- by Renuka on 2016-09-18

They are all mentally handicapped people. That's not in the Hepocatris orth.
-- by gongale gode banda on 2016-09-18

එතකොට නැවත මාරු කරනකොට ලමයින්ව නැවත ඉවත් කරන්න. තවද දොස්තරලා බර ගානක රජයෙ වියදමින් පිට රට පුහුනු වීම් වලට යනකොට පවුල් පිටින් ගිහින් රස්සා කරනවා. ඔවුන් පාසැලෙන් දරුවන්ව නිවාඩු පිට රට ගෙනියනවා. එම අවස්ථාව පිරවීමට ඉඩ නොදි බ්ලොක් කරන් ඉන්නවා. ඒවා ගැනත් කරුනා කරලා මැදිහත් වෙන්න. රාජකීය විදුහල, විශාකා විදුහල ඇතුලු ප්‍රධාන පාසැල් ලැයිස්තු පරික්ෂාකරන්න.
-- by Mahesh on 2016-09-18

We salute the Hon Minister of Education and the Hon. Prime Minister for their bold stance. Please don't give in to these unreasonable demands.
-- by Samarakoon Bandara on 2016-09-18

If Government can't solve this problem lets solve it......
-- by Suri on 2016-09-19

Teach a good lesson to this medical mafia gang.
-- by sripala on 2016-09-19

Me GMOA Karayo SAITM ekata virudda venne nidahas adyapanaya rekaganna kiyala neda? Sudusukam sahitha igeneemata kemathi daruwanwa, pitarata noyawa SAITM ekata damala thamunge salli viyadam karala uganwanna dangalana maupiyanta monatharam asadaranayakda me pahath, deena, neecha dostarala karanne.Moun hadanne ape badu salli walin igenagaththa madiwata ahinsaka rogee apiwa billata deela sathayak wiyadam nokara ounge daruwantath ape wiyadamen supiri adyapanayak denna neda? Deiyoma balaganna one me asadaranakam. SAITM daruwan helana susumak ganane thamange daruwange anagathaya anduru wena bawa me thakkadiyanta therum yana dawasak uda wena bawa nam nisakai.
-- by Rathna on 2016-09-20

වෘත්තීය ගැටලු විසඳීමට, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට හා බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් නොකඩවා සැලසීමට රජය ප්‍රමුඛත්වය දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 14 වෙනිදාසිය ෆේස්බුක් පිටුවේ පණිවිඩියක් සටහන් කරමින් පවසා ඇත. කිසිදු පුද්ගලයකු අනෙක් පුද්ගලයන්ට වඩා වරප්‍රසාද ලබන්නකු නොවනවා සේම කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තිවලට වඩා විශේෂ වරප්‍රසාද ලබන වෘත්තියක් ලෙස අප හඳුනාගන්නේ නැතැයි ද අගමැති සිය පණිවිඩියේ සටහන් කර ඇත. පලමුව අගමැතිතුමාගේ අදහසට සියළු ශී ලාංකිකයන්‍ගේ ප්‍රණාමය. ලොව සියලු දියුනු රාජ්‍යයන්හී වෛද්‍ය වෘත්තිකයා හා කසල ශෝදකයා අයත් වන්නෙ එකම පන්තියකටයි. ලංකාවේද වෛද්‍ය වෘත්තිකයා හා කසල ශෝදකයා අයත් වන්නෙ එකම පන්තියකටයි. මනස දියුණු වූ තරමට සියලු වෘත්තීය එකම පන්තියකට යොමුවීම සහ සියලු වෘත්තිකයන් සම වරප්‍රසාද ලැබිය යුතුය යන ආකල්පයට යොමුවීම සිදුවේ. මනස නොදියුණු මුදල් පසුපස හඹා යාම ප්‍රධාන අරමුණ කරගත් බොහෝ වෛද්‍ය වෘත්තිකයන් සඳහා අගමැතිතුමාගේ පණිවුඩය කදිම අවවාදයක්. දැන් වෛද්‍ය වෘත්තියේ යෙදෙන ඇතමුන් මීට වසර කිහිපයකට පෙර වේලක් හැර වේලක් ආහාර ලබාගෙන අති දුෂ්කර දිවියක් ගෙවා වෛද්‍ය වෘත්තිකයන් වීම සහ ඇතමුන් පහසුකම් සහිතව වෛද්‍ය වෘත්තිකයන් වූ නමුත්, ඔවුන්ගේ දෙමව්පියන් අති දුෂ්කර ලෙස ආහාර වේල් පවා සීමා කරමින් වෛද්‍ය වෘත්තිකයන් වීම මෙවැනි ක්‍රියා සඳහා මූලික පසුබිම වී ඇත. අගමතිතුමනි, ඔබගේ දර්ශනය තුලින් අප ශ්‍රී ලාංකික සියළු වෘත්තිකයන්ගේ වෘත්තීමය තත්වය ඉහල යනවා පමනක් නොව එමගින් ඇතිවන පලදායිතා වර්ධන දායකත්වය තුලින් ආර්ථිකය ශක්තිමත් වීමට ඉමහත් රුකුලක් වනු ඇත. මෙහිදී අවධානය යොමුවිය යුතු අනිකුත් කාරණයනම් මෙවැනි අත්තනෝමතික ලෙස අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් කුහක ලෙස හැසිරෙන කණ්ඩායම ඇතුළු සමස්ත පෞද්ගලික වෛද්‍ය වෘත්තිකයන් විසින් වෘත්තියට නොගැලපෙන ලෙස කරගෙන යනු ලබන බදු වංචා කිරීමයි. ලෝකයේ වෙන කිසිම දියුණු රටක උගත් මනසක් ඇති වෘත්තිකයන් නොකරන මෙම විශාල බදු වංචාව නිසා රජයට අහිමි වී යන ආදායම රැපියල් ප්‍රකෝටි ගණනකි. කොලඹ, මහනුවර ඇතුළු ප්‍රධාන නගරවල ඇතැම් වෛද්‍ය වෘත්තිකයන්ගේ දිනක ආදායම රැපියල් ලක්ෂ 15 කට වැඩිය. ඒ අනුව මසක ආදායම ලක්ෂ 400 වැඩිය. මොවුන් මෙම මුදල් බැංකුවල තැන්පත් නොකර විවිධ ආයෝජන සඳහා යොමුකර ඉන්ද විශාල ආදායමක් උපයා ගනී. එසේත් නැතිනම් බැංකු ලොකර්වල දමා මුදල් සඟවා තබති. මොවුන්ගේ මෙ‍ම වංචාවන් වැලැක්වීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසීම කෙරෙහි මුදල් ඇමතිතුමාගේ අවධානය යොමුවිය යුතුය.
-- by Sanjeewa on 2016-09-22

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links