~

ලසන්ත ඝාතනය ගැන අනුර සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලයි: ලසන්තගේ දිනපොත අනුර විනාශ කළාද?

(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.24, ප.ව‍‍‍‍‍‍‍.11.30) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ දවාලේ ඝාතනය කිරීම ගැන සිදුකෙරෙන පරීක්ෂණ වලදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ. අනුර සේනානායක මේ වන විට සිටින්නේ තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතවය. පසුගියදා ඒ සම්බන්ධ නඩුවේදී කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වුනේ ඔහුට ගෙවන වාට්ටුව සිටීමට තරම් අසනීපක් නොමැති බවයි. 

කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංගගේ මෘත දේහය ලබන 28 වැනිදා යළි ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර මේ වන විට ඊට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ. 

ලසන්ත වික්‍රමතුංගගේ ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අතර ඔහු වෙනත් නඩුවකදී ලසන්තගේ රියැදුරා පැහැර ගත් බව පිළිගෙන තිබිණ. 

හිටපු ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට යන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසුව අතුරුදන් වූවායැයි කියන ඔහුගේ දිනපොත පොලිස් භාරයට ගැනීමෙන් පසු එය කා අතට පත්වූයේද ඉන්පසු විනාශ කැර දැමුවේද යන්න හෙළිකැර ගැනීම සඳහාය. අවසන් වරට එම දිනපොත බාරව සිට ඇත්තේ අනුර සේනානායක බව මෙතෙක් හෙලිවූ සාක්ෂි මගින් තහවුරු වී තිබේ. 

ලසන්ත ඝාතනයේ සැකකරුවන්ට පොලිස් බැරියර් අතරින් පළා යෑමට උසස් පොලිස් නිලධාරියෙකු උදව් කළ බව එ් දිනවල කියැවිණ. එකළ එම ප්‍රදේශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ අනුර සේනානායකය. කටුගෙයි කඩු සොරකමේ දී ද සැකකරුවන්ට පලා යාමට ඉඩ ලබා දුන්නේ අනුර සේනානායක බව හෙලි වී තිබිණ. 

කෙසේ වෙතත් ලසන්ත ඝාතනය සිදුවන අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටුවේ යැයි කියන පුද්ගලයකු සාක්කි දීම සඳහා ඉදිරිපත් වී තිබේ. 

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු යට ගසා තිබූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යලි ආරම්භ වීමෙන් පසු විශාල තොරතුරු රාශියක් හෙලිදරව් වී තිබේ. 

---------------------------
by     (2016-09-25 02:05:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

mun okkoma [ anura, anurata niyoga deepu lokko] lipton watarawumata genalla amu dawaale , amu heluwen, janathawata balaganada puluwan vidihata, wallen allala , wallata idikaru sappayamak deela, pukata karukambi Ezlone sangrahayak deela, miris hodi wakkarala, katawalwalata horikada ballo tikak genalla hujja gassala, unge ammala ge jaathake kiyala dunnanam, sakki okkoma eliyata panee... wena nam kramayak mihipita me, huththige puththungen aththa denaagannata aththema netha...
-- by Alugosuwa on 2016-09-25

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links