~

දකුණේ ජාතිවාදය අවුස්සන මහින්ද රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් හමුවේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ කතා කියයි: සිංහල මාධ්‍ය වල පළ නොකරන ලෙසත් ඉල්ලයි (Audio & Video)

විග්නේෂ්වරන් ජාතිවාදී නෑ: දෙමළ සිරුවන් නිදහස් කිරීමට විරුද්ධ නෑ: මරන්න කලින් ප්‍රභාකරන් හමුවූයේ නෑ: මත්තලින් සැඟවුනු ලාබයක්

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.04, පෙ.ව‍‍‍‍‍‍‍.6.05) සිංහල මාධ්‍ය ඉදිරියේ අමු ජාතිවාදය අවුස්සන මහින්ද රාජපක්ෂ ඊයේ (03) දා දෙමළ මාධ්‍යවේදීන් හමුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊට හාත්පසින් වෙනස් ප්‍රකාශ රැසක් දෙසා බෑ අතර මාධ්‍ය හමුව අවසානයේ දී රාජපක්ෂගේ ප්‍රකාශ සිංහල මාධ්‍ය වල පළ නොකරන ලෙස ඔහුගේ නිලධාරීහු දෙමළ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියහ.  

යහපාලන ආණ්ඩුව අපරාධ චෝදනා නැති දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරද්දී “රණවිරුවන් හිරේ දමමින් හිරේ සිටින කොටි නිදහස් කරනවා“ යයි අවලාද නගන රාජපක්ෂ ඊයේ දෙමළ මාධ්‍ය හමුවේ කියා සිටියේ ආණ්ඩුවම කියන කතාවය. අපරාධ චෝදනා තිබෙන අය දේශපාලන සිරකරුවන් නොවන බවත් එනිසා ඔවුන් නිදහස් කළ නොහැකි බවත් කී මහින්ද රාජපක්ෂ තමා විසින් පුනරුත්ථාපනය කර නිදහස් කරන ලද අය පුනරුත්ථාපනය වුනාදැයි තමන් නොදන්නා බවද කීය. අවුරුදු 16 ක් ත්‍රස්තවාදයට ඔළුව සකස් කළ අය ඔහු විසින් මාස 6 ක කාලයකින් පුනරුතථාපනය කළ බවත් එය විශාල අනතුරක් සහිත දෙයක් බවද ඔහු කීය.

නාමල් රාජපක්ෂ හිරේ සිටියදී හමුවූ දෙමළ හිරකරුවන් නිදහස් නොකරන්නේ මන්දැයි ඔහුගෙන් විමසූ බවද ඔහු පෙර කී පිළිතුරම නාමල්ට දුන් බවද ඔහු දෙමළ මාධ්‍යවේදීන් ඉදිරියේ පැවසීය. පුනරුත්ථාපනය වූ දෙමළ සිරකරුවන් නිදහස් කිරීමෙන් පසු එදා ඔවුන් සමග දේශපාලන සංවාදයක් පවත්වා ගැනීමට අපොහොසත් වීම වරදක් ලෙසද ඔහු කීය.

වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශය වන්නේ ඔහුගේ ගෝලයන් උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් ජාතිවාදියෙකු යැයි හංවඩු ගසද්දී විග්නේෂ්වරන් ජාතිවාදියෙකු නොවේ යයි මහින්ද රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් හමුවේ කරන ලද ප්‍රකාශයයි. 

තමා උතුරේ පළාත් සභා මැතිවරණය තැබුවේ දෙමළ සන්ධානය දිනන බව දැන දැනම බවත් ඒ ගැන සතුටු වන බවත් මහින්ද රාජපක්ෂ කීය.

එකකට එකක් පරස් පර ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ කීවේ  තමාම ජාතිවාදියෙක් නොවේ යයි මොහොතකට පෙර හැඳින්වූ විග්නේෂ්වරන් මහ ඇමැති වරයා පසුගියදා යාපනයේදී තැබූ රැස්වීම තමන්ගේ පාලනය කාලයේදී නම් තැබීමට ඉඩ නොදෙන බවයි. එහිදී ඔහු එය ජාතිවාදය ඇවිස්සීමකැයි කී නමුත් එම සැනින්ම කියා සිටියේ එම රැස්වීමට පැමිණි ජනතාව කිසිවෙක් ජාතිවාදීන් නොවන බවයි.

තමන්ගේ පරාජයට හේතුව ගොබෙල්ස් න්‍යායෙන් තමන් ගැන බොරු ප්‍රචාර කිරීම යැයි මහින්ද රාජපක්ෂ කීවේය. මුස්ලිම් ජනතාව ඈත් කෙළේද විපක්ෂයේ කුමන්ත්‍රණයක් අනුව යැයි ඔහු කීවේය. සිහල රාවය, රාවණා බලය, බොදු බල සේනා වැනි අමු මුස්ලිම් විරෝධී සංවිධාන හැදූ මහින්ද රාජපක්ෂ ඒවා මගින් උසි ගැන්වූ මුස්ලිම් විරෝධය විපක්ෂය විසින් හැදුවා යයි කීම අපූරුය. එපමණක් නොව ග්‍රීස් යකුන් මැවීමද විපක්ෂ කුමන්ත්‍රණයක් යැයි ඔහු පැවසීම වසරේ කියමන ලෙස ඉතිහාස ගත වනු ඇත. 

ඔහු කී තවත් නියම තක්කඩි කතාවක් නම් එක්ටා ගිවිසුම අනුව තමිල්නාඩුවේ දෙමළ මාධ්‍යවේදීන් ලංකාවට පැමිණ ලංකාවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ රස්සාවන් ඩැහැ ගන්නා බවයි. ඒ අවස්ථාවේ තමා ඉදිරියේ ඉන්නා දෙමළ මාධ්‍ය කරුවන් බිය ගැන්වීමට මෙවැනි කතාවක් කී මේ තක්කඩි දේශපාලුවා නිකමට හෝ කල්පනා නොකෙළේ ලංකාවේ තිබෙන ඉතාමත් සුළු දෙමළ මාධ්‍ය ප්‍රමාණය සොයා කප්පරක් දෙමළ මාධ්‍ය තිබෙන තමිල්නාඩුවේ මාධ්‍යවේදීන් ලංකාවට එනවා ය යන්න මොළයක් කළඳක් තිබෙන අයෙක් පිළිගනීවිද යන්නයි.

තවත් අපුරු ප්‍රකාශයක් කළ මහින්ද රාජපක්ෂ කීවේ තමන්ගේ කාලයේදී මාධ්‍ය නිදහස සැබෑ ලෙස පැවැති බවයි. එම ප්‍රකාශය කරද්දී දෙමළ මාධ්‍ය ආයතනයක් වූ උදයන් පුවත් පත් ආයතනය ඔහුගේ කාලයේදී දෙවතාවක්ම ගිනි තැබූ බව හෝ එතැන සිටි දෙමළ මාධ්‍ය වේදීන් විසින් ප්‍රශ්න නොකිරීම ගැන සත්‍ය වශයෙන්ම කණගාටුවිය යුතුය. 

ඔහු අලුත් දේශපාලන පක්ෂයක් නොහදන බවද ඔහු පැවසීය. මත්තලින් මාසයක ආදායම රුපියල් 15000 ක් බව ඔහුගේ පාලන කාලයේ දී ඔහුගේම ඇමැතිවරයෙකු පාර්ලිමේන්තුවට වාර්තා කරද්දී මත්තල ගුවන් තොටුපොලින් නොපෙණෙන ලාභයක් ලබන බවත් හම්බන්තොට වරාය ලාභ ලබන බවත් රාජපක්ෂ කීවේය. 

ප්‍රභාකරන් ඝාතනයට පෙර මහින්ද රාජපක්ෂ ඉදිරියට පැමිණ වූ බවත් ඔහු ප්‍රභාකරන්ට පහර දුන් බවත් ඔහුගේම ගෝලයන් සිංහල මාධ්‍ය හරහා ප්‍රචාරය කරද්දී වීරත්වය සඳහා ඒ ගැන නිහඬව සිටින මහින්ද රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් ඒ ගැන විමසද්දී කීවේ තමා හීනෙන් වත් ප්‍රභාකරන් හමුවී නැති බවය.

කෙසේ වෙතත් එතැන සිටි එකදු මාධ්‍ය හාදයෙක් හෝ රාජපක්ෂ පවුලට මේ වන විට අධිකරණය ඉදිරියේ එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් එකදු ප්‍රශ්නයක් හෝ නොඅසමින් තම තමන්ගේ දීන භාවය ප්‍රදර්ශනය කිරීම අතිශයින්ම කණගාටුදායක ය.

මහින්ද රාජපක්ෂට ලංකා ඊ නිව්ස් එකල ‘ගං කබරයා‘ යයි නම් පට බැන්දේ හැරෙන හැරෙන අතට බොරු කියමින් දිව දෙකේ කතා කියන පුද්ගලයන්ට ගමේ ව්‍යවහාරයේදී  “ඒ මිනිහාට තිබෙන්නේ කබර දිවක්“ යැයි හැඳින්වෙන බැවිනි. ඊයේ (03) මාධ්‍ය හමුවේදී ද මේ පරාජිත මෝඩ දේශපාලකයා තමන් නියම “ගං කබරයෙක්“ බව යලිත් ඔප්පු කළේය.  

ඩේටා ඉතිරි කර ගැනීමට අවශ්‍ය නම් මෙතැන ක්ලික් කිරීමෙන් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය හමුවේ හඬ පටයට සවන් දිය හැකිය.

මහින්ද රාජපක්ෂගේ දෙමළ මාධ්‍ය හමුවේ වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2016-10-04 11:07:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Muge ammata yako, moo kathaakaranne KATIN da PUKENDA.... nodakin thawath moda janathaawak innawane me wage wesa ballange kabara katawal walin dodawana mole vikaara katha viswaasakoranda.. ammapalla me wage nonjal sakkili pakayek dekke naa LANKA ITHIHAASEMA................................................................LeN...Machang moota pissida bang....?
-- by HNP on 2016-10-04

මෙම පුවත රජයේ සහ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය තුලින් ප්‍රචාරය නොකරන්නේ ඇයි? රජයේ පම්පෝරි ගැසීම සහ විකල්ප විපක්ෂයේ කුණු අවුස්සමින් තව තවත් ඔවුන්ට ජනතා අනුකම්පාව , අවධානය ලබාගැනීමට ඉඩ දෙනු මිසක ජනතා දේපල සොරා කමින් ජනතාව ගොනාට අන්දන මේ මිනිසුන් ගැන සත්‍ය තොරතුරු වසන් කරමින්, වැඩකට නැති සොච්චන් මුදල් වංචා පසුපස දුවමින් නඩු දමන ගමන් මහා පරිමාන දුෂණ වංචා යට ගසමින් ඔවුන් නිවැරදි කරුවන් කිරීමට මෙන්ම දරුණු අපරාධ කල බවට සියලු සාක්ෂි තිබියදී ඒවා මග හැර යමින් ජනතා ඇසට වැලි ගසමින් මේ යන්නේ කොහාටදැයි අපට තෝරා දෙන්න, ජනපති තුමනි, අගමැති තුමනි.
-- by Gamini on 2016-10-06

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links