(ලංකා ඊ නිව්ස් -2016.ඔක්.05, පෙ.ව.6.00) රටේ මහජන මුදල් අමු අමුවේ කොල්ලා කෑ රාජපක්ෂලා ඒ මුදල් වලින් අනුන්ගේ නම් වලට ගත් කෝටි ගණන් දේපොල හෙළිවෙද්දී එකිනෙකා තමන්ට අයත් නැතැයි කීම නිසා අපූරු තත්ත්වයක් ඇති වී තිබේ.
බැසිල් රාජපක්ෂ හෙලි නොවේ යයි සිතා අනුන්ගේ නමකට ගත් කෝටි 20 ක් පමණ වටිනා මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්කර දහසයක (16) ඉඩම එහි ඇති මාලිගාව සම්බන්ධයෙන් මෙම අපූරු තත්ත්වය ඊයේ අධිකරණයේදී දිග හැරිණ.
මූල්‍ය විශුද්ධිකරණය හා පොදු දේපළ අවභාවිතය යන චෝදනා මත FCID ය විසින් පවරා ඇති නඩුව ඊයේ (04 ) පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේ එම මහා දේපොලට දැන් කවුරුවත් අයිතිවාසිකම් නොකියන බැවින් අයිතිය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතු විය. ඒ අනුව විත්තිකාර බැසිල් රාජපක්ෂට ඒ සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 07 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඩී. ඒ. රුවන් පතිරණ මහතා විසින් ඊයේ (04) නොතිසි නිකුත් කළේය.
බැසිල් රාජපක්ෂ පසුගිය වනචර දශකයේදී මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්කර දහසයක (16) ඉඩමක් රුපියල් මිලියන හැට හතරකට (64) මිලදී ගෙන තිබුනේ මුදිත ජයකොඩි නමැති අයෙකුගේ නමට ය. (මෙහි සැබෑ වටිනාකම මීට වඩා වැඩි විය යුතුය.) පසුව එහි රුපියල් මිලියන එකසිය විසි පහක (125) වියදමින් මාලිගාවක් ගොඩ නගා නිම නොවී තිබිණ. මේ ගැන FCID ය ට ලැබුණු පැමිණිල්ලකට අනුව මූල්‍ය විශුද්ධිකරණය හා පොදු දේපළ අවභාවිතය යන චෝදනාව මත මේ නඩුව පවරා තිබුණි.
මේ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ මේ ඉඩමේ දැනට ලියාපදිංචිකරුවන මුදිත ජයකොඩි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිර වැලැව්වේතන්ත්‍රී අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය.
“මේ ඉඩම මේ පුද්ගලයා නමින් තිබුණද ඔහුට අයිති නැති බවට පවසා තිබෙනවා. ඒ නිසා මේ ඉඩම ගැන කිසිම අයිතියක් ඔහු ඉල්ලන්නේ නැහැ. එබැවින් මේ සම්බන්ධව නීතිමය තත්ත්වය සලකා බලා අධිකරණයෙන් නියෝගයක් බලාපොරොත්තු වෙනවා. මේ ඉඩමේ භුක්තිය ඔහු අත් හරින්නට කැමතියි. මේ බව ඔහු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයටද දන්වා තිබෙනවා.“
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
“මේ ඉඩම මේ නඩුවේ විත්තිකරුටද අයිති නැති බවට පවසා තිබෙනවා. ඒ හේතුවෙන් මෙහි අයිතිකරු කවුරුන්ද යන්න ගැනද ගැටලුවක් මතු වී තිබෙනවා. මේ අනුව මේ දේපළ අවසානයේ රජයට අයිතිවන්නට පුළුවන්. එය කෙසේ වෙතත් දැන් මෙහි නීතිමය තත්ත්වය සම්බන්ධව ගැටලුකාරිතත්වයක් මතු වී තිබෙනවා. එබැවින් මේ දේපළ අධිකරණයට භාර ගන්න. ඒක විකුණා එම මුදල් මේ නඩුව අදාළව අධිකරණයේ තැන්පත් කළ ද හැකියි.“
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය රණතුංග මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය.
“දැන් මේ ඉඩමට අයිතිකරුවෙකු නැහැ. නමුත් නඩුවට විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු පෙනී සිටිනවා. එම අයටත් මේ සම්බන්ධව කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන්නට ඕනෑ. විත්තිකරුට ද ප්‍රකාශයක් කිරීමට ඉඩ ලබා දිය යුතුයි. මේ නඩුව කල් තැබුවේ ලබන ජනවාරි මස 10 වැනි දිනටයි. ඒත් ඊට කළින් මේ නඩුව කැඳෙව්වේ සාක්කිකරු විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් නිසයි.“
මෙහිදී දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු කෙරහි අවධානය යොමුකළ විනිසුරු විත්තිකාර බැසිල් රාජපක්ෂගෙන් මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 07 වැනි දිනට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කළේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණිල්ල මෙහෙය වූ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ද මේ ඉඩමේ දැනට ලියාපදිංචිකරු වන මුදිත ජයකොඩි වෙනුවෙන් නීතිඥ තුසිර වැලැව්වේතන්ත්‍රී ද විත්තිකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරුන් වන සංජය රණතුංග, පියසේන කාරියප්පෙරුම, නිලන්ත විජේසිංහ, ප්‍රේමචන්ද්‍ර යාපා හා කමල් සම්මන්දප්පෙරුම යන අයද පෙනී සිටියහ.
පසු සටහන:
රාජපක්ෂලා සතු දේපොල මෙලෙස වෙනත් අයගේ නම් වලින් මිලදී ගෙන ඇති අතර තවත් හෙලි නොවුනු බොහෝ දේපොල එවැනි නාමික අයිතිකරුවෝ තමන්ට කරදර වලට මුහුණ පෑමට සිදුවන බැවින් කුණු කොල්ලයට විකුණමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මේ දිනවල වටිනා දේපොලක් කුණු කොල්ලයට විකිණෙන්නේ නම් නිසැකම ඒවා රාජපක්ෂලාගේ හොර දේපොල ය.
-දිනමිණේ මහානාම විතානගේ හා ජී.එස්. නැලිගමට ස්තූතිය-
---------------------------
by (2016-10-05 00:57:09)
Leave a Reply
mowunge ekama nidahasata karuna 'desapalana paliganeem ' ' Ditta dhamma wedaya' balapanney horakama kala ekatai. Naduwa gonukala ayata nowei.
-- by suri on 2016-10-05
රාජපක්ෂලා ගසා කෑවේ අපේ මුදල්.අසරණ බදු ගෙවන ජනතාවගේ මුදල්.ඒ නිසයි සත්‍ය තේරුම් ගත්තු මිනිස්සු යහපාලනය විස්වාස කරලා චන්දය දුන්නේ.හිටපු ඒකාධිපතියව ගෙදර යැව්වේ.එත් හිටපු කම්බා හොරුන්ට අද වෙනකම් මෛලකටවත් අත තියන්න යහපාලනයට පුළුවන් වුනාද?මේ තරම් හොරකම් කරලත් ඕන තරම් සාක්ෂිත් තිබිලත් වුන් තවම එළියේ.දැන්වත් ජෙනේරල් ෆොන්සේකා වගේ නිර්බිත පාලකයෙකුට අධිකරණ ඇමති කම හෝ නිතිය සහ සාමය ඇමති කමක් දීල රාජපක්ෂලා කරලා තිබෙන හොරකම්,මිනීමැරුම්,ලෝකයේ හංගල තිබෙන දනස්කන්දය නැවත ජනතා සතු කරලා අසරණ මිනිසුන්ට සහන දෙන්න.යහපාලනයට චන්දෙ දුන්නු අවුන්ටම බදු ගහල තවත් අසරණ කරන්න එපා.රාජපක්ෂලාගේ දනස්කන්දයෙන් තවත් අවරුදු 100-1000 ගණනකට අසරණ මිනිසුන්ට සහන දෙන්න පුළුවන්.
-- by tikiri banda on 2016-10-05
Muge ammata yako, mokaada me jayakodi kiyanne. thoththa baba. yako uge namata land ekai house ekai thiyanawanam, uththara deepan. mewwa raja vihilu. mona huththakatada anunge salli walin land gewal gaththe mehema? mewwa bala balaa aha ahaaa thawath thoththa babbu wage innawane yahapalana lokko. Basila, Jayakodiya gedara gihin puken hinaawenawa athi, api usaviye kiyana okkoma a gon relawal piligannawane ... kiyala... ane mehema gobba yahapalana ponnayo relak. mona huththakata chande dunnada terennenaa Sirisena kiyana pathola gobba gon bijjata.
-- by YakaMarkVoters on 2016-10-06
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි