අඟේ ඉඳන් කණ කන ද්‍රෝහියෙකුගේ භයානක කුමන්ත්‍රණයක සුල මුල මෙන්න
(ලංකා ඊ නිව්ස් -2016.ඔක්.08, ප.ව.11.15) මැදමූලන රාජපක්ෂලා රට යටත් කරගෙන සිටි වනචර දශකයේදී නාවික හමුදාවේ මිනීමරුවන් කල්ලියක් විසින් තරුණ සිසුන් 10 දෙනෙකු සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කිරීමේ අතිශය අමානුෂික අපරාධයේ අපරාධකරුවන්ට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් රහසිගතව නීති උපදෙස් ලබා දී ඇති නින්දනීය සිද්ධියක සියළු තතු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත අනාවරණය වී තිබේ.
විජයදාස රාජපක්ෂගේ මෙම නීච ක්‍රියාව පැහැදිලිවම යහපාලන ආණ්ඩුව සමග හිඳිමින් එය ඇතුලතින් විනාශ කිරීමේ භයානක කුමන්ත්‍රණයකි.
2008-2009 කාලයේදී සිදුකරන ලද මෙම නාවික හමුදා ඝාතන වැල සම්බන්ධයෙන් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගෙන් පසුගිය 5 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 5 කට අධික කාලයක් ප්‍රශ්න කරන ලදී.
මෙකී ප්‍රශ්න කිරීමට පැමිණීමට පෙර දින රාත්‍රියේ නාවික හමුදා ෂැලේ එකකදී (නාවික හමුදා නිලධාරී නිවාසයකදී) විජයදාස රාජපක්ෂ සහ රටේ සිටි නීචතම අගවිනිසුරුවරයා වන සරත් නන්ද සිල්වා විසින් වසන්ත කරන්නාගොඩට අපරාධයෙන් බේරීම සඳහා නීති උපදෙස් ලබා දී තිබේ. මීට පෙර වසන්ත කරන්නාගොඩ විසින් ලිඛිතව දී ඇති ප්‍රකාශයට අමතර කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදෙන්නැයි විජයදාස රාජපක්ෂ සහ සරත් එන් සිල්වා විසින් කරන්නාගොඩට උපදෙස් දී ඇත. වසන්ත කරන්නාගොඩ තමාගෙන් ප්‍රශ්න කිරීමට පෙරම විජයදාස රාජපක්ෂ සහ සරත් එන් සිල්වා තමාගේ මිතුරන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ කරන ලද බවද සැලකිය යුතුය.
විජයදාස රාජපක්ෂ යනු තමා අධිකරණ ඇමැතිව සිටින තුරු ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කරන ලද අංක එකේ තක්කඩියෙක් බව රටම දන්නවා වුවද මෙකී සිද්ධිය ඊටත් වඩා බරපතල කාරණයකි.
මන්ද යත් නාවුක හමුදා කල්ලියක් විසින් දෙමළ සිංහල මුස්ලිම් තරුණ සිසුන් 10 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් රැගෙන ඝාතනය කිරීමේ මෙකී අමානුෂික අපරාධය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කර අපරාධ කරුවන් නීතියේ ඉදිරියට පමුණුවන බවට ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රටේ අධිකරණ ඇමැතිවරයා ලෙස පොරොන්දු දුන්නේද විජයදාස රාජපක්ෂම වීමය. එසේ පොරොන්දු දුන් වගකිව යුතු අධිකරණ ඇමැතිවරයා එකී අපරාධ කරුවන්ටම හොර රහසේ නීති උපදෙස් දීම යහපාලන ආණ්ඩුවම අනතුරේ හෙලන්නකි. ඒ කිසිවක් නැතත් යහපාලනය ගෙන ඒමට රටේ මහජනතාවට පොරොන්දු දී බලයට පැමිණ අධිකරණ ඇමැති ධූරය දරණ අතරේ අපරාධ කරුවන්ට නීති උපදෙස් දෙන්නේ නම් එවැනි ද්‍රෝහියෙකු මෙම තනතුරේ එක තත්ත්පරයක් තබා ගැනීමට සුදුසු නොවේ.
මොහුගේ පුත්‍රයාද රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ධූරය දරයි. අප්පා පුතාලා දෙදෙනාම මේ ආකාරයට රටේ සංවේදී තොරතුරු යහපාලනයේ සතුරන්ට, අපරාධකරුවන්ට ලබා නොදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව මෙම සිද්ධියෙන් සනාථ වෙයි.
නාවුක හමුදාපති ලෙස වසන්ත කරන්නාගොඩ කටයුතු කළ අවධියේදී ඔහු එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා සමග බද්ධ තරහකින් කටයුතු කෙළේය. දෙදෙනා එකිනෙකා සමග කතා කළේවත් නැත. එවැනි තත්ත්වයකදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග ෆොන්සේකාට වඩා වැඩි ඇයි හොඳයියක් පවත්වා ගැනීම වෙනුවෙන් වසන්ත කරන්නාගොඩ කෙළේ ගෝඨාභය රාජපක්ෂගේ නීති විරෝධී නියෝග නොපිරිහෙලා ඉටු කිරීම ය. ඒ අනුව එල්ටීටීඊයට සම්බන්ධ යැයි සැක කෙරෙන දෙමළ තරුණයින් සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් මරා දැමීමත් එසේ ඝාතනය කරන ලද සිරුරු හිස සහ බඩ පළා යළි මතුපිටට නොඑන සේ මහ මුහුද මැදට ගෙන ගොස් දමා විනාශ කිරීමත් සිදු කෙළේ කරන්නාගොඩ දැනුවත් ඔහුගේ කල්ලියක් විසිනි.
මෙම කල්ලියට වැඩේ ගැන රහ වැටීමෙන් පසු කප්පම් ලබා ගැනීම සඳහාම තරුණයන් පැහැර ගැනීමද සිදුකර තිබේ. මෙහි ඇති තිරිසන්ම ක්‍රියාව නම් අහිංසක තරුණයන් පැහැරගෙන කප්පම් ලබා ගැනීමෙන්ද පසු ඔවුන් මරා දැමීමයි.
දැනට සීඅයිඩී පරීක්ෂණ පැවැත්වෙන්නේ 2008-2009 කාලයේදී දෙහිවල, මට්ටක්කුලියේ සහ ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත් සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි දෙමළ, සිංහල සහ මුස්ලිම් ධනවතුන්ගේ දරුවන් 10 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් පමණි. මන්ද යත් සාක්කි ඇත්තේ ඒ 10 දෙනා ගැන පමණක් වුවද කප්පම් සඳහා පැහැරගෙන ඝාතනය කරන ලද දරුවන් ගණන 38 කි.
මෙකී මිනීමරු කල්ලියේ සැබෑ ප්‍රධානියා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික සහකාර හෙවත් ෆ්ලෑග් ඔෆිසර් කපිතාන් සම්පත් මුණසිංහ නමැත්තාය.
තමාගේ ඉතාම ලඟ හිතවත් පුද්ගලික සහායක සම්පත් මුණසිංහ නමැති මිනීමරු නිලධාරියාම ඝාතන කල්ලියේ නායකයා කර තිබෙන්නේ ද වසන්ත කරන්නාගොඩ විසින්ම ය. මෙම මිනීමරු කණ්ඩායමට කොමදෝරු ඩී.කේ.පී දසනායක, ලුතිනන් කොමදෝරු රණසිංහ, ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි ඇතුළු නාවික හමුදා මිනීමරුවන් 12 දෙනෙකු ඇතුලත්ව සිට ඇත.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික සහායක සම්පත් මුණසිංහ පසු කාලයකදී කරන්නාගොඩගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ඇති අතර එය කරන්නාගොඩට හසුවීමෙන් පසුව සම්පත් මුණසිංහ පළා ගොස් සැඟවී ඇත. තමාට ද්‍රෝහී වූ සම්පත් මුණසිංහ ඉන්නා තැනකින් සොයා ඝාතනය කරන්නැයි වසන්ත කරන්නාගොඩ නියෝග දී ඇත්තේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා වූ කොමදෝරු ඩී.කේ.පී. දසනායකට ය. දසනායක කරන්නාගොඩගේ නියෝග ක්‍රියාත්මක කරනවා වෙනුවට සම්පත් මුණසිංහට රටින් පැන යෑමට උදව් කිරීමට සූදානම් වී තිබේ. මේ බව ඉව වැටුනු නාවික හමුදාපති කරන්නාගොඩ මොවුන් දෙදෙනාගෙන්ම පලි ගැනීමට සිතා මේ දෙදෙනා ලමයින් පැහැරගෙන මරා දැම්මා යයි මරා දැමූ දරුවන් පිරිසකගේ හැඳුනුම්පත් ද සමග පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයට තොරතුරු ලබා දුන්නේ රාජපක්ෂ පාලන කාලයේදී මය. තමන් ගැන සීඅයිඩියට සාක්කි සහිතව තොරතුරු ලැබී ඇති බව දැන ගත් සම්පත් මුණසිංහ අපූරු උපායක් යෙදුවේය. එනම් එවකට නාවික හමුදාපති කරන්නාගොඩ සමග බද්ධ තරහකින් පසුවූ එවක යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට සිදුවීම පාපොච්චාරණය කර මෙකී සුදුවෑන් කල්ලිය ක්‍රියාත්මක කෙළේ වසන්ත කරන්නාගොඩගේ අනුදැනුම ඇතිව බව හෙලිකරමින් තමන්ට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා සිටීමයි. ඔහුට මරණයෙන් ගැලවීමට ඇති හොඳම ක්‍රමය පිළිබඳ උපදෙස් දුන් සරත් ෆොන්සේකා සම්පත් මුණසිංහ සීඅයිඩියට බාර කර තිබේ.
එකල සුදු වෑන් කල්ලියක් මෙහෙයැවූ ‘නේවි සම්පත්‘ නමැත්තෙක් අත් අඩංගුවට ගත්තා යැයි මාධ්‍ය මගින් අනාවරණය කෙළේ මෙකී සම්පත් මුණසිංහගේ බාර වීම ය. සම්පත් මුණසිංහ විවාහ වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රාජා කොල්ලුරේගේ දියණියක් සමග ය. ඒ සම්බන්ධතාද, ගෝඨාභය වෙනුවෙනුත් මිනීමරා ඇති බැවින්ද, ජනතාවට සිදුවීම අකා මකා යනතුරු රහස් පොලිස් බාරයේ සිටි සම්පත් මුණසිංහ රාජපක්ෂලාගේ වනචර දශකයේදී චෝදනා නැතිවම මුදා හරිනු ලැබුවේය.
දැන් යලිත් කළ එළියට බැස ඇත්තේ මෙම සිදුවීමය. යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු පැවැති ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මේ තරම් සාක්කි සහිත තිරශ්චීන අපරාධය ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන බවට රජයක් හැටියට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම සමුළුවට අධිකරණ ඇමැතිවරයා ලෙස සහභාගී වූයේ විජයදාස රාජපක්ෂ ය. ඔහුද එකී පොරොන්දුවේ හවුල් කරුවෙකි.
දැන් ඒ විජයදාස රාජපක්ෂම සරත් එන් සිල්වා සමග රෑට රෑට ‘නේවි ෂැලේ‘ තුලදී ඉහත කී අපරාධකරුවන් වෙනුවෙන් නීති උපදෙස් ලබා දෙමින් සිටී.
යහපාලන ආණ්ඩුවේ ආයුෂ කෙටි කිරීමට විජයදාස රාජපක්ෂ නමැති අඟේ හිඳන් කණ කන දේශපාලන ද්‍රෝහියාගේ මෙම භයානක කුමන්ත්‍රණය ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තවදුරටත් නෑසූ කන්ව සිටියහොත් කාට කාටත් අබ සරණ බව සටහන් කර තැබිය යුතුය.
---------------------------
by (2016-10-09 00:30:23)
Leave a Reply
මේවා අහනකොට අපි අපිටම තලාගන්නයි වෙන්නේ. මෙයාට අධිකරන ඇමතිකම දුන්නේ අගමැති නිසා එයාම තමයි මේකට පියවරක් ගන්න ඕනේ. මූ සරත් ෆොන්සේකා එක්කත් තරහා නිසා තමයි මේවගේ බලු වැඩ කරන්නේ. හැබැයි මේවගේ දෙපිට කාට්ටුවන්ටත් ස්වභාව ධර්මයා සාපකරනවා. ඒවගේම මේ යහපාලනය ගේන්න මුල්වුනු සිවිල් සංවිධානත් මේගැන සොයා බැලිය යුතුයි. අපි බලමු මොකද වෙන්නේ කියලා.
-- by Batty on 2016-10-09
Lanka Enews kiyaveema nawathaalami, a wena kisiwak nisaa nowe. daruwanta thaththeku nethiveema newethveemataya. LeN news kiyawana kiyawana waarayak paasa mathakwanne Sirisena pamani. news kiyawana kiyawana warayak paasaa sirure thibena le[blood] kupithavee asaneepayata pathwanne api dunnu watinaa chandaya mee bettak tharamwath agayak nathiwa Sirisena ape chandayata paingasaa kata puka wasaagena horun mineemaruwan nidelle thabamin kanta bonta dee, magul-paasanam walatada horun kendaa kakaa bibee natanaa vili lejjaa nathi hujja weda katayuthi thawath asamin akaalaye merennata sidda veemen mage daruwanta piyek nathiveema nawathaagannataya. Dear LeN Obata jaya. Obage weda katayuthu me akarayemma pawathwagana yannata shakthiya dhayrryya nomadawa lebewaa...!!! 4632
-- by DisgustedVoters on 2016-10-09
me gus xxx hemadaama kale o kama thamaa. nadu waladith o ka keruwe, koranne o kama thamaa. moda nadukiyanno me wage hora wesige puththu gawata thawath nadu genniyanawane mama kiyanne. muge law chamber eka yasa apooruwata duwanawa thaama minister kenek unaata. Mohan Peris hora CJ , CJ putuwe iddith law chamber eka lassanata aragana giyaa... a hora cj wagema thamai me hora huxxx puthath. me wage gasthara ballo ministers la ne.. 4632
-- by Podinilame on 2016-10-09
Api veelaasanama kivva meya depath nayek kiyala.Naayakayan kiyana ayata thanathuruvalata niyama sudussan thoraa pathkara ganeemata athi Nohakiyaava hondata penenavaa.
-- by nareen on 2016-10-09
jvp karayonta mada gagaha hitiyata un kiwa ekath aththa den balanakota.
-- by wenura on 2016-10-11
me wage paahara wal wesigepuththu pukata pain dekak anala parlimenthuwemma pannala dala, korapu, korana hora weda magadi walata nadu daala jivithanthaya dakwaa hire yawanda o ne. Yahapalana janadipathith me wage wal wesigepuththune ministerla koragana inne. nikan neme Adhikarana amathyanse. Maru sirisena mahaththayo. ohoma yang..... me,wage wal ballo , paaharayonta padamak ugannanne kawadda? me wage hora ballontath chande gahana ponna booru relakuth thaamath ape rate innawane.. kathire gahana ekaalage mola wala gooda hithaganda baa thiyenne. me wage wesigepuththunta mokaa naama yojanaa denawada danne naa ne?
-- by Sunanda on 2016-10-11
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි