(ලංකා ඊ නිව්ස් -2016.ඔක්.27, ප.ව.9.30) විමල් වීරවංශගේ නිවසේදී මිය ගිය දකුණු හෝකන්දර අංක 71 දරණ නිවසේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ ළහිරු ජනිත් දිසානායක නමැති 24 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු විවෘත තීන්දුවක් දුන් දකුණු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ තරුණයාගේ මරණය ස්වභාවික නොවන සැක කටයුතු මරණයක් බවයි. එ අනුව වැඩි දුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීන්දු කෙළේය.
ඊයේ ශ්‍රි ජයවර්ධණපුර රෝහලේ තැන්පත් කර තිබූ ළහිරු ජනිත්ගේ සිරුර පරීක්ෂා කළ මරණ පරීක්ෂක පී.ඩී. ගලගෙදර මහතාගේ නිරීක්ෂණයට හසුවූයේ මළ සිරුරේ නහයෙන් ලේ ඇවිත් තිබූ බවත්, කිසිවෙක් එම ලේ පිසදා තිබුණු බවත්ය. මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලා යාමක්ද තොල් අස්වාභාවික ලෙස වියළී තිබූ බවද නිරීක්ෂණය කළ මරණ පරීක්ෂක වරයාට මළ සිරුරේ බෙල්ලේ දකුණු පසද, වම් පස පිට පැත්තට වන්නට උරහිස අසලද, බඩ දෙපසේද නිල් පැහැ ගැන්වී ඇති තැලුම් පහරවල් නිරීක්ෂණය විය. එම නිරීක්ෂණ පොලිසියට දැනුම් දීමත් සමග පොලිසිය විසින් බී වාර්තාවක් මගින් කඩුවෙල මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කෙරිණ.
ඉන්පසුව කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විමල් වීරවංහගේ නිවසට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වූ අතර පසුව ජයවර්ධනපුර රෝහලට ගොස් තරුණයාගේ සිරුර ද පරික්ෂා කෙළේය. ඉන්පසු මහේත්‍රාත්වරයා නියෝග කෙළේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දකුණු කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත සිරුර ඉදිරිපත් කර එහි වාර්තා තමාට ලැබීමට සලස්වන ලෙසයි. එ් අනුව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් දුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වැඩි දුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කෙළේය.
මේ අතර මිය ගිය ළහිරු ජනිත්ගේ මව ප්‍රකාශ කරන්නේ තමාගේ දරුවා නිවසින් පිටව යද්දී ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටිය බවයි.
මේ අතර වීරවංශ නිවසේදී මිය ගියාද? මරා දැමුවාද? යන්න ගැන සැක පහළ වී ඇති ළහිරු ජනිත් තරුණයා විමල් වීරවංශගේ දියණිය විමාෂා විශ්වාදරී ගේ පෙම්වතා බවත් එම පෙම් සබඳතාවයට දැඩි විරෝධයක් වීරවංශ පවුලෙන් එල්ල වී තිබූ බවත් ළහිරු ජනිත්ගේ මෙන්ම වීරවංශගේ පුත්‍රයා විභූතිගේද මිත්‍රයෙකු විසින් හඬ පටයක් මාධ්‍ය ආයතන වෙත අද එවා තිබිණ. ඔහු එහිදී පොලිසියෙන් ඉල්ලා සිටින්නේ අභිරහස් ලෙස මිය ගිය ළහිරු ජනිත් ඉතා හොඳ සෞඛ්‍යයෙන් පෙළුනු තමාගේ මිතුරෙකු බවත් මෙලෙස මිය යාම ඉතාමත් සැක සහිත බවත් ඔහු අවසන් මොහොතේ දුරකථනයෙන්ද ෆේස් බුක් මගින්ද තබන ලද පණිවුඩ සොයා බලන ලෙසය. මරණයෙන් පසු ‘ශෂී ආන්ටිගේ‘ ප්‍රකාශ ගැනද තමාට සැක සහිත බව මිතුරා පවසා ඇත.
මේ අතර මෙම අභිරහස් මරණය මාධ්‍ය මගින් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා විශාල බලපෑම් එල්ල වී තිබේ. රටේ ප්‍රධාන මන්ත්‍රීවරයෙකුගේ නිවසින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවීමත්, ඒ මිය ගිය තරුණයා මන්ත්‍රීවරයාගේ දියණියගේ පෙම්වතා වීමත් ලංකාවේ ප්‍රධාන මාධ්‍ය වලට මුල් ඝණයේ පුවතක් වී නොතිබිණ.
සබැඳි පුවත
---------------------------
by (2016-10-27 20:07:53)
Leave a Reply
මරැ තව ටිකක් උසාවි ගානේ විමල්ව රස්තියාදු කරවන්න පුළුවන්.....
-- by Neela on 2016-10-28
,නොදොකින් විතරක්.
-- by tikiri banda on 2016-10-28
විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ සිරුරේ තැලීම් ඇති බවට මරණ පරීක්ෂක වාර්තා ශරිර කොටස් රස පරික්ෂක වෙත...........ලංකාදීපය මේ ගැන දන්නෙම නැහැ.කිසිම දෙයක් දන්නේ නැහැ.ඔය පත්තර කන්තොරෝව වහල පාරේ රෙද්දක් එලාගෙන හිගා කාපල්ලා.විමල් කියද්දීත් ලංකාදීපයේ අවුන්ට හුජ්ජ ගූ ගිහින් ඉවරයි
-- by tikiri banda on 2016-10-28
ළහිරු ජනිත්, වීරවංශ නිවසේදී මරා දැමුවාද? මළ සිරුර කැපූ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් විවෘත තීන්දුවක්..! කොටස් රස පරීක්ෂකට..!! මිය ගියේ වීරවංශ දියණියගේ පෙම්වතා: අපට සැකයි: මිතුරෙක් කියයි........කොන්දක් කියල දෙයක් ලංකාදීපයට තියෙනවනම්,විමල් කියද්දීත් හුජ්ජ ගු යන්නේ නැතිනම් විමල්ගේ ගෙදර මරුන කොල්ල ගැනත් ලියපල්ලකෝ.ලංකාවේ හොදම පුවත් පත බවට ලංකාදීපය පත් කලේ ගංජා ගහපු අවුන්ද?වචනයක්වත් ලියන්න/කියන්න බැරි ඔබලාගේ ජඩ මාද්‍ය ගැන ලැජ්ජයි.ඔබල වගේ මද්යවෙදියෝ ඉන්න අපේ රටටත් ඉර හද පායන එක ගැනයි මට පුදුමේ.
-- by tikiri banda on 2016-10-28
දැන් ඉතින් මැරැණු දරැවගේ අම්ම විමල්ගෙ පට්ටන්තරේම එළියට දායි
-- by Julian on 2016-10-28
you're damn correct 'TIKIRI'
-- by ACRPerera on 2016-10-28
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි