~

වීරවංශ දියණිය දමා ළමා කාර්යාංශයට පැමිණිලි කෙළේ පවුලටම බටහිර රටක දේශපාලන රැකවරණ ගන්නද?

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.08, පෙ.ව‍‍‍‍‍‍.‍‍‍8.35) මූලික මානව අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් යනු බටහිර කුමන්ත්‍රණකාරයන්ගේ බිල්ලෙක් යැයිද, සීත රටවල දේශපාලන රැකවරණ ලබා ගැනීමට ගහන අවලාදයක් යැයිද පසුගිය කාලයේ බෙරිහඬ නැගූ විමල් වීරවංශ තම දියණියගේ ළමා අයිතිවාසිකම් ඉල්ලා ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් තිබීම දෛවයේ සරදමක් නොවේ නම් වීරවංශ පවුලද බටහිර රටක දේශපාලන රැකවරණ පැතීමට යනවාද යන සැකය මතුවී ඇත.

ළමා කාර්යාංශයට කළ පැමිණිල්ලේ දී කියා සිටියේ තම නිවසේ සිදුවූ තරුණයෙකුගේ මරණය අල්ලාගෙන වෙබ් අඩවි කාරයන් සහ සමාජ ජාලා තම දියණියට මඩ ගසමින් දියණියගේ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. 

ලංකා ඊ නිව්ස්ද ඇතුළු වෙබ් අඩවි එම සිද්ධියේ දී වීරවංශගේ දියණියට මඩ ගැසුවේ නැති අතර කියා සිටියේ වීරවංශ නිවසේ රාත්‍රිය ගත කරමින් සිටියදී මරා දැමුවාදැයි සැක කෙරෙන තරුණයාගේ මරණය ගැන නිසි ලෙස පරීක්ෂණ සිදුකරන ලෙසය. එහිදී ජනතාවට වඩා වැදගත් වන්නේ වීරවංශගේ දියණියගේ නම්බුවද? තරුණයෙකුගේ ජීවිතයද ? නිසැක ලෙසම කාගේවත් නම්බුවකට වඩා මොකාගේ හෝ ජීවිතයක වටිනාකම වැඩිය. වයස අවුරුදු 16 සපුරන තරුණියකට ලංකාවේ නීතිය අනුව විවාහ විය හැකිනම් වීරවංශගේ දියණිය ඊට අඩුවන්නේ මාස කිහිපයකි. තම දියණියගේ නම්බුව වෙබ් අඩවි වලින් බලාපොරොත්තු වන වීරවංශ ඊට පෙර තරුණ වියට එළැඹෙන දියණියක් සිටින ගෙදරක රෑ තිස්සේ තරුණයන් දමා ගැනීම ගැන ‘දුවගේ නම්බුව බැලුවේ නැතිදැයි‘ කියා අම්මා ශෂීගෙන් ප්‍රශ්න කළ යුතුය.

අනෙක් අතට කිසිදු වෙබ් අඩවියක් වීරවංශගේ දියණියට මඩ ගැසුවේ නැත. කියා සිටියේ මරා දැමුවා යැයි සැක කටයුතු තරුණයා වීරවංශගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් තිබූ බවය. විවාහ වීමට වයස සැපිරීමට මාස ගණනක් තිබෙන තරුණියකට තවත් තරුණයෙකු ප්‍රේම සම්බන්ධයක් තිබුණා යැයි කීම මඩක් වන්නේ කෙසේදැයි වීරවංශගේ නීතිඥයන් පැහැදිලි කළ යුතුය. කෙල්ලක් කොල්ලෙකු සමග නොව බල්ලෙකු සමග සම්බන්ධයක් තිබුනා යැයි කීවා නම් වැරදිය. අනෙක ඒ රාත්‍රියේ නිවසේ සිටි සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කළ යුතු නමුදු මිය ගිය තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් තිබුනා යැයි සැක කෙරෙන දියණියගෙන් පොලිසිය ප්‍රශ්න නොකෙළේ ඇයිද යන්න වෙබ් අඩවි විසින් ප්‍රශ්න කෙළේය. එය මඩක් වන්නේ නම් වෙබ් අඩවි සහ කතුවරුන් නමින් සඳහන් කරමින් ඔවුන් එංගලන්තයේ ගණිකා මඩම් පවත්වාගෙන යනවා යැයි වීරවංශ කී අමූලික බොරු වලට කියන්නේ කුමක් කියාදැයි එදා මාධ්‍ය වලට බෙරිහන් දුන් ඔහුගේ ගොබ්බ නීතිඥයන් පැහැදිලි කළ යුතුය.  

කෙසේ වෙතත් මිනිසුන්ගේ මානව අයිතිවාසිකම්, යනු බටහිර කුමන්ත්‍රණකාරයන්ගේ බිල්ලෙක් යැයිද, සීත රටවල දේශපාලන රැකවරණ ලබා ගැනීමට ගහන අවලාදයක් යැයිද පසුගිය කාලයේ බෙරිහඬ නැගූ විමල් වීරවංශ තම දියණියගේ ළමා අයිතිවාසිකම් ඉල්ලා නීතිය ඉදිරියට යෑමෙන් වීරවංශ සහ පවුල බටහිර රටක දේශපාලන රැකවරණ පැතීමට යනවාද කියා සාධාරණ සැකයක් පහළ වේ. 

අනෙක් අතට ඔහු දුව ගැන ළමා කාර්යාංශයට පැමිණිලි කෙළේ තම නිවසේ රාත්‍රිය ගත කළ තරුණයා මරා දැමුවාද කියා රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව බැවින් රහස් පොලිස් පරීක්ෂණ වලදී දියණියගෙන් ප්‍රශ්න කිරීමෙන් ගැලවී සිටීමට ඔහුගේ  නීතිඥයන් විසින් දෙන ලද මෝඩ උපදෙස් අනුව යැයිද දැන ගන්නට තිබේ. 

---------------------------
by     (2016-11-08 04:34:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links