(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.09, ප.ව.11.30) ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතරැති සමීප සබඳතා තව තවත් තහවුරු හා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ට්‍රම්ප් මහතාට සුභාශිංෂණ පිරිනමමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකානු ජනතාවට විප්ලවකාරී වෙනසක් අවශ්‍ය බව මේ ජයග්‍රහණයත් සමගම සනාථ වූ බවය.
දේශපාලනඥයෙකු නොවන, ව්‍යාපාරිකයකු ලෙස ප්‍රසිද්ධිය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම පක්‍ෂයේ දේශපාලනඥයින් පරාජය කර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබා ගත් බවත්, ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් මහතාට අවාසිදායක තත්ත්වයන් බොහොමයක් තිබුණු බවත් පෙන්වා දුන් අගමැතිවරයා ඒ පසුබිම මත ට්‍රම්ප් මහතා ලබා ගත් ජයග්‍රහණය සුවිශේෂී එකක් බවද නිවේදනයේ දැක්වේ.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ඇමරිකානු නව ජනාධිපතිවරයාට සුභ පතමින් පණිවුඩයක් යවා තිබේ.
ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් මහතා පත් වනු ඇතැයි ඡන්දයට පෙර ජාත්‍යන්තර තලයේ කිසිදු වගකිව යුතු මාධ්‍යයක් තබා ඇමරිකාවේ ප්‍රබල මාධ්‍ය පවා අනාවැකි කීවේ නැත. ඔහු ජනාධිපති වනු ඇතැයි ඇමරිකාවේ පවසා තිබුනේ එක් වෙබ් අඩවියක් පමණක් බව ඡන්ද ප්‍රතිඵල කියද්දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ට්‍රම්ප් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් වාර්තා කරමින් එංගලන්තයේ එක් ප්‍රබල මාධ්‍යයක් උපහාසයෙන් කියා සිටියේ දේශපාලනඥයෙක් නොවන ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාරිකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දුන් ඡන්ද පොරොන්දු අනුව මැක්සිකානු බෝඩරයේ තාප්පයක් බඳින එකනම් ඉටුකරනු ඇති බවයි. සංක්‍රමණිකයන්ට එරෙහිව වෛර සහගත ප්‍රකාශ කළ ට්‍රම්ප් මහතා මැක්සිකෝවෙන් ඇමරිකාවට සංක්‍රමණය වන අයට එරෙහිව කතා කරමින් බෝඩරයේ තාප්පයක් බඳින බව කීවේය.
ව්‍යාජ විශ්ව විද්‍යාල හදා සිසු සිසුවියන්ගෙන් මුදල් ගෙන වංචා කරන ලද, බදු වංචා කරන ලද, කාන්තාවන් අපහරණය කරන ලද, සුළු ජාතීන්ට එරෙහිව වෛරී ප්‍රකාශ කළ ජාතිවාදී, රුසියානු හිතවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ගලයෙකු වෙනුවෙන් ඇමරිකානු ජනතාව අති බහුතර ඡන්දයක් පාවිච්චි කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
කෙසේ නමුත් ජනමතය පිළිගන්නා ලෝක නායකයන් බොහෝ දෙනා ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා තිබේ. ඒ අතර ඉදිරියෙන්ම සිටියේ රුසියානු ජනාධිපති පුටින් ය. එංගලන්තය යුරෝපා හවුලේ රටවල් සියළු දෙනා ට්‍රම්ප්ට සුබ පතා තිබිණ. ඉන්දියානු අගමැතිවරයාගේ සුබ පැතීමේදී ඡන්ද ව්‍යාපාරය තුල ට්‍රම්ප් ඉන්දියානුවන්ට එරෙහිව ප්‍රකාශ නොකිරීම ගැන සතුටු වන බව පවසා තිබිණ.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ජාතිවාදය ඇතුළු ප්‍රතිපත්ති වලට විරුද්ධ එක් ඇමරිකානු දේශපාලන විචාරකයෙකු පවසා සිටියේ දේශපාලන අවබෝධයක් නොමැති ට්‍රම්ප් බොහෝ විට අන් අයගේ රූකඩයක් විය හැකි බවත්, ඔහුගේ විනයක් නැති ක්‍රියා සහ ප්‍රකාශ නිසා ඇමරිකානු නීතියේ ඇති ‘ඉම්පීච්මන්ට්‘ (දෝෂාභියෝගය) යන වචනයට අරුතක් එක්විය හැකි බවත්ය.
ට්‍රම්ප් බලයට ඒම ලංකාවේ යහපාලනප්‍රේමී ජනතාව දකින්නේ එය ඇමරිකාවේ රාජපක්ෂ කෙනෙකු බලයට ඒම හා සමානව ය. ශ්‍රී ලාංකිකයන් අවුරුදු 10 ක වනචර දශකයක් පුරා කෑ ‘පරිප්පුව‘ ඇමරිකානුවන්ද කා බැලිය යුතු යයි ඔව්හු කියති. එබැවින් ඔවුන් ට්‍රම්ප්ට ‘ට්‍රම්පච්චී‘ කියා උපහාසයෙන් අමතා තිබිණ.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ජනාධිපති වීම ලංකා ඊ නිව්ස් දකින්නේ ඉන්දියාවේ 1996 දී විශාල ජයක් සමග වජ්පායිගේ බීජේපීය බලයට පත් වීමට සමානව ය. 1992 දී ඇති වූ හින්දු මුස්ලිම් කෝලහාලයෙන් පසු හින්දූන් විසින් ‘බබ්රි‘ මුස්ලිම් පල්ලිය ගිනි තබා විනාශ කරන ලදී. වජ්පායිගේ බීජේපීය බලයට ආවේ එම මුස්ලිම් පල්ලිය මත හින්දු දේවස්ථානයක් ඉදිකරන බවට පොරොන්දු දෙමින් හින්දු අන්තවාදය අවුළුවමිනි. තනි පක්ෂයක් ලෙස විශාල බලයක් වජ්පායිගේ බීජේපීයට ලැබිණ. එසේ ජාති ආගම්වාදයෙන් බලයට පත් වූ නමුත් බීජේපීය ප්‍රථමයෙන්ම කෙළේ පෙර කී බබ්රි මුස්ලිම් පල්ලිය මත හින්දු දේවස්ථානයක් ගොඩ නැගීම නොව එය යලි ගොඩ නගා මුස්ලිම් වරුන්ටම පූජා කිරීම ය. ඉන්පසු වත්මන් ඉන්දියාව අද ලබා ගෙන සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ල ආරම්භ කරන ලද්දේ 1996 දී බලයට ආ එකී බීජේපී ආණ්ඩුව විසිනි. ඒ අනුව බලය ලබා ගැනීමට දේශපාලනඥයන් කවර නම් අන්තවාදයක් භාවිතා කළද බලය පවත්වාගෙන යෑම සඳහා අන්තවාදය භාවිතා කළ නොහැකිය. ට්‍රම්ප්ට සිදුවනු ඇත්තේ ද එයයි. රාජපක්ෂලා කෙළේ එහි කණපිටය. ඔවුන් බලය පවත්වාගෙන යෑම සඳහා අන්තවාදය භාවිතා කිරීමට ගොස් නන්නත්තාර විය.
---------------------------
by (2016-11-09 22:36:23)
Leave a Reply
ai thawa dayak makan oppu wenawa pol gahala chanda dinawanna ba kiyala
-- by magni on 2016-11-10
Well said. You are brilliant Enews!
-- by Gamini on 2016-11-11
Hilari samaga nagitimu !! Hilari samaga nagitimu !!
-- by Wimal Weerawansha on 2016-11-12
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි