(ලංකා ඊ නිව්ස් -2014.සැප්.07, ප.ව.9.30) රාජ්‍ය ආයතන වල දූෂණ සෙවීම සඳහා නිරීක්ෂන චාරිකාවේ යෙදුනු එජාප මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් වූ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා අද දහවල් රිය අනතුරකට මුහුණ පෑ අතර ඉන් ඔහුගේ දකුණු පාදයේ දණහිසට පහලින් කොටසක් සැත්කමකින් ඉවත් කර ඇති බව කණගාටුවෙන් වාර්තා කිරීමට සිදුව තිබේ.
ඊයේ පස්සර පැවැති එජාප සංවත්සර රැළියට සහභාගී වී කොළඹ පැමිණි මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා යලිත් අද උදෑසනින්ම බූස්ස යුද හමුදා කඳවුර බලා පිටත්ව ගොස් තිබේ. ඔහුගේ දරුවෙකු මෙවර සරසවි වරම් ලබා ඇති අතර දරුවාගේ සති තුනේ නායකත්ව පුහුණු වැඩ සටහන ආරම්භ කිරීමට නියමිතව තිබී ඇත්තේ අද දින බූස්සේ යුද හමුදා කඳවුරේ ය. ඒ සඳහා දරුවා එහි ඇරලවා යලි කොළඹ බලා එද්දී දකුණු අධිවේගී මාර්ගයේ 39 වෙනි සැතපුම් කණුව අසල වැලිපැන්න ප්‍රදේශයේදී මන්ත්‍රීවරයා ගමන් කළ රිය අනතුරට ලක්වී තිබේ. දැනගන්නට ඇති පරිදි රියැදුරාට නින්ද යෑම නිසා රිය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇත.
ලංකා ඊ නිව්ස් කළ විමසීමකදී පොලිසිය පැවසුවේ අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැට එක දිගටම නැති බවත් එය සවිකර ඇත්තේ තැනින් තැනින් බවත් මන්ත්‍රීවරයා අනතුරට ලක්වූ ස්ථානයේ ආරක්ෂක වැටක් තිබී නැති බවයි. වෙනත් රටවල අධිවේග මාර්ග වලදී රියැදුරන්ට නින්ද යෑම වළක්වා ගැනීමට පාර දෙපසින් රැලි සහිත කොටසක් ඇතැයිද එවිට රථය ඉවතට යෑමට පෙර රියැදුරා අවදිවන නමුත් ලංකාවේ අධිවේග පාරවල එවැන්නක් නැතැයිද එනිසා මෙවැනි අනතුරු සිදුවන බවද පොලිසිය කීවේය.
අනතුරින් පසුව කොළඹ මහ රෝහලට රැගෙන ආ මන්ත්‍රීවරයා පරීක්ෂා කළ වෛද්‍යවරුන් මන්ත්‍රීවරයා බේරාගැනීමට නම් ඔහුගේ දකුණු කකුල දණහිසට පහලින් කොටසක් කපා ඉවත් කිරීමට සිදුවන බව දන්වා ඇත. ඔහුගේ අනෙකුත් තුවාල එතරම් දරුණු නොවේ. මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ බිරිඳ ද වෛද්‍යවරියකි.
කෙසේ වෙතත් පාද කොටස ඉවත් කර ඇත්තේ සුව වීමෙන් පසුව කෘතිම පාදයක් සවි කළ හැකි අන්දමින් බවත් ඔහුට සාමාන්‍ය පුද්ගලයෙක් සේ කටයුතු කළ හැකි වනු ඇති බවත් වෛද්‍යවරු පවසති.
රාජ්‍ය දූෂණයන්ට එරෙහිව අභීතව සටන් වැදුනු අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා දේශපාලනඥයෙක් වීමට පෙර වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.
---------------------------
by (2014-09-07 17:44:20)
Leave a Reply
This is the same thing happened to JVP leader Anura Kumara Dissanayake. His driver met with an accident and luckily AKD escaped death.
There is something happening to Opposition parties since lately and specially to UNP.
Everybody should pray to protect all opposition party members and to Sri Lanka from Rajapakse curse.
-- by Lasantha on 2014-09-08
හොඳ මිනිස්සුන්ට තමා ඔක්කොම කරදර වෙන්නෙ.
-- by citizen on 2014-09-09
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි