(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.10, පෙ.ව.9.00) විමල් වීරවංශගේ නිවසේ රාත්‍රිය ගත කරද්දී මරා දැමුවා දැයි සැක කෙරන ලහිරු ජනිත් දිසානායක තරුණායගේ මරණය සම්බන්ධයෙන් ජංගම දුරකථන හතක ඇමතුම් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇත.
මරා දැමුවා දැයි සැක කෙරෙන තරුණයා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ ජංගම දුරකථන හතක දත්ත වාර්තා අනුව මෙම විමර්ශනය සිදු කළ යුතු බවත් ඒ සඳහා එම දුරකථන අංක අයත් සමාගම් තුනකට විමර්ශනය සඳහා අවසර ලබා දෙන්නැයි පොලිසිය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව අධිකරණය එකී අවසරය ලබා දී තිබේ.
කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අදාළ අවසරය ලබාදෙමින් දත්ත වාර්තා ලබාදෙන ලෙස දුරකතන සමාගම්වලට නියෝග කර ඇත.
මේ අතර ඔක්තෝම්බර් 26 දා මළ සිරුර හමුවූ තරුණයාගේ සිරුරේ කොටස් පිලිබඳ රස පරීක්ෂක වාර්තාව අද වන විට දින 16 ක් ගත වී නමුත් තවමත් ලැබී නැත.
---------------------------
by (2016-11-10 03:36:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි