(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.11, පෙ.ව.4.10) අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමට බලාපොරොත්තුව සිටි ජනතාවට මෙවර අයවැය මගින් කනට මී පැණි වත් කෙරෙන පුවතක් ලැබී තිබේ. ඒ අනුව ඇමර්සෝන්, ඊ-බේ වැනි ජාත්‍යන්තර අන්තර්ජාල සුපිරි වෙළඳ ජාල සමග සම්බන්ධ වී තමන්ගේ නිපැයුම් අලෙවි කර ගැනීමට හැකි වනු ඇත. වෙනත් වචන වලින් කියන්නේ නම් එවැනි ලෝකප්‍රකට ආයතන සමග ඔන් ලයින් ගණු දෙනුවට සුළු ව්‍යාපාරික ශ්‍රී ලාංකිකයාට බාධාවකින් තොරව ද්වාරය විවෘත වී තිබේ.
ඔන් ලයින් ව්‍යාපාර කිරීමේ හැකියාව මෙතෙක් ලැබුනේ ඉතාමත් සීමිත පිරිසකට පමණි. ඒ බැංකු වලට විශාල මුදලක් ගෙවිය හැකි කොම්පැනි වලට සහ විදේශයක බැංකු ගිණුමක් තබා ගත හැකි ව්‍යාපාරිකයෙකුට පමණි. බැංකු විසින් විශාල වාර්ෂික මුදලක් ඉල්ලා සිටින්නේ ය. විශාල ගණුදෙනුවක් සිදු නොවන අයෙකුට එම මුදල ගෙවීම අසීරුය. ප්‍රකට පේ-පෑල් ගණුදෙනුව පවා ශ්‍රී ලංකාවට විවෘත නැත. පේ - පෑල් හරහා ශ්‍රී ලංකාවෙන් මුදල් ගෙවිය හැකි වුවද ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගත හැකි නොවීය. ඊට හේතු වූයේ ඔවුන් ඉල්ලා සිටින බැංකු ගිණුම ලංකාවේ එකක් නම් පේ-පෑල් ගිණුමක් ආරම්භ කිරීමට නොහැකි වීමය.
මීට වසර 12 කට පෙර ලංකා ඊ නිව්ස් ආරම්භ කරද්දී (එවිට ෆේස් බුක් එක පවා බිහිවී නොතිබිණ) මේ සම්බන්ධයෙන් අප ගණුදෙනු කළ සියළුම බැංකු සමග සාකච්ඡා කළද පිළිතුරක් ලබා ගත හැකි නොවීය. අනතුරුව එවක සිටි මහ බැංකු අධිපති කබ්රාල් මහතාගෙන් විමසූ විට ඔහු පෙරලා අපෙන් ඇසුවේ “පේ-පෑල් කියන්නේ මොකක්ද?“ කියා ය. ඉන්පසුව වසර 3-4 ක් පුරා ලංකා ඊ නිව්ස් ඒ සඳහා උත්සාහ කළද එවැන්නක වටිනාකම තේරුම් ගත හැකියාවක් තිබූ එකදු වගකිව යුත්තෙක් සොයා ගත නොහැකි විය. ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති ජාලය හදද්දීම ඊට සමගාමීව අප නිර්මාණය කළ අලෙවිකරණ ජාලය අත් හැර දැමීමට අපට එදා සිදුවිය.
මෙහිදී මූල්‍ය පාලකයන්ට බලපෑවේ ඔන් ලයින් ගණුදෙනුව මගින් ලංකාවෙන් එළියට යන හෝ ලංකාව ඇතුලට එන භාණ්ඩ සඳහා බදු අය කර ගන්නේ කෙසේද? යන ගැටලුවට පිළිතුරු සොයා ගැනීමට නොහැකි වීමයි.
රවි කරුණානායක මහතා අද අය වැය කතාව ඉදිරිපත් කරමින් මීට විසඳුම් දී තිබෙන බව පැවසීය. එනම් ලංකාවේ මූල්‍ය පාලකයන් අය කරගත යුතු බදු, පෙර කී ඇමර්සෝන්, ඊ-බේ වැනි ආයතන වලට අය කර ගැනීමට ඉඩ දී ඔවුන්ගෙන් එය යලි ආණ්ඩුව අය කර ගැනීමයි. ගණුදෙනුව අධීක්ෂණය කිරීම භාණ්ඩාගාරය විසින් කරනු ඇත. සත්‍ය වශයෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් කරන්නේ ද මෙයයි. එය තේරුම් ගැනීමට සහ ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මේ දක්වා සිටි ගොබ්බ පාලක ගං කබරයන්ට නොහැකි විය.
අය වැයට පෙර ලංකා ඊ නිව්ස් පේ-පෑල් සම්බන්ධයෙන් මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ පේ-පෑල් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ලබන වසරේ පෙබරවාරි පමණ වන විට ගැටළු සියල්ල නිරාකරණය කර ගත හැකි බවත්ය. එවිට ශ්‍රී ලාංකිකයාට ඍජුව පේ-පෑල් හරහා ගණුදෙනු කළ හැකි වනු ඇත.
පේ-පෑල් හි ඇති වටිනාකම නම් ලංකාවේ අටකලම්පන්නේ අයෙක් හදන බිත්ති සැරසිල්ලක් ඇමරිකාවේ නිව්යෝර්කයේ හෝ එංගලන්තයේ ලන්ඩනයේ හෝ සිටින අයෙකුට එසැණින් විකුණා මුදල් ලබා ගැනීමට ඇති හැකියාවයි. අත්කම් සැරසිලි සඳහා ඇමරිකාවේ පමණක් සපුරා නැති ඉල්ලුම ඩොලර් බිලියන 3 කි. මන්ද යත් යාන්ත්‍රිකව අත් කම් කළ නොහැකි නිසාය. ඒවා අතින්ම හැදිය යුතුය. අතින් නිමවන බීරළු බිත්ති සැරසිල්ලක් හෝ මේස සැරසිල්ලක් ලන්ඩන් නුවර පාරිභෝගිකයෙකුට කිසිදු කරදරයකින් තොරව රුපියල් ලක්ෂයකට පමණ විකුණා ගත හැකිය. අතින් ගොතන වූල් සීත කබායක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 2 කට පමණ විකුණා ගත හැකිය. අද මැද පෙර දිග යන කාන්තාවට අනාගතයේදී ලංකාවේ බීරළු ගෙතීම හෝ වූල් ගෙතීම හෝ ඉගෙන ගෙන මැදපෙරදිග පරදාර කම් කර උපයන ගණන මෙන් තුන් හතර ගුණයක් සොයා ගත හැකි වනු නිසැකය
අත් කම් පමණක් නොව ගොවිතැනද එසේමය. අයෙක් තම පුද්ගලික ගොවිපොලක රසායනික පොහොර නොයොදා හදන එළවළු මල්ලක් යුරෝපයේ පවුලකට විකුණා ගත හැකිය. එවැනි එළවළු මල්ලක වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 5000 ක් පමණ වේ. පළතුරුද එසේම ය. ලංකාවේ ගස් යට වැටී කුණු වී යන වරකා මදුලු 6 ක් ලන්ඩනයේදී රුපියල් 250 ක් පමණ වේ. වරකා ගෙඩියක ගණන ගැන සිතා ගත හැකිද ?
ලංකාවේ විවිධ අත් කම් හැකියාවන් අනුව කුල පවා බිහිවී ඇති අතර ඒ හැකියාවන් ඇතියවුන්ට එය පරම්පරාවෙන් ජානගතව පැමිණ ඇත. දැන් ඉදිරියේ ඇත්තේ තමන්ගේ කුලය සඟවා ගත යුතු යුගය නොවේ. කුලයට විශාල වටිනාකමක් ලැබෙන, එය විකුණාගත හැකි යුගයකි. ඔබ රන් කරුවෙක් නම් “ඔව් මම ආචාරි කුලයේ. රජකාලේ සිට පරම්පරා ගණනක් අපේ පරම්පාරව කළේ රන් භාණ්ඩ තැනීම තමයි“ කියා කීවොත් අද ඔබ හදන පැන්ඩනයට හෝ කරාබුවට වැඩි ඉල්ලුමක් ලැබෙනු ඇත. ගෝලීය වෙළඳ පොලේ ස්වභාවය එයයි.
කලා නිර්මාණ කරුවන්ට ද තම නිර්මාණ සඳහා විදේශික පාරිභෝගිකයෙකු සොයා ගැනීම අසීරු නොවේ. සජීවකරණයට, සංගීත ඛණ්ඩ නිපැයුමට අති විශාල වෙළෙඳ පොලක් තිබේ. කතුවරුන්ටද තම පොත ඊ-බුක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් වැඩි ආදායමක් ලැබෙනු ඇත. සිනමා කරුවාටද ලංකාවේ සිනමා ශාලාව අතහැර දමා ‘නෙට්ෆ්ලික්ස්‘ , ‘ඇමර්සෝන් ප්‍රයිම්‘, ‘ගූගල් ප්ලේ‘ වැනි ජාලයකට තම සිනමා නිර්මාණ ඉදිරිපත් කර මුදල් උපයා ගත හැකිය.
මේ සියල්ලේදී අවංකව නිපදවීමත් එය ජාත්‍යන්තර තලයේ නිෂ්පාදනයක් වීමත් අත්‍යාවශ්‍ය වනු ඇත. එවිට අද දූපතට වී ‘මං පොර ජාතකය‘ ලියාගෙන සිටින බොහෝ දෙනාට තමන්ගේ සැබෑ තරම තේරුම් යෑමද වැළැක්විය නොහැකිය.
ඊයේ ඉදිරිපත් කළ අය වැය මගින් මේ කාරණා සඳහා දොර විවර කර දී තිබේ. මෙතෙක් කල් ඔන් ලයින් මගින් මුදල් ගෙවිමට පමණක් හැකියාව තිබී මුදල් ගෙන්වා ගැනීමට හැකියාව නැතිවී තිබූ යුගය නිමා වනු ඇත. ඊ-බේ, ඇමර්සෝන් ආදී අන්තර්ජාල සුපිරි වෙළඳ ජාලයක ශ්‍රී ලංකාවේ ඔබටද කුඩා ඉඩක් මිලදී ගෙන තම නිෂ්පාදන එහි තබා විකුණා ගත හැකිය. ඊ-බේ, ඇමර්සෝන් ලා ඔබේ ගණුදෙනුවේ වගකීම දරණු ඇත.
ලංකා ඊ නිව්ස් වසර 12 ක් පුරා පුල පුලා බලා සිටි අතරමැදියන් නැති, පොලු නොවදින, බොරු කාරයා හැලෙන, වැඩ කාරයා නොනවතින මේ අනගි ක්‍රමයට දැන් ශ්‍රී ලංකාව විවෘතය. ආණ්ඩුව කළ යුත්තේ ප්‍රබල දැනුවත් කිරීමේ වැඩ සටහනක් මගින් මෙය ජනතාව අතර ප්‍රචලිත කිරීමය. ජනතාවට මේ ගැන අධ්‍යාපනයක් ලබා දීමය. එසේ කළහොත් මෙය අනාගතයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ දැවැන්ත විප්ලවයක් සිදුකරනු නිසැක ය. ගෝලීය බූවල්ලා ගැන දොඩවන නියැන්ඩර්තාලයන්ට නම් අඳෝමැයි..
---------------------------
by (2016-11-10 23:53:54)
Leave a Reply
Sandaruwan danne nethi kulaya gana katha nokireema itha watinawa. Mokada Me rate adatath pawathina siyalu weda kale aachari kulaye un nisa. mada mirikeema, pakkalikam kireema hara me rate eka paladayaka wedak goiyanta ho an kawarekutawath kala nohaki nisa. Acharin kisida kisi kenekuta atha paaweda paanneda netha......
-- by Wiskam on 2016-11-11
Mr. Sanadaruwan, menna me tika mehemmama sri lankika siyaludenaatama kiyawannata hakiwana se puwathpathaka palakarannako.. please. aaye rajayen wena mokuthma wedasatahanak o,ne naa. meka minissunta therum karanna. me lipiya hondatama athi. Ekko oba enna lankaawata, awith metika siyaluma janathaawata, ( me gena dannaa denatamath me akarayen ganudenu karana ayad lankawe sitee- ovun meya edaa sitama karana aya wethi- owun sitinne pita deshayanwala nisaa lankawa athule sitina ape janathawata meya pahada diya yuthuya. kabral denagena hitiya nethi unaata) kiyaadenna.
-- by Kalu-Malli on 2016-11-11
Sandaruwan, You picked on one of the most important budget proposals that will undoubtedly going to change the county's socio -economic structure. Thank you for educating your readers.
-- by Sunil De Zoysa on 2016-11-11
අනේ හු.....කේ....ලල්ලාගේ.....අපේ මොන ලබ්බද බන් පිටරටට විකුණන්න තියෙන්නේ...ලෝකෙ තියෙන හැම පඩවස්සරයක්ම ලංකාවට ගෙනහල්ල විකුණනන්න තමයි මේ.....ඇමර්සෝන්, ඊ-බේ වැනි ජාත්‍යන්තර අන්තර්ජාල සුපිරි වෙළඳ ජාල ලංකාව එන්නේ...බලා හිටපන් අපේ ඉඩන් ටිකටත් මුන් වැඩේ දෙනකන්....
-- by Aruna on 2016-11-11
Dreaming is OK but selling and shipping not going to be that easy. Our manufacturers and sellers should be able to get better packing supplies and competitive shipping methods. If not, you can simply forget about selling overseas. And the difficulty of shipping a package overseas due to custom and postal regulations must be addressed. If not this is going to be another GOOGLE BALOON that came down to earth soon after launching!
-- by Tissa Abeyratne on 2016-11-14
Ane Anura Modayo. thopi lankawe jobak karala masekata uprima 50,000k gani. eth e ebuta hoda education qulification thiyenawanam vitharai. bola mam kale A/L witharai Mage mase income eka 350,000. ape kollo innawa maseta laksha 7ta wada hoyana. karanne gedara idan thaniyen mage designs UK/USA wage ratawalata wikunana eka. yako Paypal lankawata thibunth mata (laksha) 500,000 kata wada masekata hoyanna puluwan. tho wage gon buruwo hitiya hinda thamai mechcharahari meka parakku une.
-- by Iresh on 2017-02-12
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි