~

රාජපක්ෂලාගේ නරි කමත් මෛත්‍රීගේ මනුස්සකමත් පෙන්වූ සිද්ධි දෙකක් කොළඹ දී

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.17, ප.ව‍‍‍‍‍‍.11.30) ශ්‍රිලනිපයේ හිටපු නායකයන් වන මැදමූලන රාජපක්ෂලාගේ නීච නරි කමත් වත්මන් නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මනුස්සකමත් පිලිබිඹු වන සිදුවීම් දෙකක් අද වාර්තා විය. 

ඉන් පළමුවැන්න වූ රාජපක්ෂලාගේ නීච නරි කම පෙන්වූයේ අද කොළඹ පැවැති මහ රාජපක්ෂ වූ ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරුවේදී ය. රාජපක්ෂලා වෙනුවෙන් දිගු කලක් බැල මෙහෙවර කම් කළ මර්වින් සිල්වා ගුණ සමරුවට පැමිණ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට මල් කළඹක් තබා උපහාර දක්වද්දී රාජපක්ෂලාගේ වත්මන් හෙංචයියන් මර්වින් සිල්වාට හූ කියමින් බාධා කෙළෝය. ඔහු ස්ථානයෙන් පිටව යනතුරුම හූ කීවෝය. 

නීච නරි කම

ඒ අවස්ථාවේදී එහි සිටි පවුලේ වැඩිමලා චමල් රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙක් හෝ හූ කියන්නවුන් නතර කිරීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත. 

පිටව යද්දී මර්වින් සිල්වා කීවේ තමා පැමිණියේ තමාට පළමු රැකියාව දුන් ඩී.ඒ. රාජපක්ෂට කළ ගුණ දැක්වීමට බවත් රාජපක්ෂලා පැරදුනේද මෙවැනි හූ කියන්නවුන් ලං කර ගැනීම නිසා බවත් ය. 

පසුගිය වනචර දශකයේදී මර්වින් සිල්වා රාජපක්ෂලා වෙනුවෙන් සියලු බැල මෙහෙවර කම් කළ අතර එය වෙනස් වූයේ ජනාධිපති ආරක්ෂකයන් ඔඩෙල් ආයතනය ඉදිරිපිටදී තම පුත්‍රයාට පහර දී සුදු වෑන් රියකින් පැහැරගෙන යෑම නිසාත්, ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම මර්වින් සිල්වාගෙන් පලි ගැනීම නිසාත් ය. ඉන්පසුව පසුගිය ජනාධිපතිවරණයේදී මර්වින් සිල්වා රාජපක්ෂලාට සහාය නොදුන් අතර නිහඬව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කෙළේය. රාජපක්ෂලා අද මර්වින්ට හූ කීවේ එබැවිනි. තරහා කාරයෙකු වුවද මිය ගිය පුද්ගලයෙකුට මල් වඩමක් තැබීමට එන්නේ නම් ඊට ඉඩ දීම ලංකාවේ සාමාන්‍ය ජනතාව තුල ඇති ගුණාංගයකි. එවැනි ගුණයක් මැදමූලන මෘගයන් වෙත තිබුනේ නැත.

මනුස්සකම

දෙවැන්න වූ ශ්‍රීලනිප වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේනගේ මනුස්සකම පෙන්වූ අවස්ථාව වූයේ ජනාධිපති මෛත්‍රීගේ නිල වෙබ් අඩවියට දෙවතාවක් හොරෙන් ඇතුළු වී එය හැක් කළ සිසුවාට මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැක්වූ ප්‍රතිචාරයයි. 

අධිකරණය විසින් එකී සිසුවාට පසුගිය 11 වෙනිදා දුන් දඬුවම වූයේ දෙමාපියන් භාරයේ සිටියදී වසර 3 ක් පරිවාස අධීක්ෂනයට පත් කිරීමයි. ඊට දෙමාපියන්ද විරුද්ධ නොවූ අතර පොලිසියද විරුද්ධ නොවීය.

මෙම සිසුවා සහ පවුලේ අය අද ජනාධිපති මන්දිරයට කැඳවූ මෛත්‍රීපාල සිරිසේන මහතා යහපත් ලෙස කතා බහ කර සිසුවාට සහ ඔහුගේ මල්ලිලා දෙදෙනාට ද ත්‍යාග ප්‍රදානය කළේය. සිසුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අවස්ථා සාර්ථක කර ගැනීමට ආශිර්වාදය පළ කරමින් දක්ෂතාවයක් තිබේ නම් එය ජනතාවගේ සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස මිස වැරදියට භාවිතා නොකරන ලෙසට අවවාද ද කෙළේය.

මේ සිද්ධියත් සමග තරුණයන්ට මතක් විය යුතු වන්නේ පසුගිය වනචර දශකයේදී රාජපක්ෂලා විවේචනය කරමින් ෆේස් බුක් පිටුවක කොමෙන්ටුවක් දැමූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයෙකු ගෝඨාගේ මැර හමුදා විසින් සුදු වෑන් රථයකින් පැහැරගෙන යෑමයි. අද දක්වා ඒ තරුණයා යලි ගෙදර ආවේ නැත. 

මේ සිද්ධියත් සමග ලංකා ඊ නිව්ස් හි අපට මතක් වන්නේ මහින්ද රාජපක්ෂ ඇමරිකාවේ හූස්ටන්හි ප්‍රකට පිළිකා රෝහලකින් ප්‍රතිකාර ගත්තා යැයි අප විසින් පළ කළ පුවතකට පසු ලංකා ඊ නිව්ස් ආයතනය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කිරීමයි.

ඉහත සිදුවීම් දෙකම ජනාධිපති වරයෙකුගේ නිල වෙබ් අඩවිය හැක් කිරීම තරම් දරුණු නොවේ. 

පොහොට්ටුවක් ලෙස පක්ෂයක් හදා ගනිමින් ශ්‍රීලනිපයේ සැබෑ හිමි කරුවන් තමන් යයි කියා ගන්නා රාජපක්ෂලා වැනි නීච මෘගයන් සමග නිදි වදිනවාද ? නැතිනම් සැබෑ මනුස්සකම දක්වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය සමග හිටගන්නවා ද? යි උකුණු හිසක තරම් මොළයක් හෝ ඇති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා තීන්දු කළ යුතුය.  

---------------------------
by     (2016-11-18 08:04:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Len muuta mahema wela madi.Muu koitharam rajapaksha ge hiyya aran aparada karala thiyenawada,Me sakkiliya minissu gasbanda, rupawahiniye ganunge bali kapuwa, madya wala ta gahuwa, fonsekata hu thiwwa, Mangalata jathake kiyala asikkitha katha kiwwa. Muth rajapaksha la wagema hire inna oney kalakanni yakakek, Len Oka gana anukampawen kisima deyak liyanna epa.
-- by lion on 2016-11-18

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links