~

ජාත්‍යන්තරය කුමක් කීවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යලි ගේනවා: ලංකා ඊ නිව්ස් ජාතික අනතුරක්: කර්තෘ සඳරුවන් පුලන්නෙක්: ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ලංකාවට ගෙන්වා නඩු අහනවා -විජයදාස රාජපක්ෂ බුරා පනී (Video)

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.18, ප.ව‍‍‍‍‍‍.6.15) අය වැය විවාදයට අද සහභාගී වූ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ආන්දෝලනාත්මක කතා කිහිපයක් පැවසීය. ඉන් එකක් නම් ලංකාවේ පවුල් 4 ක 22 දෙදෙනෙකු ISIS සංවිධානයේ පුහුණුව පිණිස ගොස් ඇති බවයි. එම පවුල් 4 සමාජයේ ඉහල අය බවද ඔහු කීවේය. අන්තවාදී මුස්ලිම් සංවිධාන වල අය සංචාරකයන් සේ ශ්‍රී ලංකාවට පැමිණ මුස්ලිම් පාසැල් වල අන්තවාදය උගන්වන බවද අධිකරණ ඇමැති කීය. 

තවත් ආන්දෝලනාත්මක කතාවක් වූයේ ජාත්‍යන්තරය කුමක් කීවත් අවශ්‍ය විටෙක ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ක්‍රියාත්මක කරන බවයි. ඩ්‍රැකෝනියන් නීතිය දැඩි ලෙස භාවිතා කරමින් ජාතික අනතුරු නැති කිරීමට ක්‍රියා කරන බවද හේ පැවසීය. 

අවසානයේ දැඩි ආවේගයෙන් ඔහු කීවේ තමන් විසින් බොහෝ අසීරුවෙන් ගොඩ නගා ගත් ස්වාධීන අධිකරණයට ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයා බරපතල හානි කරන බවත් එය ජාතික අනතුරක් බවත්ය.  කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ශ්‍රී ලංකාවට ගෙන්වා නඩු අසන බව ඔහු අවධාරණයෙන් පැවසීය. ලංකා ඊ නිව්ස් නිසා විනිසුරුවරයෙකුට ස්වාධීන තීන්දුවක් දිය නොහැකි වී ඇතැයි ද ඔහු කීය. ඊට උදාහරණ ලෙස ඔහු කීවේ තීන්දුවකට පෙර විනිසුරුවරයා කෑමට ගිය තැනත් මුදල් ගත් අය ගැනත් ඊ නිව්ස්හි පළ කරන බැවින් විනිසුරුවරුන්ට ස්වාධීනව තීන්දු දිය නොහැකි වී ඇති බවයි. එබැවින් ලන්ඩනයේ නොව කොහේ සිටියත් ලංකාවට ගෙන්වා නඩු අසන බව ඔහු පැවසීය. (තමා අධිකරන ඇමැතිව සිටින තුරු ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි මීට පෙර දිනෙක ඔය පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කෙළේද විජයදාස රාජපක්ෂම ය.)

විජයදාස රාජපක්ෂගේ කතාවේදී එල්ටීටීඊ සංවිධානයේ කාන්තා සන්නද්ධ අංශයේ ප්‍රධානීව සිටි තමිලිනී ට “මැතිනිය“ ලෙස ආමන්ත්‍රණය කළ අධිකරණ ඇමැතිවරයා ලංකා ඊ නිව්ස් කතුවරයා හැඳන්වූයේ ‘පුලන්නෙකු‘ ලෙසයි.

ලංකා ඊ නිව්ස් කතුවරයා රටින් පන්නා දැමූ පුලන්නෙකු මිස මාධ්‍යවේදියෙකු නොවන බවත් වෙබ් අඩවියේ මුදල් ඉල්ලා දැන්වීමක් දමා තිබෙන බවත් කෙහෙළිය පවුම් 100 ක් විජයදාසට මඩ ගසන ලෙස කතුවරයා වෙත දුන්නොත් තමාට එරෙහිව මඩ ගසන්නෙක් බවත් විජයදාස රාජපක්ෂ පැවසීය.

ලංකා ඊ නිව්ස් වැනි වෙබ් අඩවි වලින් ජාතික ආරක්ෂාවට සිදුකරන අනතුර නතර කිරීමට විපක්ෂයද එක් විය යුතු යැයි කී ඔහු ඒ සඳහා ආරාධනාද කෙළේය. ඔහු උදාහරණයට ගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ය.

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී විජයදාස රාජපක්ෂ ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයා වෙත බුරා පනිද්දී ඔහුට සහයෝගය දුන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ය. කෙහෙලිය රඹුක්වැල්ල, දිනේෂ් ගුණවර්ධන ඉන් ප්‍රධාන විය. විජයදාසට අමතක වන කාරණා මතක් කර දුන්නේ කෙහෙළිය රඹුක්වැල්ල විසිනි.

විජයදාස රාජපක්ෂගේ කතාවේ අදාල කොටස පහත දැක්වේ. ලංකා ඊ නිව්ස් හි පිළිතුර පසුව බලාපොරොත්තු වන්න 

---------------------------
by     (2016-11-18 22:19:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  18 discussion on this news

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා ගේ විනය පිළිබද කටයුතු කිරීමට නීති කෙටුම්පත කරන්නට විය. ථේරවාදී කතිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල විමසීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලද්දේ එහි ඇතැම් වගන්ති ජනමතවිචාරණයකින් නීතිගත කළ හැකි බවයි. ආගමික හර පද්ධතියකට අයත් දේවල් සම්බන්ධව ජනමතවිචාරණ පැවැත්වීම කෙතෙක් දුරට ප්‍රායෝගික වන්නේ ද යන්න මුස්ලිම්වරුන්ට විවාහ නීති හදුන්වාදෙන අවස්ථාවේ පෙනී යනු ඇත. විජේදාස රාජපක්ෂ මේ කරන්නේ ඇමෙරිකානු ඔත්තු සේවයේ මෙහෙයුමකි. SIS සංවිධානයේ පුහුණුව යැයි කියමින් මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කර විශාල ජනසංහාරයක් ඇති කිරීම විජේදාසගේ ගැටයයි.
-- by Nuwan on 2016-11-18

THE NATION"S MAJORITY IS WITH LANKA ENEWS AND WITH MR SANDARUWAN, NOT WITH CORRUPTED DEALDASA. HE IS TRYING TO PROTECT HIMSELF AND HIS UNDERHAND ACTIONS, NOT THE INTERESTS OF THE NATION. THE AVERAGE CITIZEN IN SRI LANKA IS MORE INTELLIGENT THAN HE THINKS. HIS DRACONIAN LAW CAN GO UP IN HIS ASS!
-- by citizen on 2016-11-18

LEN is serving a great service to the Nation. We cannot say the same about Wijedasa!!!!
-- by suri on 2016-11-18

Dealdasa judges are not supposed to go for functions of those who are involved in the cases they handle. If Lanka e-news highlight them whats wrong in it?? If a dealdasa planning a deal using power those things also should be highlighted Is that your real problem???
-- by Para on 2016-11-18

My favorite news website is Lanka E News
-- by Senaka on 2016-11-18

සඳරුවන්, මේ වගේ අමනයෙකුට උත්තරවත් දෙන්න කාලය නාස්ති කරන්න යන්න එපා. ඔබ කරගෙන ගිය ඒ ශීලාචාර මානුසික ලාංකික මෙහෙවර එලෙසම කරගෙන යන්න. සාධාරන ලාංකීය සමාජය සැමදා ඔබ සමගයි. අපි දැන් දන්නවා මෙයා කතාකරන්නේ, කඩේ යන්නේ මොකටද, කාටද කියලා. ජාතික ආරක්ශාව ගැන කතා කරන්න මෙයා කව්ද. ආරක්ශක ඇමති, නියෝජ්‍ය ඇමති, සාගල රත්නායක ඇමතිලා ඉන්නේ මොකටද එයාලට නැති ආරක්ශක තොරතුරු මෙයාට කොහෙන්ද. මේකට කියන්නේ මොනරා පිල් විහිදාගෙන නටනකොට ඌ හෙලුවෙන් කියලා. මෙයා හෙට ඒකාභධ්ද විපක්ශේ වාඩි උනත් පුදුම වෙන්න දෙයක් නෑ. මෙයාට කොහොමත් විලිලැජ්ජාවක් ගෑවිලාවත් තියනවා නම් ෆී. මා. සරත් ෆොන්සේකා එක්ක එකට වාඩි වෙන්නේනෑ. මෙයා මේ පලි ගන්න හදන්නේ ඔබගෙන්වත් අපෙන්වත් නොවෙයි ෆී. මා. සරත් ෆොන්සේකා එක්කයි. ඒකයි මෙයා කියන්නේ එයා ඇමති වෙලා ඉන්නකම් ගෝටා අත් අඩංගුවට ගන්න දෙන්නේ නෑ කියලා. අනිත් කාරනය තමයි දැන් අපි හොඳටම දන්නවා ලංකා ඊ නිවුස් හරියටම නිලේ බලලා ගහල තියනවා කියලා. ඒ කියන්නේ ලං. ඊ. නි. එකට පක්ශ පාට, ජාති ආගම් නෑ කියලා. බලමු මොකද වෙන්නේ කියල. හොරුන්ට කහින කඩේ යන උන්ද, සාධාරන අහිංසක සමාජයද කියලා. සඳරුවන්, ඔබේ සේවය විශිශ්ටයි ශ්‍රෙශ්ටයි ඔබට සුභ පැතුම්.
-- by Bathiya on 2016-11-19

and NOT THE INTERESTS OF THE JUSTICE
-- by Ram on 2016-11-19

අවසානයේ දැඩි ආවේගයෙන් ඔහු කීවේ තමන් විසින් බොහෝ අසීරුවෙන් ගොඩ නගා ගත් ස්වාධීන අධිකරණයට ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයා බරපතල හානි කරන බවත් එය ජාතික අනතුරක් බවත්ය. - Wijedasa ponna sakkili hora wesige putho... denaganith Judiciary eka kiyanne thoge paalanaye yatathe thiyana ekak newe. thoge me kathaawata nadu danda o,ne nadukaarawarui, JSC ekai ekathuwela. Adikarana amathyanse thiyenne yako mudal wenkarala, adikarana godanegili (buildings), vehicles, saha thawa awashya mudalmaya awashyathaa itukaranda misak, judges la palanaya koranda neme. tho danne neththan gon bijjaa denaganin thota, thoge amathyanse lemaata, judges la palanaya karanda baa. ehema karanawa athi thoge padeta , call walata nadu ahana ponna hora nadukarayo innawanam anna un, a nisaa HONDATA DENAGANIN PONNAYO JUDICIARY EKA THIYENNE CHIEF JUSTICE pramuka JSC eka yatathe misak thoge yatathe newei. adikarana amethi welaa tho me tika danne naaa. Janadipathi thumani.. ME PISSU BALAA WAHAAMA ADIKARANA AMETHIKAMEN AIN KARALA mootath erehiwa thiyana dooshana walata FCID ekata kiyanda. Bribery ekata kiyanda nadu danda kiyala. moo hithagana athi judiciary eka palanayakaranda puluwan kiyala. yako naala waren. THO KOHEDA WAL BALLO AMARUWEN JUDICIARY EKA INDEPENDANT KERUWE..? a ka thoge wedak neme. a ka judges lagei JSC ekei, CJ gei wedak. tho kahinne nethuwa hitapang. nikan ratata boru talks denne nethuwa. dan mulu ratama hithanne Judiciary eka tho wage sakkiliyak yatathe thiyenne kiyala. pehedilikarapiya wahaama, JSC ekatai, mulu judges la seratamai prasiddiyema, tho karapu me kathaawa weradee kiyala. thota weradunaa ,, nikan nemei.. eka 100 gaanata thota weradunaa ... ADIKARANAYA THAMUSEGE YATATHE THIYANA AYATHANAYAK NEWEI. me danwath denaganin ponna wal hora balla. LeN ta nadu danda? ay horakam elikoranawata da? LeN horunta idadenda epaaa, onna den thawath hondata me wage horunge hora thakkadi weda eliyata danda welaawa. balamu api yahapalane me wage horunta nadu dai da kiyala. puthaage wedding eke gaana iyadama keeyada? mewwa ko Auditor general, Inland revenue, Bribery commission, hoyanne nedda?
-- by Independant on 2016-11-19

Len give him a fitting reply
-- by lion on 2016-11-19

Len credentials of this man is well known. When he was exposed by Sarath Fonseka showing how this man was merry making with Senadipathi of Avan guard, he got furious and called SF wellVidane, The man is known as deal dasa. Country knows who he is.
-- by lion on 2016-11-19

wijedasayo umbath dan natanawa wadi. Umbawa pathkaleth api. Nathi karannath apita puluwan. Avengard office eka thiyenne thamunge godanagillaka neda? Api meeharak kiyalada hithagena inne??
-- by Keerthi on 2016-11-19

LEN, Please start war against this bloody "DealDaasa". he has no right to criticize LEN which served the country with all these threats coming their way from the Rajapaksha regime time.Whatever that dealdasa said the majority of yahapalana people are with you. Please reveal all the deals he had with GOTA,MARA and Specialy with AVANTGUARD. and never ever stop revealing about these corrupted politicians and specially corrupted lawyers. Regds, Kuma
-- by Kuma on 2016-11-19

Me vage aththen aththata panina moollunta oya vage thanathuruvalata path karapu evun tharam moda amanain thavath innavada kiyaa nodanimi.
-- by nareen on 2016-11-19

Initially, President Sirisena appeared to be a very NOBLE person and I thought he was the PERFECT MAN for the job. Perhaps many who voted or not voted for him would have felt that way during the initial few weeks of him in the Office. Having struggled in war, political corruption and poverty for decades the nation started seeing a silver line in the sky again! The whole country knows that Wijedasa Rajapaksha is the first betrayer who started undermining the president. Perhaps, other dark forces joined him later and started gathering momentum against the President behind his back. The only way Mr President can regain his credibility is by sacking this bookworm DEALDASA before it is too late! If Mr President thinks that DEALDASA and other highly corrupted few people close to him helped him in the presidential election once, he needs to understand that Lanka eNews helped him more than 100 times at no personal gain to anyone at Lanka eNews. As we see it, the pure intention of Lanka eNews was the rescue of the nation from all sort of abuse and corruption at the time. Along with many other patriotic people and organisations, Lanka eNews tirelessly played a major role to get you elected as our next President. Otherwise, as Mr President himself has said on many occasions he would have been in fact 6 feet under by now. Mr President has broken the heart of many of his supporters starting from Late Ven Sobitha thero. The only way he can restore his credibility now is by getting rid of this two faced snake DEALDASA, who has been back stabbing him and Yahapalanaya Government from day ONE. The more the President and the Prime Minister tolerate this BETRAYER the stronger and vicious he will get and undermine your government. Therefore, it is high time for Mr President and the Prime Minister to get rid of this CANCER before it becomes TERMINAL to their government. Showing a blind eye to it any further will only prove that DEALDASA IS PLAYING AN IMPORTANT ROLE AS THEIR MOUTHPIECE?
-- by ratawesiya on 2016-11-19

බල්ලෝ බිරැවට උන්ව හපන්න යන්න අවශ්‍ය නැත. අපි ගමන යමු අපේ පාඩුවේ. අධිකරණ බලය ගැන අබමල් රේණුවක දැනුමක් නැත් විජේදාසට අනුකම්පා කරම්. එංගලන්ත භූමියේ සිය වරදක් කරන්නේ නම් ලංකාවේ අධිකරණයට ඒ වැරදි හොයන්න අධිකරණ බලය ලැබුණේ මොන ඇවන් ගාඩ් එකෙන්ද විජේදාස ළමයෝ....
-- by senaratna on 2016-11-19

Disregard this corrupt card board Tarzan and LEN continue the service you are doing to the entire nation. Entire nation is with you'll. We hate to see even the faces of this corrupt creatures like Dealdasas.
-- by Para on 2016-11-20

I'm surprised how united they are ..specially, when it comes to attacking the true independent media. (like LEN). he is not the first to say it .. and I'm sure he want be the last. but we support the Independent and unbiased media institutions like LEN. as far as I know LEN is the only one.. and I thank LEN for their courage for exposing the truth. keep it up.
-- by SegFault on 2016-11-20

Munta Thnamai Kiyanna "Depitakaattuwo" Kiyla Mu Lankawe Indagna LEN Witharada Balanne ????
-- by Citizen on 2016-11-21

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links