~

විජයදාස රාජපක්ෂ කළ ආණ්ඩුවේ කකුලෙන් අදින ප්‍රකාශ ගැන ජනාධිපති විමසයි: කතානායක ප්‍රතික්ෂේප කරයි

රට ගිනි තියන පැරණි තොරතුරු අද ඒවා වගේ විජයදාසට දුන්නේ ගෝඨා

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.21, පෙ.ව‍‍‍‍‍‍.8.40) අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා අය වැය දෙවන වර කියැවීමේ විවාදයට එක් වෙමින් කරන ලද ප්‍රකාශ කිහිපයකට ආණ්ඩු ප්‍රධානින්ගේ විරෝධය පළ වී තිබේ. 

ඉන් ප්‍රධාන වන්නේ ලංකාවේ පවුල් 4 ක 22 දෙදෙනෙකු ISIS සංවිධානයේ පුහුණුව පිණිස සිරියාවට ගොස් ඇති බවට විජයදාස රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය යි.

ජනාධිපති බුද්ධි අංශයෙන් විමසයි 

ජනාධිපතිවරයා මේ තොරතුරු විජයදාස රාජපක්ෂ මහතාට දුන්නේ කව්දැයි රාජ්‍ය බුද්ධි අංශයෙන් විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ තමන් එවැනි තොරතුරක් විජයදාස රාජපක්ෂ මහතාට ලබා දී නැති බවත් මෙම තොරතුරු මීට වසර 3 කට පෙර එවක සිටි ආණ්ඩුව විසින් දැන සිටි තොරතුරු බවත් ය. වසර 3 කට පෙර හුදකලා සිද්ධියක තොරතුරු අද සිදුවූ දෙයක් ලෙස ප්‍රකාශ කළ විජයදාස රාජපක්ෂට එකී තොරතුරු ලබා දී ඇත්තේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බවද රාජ්‍ය ඔත්තු සේවය ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ එක්තරා පුද්ගලයෙක් ISIS සංවිධානයට බැඳී එහිදී මිය ගිය බවට මීට වසර 3 කට පමණ පෙර පළවූ වාර්තා අනුව ඒ කාලයේදීම කරන ලද සොයා බැලීමේදී ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකු එහිදී ISIS සංවිධානය ගැන ආකර්ශනය වී ඔහුගේ පවුලත් ඔහුගේ ඥාති පවුල් තුනකත් බාල මහළු සියළු පිරිස රැගෙන සිරියාව බලා ගොස් තිබිණ. 22 හැදෙන්නේ එසේ ගිය කුඩා බිලිඳුන් වයසක දෙමාපියන්ද ඇතුළුව ය. මිය ගොස් තිබුනේ එසේ ගිය පවුලකට අයත් තරුණ අයෙකි. එසේ නොමැතිව ISIS සංවිධානයේ පිරිස් ලංකාවට පැමිණ ලංකාවේ අය පුහුණු කර බඳවා ගෙන තිබීමක් කිසිදා වාර්තා වී නැත. මෙවැනි හුදකලා සිදුවීම් එංගලන්තයෙන් ද යුරෝපයේ රටවලින්ද අනන්තවත් වාර්තා වී ඇති නමුත් එම රටවල අධිකරණ ඇමැතිවරු ඒවා ප්‍රධාන සිදුවීම් ලෙස හුවා දක්වා කතා කරමින් ජාතීන් අතර සැකය අවුළුවන්නේ නැත. 

ලංකාවේ සිද්ධියේ සත්‍ය තත්ත්වයද එවැනි හුදකලා පසුබිමක තිබියදී එක දෙක කරමින් එම සිද්ධිය අද ඊයේ සිදුවූවා සේ විජයදාස රාජපක්ෂ කරන ලද නොමේරූ ප්‍රකාශය නිසා ලංකාවේ සංචාරක ව්‍යාපාරයට පවා බලපෑම් එල්ල වීම වැළැක්විය නොහැකිය. 

විජයදාසගේ එකී ප්‍රකාශයට පසුදා මහනුවර සිංහල බෞද්ධ ජාතිවාදීන්ගේ රැලියක් පැවැත්වීමත් ඒ සමගම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් සුප්‍රකට ෆැෂන් බග් ආයතනයට අයත් පැපිලියානේ ව්‍යාපාරික ස්ථානයක් ගිනි ගැනීමත් එකිනෙකට සම්බන්ධ සිදුවීම් බව පෙනී යයි. විජයදාසගේ තක්කඩි ප්‍රකාශය අනුව මුස්ලිම් ජනතාව දෙස සිංහල ජනතාව සැකයෙන් බැලීම වර්ධනය වනවා ඇත.

විජයදාසගේ තවත් ප්‍රකාශයක් කතානායකතුමා ප්‍රතික්ෂේප කරයි

විජයදාස රාජපක්ෂ කරන ලද තවත් බරපතල ප්‍රකාශයක් වන්නේ ජාත්‍යන්තරය කුමක් කීවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යලි බලාත්මක කරන බවට කරන ලද ප්‍රකාශයයි. කතානායක වරයා එම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නේ ය.

එවැන්නක් ගැන ආණ්ඩුවේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් මේ වන විට ලෝක පරිමාණයෙන් ව්‍යාප්තව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමට ගෙන ඇති ජාත්‍යන්තර නීති රීති අධ්‍යයනය කර දැනට ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව නීතියක් ගෙන එන බවත් එය මේ වන විට කෙටුම්පත් කරමින් සිටින අතර පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යලි බලාත්මක කිරීමක් සිදුනොවන බව කතානායක කරු ජයසූරිය මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය. 

විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා ලංකා ඊ නිව්ස් පිළිබඳව සහ එහි කතුවරයා සම්බන්ධයෙන් නගන ලද අවලාද ප්‍රතික්ෂේප කරමින් ලංකා ඊ නිව්ස් වෙත කණගාටුව ප්‍රකාශ කිරීම සඳහා ලංකා ඊ නිව්ස් ඇමැතූ අවස්ථාවේදී කතානායක කරු ජයසූරිය මහතා එම අදහස් පළ කෙළේය. 

කතානායකවරයා කියා සිටියේ පැවැති රාජපක්ෂ රෙජීමයේ පාලනය පෙරළා යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ලංකා ඊ නිව්ස් කරන ලද කාර්යභාරය කිසිදිනක අමතක නොකරන බවත් රටේ යහපාලනය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ලංකා ඊ නිව්ස් විසින් කරගෙන යන සාධාරණ විවේචනය තමන් බලාපොරොත්තු වන බවත් ය. 

---------------------------
by     (2016-11-21 04:43:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  9 discussion on this news

All nonsene. President should take hard decisions to stop things.
-- by lal on 2016-11-21

පුලන්නා කිව්වට තරහ නැහැ අපි පස්සේ පවුම් 100 ක් දාල තිබුන මොනා උනත් කිරිනෙ හිටං අර්ජුන් කාරය කීයක් විතර දුන්නද හිටං
-- by චේගු on 2016-11-21

WIJEDASA RAJAPAKSA IS SLOWLY BUT SURELY SETTING OUT TO DESTABILISE THE GOVERNMENT STEP BY STEP IN A VERY CRAFTY WAY. IT IS VERY UNFORTUNATE FOR THE NATION THAT MR PRESIDENT AND THE PRIME MINISTER HAVE STILL FAILED TO UNDERSTAND THE CONSEQUENCES OF KEEPING THIS SMILING ASSASIN IN THEIR CABINET. THE INJURIES DEALDASA HAS CAUSED IN THE HEARTS OF YAHAPALANAYA LOVING NATION AS WELL AS TO THEIR GOVERNMENT IS IRREVOCABLE. ANY WISE LEADER WOULD HAVE GOT RID OF THIS PARASITE WITHIN THE FIRST FEW WEEKS IN GOVERNMENT. DEALDASA HAS PROVEN THAT HE IS A SQUARE PEG IN A ROUND HOLE AGAIN AND AGAIN OVER MANY TIMES. BUT THE PRESIDENT AND THE PRIME MINSTER HAVE BEEN STILL SCARED TO SACK HIM FROM THEIR CABINET. THE NATION HAS A RIGHT TO KNOW WHY THEY HAVE GIVEN A FREE RIDE TO THIS DETRIMENTAL ELEMENT IN THEIR CABINET. WE HOPE AT LEAST OUR DIGNIFIED SPEAKER TAKES SOME RESPONSIBILITY FOR THE CORDIAL CO-EXISTENCE OF THE MULTI-CULTURAL NATION OF THE COUNTY AND DO SOMETHING ABOUT DEALDASA TO REINSTATE THEIR CREDIBILITY!
-- by Gamaya on 2016-11-21

I am so glad that the speaker had refused the comments of Min Wijedasa. We know what a great service that Lanka enews is doing in bringing in justice and democracy in this country. It is sad that some ministers are against this valuable website as their integrity is being questioned. LeN, please continue your great work to create a just society in Sri Lanka. We will always be with you.
-- by nevil on 2016-11-21

Len the whole country value your service except for man a like deal dasa and rajapaksha cronies.We know that the way you attack any one when its due, be it Ranil my 3 or any one the culprit wont escape your merciless beating.That is what we the people of this country need from you. Deal dasa was exposed by SF beautifully and the people now know who this fellow is. He has recently verbally abused Proff Sarath Wijesuriya a man who earn respect from every one for his sacrifice to make this country a better one.We are waiting to your reply for this mans base less accusation against L enews.
-- by lion on 2016-11-21

Hon. Speaker is a real gentleman.
-- by Pradeep on 2016-11-21

කතානායකවරයා කියා සිටියේ පැවැති රාජපක්ෂ රෙජීමයේ පාලනය පෙරළා යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ලංකා ඊ නිව්ස් කරන ලද කාර්යභාරය කිසිදිනක අමතක නොකරන බවත් රටේ යහපාලනය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ලංකා ඊ නිව්ස් විසින් කරගෙන යන සාධාරණ විවේචනය තමන් බලාපොරොත්තු වන බවත් ය.
-- by tikiri banda on 2016-11-21

මැති ඇමැතිවරුන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැති නිසා ඔවුන්ගේ වැටුප වැඩි කළ යුතු බව තමන් තරයේ ප්‍රකාශ කර සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (19 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.මන්ත්‍රීවරුන්ට දැනට ලැබෙන වැටුප අඩුයි. මට බැන්නට කමක්‌ නෑ. මන්ත්‍රීවරුන්ට මීට වඩා පහසුකම් ලබාදිය යුතුයි. වෙනත් රටවල මන්ත්‍රීවරුන්ට ගමන් බිමන් යන්න ගුවන් යානා සහ ගුවන් යානා බලපත්‍ර ලබා දෙනවා. ....mae gon bijjata pissuda?nathinam hatida?
-- by tikiri banda on 2016-11-21

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා ගේ විනය පිළිබද කටයුතු කිරීමට නීති කෙටුම්පත කරන්නට විය. ථේරවාදී කතිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල විමසීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලද්දේ එහි ඇතැම් වගන්ති ජනමතවිචාරණයකින් නීතිගත කළ හැකි බවයි. ආගමික හර පද්ධතියකට අයත් දේවල් සම්බන්ධව ජනමතවිචාරණ පැවැත්වීම කෙතෙක් දුරට ප්‍රායෝගික වන්නේ ද යන්න මුස්ලිම්වරුන්ට විවාහ නීති හදුන්වාදෙන අවස්ථාවේ පෙනී යනු ඇත. විජේදාස රාජපක්ෂ මේ කරන්නේ ඇමෙරිකානු ඔත්තු සේවයේ මෙහෙයුමකි. SIS සංවිධානයේ පුහුණුව යැයි කියමින් මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කර විශාල ජනසංහාරයක් ඇති කිරීම විජේදාසගේ ගැටයයි. -- by Nuwan on 2016-11-18 THE NATION"S MAJORITY IS WITH LANKA ENEWS AND WITH MR SANDARUWAN, NOT WITH CORRUPTED DEALDASA. HE IS TRYING TO PROTECT HIMSELF AND HIS UNDERHAND ACTIONS, NOT THE INTERESTS OF THE NATION. THE AVERAGE CITIZEN IN SRI LANKA IS MORE INTELLIGENT THAN HE THINKS. HIS DRACONIAN LAW CAN GO UP IN HIS ASS! -- by citizen on 2016-11-18 LEN is serving a great service to the Nation. We cannot say the same about Wijedasa!!!! -- by suri on 2016-11-18 Dealdasa judges are not supposed to go for functions of those who are involved in the cases they handle. If Lanka e-news highlight them whats wrong in it?? If a dealdasa planning a deal using power those things also should be highlighted Is that your real problem??? -- by Para on 2016-11-18 My favorite news website is Lanka E News -- by Senaka on 2016-11-18 සඳරුවන්, මේ වගේ අමනයෙකුට උත්තරවත් දෙන්න කාලය නාස්ති කරන්න යන්න එපා. ඔබ කරගෙන ගිය ඒ ශීලාචාර මානුසික ලාංකික මෙහෙවර එලෙසම කරගෙන යන්න. සාධාරන ලාංකීය සමාජය සැමදා ඔබ සමගයි. අපි දැන් දන්නවා මෙයා කතාකරන්නේ, කඩේ යන්නේ මොකටද, කාටද කියලා. ජාතික ආරක්ශාව ගැන කතා කරන්න මෙයා කව්ද. ආරක්ශක ඇමති, නියෝජ්‍ය ඇමති, සාගල රත්නායක ඇමතිලා ඉන්නේ මොකටද එයාලට නැති ආරක්ශක තොරතුරු මෙයාට කොහෙන්ද. මේකට කියන්නේ මොනරා පිල් විහිදාගෙන නටනකොට ඌ හෙලුවෙන් කියලා. මෙයා හෙට ඒකාභධ්ද විපක්ශේ වාඩි උනත් පුදුම වෙන්න දෙයක් නෑ. මෙයාට කොහොමත් විලිලැජ්ජාවක් ගෑවිලාවත් තියනවා නම් ෆී. මා. සරත් ෆොන්සේකා එක්ක එකට වාඩි වෙන්නේනෑ. මෙයා මේ පලි ගන්න හදන්නේ ඔබගෙන්වත් අපෙන්වත් නොවෙයි ෆී. මා. සරත් ෆොන්සේකා එක්කයි. ඒකයි මෙයා කියන්නේ එයා ඇමති වෙලා ඉන්නකම් ගෝටා අත් අඩංගුවට ගන්න දෙන්නේ නෑ කියලා. අනිත් කාරනය තමයි දැන් අපි හොඳටම දන්නවා ලංකා ඊ නිවුස් හරියටම නිලේ බලලා ගහල තියනවා කියලා. ඒ කියන්නේ ලං. ඊ. නි. එකට පක්ශ පාට, ජාති ආගම් නෑ කියලා. බලමු මොකද වෙන්නේ කියල. හොරුන්ට කහින කඩේ යන උන්ද, සාධාරන අහිංසක සමාජයද කියලා. සඳරුවන්, ඔබේ සේවය විශිශ්ටයි ශ්‍රෙශ්ටයි ඔබට සුභ පැතුම්. -- by Bathiya on 2016-11-19 and NOT THE INTERESTS OF THE JUSTICE -- by Ram on 2016-11-19 අවසානයේ දැඩි ආවේගයෙන් ඔහු කීවේ තමන් විසින් බොහෝ අසීරුවෙන් ගොඩ නගා ගත් ස්වාධීන අධිකරණයට ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයා බරපතල හානි කරන බවත් එය ජාතික අනතුරක් බවත්ය. - Wijedasa ponna sakkili hora wesige putho... denaganith Judiciary eka kiyanne thoge paalanaye yatathe thiyana ekak newe. thoge me kathaawata nadu danda o,ne nadukaarawarui, JSC ekai ekathuwela. Adikarana amathyanse thiyenne yako mudal wenkarala, adikarana godanegili (buildings), vehicles, saha thawa awashya mudalmaya awashyathaa itukaranda misak, judges la palanaya koranda neme. tho danne neththan gon bijjaa denaganin thota, thoge amathyanse lemaata, judges la palanaya karanda baa. ehema karanawa athi thoge padeta , call walata nadu ahana ponna hora nadukarayo innawanam anna un, a nisaa HONDATA DENAGANIN PONNAYO JUDICIARY EKA THIYENNE CHIEF JUSTICE pramuka JSC eka yatathe misak thoge yatathe newei. adikarana amethi welaa tho me tika danne naaa. Janadipathi thumani.. ME PISSU BALAA WAHAAMA ADIKARANA AMETHIKAMEN AIN KARALA mootath erehiwa thiyana dooshana walata FCID ekata kiyanda. Bribery ekata kiyanda nadu danda kiyala. moo hithagana athi judiciary eka palanayakaranda puluwan kiyala. yako naala waren. THO KOHEDA WAL BALLO AMARUWEN JUDICIARY EKA INDEPENDANT KERUWE..? a ka thoge wedak neme. a ka judges lagei JSC ekei, CJ gei wedak. tho kahinne nethuwa hitapang. nikan ratata boru talks denne nethuwa. dan mulu ratama hithanne Judiciary eka tho wage sakkiliyak yatathe thiyenne kiyala. pehedilikarapiya wahaama, JSC ekatai, mulu judges la seratamai prasiddiyema, tho karapu me kathaawa weradee kiyala. thota weradunaa ,, nikan nemei.. eka 100 gaanata thota weradunaa ... ADIKARANAYA THAMUSEGE YATATHE THIYANA AYATHANAYAK NEWEI. me danwath denaganin ponna wal hora balla. LeN ta nadu danda? ay horakam elikoranawata da? LeN horunta idadenda epaaa, onna den thawath hondata me wage horunge hora thakkadi weda eliyata danda welaawa. balamu api yahapalane me wage horunta nadu dai da kiyala. puthaage wedding eke gaana iyadama keeyada? mewwa ko Auditor general, Inland revenue, Bribery commission, hoyanne nedda? -- by Independant on 2016-11-19 Len give him a fitting reply -- by lion on 2016-11-19 Len credentials of this man is well known. When he was exposed by Sarath Fonseka showing how this man was merry making with Senadipathi of Avan guard, he got furious and called SF wellVidane, The man is known as deal dasa. Country knows who he is. -- by lion on 2016-11-19 wijedasayo umbath dan natanawa wadi. Umbawa pathkaleth api. Nathi karannath apita puluwan. Avengard office eka thiyenne thamunge godanagillaka neda? Api meeharak kiyalada hithagena inne?? -- by Keerthi on 2016-11-19 LEN, Please start war against this bloody "DealDaasa". he has no right to criticize LEN which served the country with all these threats coming their way from the Rajapaksha regime time.Whatever that dealdasa said the majority of yahapalana people are with you. Please reveal all the deals he had with GOTA,MARA and Specialy with AVANTGUARD. and never ever stop revealing about these corrupted politicians and specially corrupted lawyers. Regds, Kuma -- by Kuma on 2016-11-19 Me vage aththen aththata panina moollunta oya vage thanathuruvalata path karapu evun tharam moda amanain thavath innavada kiyaa nodanimi. -- by nareen on 2016-11-19 Initially, President Sirisena appeared to be a very NOBLE person and I thought he was the PERFECT MAN for the job. Perhaps many who voted or not voted for him would have felt that way during the initial few weeks of him in the Office. Having struggled in war, political corruption and poverty for decades the nation started seeing a silver line in the sky again! The whole country knows that Wijedasa Rajapaksha is the first betrayer who started undermining the president. Perhaps, other dark forces joined him later and started gathering momentum against the President behind his back. The only way Mr President can regain his credibility is by sacking this bookworm DEALDASA before it is too late! If Mr President thinks that DEALDASA and other highly corrupted few people close to him helped him in the presidential election once, he needs to understand that Lanka eNews helped him more than 100 times at no personal gain to anyone at Lanka eNews. As we see it, the pure intention of Lanka eNews was the rescue of the nation from all sort of abuse and corruption at the time. Along with many other patriotic people and organisations, Lanka eNews tirelessly played a major role to get you elected as our next President. Otherwise, as Mr President himself has said on many occasions he would have been in fact 6 feet under by now. Mr President has broken the heart of many of his supporters starting from Late Ven Sobitha thero. The only way he can restore his credibility now is by getting rid of this two faced snake DEALDASA, who has been back stabbing him and Yahapalanaya Government from day ONE. The more the President and the Prime Minister tolerate this BETRAYER the stronger and vicious he will get and undermine your government. Therefore, it is high time for Mr President and the Prime Minister to get rid of this CANCER before it becomes TERMINAL to their government. Showing a blind eye to it any further will only prove that DEALDASA IS PLAYING AN IMPORTANT ROLE AS THEIR MOUTHPIECE? -- by ratawesiya on 2016-11-19 බල්ලෝ බිරැවට උන්ව හපන්න යන්න අවශ්‍ය නැත. අපි ගමන යමු අපේ පාඩුවේ. අධිකරණ බලය ගැන අබමල් රේණුවක දැනුමක් නැත් විජේදාසට අනුකම්පා කරම්. එංගලන්ත භූමියේ සිය වරදක් කරන්නේ නම් ලංකාවේ අධිකරණයට ඒ වැරදි හොයන්න අධිකරණ බලය ලැබුණේ මොන ඇවන් ගාඩ් එකෙන්ද විජේදාස ළමයෝ.... -- by senaratna on 2016-11-19 ithin garu janadhipathi thumani...!!! me hora deal daala thawath ADIKARANA AMETHI kame thiyagana inne ay.? me pissuballaata bellata karapatiyak damaa getagasaa, hora thakkadi jawaram siyallatama NADU danne nedda? janathaawa chandayadunne me pissuballanta janathaawa sapaakannata dennata nowe.
-- by Janathaawa on 2016-11-21

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links