~

අධිකරන ඇමැති පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කිරීම ජනමාධ්‍යයට කළ බලපෑමකි - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.21, පෙ.ව‍‍‍‍‍‍.11.45) ජනමාධ්‍ය සම්බන්ධයෙන් මෑතක දී ජනාධිපති, අගමැති හා අධිකරණ අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශ හා චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දැඩි අවධානය යොමුව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත් හදුන්නා දී තිබුණේ ‘ටොයිලට් පේපර්ස්‘ ලෙසිනි.  දෙරණ රූපවාහිනී නාලිකාවට එරෙහිව ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරුණු දැක්වීම සදහා කාලයක් ලබාදී ඇත.  අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කරනු ලැබීය.  චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් ජාතික රූපවාහිනියට එරෙහිව වෛර ප්‍රකාශයක් සිදු කරනු ලැබ ඇත.  කල්ලි කිහිපයක් විසින් සමාජ ජාලා භාවිත කරමින් ආගමික වියරුව පතුරුවන අසත්‍ය තොරතුරු, වෛර භාෂාව යොදාගනිමින් ප්‍රචාරය කරමින් සිටී.  පිළියන්දල පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් ඇගළුම් ගබඩාවත් තුල ගින්නක් හටගෙන ඇති අතර ජාතිවාදී බලවේග එම සිදුවීම පිටුපස ඇති බවට දැඩි සැකයක් මතුව තිබේ.

මාධ්‍ය නිදහස, නිදහස් අදහස් දැරීමට හා ක්‍රියාත්මක වීමට තිබු නිදහස මේ වන විට ක්‍රමික අර්බුදයකට ලක්වෙමින් තිබේ. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මතුවෙමින් පවත්නා තත්වය පිළිබද දැඩි අවධානය යොමු කරයි.  නැවත වරක් රටේ මාධ්‍ය මර්ධනයක් සඳහා මාවත විවර නොකරන ලෙස යහපාලන රජයෙන් ඉල්ලා සිටින අප ජාතිවාදී බලවේග විසින් සිදු කරමින් සිටින ජනතාව උසිගැන්වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය විසින්  දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු  .
 

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

---------------------------
by     (2016-11-21 06:15:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Wijedasa Rajapaksha, Avant Guard , Hora - Ballata, " Ranil Gon Ponnaya ", Amathi Kamak Deela, Uda-Balagena Innawa.
-- by Bandula on 2016-11-21

ඉස්සර පුලන්නාට තාමත් පුලන්නන්ගෙන් සිහි කැඳවීමක්... සෝභිතාවතාර http://sobithawathara.blogspot.com/2016/11/blog-post_18.html 4851
-- by SathPurawasia on 2016-11-21

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links