~

අවලාද එපා..! චෝදනා ඔප්පු කරන්න..! කළොත් ලංකා ඊ නිව්ස් අයිතිය විජයදාසටම දෙනවා..! අධිකරණ අමැතිගේ අවලාද වලට ලංකා ඊ නිව්ස් පිළිතුර

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.22, පෙ.ව‍‍‍‍‍‍.8.10) යහපාලන ආණ්ඩුවේ සිටිමින් පරාජිත මෘග චෞර රෙජීමය සමග ඩීල් දේශපාලනයක ප්‍රසිද්ධියේම යෙදෙන අධිකරන ඇමැති විජයදාස රාජපක්ෂ නමැති අවස්ථාවාදී දේශපාලකයා විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් ලංකා ඊ නිව්ස් වෙතත් එහි කතුවරයාටත් පුද්ගලිකව නගන ලද අවලාද වලට ජනතාව විශාල වශයෙන් පිළිතුරු දී ඇති බැවින් අප විසින් පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් නැතැයි සිතා සිටියද අප පාඨකයන්ගේ බලවත් ඉල්ලීම පරිදි ඔහු නගන ලද අවලාද වලට මෙසේ පිළිතුරු දෙමු. 

පරාජිත රෙජීමය සමග ඩීල් දේශපාලනයක ප්‍රසිද්ධියේම යෙදෙනවා යයි අප කියන්නේ “තමන් ඇමැතිධූරයේ සිටින තුරු ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට  ගන්නට ඉඩ දෙන්නේ නැත“ යි අධිකරණ ඇමැතිවරයා ලෙස ඔහු ප්‍රසිද්ධියේම කී නිසා පමණක් නොව මේ දක්වාම ගෝඨාභය රාජපක්ෂ කිසිදු චෝදනාවකට අත් අඩංගුවට ගෙන නොමැතිද නිසා ය.

පහත් පෙළේ නීච ගති ලක්ෂණයන්හි ඉතිහාසය

පහත් පෙළේ නීච මිනිසුන්ගේ ලක්ෂණ විදහා දක්වන විජයදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ අපහාස කෙළේ ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයාට පමණක් නොවේ. 

ෆොන්සේකා උදාහරණය

ජාතික වීරයෙකු ලෙස සැලකෙන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අපහාස කරමින් ඔහු කීවේ වත්මන් සේනාධිනායක ජනාධිපතිවරයාම ෆොන්සේකාට ප්‍රදානය කළ ෆීල්ඩ් මාර්ෂල් ධූරය යනු ‘වෙල් විදානේ‘ කමක් බවයි. තමන්ටද ඇමැතිධූරය ප්‍රදානය කෙළේ ජනාධිපතිවරයා විසින් බැවින් ජනාධිපති ප්‍රදානය කළ තවත් තනතුරක් හෑල්ලු කිරීමෙන් ජනාධිපතිවරයා අගෞරවයට ලක්වන බව හෝ විජයදාස සිතුවේ නැත.  සරත් ෆොන්සේකා ජාතික වීරයෙක් ලෙස අප සලකන්නේ ඔහු යුද්ධය දිනූ හමුදාපතිවරයා නිසාම නොව රාජපක්ෂලාගේ මෘග පාලනයට එරෙහිව රාජපක්ෂලා සමග කිසිදු ඩීල් එකකට නොගොසින් ඔහු විසින් නිර්භයව සිපිරිගෙය තෝරා ගත් බැවිනි. යුද හමුදාපතිවරයෙකුව සිට සිරකරුවෙකු වීම ඉතාමත් අසීරු නමුත් ඔහු ඒ වෙනුවෙන් ආත්ම ගරුත්වය සහ ජනතාවගේ අරගලය පාවා දුන්නේ නැත. එදා සරත් ෆොන්සේකා එසේ නොකළා නම් රටේ ජනතාවට රාජපක්ෂලාගේ මෘගකම මෙතරම් ඉක්මනට තේරුම් නොයෑමට ඉඩ තිබිණ.  අනෙක් අතට හිටපු හමුදාපතිවරයෙකු ලෙස රාජපක්ෂලාට එරෙහි සටනේදී කෙතරම් චන්ඩි කම් කිරීමේ හැකියාවක් තිබුනද ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග වලට එහා ගිය  නිය පොත්තකින් කළ හැකි ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුකළේ නැත. ඒ අනුව අපි ඔහුගේ කෙතරම් අඩුපාඩු තිබුනද ඔහු ජාතික වීරයෙකු ලෙස සලකන්නෙමු.  එසේ නමුත් විජයදාස රාජපක්ෂ වැනි පහත් පෙළේ දේශපාලන නීචයෙකු සරත් ෆොන්සේකාට අගෞරව කෙළේ ‘වෙල් විදානේ‘ කියා ය.

මහාචාර්ය විජේසූරිය උදාහරණය

එතැනින් නොනැවතුනු මේ පහත් පෙලේ මනුස්සයා රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමෙහිලා අති මහත් කැපවීමක් කළ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ වත්මන් කැඳවුම් කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාට අගෞරව කෙළේය. විජේසූරිය මහතා සිවිල් සංවිධාන නායකයෙකු නොවේ යයි කීය. දේශපාලන පක්ෂයක නායකයෙක් වන තමා සහ සිවිල් සංවිධාන නායකත්වය සමාන කරමින් ඔහු කළ ප්‍රකාශයෙන් තේරුම් යන්නේ ඔහුට ‘සිවිල් සංවිධාන‘ යන්නෙහි අර්ථය ගැන සත පහක අවබෝධයක් නොමැති බවයි. 

ඩීල් කාරයාද? පුලන්නාද ?

එවන් විජයදාස රාජපක්ෂ ලංකා ඊ නිව්ස් කතුවරයා ‘පුලන්නෙකු‘ යයි දැන් අපහාස කර තිබේ. ඊට හේතු කාරණා ලෙස ඒකාබද්ධ විපක්ෂයේ දුෂ්ඨ ජාතිවාදියෙකු වන දිනේෂ් ගුණවර්ධන ද අඩ කැටයට තබාගෙන ඔහු  කියන්නේ ලංකා ඊ නිව්ස් හි අවසානයේ මුදල් ඉල්ලා දැන්වීමක්ම දමා තිබෙන බැවින් ‘පුලන්නෙකු‘ බවයි. රාජපක්ෂ යුගයේදී ලංකා ඊ නිව්ස් දැන්වීම් කරුවන්ට තර්ජනය කරමින් සිටි යුගයේ සිට  ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යෑමට පරිත්‍යාගශීලීන්ගෙන් පරිත්‍යාග ඉල්ලා තිබීම පුලන්නෙකුගේ ක්‍රියාවක් හෙවත් හිඟාකෑමක් ලෙස ඔහු දකී. එසේ නම් ප්‍රකට විකිපීඩියාවද පුලන්නන්ගේ ය. ලංකාවටද ආධාර ලබා දෙන එක්සත් ජාතීන්ගේ සහනාධාර සංවිධාන පවා පුලන්නන්ගේ ගේය. මන්ද යත් යුරෝපයේ ඕනෑම රටක ඕනෑම රූපවාහිනී නාලිකාවක් බැලුවහොත් ලංකාව වැනි රටවල දුප්පතුන්ට සහනාධාර දෙන ජාත්‍යන්තර සංවිධාන අතොරක් නැතිව ජනතාවගෙන් පවුමක් යුරෝවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලන නිසා ය. වත්මන් ආණ්ඩුවද ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ඉදිරියේ ආධාර ඉල්ලා ‘පුලන්නාගේ‘ චරිතය රඟපාද්දී විජයදාස එවන් ආණ්ඩුවක ලැජ්ජාවක් නැතිව ඇමැති ධූරයක් දරන්නේ ඇයි...?  විජයදාසගේ ‘පුලන්නා‘ අවලාදයෙන් අපට සිතෙන්නේ මේ ඇමැතිවරයා කෙතරම් මෝඩයෙක්ද යනුවෙනි.   කෙසේ වෙතත් විජයදාස වැනි අවස්ථාවාදී ඩීල් කාරයෙක් වනවාට වඩා ‘පුලන්නෙක්‘ වීම ගෞරවනීය ය.

විජයදාස ඩීල් කාරයෙකු බවට සාක්කි

විජයදාස මෙන් ඔප්පු කළ නොහැකිව, හේතු නොමැතිව, බොරු චෝදනා අප කිසිවෙකුට එරෙහිව නගන්නේ නැත.  ඒ අනුව විජයදාස රාජපක්ෂ ‘අවස්ථාවාදී ඩීල් කාරයෙකු‘ යැයි අප කියන්නේ ඔප්පු කළ හැකි සාක්ෂි සහිතව ය. ඉන් ප්‍රධානම කාරණය මෙසේය. එය වසර කිහිපයක් ඉතිහාසයට දිවෙන්නකි. මහින්ද රාජපක්ෂ දෙවන වර ජනාධිපති ලෙස පත් වීමෙන් පසුව 2010 අප්‍රේල්හි තැබූ මැතිවරණයෙන් ඔහුට තුනෙන් දෙකක බලයක් ලැබුනේ නැත. එවිට ඔහු කෙළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමැතිධූර වලට සහ මුදලට බිලි බා ගැනීමය. එහිදී පබාලා මනුෂලා ආදී විශාල පිරිසක් තමන් ලැබූ විපක්ෂ ජනතාවගේ ජනමතය බල්ලාට දමා රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට ආණ්ඩුවට ගියෝය. එසේ මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට පිල් මාරු කිරීමට සාකච්ඡා කළ අය අතර විජයදාස රාජපක්ෂද සිටියේ ය. විජයදාස ඇමැති ධූරයක් බලාපොරොත්තු වූ අතර මහින්ද රාජපක්ෂ දන්වා සිටියේ ඇමැතිධූර අහවර වී ඇති බවත් නියෝජ්‍ය ඇමැතිධූරයක් ලබා දිය හැකි බවත්ය. නියෝජ්‍ය ඇමැතිධූරයකට අකමැති වීම නිසා විජයදාස රාජපක්ෂ විපක්ෂයේ නතර වූවා මිස ප්‍රතිපත්තියකට විපක්ෂයේ සිටියා නොවීය. මෙම සාකච්ඡා සඳහා මැදිහත් කරුවා වූයේ අද ප්‍රකට රාජ්‍ය සංස්ථා සභාපතිවරයෙකි. මෙය පැහැදිලිවම විජයදාස ‘අවස්ථාවාදී ඩීල් කාරයෙකු‘ යැයි තහවුරු කිරීමට හොඳම සාක්ෂියකි. ඔහු ඇවන්ට් ගාඩ් සමාගම සමග ඩීල් දැමීම ගැන මුළු රටක්ම දන්නා නිසා ඒ ගැන වැඩි විස්තර අප සඳහන් කිරීමට නොයමු. ඇවන්ට් ගාඩ් ඩීල් එක නිසා ඔහු ‘ඩීල්දාස‘ නමින් රටේ ප්‍රචලිත වීය.

රාජපක්ෂලා විසින් හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකව එක රැයින් නඩු අසා එළවා දමද්දී නීතිඥ සංගමයේ සභාපතිවරයා වූයේ විජයදාස ය. එහිදී ද ඔහු කෙළේ දෙපැත්ත කමින් අවස්ථාවාදී ලෙස ක්‍රියා කිරීමය. නීතිඥවරුන්ගේ නැගී ආ අරගලය නිසා සභාපතිවරයා වූ ඔහුට කර කියා ගත හැකි දෙයක් නොවී ඊට සහාය දක්වන බවක් පෙන්වූවද ඔහු පුද්ගලිකව කීවේ “ ශිරාණි බණ්ඩාරනායක යනු අගවිනිසුරු ධූරයෙන් එළවා දැමිය යුතු එකියක්“ ලෙසය. එය තහවුරු කිරීම සඳහා පටිගත කරන ලද සාක්කි ලංකා ඊ නිව්ස් සතුය. අගවිනිසුරුවරිය එළවීමට එරෙහිව නීතිඥවරුන් ගිය පෙළපාලියට විජයදාස සම්බන්ධ කර ගත්තේ ද ‘බල්ලා නාවන්න ගෙන යනවාක්‘ මෙනි. මොහු අයිනකට වී පෙළපාලියේ යෑම මග හැර සිටියදී පෙළපාලියට ඇදලා ගත්තේ ලංකා ඊ නිව්ස් හි අතිජාත මිත්‍ර නීතිඥ මහතෙකු විසිනි. එම අරගලය අතරවාරයේදී නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ඔහු එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ ඔහුව කාමරයකට කැඳවා පහර දුන් බව නීතිඥ ප්‍රජාව අතර ප්‍රසිද්ධ වූවද එහි ඇත්ත නැත්ත දන්නේ පහර කෑ විජයදාස සහ පහර දුන් මහින්ද දෙදෙනා පමණි. කෙසේ නමුත් ඉන් අනතුරුව විජයදාස රාජපක්ෂ නීතිඥ සංගමයේ සභාපති ධූරයෙන් ඉවත් විය. අගවිනිසුරුවරිය නීති විරෝධීව එළවා දැමීමට එරෙහි නීතිඥ අරගලය ශක්තිමත්ව ඉදිරියට ගියේ ඉන්පසුව ය. ඒ විජයදාසගේ අනුප්‍රාප්තිකයා වූ උපුල් ජයසූරිය එම අරගලයට නායකත්වය දුන් බැවිනි. ඒ අනුව එකී අරගලයේදී ද ඔහු හැසිරුනේ අවස්ථාවාදී ඩීල් කාරයෙකු ලෙස බව නීතිඥ ප්‍රජාවේ ප්‍රකට මතයයි.

ඍජු චෝදනා වලට ඍජු පිළිතුරු සහ විජයදාසට අභියෝගයක් 

අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුව නොමග යවමින් ලංකා ඊ නිව්ස් වෙත නගන අමූලික අසත්‍ය තක්කඩි චෝදනා මෙසේය. 

1. විනිසුරුවරයෙකු නඩු තීන්දුවක් දීමට පෙර දින එම විනිසුරුවරයා අහවල් ගෙදර ගිහින් කෑම කෑවා අහවලාගෙන් සල්ලි ගත්තා කියා ලංකා ඊ නිව්ස් දාන බැවින් විනිසුරුවරයා ස්වාධීන නඩු තීන්දුවක් දෙන්නේ කෙසේදැයි ඔහු අසයි

මෙය අමූලික බොරුවකි. පාර්ලිමේන්තුව නොමග යැවීමකි. ලංකා ඊ නිව්ස් එලෙස හෙට නඩු තීන්දුව දෙන්න තියෙද්දී අද එම තීන්දුව දීමට නියමිත විනිසුරුවරයා කෑම කෑ තැනත් කාගෙන් හෝ සල්ලි ගත්තා කියාවත් එකදු ප්‍රවෘත්තියක් හෝ පළ කර නැත. එවැනි එකදු ප්‍රවෘත්තියක් හෝ පෙන්වන ලෙස අපි ඔහුට අභියෝග කරමු.

2. ලංකා ඊ නිව්ස් මාස කිහිපයක් තුල අධිකරණයට අපහාස වන ප්‍රවෘත්ති හැත්තෑ ගණනක් දමා ඇතැයිද ඔහු කියයි.

මෙයද අමූලික බොරුවකි. පාර්ලිමේන්තුව නොමග යැවීමකි.  මාස කිහිපයක් යනු වසරකට අඩු කාලයක් විය යුතුය. එනම් උපරිම වශයෙන් ගත්තද මාස 11 කි. ඒ අනුව පසුගිය මාස 11 එනම් 2015 දෙසැම්බර් 18 දා සිට 2016 නොවැම්බර් 18 ඔහු මේ ප්‍රකාශය කළ දිනය දක්වා කාලය තුල ලංකා ඊ නිව්ස් විසින් පළ කර ඇති එම ප්‍රවෘත්ති 70 පෙන්වන මෙන් අපි ඔහුට අභියෝග කරමු.

3. ලංකා ඊ නිව්ස් කතුවරයාට පවුම් 100 ක් දී ඕනෑම අයෙකුට එරෙහිව බොරු අවලාදයක් ලියා ගත හැකි යයි ඔහු කියයි.

මෙයද අමූලික බොරුවකි. පාර්ලිමේන්තුව නොමග යැවීමකි.  එවැනි එකදු සිදුවීමක් හෝ ඔප්පු කරන ලෙස අපි ඔහුට අභියෝග කරමු. 

ලෝකයේ මිලියන 4 කට ආසන්න ජනතාවක් ස්ථිර පාඨකයන් ලෙස භාෂා දෙකකින් කියවන 12 වසරක් පැරණි ජාත්‍යන්තර කීර්තියක් සහිත ලංකා ඊ නිව්ස් මාධ්‍යයට සහ එහි කතුවරයා වෙත ඍජුව එල්ල කරන ලද ඉහත චෝදනා සනාථ කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයා ලෙස රටේ පාර්ලිමේන්තුවට විජයදාස රාජපක්ෂ කිසිදු ලියැවිල්ලක් සාක්කියක් ඉදිරිපත් කෙළේ නැත. පාර්ලිමේන්තුවක් තුල කට වාචාල කමට දෙඩැවීම රටක අධිකරණ ඇමැතිවරයෙකුට තරම් නොවේ. ඉන් හෑල්ලු වන්නේ ඒ රට සහ ඒ පාර්ලිමේන්තුවය. 

විජයදාස රාජපක්ෂ දැන් හෝ ඉහත දැක්වූ චෝදනා ඔප්පු කරන්නේ නම් ලංකා ඊ නිව්ස් හි අයිතිය ඔහුට පවරා දීමට අප සූදානම් ය.

විනි-සොරුන්ව හෙලිදරව් කිරීම සහ අධිකරණයට අපහාස කිරීම

විනිසුරුවරුන් යනු මාධ්‍ය හමු තියන්න බැරි තම නිදහසට කරුණු කියන්න බැරි අසරණයන් පිරිසක් බැවින් ඔවුන් කෙතරම් වැරදි කළත් විවේචනය නොකළ යුතු පිරිසක් බවත් එසේ විවේචනය කිරීමෙන් ඔවුන්ට නිසියාකාරව නඩු තීන්දු දීමට නොහැකි වන බවත් එබැවින් එය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බැවින් විවේචනය වනාහී අධිකරණයට අපහාස කිරිමක් බවත් අධිකරණ ඇමැතිවරයාගේ කතාවෙන් කියැවේ. 

මෙයද සත්‍ය විකෘති කිරීමකි. 

විනිසුරුවරුන් යනු අසරණයන් පිරිසක් නොවේ. මනුෂ්‍යයෙකු මරා දැමීමට නීතිමය අවසරය දී තිබෙන්නේ විනිසුරුවරුන්ට පමණි. විධායක ජනාධිපතිටවත් මනුෂ්‍යයෙකුගේ දිවි තොර කිරීමට නීතිමය අයිතියක් දී නැත. ඔහුට දී ඇත්තේ විනිසුරුවරයෙකු මරා දමන්නැයි නියෝග දී තිබෙන අයෙකුගේ දිවි බේරා ගැනීමට පමණි. ඒ අනුව විනිසුරුවරුන් යනු කිසිසේත්ම අසරණයන් පිරිසක් නොවේ. ඔවුන්ගේ නිදහසට කරුණු කියන්න තැනක් නැති පිරිසක් ද නොවේ. මෙය විජයදාසගේ මවා පෑමකි.

මනුෂ්‍යයෙකු මරා දැමීමට තරම් බරපතල නීතිමය අයිතියක් පැවරී තිබෙන අය ලෙස විනිසරුවරුන්ගේ ජීවිතය විනයානුකූලව නීත්‍යාණුකූලව පවත්වා ගැනීම සඳහා විශාල ඇවතුම් පැවතුම් ප්‍රමාණයක් පනවා තිබේ. ඔවුන් ඒ ඇවතුම් පැවතුම් අනුගමනය කළ යුතුම ය. එසේ නොවන්නේ නම් සමාජයකට එය බරපතලදායක අනතුරු ගෙන දෙන්නකි. 

ලංකා ඊ නිව්ස් වැඩියෙන්ම විවේචනය කර ඇත්තේ විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් තමන් අනුගමනය කළ යුතු ඇවතුම් පැවතුම් වලට පිටින් ක්‍රියා කිරීමය. උදාහරණයක් ලෙස මුහුණු පොතේ විසිළු ආකාරයේ සේයාරූ පල කරමින් ඒවාට හායි හූයි කියමින් විනිසුරු විනිසුරුවරියන් බුබ්බඩයන් සේ හැසිරීම අපගේ කර්කශ විවේචනයට ලක්ව තිබේ. අප විසින් නගන ලද මතය නිසාම අධිකරණ සේවා කොමිසම විනිසුරුවරුන්ට මුහුණු පොත තහනම් කර තිබේ. ලංකා ඊ නිව්ස් එහි දී කෙළේ සාධනීය කාරියක් ද ? අධිකරණයට කළ අපහාසයක් ද ? කියා විජයදාස මහජනතාවට කිව යුතුය.

අධිකරණය සහ රට අනතුරේ දාන්නේ කව්ද ?

දෝෂ සහිත විනිසුරුවරුන්ගේ දෝෂ විවේචනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට අබ මල් රේණුවක හානියක් සිදුවන්නේ නැත. රටේ දෙසිය ගණනක් වන විනිසුරුවරුන්ගෙන් පසුගිය දශක ගණනාවක් තිස්සේ දූෂනයට ලක්ව ඇත්තේ සියයට 5 ක් තරම් වන ඉතාමත් අඩු විනිසුරුවරුන් පිරිසක් බව අපගේ නිරීක්ෂනයයි. සත්‍ය වශයෙන්ම මොවුන් විනිසුරුවරුන් නොව විනි-සොරුන්ය. අප එය නොසඟවා කියා සිටිනවා පමණක් නොව ඒවා ඔප්පු කිරීමට ද සූදානම් ය. මේ පිරිස අධිකරණ ක්ෂේත්‍රයෙන් ඉවත් නොකළහොත් ස්වාධීන අධිකරණයක පැවැත්ම අනතුරේ ය. 

ටිරාන් අලස්ගේ නඩුව, දුමින්ද සිල්වාගේ නඩුව ආදිය මුළු ලොවම බලා සිටින නඩුය. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය උරගල ගෑවෙන නඩුය. මේවා සම්බන්ධ තීන්දු තීරණ වලදී රටේ විනිසුරුවරුන් ඩීල් කාරයන් බව පෙනී ගිය විට අනතුරේ වැටෙන්නේ රටම ය. මන්ද යත් දැනටමත් ජාත්‍යන්තර ප්‍රබලතම සංවිධාන විසින් ලංකාවේ ස්වාධීන විනිශ්චයන් ගැන සැක කරමින් හයිබ්‍රිඩ් අධිකරණ ක්‍රමයක් යෝජනා සම්මත කර තිබෙන බැවිනි. 1833 සිට තිබෙන නීති වලට පිටින් ටිරාන් අලස් ගෙදර යවන්නේ නම්, ව්‍යාජ රෝග විනිශ්චයන් පෙන්වමින් මරණ දණ්ඩනය හිමි වී ඇති දුමින්ද සිල්වාට පෞද්ගලික රෝහල් වල සැප ගන්නට ඉඩ සලසා දෙන්නේ නම්, ගිනි අවි වැරදි අධිකරණ ඇමැතිගේ නියමය මත ගිනි අවි පණතට හසු නොවන්නේ නම්, ජාත්‍යන්තරය පිලිගන්නේ යහපාලන ආණ්ඩුවට පවා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ නොහැකි බවය. එවිට තාවකාලික හයිබ්‍රිඩ් අධිකරණ නොව ස්ථිර ජාත්‍යන්තර විනිසුරුවරුන් රටේ අධිකරණ ක්‍රියාවලිය නිරීක්ෂණයට පත් කළ යුතු යැයි ජාත්‍යන්තර සංවිධාන තීන්දු කළ හොත් අද බයිලා දොඩවන විජයදාස රාජපක්ෂ වැනි පංචස්කන්ධයක් කුමක් කරන්නද ? 

එබැවින් ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අනතුරේ දමන්නේ, රට අනතුරේ දමන්නේ,  දූෂිත විනි-සොරුන් විවේචනය කරමින් ඔවුන් හදා ගැනීමට නොහැකි නම් එළවා දැමීමට අරගල කරන අප විසින් නොව දූෂිත විනි-සොරුන් සමග ඩීල් ගසමින් තම හිතවත් චෞරයන් දඬුවම් ලැබීමෙන් බේරා ගැනීමට වලිකන ඩීල්දාසලා විසිනි. 

මේ බව තේරුම් ගෙන සිටින රටේ අති බහුතරයක් වන සැබෑ විනිසුරුවරුන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ලංකා ඊ නිව්ස් විසින් කරන කාර්යභාරය ගැන අප අමතා දිනපතාම පාහේ ස්තූතිය පළ කරන්නේ එබැවිනි. 

විජයදාස රාජපක්ෂ විසින් තම උද්ධච්ඡ භාවයත් නූගත් භාවයත් ප්‍රදර්ශනය කරමින් කළ ඊ නිව්ස් කතුවරයාට එරෙහි ‘ඉන්ටර්පොල් වරෙන්තු‘ සහ එංගලන්තයෙන් උදර්පනය කර ලංකාවට ගෙන්වීම‘ ආදී චන්ඩි ප්‍රකාශයන්හි සත්‍ය සහ නීතිමය තත්ත්වය ගැන වෙනත් ලිපියකින්  අප පාඨකයන් වෙත කරුණු හෙලිකරන්නෙමු. මන්ද යත් මෙම ලිපිය දැනටමත් දිග වැඩි නිසා ය. එතෙක් සරලව කිව යුත්තේ ඉන්ටර්පොල් වරෙන්තු අරන් සඳරුවන් එංගලන්තයෙන් උදර්පනය කිරීම වැනි වැඩි වැඩ කිරීමට පෙර අර තමන්ගේ ගෙදරට වෙඩි තබා පලා ගිය එකා අල්ලා පෙන්නුවා නම් වැදගත් බවයි. ආණ්ඩුවක අධිකරණ ඇමැතිට එවැනි සුළු අපරාධකරුවෙක් අල්ලා ගන්නට බැරි නම් අපරාධ කරුවෙකු නොවන දේශපාලන රැකවරන ලබා පිටරටක සිටිනා සඳරුවන් ගෙන්වන්නේ කෙසේද? 

විශාල පිරිසකගේ කුඩා පරිත්‍යාග සහ කුඩා පිරිසකගේ විශාල පරිත්‍යාග

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ ලංකා ඊ නිව්ස් යනු එහි කර්තෘ සඳරුවන් සේනාධීරගේ පුද්ගලික මෙවලමක් නොවන බවයි. විජයදාසට ඔහු මාධ්‍යවේදියෙක් නොවන නමුත් දුෂ්කර මාධ්‍ය ජීවිතයෙන් ව්‍යාපාරික ජීවිතයට විත් එහි සාර්ථකත්වය විඳිමින් සිටියදී එය අතහැර යලි දුෂ්කර මාධ්‍ය ජීවිතය වැළඳ ගත් එනිසාම තමා සන්තක වූ සියළු දෑ අළු දූවිලි කරගත් අප දන්නා ලංකාවේ එකම පුද්ගලයා ඔහුය. ලංකා ඊ නිව්ස් ආරම්භයේදී ඔහු විසින් ඔහුගේ පුද්ගලික ධනයෙන් සහ ශ්‍රමයෙන් ලංකා ඊ නිව්ස් පෝෂණය කෙළේ වී නමුත් එය මේ වන විට රටේ මහජනතාවගේ මාධ්‍යයක් බවට පත්ව ඇත. ගිනිතබා විනාශ කිරීමෙන් පසු එය නගා සිටැවූයේ මහජනතාව ගේ ධන පරිත්‍යාගයෙනි. අවම වශයෙන් මෙම පිළිතුර ලියන පරිඝනකය මහජනතාවගේ ය. හිඳගෙන හිඳින පුටුව මහජනතාවගේ ය. මේසය මහජනතාවගේ ය. විදුලිය, දුරකථන, අන්තර්ජාල ගාස්තු ආදී සියල්ල මහජනතාවගේ ධන පරිත්‍යාගයන් ය. සත පහක ගෙවීමක් නොමැතිව ලියන කියන තොරතුරු සපයන පින්තූර සපයන විශාල පරිත්‍යාගශීලීන් පිරිසක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සමග එක්ව සිටිති. එපමණක් නොව ලංකා ඊ නිව්ස් විසින් ගෙන එන පරම සත්‍යයද මහජනතාවගේ ය. මහජනතාව විසින් ලංකා ඊ නිව්ස් වෙත ලබා දෙන අප මාතෘ භූමියේ සත්‍යය අපි යලිදු ශ්‍රී ලාංකික මහජනතාව වෙත විකාශය කරමින් ජනතාව දැනුවත් කරන්නෙමු. කතුවරයා වන සඳරුවන් සිරගත කිරීම සුළු දෙයකි. අවශ්‍ය නම් මරා දැමීමටද හැකිය. නමුත් ලංකා ඊ නිව්ස් සත්‍ය කීම කිසිසේත්ම ඉන් නතර වේ යයි සිතන්නේ නම් එය මුලාවකි. සඳරුවන් නැති වුවහොත් ඔහුට වඩා බුද්ධිමත්, ජව සම්පන්න, පරිත්‍යාගශීලී, නිර්භීත තරුණයෙකු හෝ තරුණියක එම තැන ගන්නවා ඇත.

ශ්‍රී ලංකාවේ සමාජය සාමය සහ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණය කරා යන ගමනේ දී රාජපක්ෂ රෙජීමය පරාජය කර යහපාලන ආණ්ඩුවක් පත් කිරීම එක් සන්ධිස්ථානයක් පමණි. ගමන ඉදිරියට යනු ඇත. යා යුතුය. ඕනෑම රටක සමාජයක් දශමයක් හෝ ඉහලට ඔසවා තබා ඇත්තේ ඒ රටේ කුඩා හෝ පරිත්‍යාගයක් කරන විශාල පිරිසකගෙන් සහ විශාල පරිත්‍යාගයන් කරන සුළු පිරිසකගෙන් මිස අවස්ථාවාදී ඩීල් කාරයන්ගෙන් නොවන බව ස්ථිර ලෙසම සටහන් කර තබමු..! 

-ලංකා ඊ නිව්ස් කර්තෘ මණ්ඩලය-


පසු සටහන:
අධිකරණ අමැතිගේ තර්ජනයෙන් පසු ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙසෙන දේශපාලනඥයන්, වෘත්තිකයන්, විවිධ සංවිධාන සහ පාඨකයන් විසින් ලංකා ඊ නිව්ස් වෙත සහයෝගය දක්වමින් කරන ලද දහස් සංඛ්‍යාත ප්‍රතිචාර අපට මහත් ධෛර්යයකි. ඒ අතර බ්‍රිතාන්‍ය ස්වදේශීය කටයුතු ලේකම් කාර්යාලය විසින් දක්වන ලද සහායද ශ්‍රී ලංකාවේ අධිකරණය සහ නීතිඥ ප්‍රජාව දැක්වූ සහායද අමතක කළ නොහැකිය. ඒ සියළු දෙනාට ස්තූති වේවා..!

---------------------------
by     (2016-11-22 05:02:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  13 discussion on this news

අවසානයේ දැඩි ආවේගයෙන් ඔහු කීවේ තමන් විසින් බොහෝ අසීරුවෙන් ගොඩ නගා ගත් ස්වාධීන අධිකරණයට ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයා බරපතල හානි කරන බවත් එය ජාතික අනතුරක් බවත්ය. - Wijedasa ponna sakkili hora wesige putho... denaganith Judiciary eka kiyanne thoge paalanaye yatathe thiyana ekak newe. thoge me kathaawata nadu danda o,ne nadukaarawarui, JSC ekai ekathuwela. Adikarana amathyanse thiyenne yako mudal wenkarala, adikarana godanegili (buildings), vehicles, saha thawa awashya mudalmaya awashyathaa itukaranda misak, judges la palanaya koranda neme. tho danne neththan gon bijjaa denaganin thota, thoge amathyanse lemaata, judges la palanaya karanda baa. ehema karanawa athi thoge padeta , call walata nadu ahana ponna hora nadukarayo innawanam anna un, a nisaa HONDATA DENAGANIN PONNAYO JUDICIARY EKA THIYENNE CHIEF JUSTICE pramuka JSC eka yatathe misak thoge yatathe newei. adikarana amethi welaa tho me tika danne naaa. Janadipathi thumani.. ME PISSU BALAA WAHAAMA ADIKARANA AMETHIKAMEN AIN KARALA mootath erehiwa thiyana dooshana walata FCID ekata kiyanda. Bribery ekata kiyanda nadu danda kiyala. moo hithagana athi judiciary eka palanayakaranda puluwan kiyala. yako naala waren. THO KOHEDA WAL BALLO AMARUWEN JUDICIARY EKA INDEPENDANT KERUWE..? a ka thoge wedak neme. a ka judges lagei JSC ekei, CJ gei wedak. tho kahinne nethuwa hitapang. nikan ratata boru talks denne nethuwa. dan mulu ratama hithanne Judiciary eka tho wage sakkiliyak yatathe thiyenne kiyala. pehedilikarapiya wahaama, JSC ekatai, mulu judges la seratamai prasiddiyema, tho karapu me kathaawa weradee kiyala. thota weradunaa ,, nikan nemei.. eka 100 gaanata thota weradunaa ... ADIKARANAYA THAMUSEGE YATATHE THIYANA AYATHANAYAK NEWEI. me danwath denaganin ponna wal hora balla. LeN ta nadu danda? ay horakam elikoranawata da? LeN horunta idadenda epaaa, onna den thawath hondata me wage horunge hora thakkadi weda eliyata danda welaawa. balamu api yahapalane me wage horunta nadu dai da kiyala. puthaage wedding eke gaana iyadama keeyada? mewwa ko Auditor general, Inland revenue, Bribery commission, hoyanne nedda? -- by Independant on 2016-11-19 Len give him a fitting reply -- by lion on 2016-11-19 Len credentials of this man is well known. When he was exposed by Sarath Fonseka showing how this man was merry making with Senadipathi of Avan guard, he got furious and called SF wellVidane, The man is known as deal dasa. Country knows who he is. -- by lion on 2016-11-19 wijedasayo umbath dan natanawa wadi. Umbawa pathkaleth api. Nathi karannath apita puluwan. Avengard office eka thiyenne thamunge godanagillaka neda? Api meeharak kiyalada hithagena inne?? -- by Keerthi on 2016-11-19 LEN, Please start war against this bloody "DealDaasa". he has no right to criticize LEN which served the country with all these threats coming their way from the Rajapaksha regime time.Whatever that dealdasa said the majority of yahapalana people are with you. Please reveal all the deals he had with GOTA,MARA and Specialy with AVANTGUARD. and never ever stop revealing about these corrupted politicians and specially corrupted lawyers. Regds, Kuma -- by Kuma on 2016-11-19 Me vage aththen aththata panina moollunta oya vage thanathuruvalata path karapu evun tharam moda amanain thavath innavada kiyaa nodanimi. -- by nareen on 2016-11-19 Initially, President Sirisena appeared to be a very NOBLE person and I thought he was the PERFECT MAN for the job. Perhaps many who voted or not voted for him would have felt that way during the initial few weeks of him in the Office. Having struggled in war, political corruption and poverty for decades the nation started seeing a silver line in the sky again! The whole country knows that Wijedasa Rajapaksha is the first betrayer who started undermining the president. Perhaps, other dark forces joined him later and started gathering momentum against the President behind his back. The only way Mr President can regain his credibility is by sacking this bookworm DEALDASA before it is too late! If Mr President thinks that DEALDASA and other highly corrupted few people close to him helped him in the presidential election once, he needs to understand that Lanka eNews helped him more than 100 times at no personal gain to anyone at Lanka eNews. As we see it, the pure intention of Lanka eNews was the rescue of the nation from all sort of abuse and corruption at the time. Along with many other patriotic people and organisations, Lanka eNews tirelessly played a major role to get you elected as our next President. Otherwise, as Mr President himself has said on many occasions he would have been in fact 6 feet under by now. Mr President has broken the heart of many of his supporters starting from Late Ven Sobitha thero. The only way he can restore his credibility now is by getting rid of this two faced snake DEALDASA, who has been back stabbing him and Yahapalanaya Government from day ONE. The more the President and the Prime Minister tolerate this BETRAYER the stronger and vicious he will get and undermine your government. Therefore, it is high time for Mr President and the Prime Minister to get rid of this CANCER before it becomes TERMINAL to their government. Showing a blind eye to it any further will only prove that DEALDASA IS PLAYING AN IMPORTANT ROLE AS THEIR MOUTHPIECE? -- by ratawesiya on 2016-11-19 බල්ලෝ බිරැවට උන්ව හපන්න යන්න අවශ්‍ය නැත. අපි ගමන යමු අපේ පාඩුවේ. අධිකරණ බලය ගැන අබමල් රේණුවක දැනුමක් විජේදාසට නැත්. .............................................. ithin garu janadhipathi thumani...!!! me hora deal daala thawath ADIKARANA AMETHI kame thiyagana inne ay.? me pissuballaata bellata karapatiyak damaa getagasaa, hora thakkadi jawaram siyallatama NADU danne nedda? janathaawa chandayadunne me pissuballanta janathaawa sapaakannata dennata nowe. -- by Janathaawa on 2016-11-21
-- by Kamal on 2016-11-22

Me vage evun aanduvata ek kala evunta saapa vevaa.Mohuta samaana thavath narumain aanduve sitithi.Mevani amanain panna dama nisi sudusukam athi ayata thanathuru labaa deemata janaadhipathi thumaa madihath viya yuthui.
-- by nareen on 2016-11-22

Lanka E News, we are with you. Not with Dealdasa.
-- by Pradeep on 2016-11-22

Well done LEN, good reply with facts and figures. Mr. Minister now your chance, if you are gentlemen reply or resign.
-- by Bathiya on 2016-11-22

Len thanks for the reply. The language you used is too good for this dirty scaundral. Len have eyes on this man and the government is getting discredited the longer he is allowed to dance,
-- by lion on 2016-11-22

Wijedasa Rajapakshe is not a suitable person to be a Justice Minister!
-- by Razmin on 2016-11-22

Len your language is too soft for this garbage which is wrapped in a black coat. This man should be given a good beating for the rest of his life.He cant escape the guilt he created by ridiculing SF and Proff Wijesuriya,
-- by lion on 2016-11-22

down with dealdasa !
-- by siripala on 2016-11-22

විජේදාස ජනාධිපති නීතීඥ තෙමේ එංගලන්තයේ සිට කරන දේවල් වලට ලංකාවේ සිට නඩු දමන ඩීල් කාරයෙකි.
-- by Herath on 2016-11-22

Wijedasa kiyanne sathya wenuwen peni inna bari ponna kariyek. Moo ballekuta dawa upan ballige puthek. Me kariya rate mechchara neethiya pilibanda gatalu thiyena welawaka ewa ekakwath gana katha karanne naa. My3 kiyana eka hamudawe inna mini maruwo wenuwen peni hitapu eka gana me pakaya kela bindak hollanne naa. Me sewala kariya kanen allala eliyata adala danna ona, kisima aanduwaka thyaganna honda ekek nemei. Muge wathkam serama FCID eka dala hoyanna ona.
-- by silva on 2016-11-22

We were and are always with you LEN. You are the only one who had a Backbone to say the truth in past and now. Everybody was scared at that time to say something against to MR. But not you!. You said that what We could not say. You were our voice. You are and will be in our heart forever. You have done already a lot. Thank you for that . We have to do still more. But we are not afraid until we have you. We are with you. You are a Great Hero.
-- by normal minisa on 2016-11-22

we with you LEN
-- by Thilak Indika on 2016-11-23

මොහු ඩීල් දාස ලෙස මේ රටේ විරුදාවලි ලබා ඇත. මහා ප්‍රඥයා ලෙස තමුන්ම හඳුන්වා ගනී. තව ටික දිනකින් මේ ඩීල් ලන්තයට ඩීල් හඳුන්වාදුන් ඩීල් චක්‍රවර්ති යන නාමයෙන් පුද දීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ විනාශය ලඟා කරදුන් පුදගලයා ලෙසද ඉතිහාස ගත වීමට නියමිතයි. අනුන්ට අපහාස කරන මොහු පෙනී සිටියෙත්, පෙනී සිටින්නේත්, ඉදිරියේත් පෙනී සිටිනු ඇත්තෙත් කවුරුන් වෙනුවෙන්ද යන්න මේ රටේම මිනිසුන් දන්නා ප්‍රසිද්ධ රහසකි. හැකි නම් මේ පුද්ගලයා කවුදැයි නම් කරන මෙන් ඊ නිවුස් පාඨක අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
-- by Gamini on 2016-11-23

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links