~

‘විනිසුරු වැරදි ලියන්න මාධ්‍යයට පුළුවන්‘ ලංකා ඊ නිව්ස් විනිසුරුවරුන්ට අපහාස කරනවා මං නම් දැකලා නෑ - ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති

විජයදාසගේ මතය රජයේ මතය නොවේ - කැබිනට් ප්‍රකාශක

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, ප.ව‍‍‍‍‍‍.11.55) අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැරදි සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් හෙළිදරව් කිරීමේ වරදක් නැතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පැවසීය.

රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අරගලයක් ගෙන ගිය බව ද, ඔහු පෙන්වූ කාරණ අසත්‍යක් වී නැති බව ද පරණවිතාන මහතා කීවේය.

ලංකා ඊනිවුස් වෙබ් අඩවියේ කතුවරයා ජාත්‍යන්තර වරෙන්තු මගින් ලංකාවට ගෙන එන බවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය දිගින් දිගටම කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය - අධිකරණ ඇමැතිවරයා කිව්වා ලංකා ඊනිවුස් කතුවරයා ජාත්‍යන්තර වරෙන්තු මගින් ලංකාවට ගෙන්වන බව. ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස එය අනුමත කරනවාද?

(ගයන්ත ඇමැතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණි.)

ප්‍රශ්නය - අධිකරණ ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔබ දන්නේ නැද්ද?

ගයන්ත කරුණාතිලක - ඒ ගැන දන්නවා.

ප්‍රශ්නය - පරීක්ෂණයක් පවත්වන්නට පෙර කොහොමද අධිකරණ ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් කරන්නේ?

කරු පරණවිතාන - මම ඒ ගැන කියන්නම්. එම වෙබ් අඩවියේ කතුවරයා ලංකාවේ පුරවැසියෙක් ද, වෙනත් රටක පුරවැසියෙක් ද එසේ නැතිනම් සරණාගතයකු ලෙස සිටිනවාද කියා අපි දන්නේ නෑ. ඔහුගේ මාධ්‍ය භාවිතයන ගැන ජනමාධ්‍යවේදියකු ලෙස එහෙම නීතියෙන් දඩුවම් කරන්න අපට අවශ්‍යතාවක් නෑ. එහෙම කරනවා නම් අපේ අමාත්‍යංශය මගින් යමක් කෙරෙන්න ඕනා. අපි එහෙම කරන්නේ නෑ. ඔහුගේ මාධය ආයතනයක් පසුගිය රජය සමයේ ගිනි තිබ්බා. අධිකරණ ඇමැතිවරයා කිව්වේ මහේස්ත්‍රාත්වරුන්ට අපහාස කරනවා කියලයි. මම නම් දැකලා නෑ එහෙම අපහාස කරනවා කියා. මා සමගත් අධිකරණ ඇමැතිවරයා කිව්වා මහේස්ත්‍රාත්වරුන් තමන්ට පැමිණිලි කරන බව.

ප්‍රශ්නය - පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව කොහොමද එහෙම කටයුතු කරන්නේ?

පිළිතුර - පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව එහෙම කරන්න බෑ. අධිකරණ ඇමැතිවරයා කිව්වේ අපහාස කිරීම ගැන සහ මහේස්ත්‍රාත්වරුන්ට පෞද්ගලිකව පහර දෙනවා කියලයි.

ප්‍රශ්නය - හොර අලි ප්‍රශ්නයට මහේස්ත්‍රාත්වරයකු අත්අඩංගුවට ගත් විට ගම්පහ මහේස්ත්‍රාත්වරියක සිය ෆේස්බුක් පිටුවේ නීතිපතිවරයා විවේචනය කරමින් සටහනක් යෙදා තිබුණු බව එම වෙබ් අඩවිය වාර්තා කළා. මෙය අපිත් දැක්කා. මේවා වාර්තා කරන එක වැරදිද?

පිළිතුර - වරදක් වාර්තා කිරීම හෙළිදරව් කිරීම ප්‍රශ්නයක් නෑ. නමුත් අධිකරණ අමැතිවරයා කියා තිබුණේ පෞද්ගලිකව මඩ ගසන බවට විනිසුරුවරුන් පැමිණිලි කරන බවයි.

ප්‍රශ්නය - මේ කියන වෙබ් අඩවිය සහ තවත් මාධ්‍ය ආයතන පසුගිය රජය සමයේ ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් ඝාතනය වුණා. නමුත් තවමත් පරීක්ෂණ සිදු වෙන්නේ මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ඝාත්න සම්බන්ධයෙන් පමණයි?

ගයන්ත කරුණාතිලක -  සමහර පරීක්ෂණ වාර්තා නැති කරලා. මේ හැම දෙයක් ගැනම හොයනවා.

ප්‍රශ්නය - රටේ අගමැති ජනාධිපති පවා මාධ්‍යවලට ප්‍රසිද්ධියේ දොස් කියනවා. ලංකාවේ ප්‍රධාන මාධ්‍යයකට ටොයිලට් පේපර් කිව්වා. මේවට මොකද කියන්නේ?

පිළිතුර - අපි මාධ්‍ය මර්දනය කරන්නේ නෑ. ජනමාධ්‍ය විවේචනය කරන්නත් ඕනෑම කෙනෙකුට පුළුවන්.

මේ අතර අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් ගැන හා මාධ්‍ය ගැන කරන ලද ප්‍රකාශ රජයේ මතය නොවන බව කැබ්නට් මාධ්‍ය හමුවේ දී දොස්තර රාජිත සේනාරත්න මහතා කීවේය.

අයිඑස්අයිඑස් ත්‍රස්තයන් ගැන අධිකරණ ඇමැති කළ ප්‍රකාශය සත්‍යයක් නොවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති තමාට කියු බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙම ප්‍රකාශයත් සමඟ මුස්ලිම් ජනයා තැති ගෙන ඇතැයි ද ඔහු කීවේය.

( තරිඳු ජයවර්ධන ලංකාදීපයට ලියූ වාර්තාවකි)

---------------------------
by     (2016-11-24 02:10:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

අධිකරණ ඇමැතිවරයා කිව්වේ මහේස්ත්‍රාත්වරුන්ට අපහාස කරනවා කියලයි. මම නම් දැකලා නෑ එහෙම අපහාස කරනවා කියා. මා සමගත් අධිකරණ ඇමැතිවරයා කිව්වා මහේස්ත්‍රාත්වරුන් තමන්ට පැමිණිලි කරන බව.වරදක් වාර්තා කිරීම හෙළිදරව් කිරීම ප්‍රශ්නයක් නෑ. නමුත් අධිකරණ අමැතිවරයා කියා තිබුණේ පෞද්ගලිකව මඩ ගසන බවට විනිසුරුවරුන් පැමිණිලි කරන බවයි. - ekak kiwayuthuya, me para ballaa Deal Daasa boru pita boru kiyanaa ekeki. Magistrates laa me wal ballaata ethumanlaage peminili kiyannata enne netha. me para ballaa Magistrates la ge BAPPA NOWE. Magistrates laa unge prashna me waage sakkili minister kenekuta kiyanne ma netha. minister ta kisima balayak Magistrates la sambandayen nometha. vinisuruwarunge prashna sambandayen balaya thibenne JSC ekataya. Wijedaasayaa kahinne nayataya. ekko a booruwaa boru begal kiyanneeki. EKKO, SAMAHARA PONNA NADUKARAYAN UNGE DUK GENAVILI ME WAGE PONNA SAKKILI HORA DEAL DASAYAKUTA KIYAMIN ANDA ANDAA YANA GON BIJJAN KOTTASAYAKI. oya deken ekaki. mokada Magistrates la , ho wenath nadukaarawarun ho sambandawa kisima , kisima , kisima , balayak, palanayak kisima amethiyekuta nomatha. janadipathitawath netha. a sandahaa JSC eka sitee. me wage boru begal gahana , hora thakkadi wesa ballan janathaawa palanaya kireemen athugaa pannaa demiya yuthumaya.
-- by Kamal on 2016-11-24

If Mr President and the Prime Minister do not get rid of Wijedasa at least NOW, this could be the beginning of the end of their government. The most foolish thing any government can do is attacking the MEDIA. It is no different to throwing stones from a glass house!
-- by nuwan on 2016-11-24

Lankawe vinisora la neethiya poor ayata witharak kryathmaka kanakota salli thiyena hrunta nithiya wada karanne nathnam mama kiyanne mema winisrunwa apahasamadi gal gahala maranta ona
-- by Mangala on 2016-11-24

බ්‍රිතාන්‍ය නීතියේ පිහිටෙන් සහ යටත්විජිත තත්ත්වයෙන් බලවන්ත වූ විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සිටින පිරිස තමන් සතු අසීමිත බලය සාමන්‍ය පොදු ජනතාවට ලබා දී මහත් වූ පිංකමක් සිදු කර ගැනීමට රිසි වෙයිද? වෙස්සන්තරා ලා මෙන්ම අනේපිඩු ලා අතීතයේ මිස වර්තමානයේ සමාජයේ නොමැති අතර සම්මත තරන්නට යන ආණ්ඩුක්‍රමයද සංශෝධනය කරන හැටි දැන් සිටම අපි කථා කරමු.
-- by Purna on 2016-11-26

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links