~

විජයදාසගේ කුමන්ත්‍රණය කා සමගද යන්න හෙළිකරමින් මරාවාදියෝ ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරති

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, ප.ව‍‍‍‍‍‍.11.55) අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සැබෑ ලෙස සිටින්නේ කා සමග ද යන්න තහවුරු කරමින් පසුගිය සිකුරාදා ඔහු ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ ක්‍රියාත්මක කරමින් රාජපක්ෂවාදී සට්ටැඹියෙකු වන කෝට්ටේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධුර විතානගේ නමැත්තා ලංකා ඊ නිව්ස් සහ එහි කතුවරයාට එරෙහිව අධිකරණයට අපහාස කර අතැයි චෝදනා කරමින් පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට අද (23) බාර දුන්නේය.

ඔහුගේ නීතිඥයා ලෙස කටයුතු කෙළේ කුප්‍රකට දූෂිතයෙකු වන හේමන්ත වර්ණකුලසූරිය නමැති නීතිඥයා ය. හේමන්ත වර්ණකුලසූරිය ඉතාලියේ තානාපතිව කටයුතු කරද්දී ‘අපි වෙනුවෙන් අපි‘ අරමුදල වෙනුවෙන් එකතු කරන ලද යුරෝ ලක්ෂ ගණනක් වංචා කෙළේ යයි සීඅයිඩියේ පැමිණිල්ලක් විභාග වන අතර මධුර විතානගේ කරන ලද දූෂණ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පැමිණිලි විභාග වෙමින් පවතී. රාජපක්ෂ යුගයේදී අධිකරණය මැදමූලන මරාධිකරණයක් ලෙස කටයුතු කරද්දී මේ අයට එදා අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිසිදු කැක්කුමක් නොතිබිණ. 

භාරත ලක්ෂ්මන් ඇතුලු සිව් දෙනෙකු ඝාතක දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිට කෙතරම් ඩීල් දැමූ නමුත් ඔහුට මරණ දණ්ඩනය දීමෙන් බේරා ගැනීමට නොහැකි වීමේ හිත් වේදනාවෙන් පෙලෙන හේමන්ත වර්ණකුලසූරිය පෙත්සම් බාර දීමෙන් පසු කියා සිටියේ ලංකා ඊ නිව්ස් කතුවරයාට අවශ්‍ය පරිදි නඩු තීන්දු නොදෙන්නේ නම් එම විනිසුරුවරුන් ජීවග්‍රහයෙන් අල්ලා තර්ජනය කරන බවයි. එසේ කියන අතරේ දීම හේමන්ත තම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ යුතු ක්‍රියාමාර්ගය ගැන විනිසුරුවරුන්ට බලපෑම් කරමින් කීවේ පෙත්සම් විභාග කර සඳරුවන් සේනාධීරට එරෙහිව අන්තර්ජාතික වරෙන්තු නිකුත් කර ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණ වසර 2 ක් ගත වීමට ආසන්න වුවද රාජපක්ෂ ගේ වනචර දශකයේදී ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ගැන කිසිදු පරීක්ෂණයක් ආරම්භ නොකර අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රකාශ සමගම, ආණ්ඩුව විසින් මෑතකදී විදුලි සංදේශන කොමිසමේ අධ්‍යක්ෂක ධූරයකට පත් කළ හේමන්ත වර්ණකුලසූරිය විසින් ලංකා ඊ නිව්ස් වෙත නඩු පැවරීම නම් අපූරුය. 

ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය.

---------------------------
by     (2016-11-24 03:34:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  8 discussion on this news

ඔහුගේ නීතිඥයා ලෙස කටයුතු කෙළේ කුප්‍රකට දූෂිතයෙකු වන හේමන්ත වර්ණකුලසූරිය නමැති නීතිඥයා ය. හේමන්ත වර්ණකුලසූරිය ඉතාලියේ තානාපතිව කටයුතු කරද්දී ‘අපි වෙනුවෙන් අපි‘ අරමුදල වෙනුවෙන් එකතු කරන ලද යුරෝ ලක්ෂ ගණනක් වංචා කෙළේ යයි සීඅයිඩියේ පැමිණිල්ලක් විභාග වන අතර මධුර විතානගේ කරන ලද දූෂණ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පැමිණිලි විභාග වෙමින් පවතී. රාජපක්ෂ යුගයේදී අධිකරණය මැදමූලන මරාධිකරණයක් ලෙස කටයුතු කරද්දී මේ අයට එදා අධිකරණයේ ස්වාධීනත්වය ගැන කිසිදු කැක්කුමක් නොතිබිණ. mudal gasaakem walata chodana FCID ye pawathiddee, eweni horunta loku thanathuru dunne kawda..? Yahapalana anduwen nam wenda baa... mokada chande ganna aawe janathaawata poronduwak deelane horu allanawa kiyala. ehema thiyeddi horunta thanantara denne naa ne. ne da...?
-- by Janathawa on 2016-11-24

The government is taking a HIGH RISK by allowing this crook, Dealdasa to blow things out of proportion and beyond his territory. It seems like Dealdasa is suffering from some inferiority complex. If Mr President and the Prime Minister keeps this book-smart fool in their cabinet any longer, they may not sustain the patience of Yahapalanaya loving nation for too long. The day the nation will be turning their back to the President and the Prime Minister is coming closer, which is a SAD FACT!
-- by citizen on 2016-11-24

අඩෝ අපි නොදන්න මධුර..... ඕකාගේ නේද එදා මහින්දගේ කාලේ අර බ්ලූ සීන්ස් වගයක් කෝට්ටේ නගර සභාව ඇතුලේ පෙන්නුවේ...... දැන් එනවා බබා හුකුං වෙන්න.... අපි මැරිලා ඉපදිලා නැහැ ගොන් මධුරයෝ........ අහපං නගර සභාවේ වැඩ කරන එකෙක්ගෙන් උඹ ගැන.....උඹේ කැරැට්ටුව කියයි ආයි ලොවෙත් නැතිවෙන්නම....
-- by Sumadura Madura on 2016-11-24

එංගලන්ත අධිකරණ බල සීමාවේ සිට කරන ලද ක්‍රියාවකට ලංකාවේ අධිකරණ වරෙන්තු නිකුත් කරන හැටි අපි බලා සිටිමු. ඒ අනුව ලංකාවේ සිට වරදක් කරන අයෙකුට එංගලන්ත අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කිරීමත් අපි පිළිගත යුතුයි නේද? ඒ වගේම එංගලන්තයේ සිට අන්තර්ජාලයට ඇතුළු කරන දත්ත DATE Or WEB SITES වලට ලංකාවට ඇතුළු වීමට ඉඩ දෙන විදුලි සංදේශ නියාමන කොමිසම අත්කර්ජාල සේවා සපයන ආයතන වලට දඩුවම් කරන්නෙ නැද්ද හේමන්ත මහත්තයෝ.....
-- by Varuna on 2016-11-24

LeN, mare maru, onna niyama flatform ekak hadala deela hora Hemanthai, hora Madurai denna. nadukaara warun/wariyan ta deyyangema pihitai. mewenakan LeN eke vitharai thoraturu demme, dan onna naduwatama okkoma visthara daala , naduwata medihath welaaa nadu kaara waru wariyange gubbeyam okkoma supirim usaaviye nadu gonuwatama daala loketama usaaviyemma visthara tika eliyata daala hora weda okkoma nithayanukoolawa elidakkanda LeN ta awasthaawa awith.. jayawewaaa..... LeN naduwata genath daanda serama hora deal wala visthara. nadukarawarungen bagayak gedara yana wedak me gon denna korala thiyenne.. hiks....mehemath gon baanak..
-- by Registrar on 2016-11-25

“අධිකරණ කටයුතු අන්තර්ජාලය හරහා අභියෝගයට ලක් කිරීමට කටයුතු කළ ලංකා ඊ නිවුස් කතුවරයා (සඳරුවන්) අධිකරණ ඇමැතිවරයාගේ සිංහ නාදයත් සමඟ නකුට හකුළාගෙන ඇත. ඔහු විසින් අන්තර්ජාලය හරහා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ගෙන ගිය අසත්‍ය මඩ ප්‍රචාර දැනටමත් එම වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන ඇත“ ............වනචර දශකයේදී හිටපු ඒකාධිපති,මිනීමරු,කම්බා හොරෙක් වන රාජපක්ෂලාට විරුද්දව නොබියව සත්‍ය ප්‍රකාශ කල,ලෝකයේ සිටින දරුණුම ගනයේ කම්බා හෝරාව ගෙදරම යවපු,රටේ ජනතාවගේ ඇස් පාදපු ලංකා ඊ නිවුස් කතුවරයා (සඳරුවන්) ට අධිකරණ ඇමති විජේදාස කියන්නේ මොන"පගර නට්ටේක්ද","මොන ගොන් බිජ්ජෙක්ද",මොන "හුජ්ජ කොල්ලෙක්ද"??
-- by tikiri banda on 2016-11-25

මෙන්න හේමන්තගේ වැඩ සහ කිඩ http://www.dinamina.lk/?q=2016/11/25/25930
-- by bandara on 2016-11-25

me hora wesa ballan dennagema KALU KABAAYA supirim usaaviyemma galawaa damana dinaya wedi aathaka netha. mun dennage horakam walata FCID ha Bribery commission nadu ikmanin asaa theendu deemata katayuthu kalayuthuya. edaata mun dennage heluwella lokayatama balaagathaheka. KALU LOGUWA GALAWAA JEEVITHANTHAYA DAKWA law practice kireema thahanam kalayuthuya. ape ratata hena gasaa aththe o,naama horekuta kalu loguwa daa supirim usaaviye da naduwalata peneesiteemata awasthaawa lebeemai. meya wahaama nawathaademiya yuthuya. eya kalahekke desapalanayen thoravoo KONDA KELIN CHIEF JUSTICE kenekuta pamani.
-- by Mudlier on 2016-11-27

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links