~

යහපාලන රාජපක්ෂගේ වෙබ් දඩයම..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.25, පෙ.ව‍‍‍‍‍‍.4.10) වසර දෙකකට ආසන්න කාලයකට ආයුෂ කියන යහපාලන ආණ්ඩුවේ බොහෝ දෙනෙකු මේ වනවිට රාජපක්ෂ පාලන කාලයේ ඌෂ්ණයට සමාන උෂ්ණයක් පිට කරමින් එකී රංගනයන්ට අවතීර්ණ වීමට කටයුතු කරමින් සිටී. ඒ අතර යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමතිට මේ වනවිට අමුතුම කුලප්පුවක් සෑදී ඇත. ඒ ලංකාවේ බුර බුරා නැගි ජාතිවාදී ඇන කොටා ගැනීම් පාර්ලිමේන්තුව හමුවේ තබා සිංහල මුස්ලිම් විරසකයක් ඇති කිරීමටය. 

එහෙත් ලංකා මුස්ලිම් සංගමය විසින් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ මුස්ලිම් අන්තවාදයක් සම්බන්ධයෙන් වන කරුණු  හා ලංකාවේ මුස්ලිම් පවුලක සාමාජිකයින් අයි.එස් සංවිධානය හා එකතු වීම සම්බන්ධයෙන් වන කරුණු මීට වසර කට පමණ පෙර ආරංචි මාත්‍රයක් පමණක් වන දෙයක් බවත් මේ කරුණුවල සත්‍යාසත්‍යතාවය තහවුරු නොකොට ජනතාව කුපිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ඉල්ලා සිටියේය. 
මේ ප්‍රකාශයට අමතරව ඒ හා සමගාමීව අධිකරණ ඇමතිවරයා විසින් යහපාලන ආණ්ඩුවට මෙන්ම තමන්ට ද මහත් කරදරයක් බවට පත්ව ඇති වෙබ් මාධ්‍ය සම්බන්ධයෙන් අවලාද නැගීමටද අමතක නොකළේය. ඒ අතුරින් ඔහුට සෘජුව බලපෑම් සහගතව ඇති වෙබ් අඩවියක් වන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සම්බන්ධයෙන් දැඩි දෝෂ දර්ශනයක් ඉදිරිපත් කර සිටි අතර ඔහු එහිදී කියා සිටියේ අධිකරණයේද බොහෝ විසඳුම් සඳහා තීරණ දීමේදී මෙම වෙබ් අඩවියෙහි පළවන වාර්තා හේතුවෙන් එකී තීරණයන් ගැනීමට අපහසු වී ඇති බවත්ය. ඒ නිසාම අදාළ වෙබ් අඩවියෙහි කර්තෘ වරයා වන සඳරුවන් සේනාධිර මේ වනවිට රැඳී සිටින එංගලන්තයේදී ජාත්‍යන්තර   පොලීසියේ සහායෙන් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන්වා ප්‍රශ්න කිරීමට ලක් කරන බවත්ය.
 
මෙකී ප්‍රකාශයන් සිදුකිරීමේදී විජේදාස රාජපක්ෂ තමා වෙත එල්ල වී ඇති බරපතල ගණයේ චෝදනා සම්බන්ධයෙන් සියල්ල සඟවා තබාගෙන වෙබ් අඩිවයක් වෙත ඇගිල්ල දිගු කිරීම මගින් තමාගේ හෙළුව වසා ගැනීමට අමනෝඥ උත්සාහයක නිරත වනු අයුරු දක්නට ලැබිනි. ලංකාවේ මහා පරිමාණ වංචාවන් අතරට ගැනුනු ඇවන්ගාර්ඩ් ගණුදෙනු යට සිටි ප්‍රබල ගණයේ දේශපාලනඥයා වූයේ විජේදාස රාජපක්ෂ බව  ඔහුට අමතකව ගියේය.  ඇවන්ඩ්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති හා ඔහුගේ පවුලේ උදවිය සමග ඇමරිකාවේ සංචාරයක්  සිදුකිරීම හරහා ඔහුට නිශ්ශංකගෙන් ලැබුනු මුදල් කුට්ටි වෙත කෑදර කමින් හා තමන්ට හා පවුලේ උදවියට සුඛ විහරණය සලසාදීමට කෘත ගුණ සැලකීමක් ලෙස ඇවන්ගාර්ඩ් ගණුදෙනුව යට ගැසීම සදහා මූලිකව කටයුතු කරනු ලැබූවේ ඔහු බවට මොහොතකට අමතක කිරීමට උත්සාහ කළ බව නොරහසකි. 

මීට අමතරව මහා පරිමාණ ඉඩම් කොල්ලයක නීතිඥයෙකු ලෙස නිරත වූ වත්මන් යහපාලනයේ අධිකරණ ඇමතිවරයා එකී පවුල මහ මගට ඇද දැමීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්ද තොරතුරු පසුගිය කාලයේ වාර්තා විය.

එබැවින් තමාට වදින තැන්වලට ඇඟිල්ල දිගු කොට එය ජනතාවට එරෙහි වීමක් ලෙස හුවා දැක්වීමට ප්‍රයත්න දරණ මෙකී දේශපාලනඥයා මෙවර කොටා ඇත්තේ කෙසෙල් ගසකට බව කිව යුතුය.

සඳරුවන් සම්බන්ධයෙන් දේශපාලන ගණුදෙනු කෙසේ වෙතත් ඔහු යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා මෙන්ම පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ මහා වංචාවන් සම්බන්ධයෙන් හා දූෂණයන් සම්බන්ධයෙන් එළිපිට සටන් කිරීමට තරම් සමතෙකු විය. එසේ නම් මතුවන ගැටළුව වන්නේ යහපාලන ආණ්ඩුවේද කුණු ඇති තැන් හෙලි කිරීම හා යහපාලන මූලධර්මයන්ට මූවා වී පිස්සු කෙළින දේශපාලනඥයින් එලියට ඇද දමා ජනතාව හමුවේ නිරුවත් කිරීමේ වරද නම් විජේදාස රාජපක්ෂ විසින් සිදු කරමින් පවතින්නේ එකී කාර්යයට අත හිත දෙන ලංකා ඊ නිවුස් පමණක් නොව තවත් වෙබ් අඩවි ගණනාවකට තර්ජනය කිරීමය. 

එබැවින් මෙහිදී විජේදාස රාජපක්ෂ මෙන්ම යහපාලන ආණ්ඩුවේ බැටළු හම් පොරවා ගෙන සිටින බලය ලත් නිලධාරීන් හා  පතාකයින්ට පැවසිය යුතු දෙයක් තිබේ. එනම් තමන්ගේ නිරුවත වසා ගැනීමට අවලාද නැගීමේ සංදර්ශනය තාවකාලික වන්නේ කිසියම් හෝ මාධ්‍ය මර්දනයක් සිදුකොට වසා ගැනීමට තැත් කරන හෙළුව පෙරට වඩා කදිමට මෙවැනි අවලාදයන් සමග පෙන්නුම් කිරීමට අදාළ මාධ්‍යයන් කටයුතු කරනු ලබන බවයි.
 
අප දන්නා පරිදි අදාළ වෙබ් අඩවියට තොරතුරු එන්නේ තම අසල සිටින කෙනෙකුගෙන්මය. එබැවින් තමාගේ අවට සිටින විශ්වාසවන්තයින් කවරෙකු වුව එකී විශ්වාසයට වඩා දැඩි විශ්වාසයක් ඔවුන් ජනතාව හමුවේ තබා ඇති බැවින් හොරා කන්නනන්ට කීමට ඇත්තේ තමා සමග සිටින කවර ගණයේ විශ්වාස වන්තයෙකු වුව අපගේද මිතුරන් වන බවයි. මේ හේතුවෙන් ලංකා ඊ නිවුස් හි සඳරුවන් පමණක් නොව මෙකී මාධ්‍ය මෙහෙවරයෙහි නිතර වන්නන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර විජේදාස සිදු කළ යුතු වන්නේ තමාගේ නිරුවත වසා ගැනීමට වෙනත් මාර්ගයක් තෝරා ගැනීමය. 

ඒ මන්ද යත් වෙබ් අඩවි හෝ මාධ්‍ය මර්දනය කිරීම මගින් ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට වැටීම කිසිසේත්ම මෙවැනි උඩුබිරුම් හමුවේ අකාමකා දැමීමට ඔවුන් බැරි බව ස්ථිරවම කිය හැකි නිසාය. 
කෙසේ නමුත් විජේදාස රාජපක්ෂගේ උවමනාවට යහපාලන ආණ්ඩුවේ කවරෙකු වුව උල්පන්දම් දෙන්නේද ඔවුන්ගේ නිරුවත් වීම ද ලඟ ලඟම බව පමණක් සඳහන් කිරීම මෙහිලා දැක්විය යුතුමය. 

මෙකී අවවාදයට විජේදාස රාජපක්ෂට පමණක් නොව මේ ආණ්ඩුවේ සොරුන් රකින කිසිවෙකු හෝ වේ නම් ඔවුන්ට ද අදාල වන්නක් වේ. ඒ අනුව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාවෙන් තුරන් කිරීමට එවක පාලකයින් විසින් ගත් උත්සාහය සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකොට ගොළුවන් සේ සිටි පිරිස් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කට මැත දෙඩවීම තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින්ද ලිපියක් යොමු කරමින් සඳහන් කොට සිටියේය.
 
දි ඉන්ඩිපෙන්ඩන් වෙබ් අඩවියද අදාළ සංගම් හා ඒකාත්මික වෙමින් මෙකී උඩුබිරුම් සඳහා විරෝධය දක්වන අතර කුමන හෝ ආකරය මාධ්‍ය මර්දනයකට දත කට මැද සිටින මහත්වරුන්ට අනතුරු අඟවන්නේ ගින්දර සමග සෙල්ලම් කිරීමට කිරීමට නොපැමිණෙන ලෙසය. ඒ මන්දයත් අප සැමට වඩා සත්‍යයට ගරු කිරීමට දිවි හිමියෙන් බැඳී සිටින බැවිනි.

තුසිත පතිරණ 

දි ඉන්ඩිපෙන්ඩන්ට්
ප්‍රධාන කර්තෘ

---------------------------
by     (2016-11-24 22:44:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

Mr Sandaruwan Senadeera & Mr Thusitha Pathirana, thank you for your stand and courage. Either Dealdasa has to go immediately or he will take Mr President and the Prime Minister down the drain with him. However, the critical mass of the active nation is behind you guys NOT with any government or its henchmen for that matter! Governments will come and go. However, let us stay together and contribute whichever way we can to eradicate corruption, rebuild our country and restore our dignity as one nation!
-- by citizen on 2016-11-25

මෙකී ප්‍රකාශයන් සිදුකිරීමේදී විජේදාස රාජපක්ෂ තමා වෙත එල්ල වී ඇති බරපතල ගණයේ චෝදනා සම්බන්ධයෙන් සියල්ල සඟවා තබාගෙන වෙබ් අඩිවයක් වෙත ඇගිල්ල දිගු කිරීම මගින් තමාගේ හෙළුව වසා ගැනීමට අමනෝඥ උත්සාහයක නිරත වනු අයුරු දක්නට ලැබිනි. ලංකාවේ මහා පරිමාණ වංචාවන් අතරට ගැනුනු ඇවන්ගාර්ඩ් ගණුදෙනු යට සිටි ප්‍රබල ගණයේ දේශපාලනඥයා වූයේ විජේදාස රාජපක්ෂ බව ඔහුට අමතකව ගියේය. ඇවන්ඩ්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති හා ඔහුගේ පවුලේ උදවිය සමග ඇමරිකාවේ සංචාරයක් සිදුකිරීම හරහා ඔහුට නිශ්ශංකගෙන් ලැබුනු මුදල් කුට්ටි වෙත කෑදර කමින් හා තමන්ට හා පවුලේ උදවියට සුඛ විහරණය සලසාදීමට කෘත ගුණ සැලකීමක් ලෙස ඇවන්ගාර්ඩ් ගණුදෙනුව යට ගැසීම සදහා මූලිකව කටයුතු කරනු ලැබූවේ ඔහු බවට මොහොතකට අමතක කිරීමට උත්සාහ කළ බව නොරහසකි. me hora wal ballaa ta ADIKARANA AMETHI kama puda dunne kawda? yahapalanaya genennata chandaya dunne, a chandaya dunnu, nodunnu janathaawage mudalin me waage hora gon bijjanta amethikam dee padi gewaa sepa dee pumbannata da? mahaewun inne as-kan piyaagana da? me gon harakaa pannaa demeemata moleyak ukunu hisaka tharramwath nedda?
-- by Kamal on 2016-11-25

“අධිකරණ කටයුතු අන්තර්ජාලය හරහා අභියෝගයට ලක් කිරීමට කටයුතු කළ ලංකා ඊ නිවුස් කතුවරයා (සඳරුවන්) අධිකරණ ඇමැතිවරයාගේ සිංහ නාදයත් සමඟ නකුට හකුළාගෙන ඇත. ඔහු විසින් අන්තර්ජාලය හරහා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ගෙන ගිය අසත්‍ය මඩ ප්‍රචාර දැනටමත් එම වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන ඇත“ ............වනචර දශකයේදී හිටපු ඒකාධිපති,මිනීමරු,කම්බා හොරෙක් වන රාජපක්ෂලාට විරුද්දව නොබියව සත්‍ය ප්‍රකාශ කල,ලෝකයේ සිටින දරුණුම ගනයේ කම්බා හෝරාව ගෙදරම යවපු,රටේ ජනතාවගේ ඇස් පාදපු ලංකා ඊ නිවුස් කතුවරයා (සඳරුවන්) ට අධිකරණ ඇමති විජේදාස කියන්නේ මොන"පගර නට්ටේක්ද","මොන ගොන් බිජ්ජෙක්ද",මොන "හුජ්ජ කොල්ලෙක්ද"??
-- by tikiri banda on 2016-11-25

well done good writng
-- by lion on 2016-11-25

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links