~

ඊ නිව්ස් කර්තෘ වැරදිකරු හෝ නිවැරදිකරු වීම දෙස බලා උදම් ඇනීම වෙනුවට ලංකා ඊ නිවුස් ආයතනය ගිනි තබා විනාශ කළවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න - අපේ ජාතික පෙරමුණ

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.26, ප.ව‍‍‍‍‍‍.4.45) මහින්ද රාජපක්ෂ පාලන සමයේ කවර ලෙසකින්වත් නොමැතිව තිබූ මාධ්‍ය නිදහස අපේ ජාතික පෙරමුණ වන අප පක්ෂයේද උදව් ඇතිව ගොඩ නැගූ ජනවාරි 08 විප්ලවීය වෙනස විසින් එකී දුර්ධාන්ත තත්වයන් වෙනස් කොට නව සමාජ පැතිකඩක් නිර්මාණය කිරීමට උත්සුක වීමු. ඒ සඳහා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ මෙන්ම ලංකාවේ ජනමාධ්‍ය යේද ප්‍රබල දායකත්වයක් ලැබුණු බව නොරහසකි. 

කෙසේ නමුත් ඉන් අනතුරුව මහ මැතිවරණයක් ජයග්‍රහණය කොට ගොඩ නැගෙන සම්මුතිවාදී ආණ්ඩුව ශ්‍රීලනිපයේ හා එක්සත් ජාතික පක්ෂයේ  මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් බහුතරයක් ගොඩ නගාගෙන ආණ්ඩුවක් පිහිටු වන අතර එහි මූලික පරමාර්ථය වූයේ රටෙහි යහපාලනය ඇති කිරීමය. ඒ සඳහා දායකත්වය දැක්වීමට සිංහල දෙමළ මුස්ලිම් යන ජනකොටස් ඒකරාශී වූ අතර එකී ජනයා පෙළගැස්වීම සඳහා ජනමාධ්‍යයද පෙරමුණ ගත් බව ද සඳහන් කළ යුතු අතර එයින්ද අන්තර් ජාල වෙබ් අඩවි මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි ද මූලික කාර්යය භාරයක් ඉටු කරනු ලැබීය.

වෙබ් අඩවි අතර මූලික ස්ථානයක් ගෙන පැවැති පාලනය සෘජු ප්‍රහාරයක් දියත් කළ වෙබ් අඩවියක් වූයේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වන අතර එය රාජපක්ෂවරුන්ගේ අපරාධයන් එළිපිට හෙළිදරව් කරනු ලැබීය. මේ හේතුව නිසාම එකී වෙබ් අඩවිය අකර්මන්‍ය කිරීම සඳහා රාජපක්ෂ පාලනට අවශ්‍ය වූ අතර ඒ අනුව 2011 ජනවාරි 30 න දින අළුයම කොළඹ දිස්ත්‍රික්කයේ, මාළඹේ දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය ලංකා ඊ නිවුස්  වෙබ් අඩවියේ කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කෙළේය.

එයින් නොනැවතුනු පැවැති පාලනය එහි සේවය කළ ජනමාධ්‍ය වේදීන්ට පහරදීම් හා පැහැරගෙන යාම් සිදුකරනු ලැබීය. එවැනි එක් පැහැර ගැනීමක් වූයේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙහි මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමය. ඔහුට සිදුවූ දේ මේ වන විටත් අනාවරණය නොවූ අතර පවතින සාක්ෂි මත ඔහු මරා දැමූ බවට කරුණු ඉදිරිපත් වෙමින් පවතී. 

කෙසේ නමුත් මෙවැනි තත්වයක පැවැති අදාළ වෙබ් අඩවියෙහි මාධ්‍යවේදීන්ට හා එහි කර්තෘවරයා වන සඳරුවන් සේනාධීරට ජීවිතාරක්ෂාව පතා රටින් පලායාමට සිදුවූ අතර ඔහුට දේශපාලන රැකවරණ පතා එන්ගලන්තයේ ජීවත් වීමට සිදුවිය. 

අනෙකුත් මාධ්‍යවේදීන් නේපාලය ඉන්දියාව වැනි රටවලට පළා ගිය අතර එම රටවල අනේක විධ දුක් ගැහැට මත ජීවත් වීමට ඔවුන්ටද සිදුවිය. 

පැවැති රාජපක්ෂ පාලනය ජනමාධ්‍ය නිදහස මුළුමනින්ම උල්ලංඝණය කරමින් ගෙන ගිය මේ සැහැසි ක්‍රියාදාමය කන පිට හැරවීම සදහා ලංකා ඊ නිවුස් කර්තෘවරයා එන්ගලන්තයේ සිටද තම මාධ්‍ය මෙහෙවර නොපිරිහෙලා ඉටු කරනු ලැබීය. 

ඒ අනුව ඔහුගේ ක්‍රියාකාරීත්වය මේ වනවිට අධිකරණයෙහි ප්‍රශ්නකාරී තත්වයකට පත් කොට ඇති තත්වයක් තුළද, අප යහපාලනය මේ රටෙහි ගොඩ නැගූ පක්ෂයක් ලෙසද ඔහු ගෙන ගිය සාධනීය මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් පෙනී සිටීමට අප උත්සුක වන්නේ කළගුණ දත් ජාතියක් ලෙස එය අප විසින් සිදුකළ යුතුම කාර්යයක් වන නිසාය. 

ලංකා ඊ නිවුස් ප්‍රධාන  කර්තෘ සඳරුවන් සේනාධීර සම්බන්ධයෙන් වන අධිකරණයට අපහාස කිරීමේ මූලික චෝදනාව තවත් විනිශ්චය වෙමින් පවතින අධිකරණ ක්‍රියාදාමයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන අතර එකී චෝදනාව පසෙකින් තබා විපක්ෂයේ මෙන්ම වෙනත් ආණ්ඩු විරෝධී සංවිධාන හා පුද්ගලයන් විසින් ඔහුට එරෙහිව එල්ල කරනු ලබන වෙනත් චෝදනාවන්ගෙන් ඔහු බේරා ගැනීම කළ යුතුම කාර්ය භාරයකි. 

මේ වනවිටත් දේශපාලන පක්ෂ හා රටේ පාලන බලය හොබවන බලධාරීන් විසින් ඔහු වෙනුවෙන් හඬක් නැගීම ආරම්භ කොට ඇති අතර අපේ ජාතික පෙරමුණ ද ඔවුන් සමග අත්වැල්බැඳ ගැනීමට සූදානම් බව තරයේ ප්‍රකාශ කොට සිටිමු. 

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මගින් සමාජයේ පවතින දුර්මතයන් සම්බන්ධයෙන් එක හෙළා හඬ නැගීම මගින් මෙවැනි දැඩි චෝදනාවන්ට ලක්වීමට සිදු වූ අතර ලංකා ඊ නිවුස් කර්තෘ වන සඳරුවන් ඔහුගේ දායකත්වයෙන්ද පිහිට වූ යහපාලන ආණ්ඩුව ද විවේචනය කිරීමට නොපසුබට විය. 

ඒ අනුව මේ ආණ්ඩුවෙහි බොහෝ පිරිස් සම්බන්ධයෙන්ද ඔහුට විවේචන පැවැති අතර එයද තමා කර්තෘත්වය දරණ වෙබ් අඩවිය ඔස්සේ හෙලිදරව් කිරීමට ඉදිරිපත් විය. මේ හේතුව නිසාම ඔහුගේ තොරතුරු හෙලිදරව් කිරිමේ නිදහස තහවුරු කිරීමට මැදිහත් විය යුත්තේ  සැබෑ ජනමාධ්‍ය වේදියා පක්ෂ පාට කිසිවක් නොබලා තම වගකීම මනාව ඉටු කිරිම හේතුවෙනි. 

අප පක්ෂය ගොඩ නැගීමේදී ද රාජපක්ෂවරුන් විසින් මා ඇතුළු පක්ෂයේ උන්නතියට සහාය දුන් පිරිස් ද සිරගත කොට අපගේ ගමන අඩාල කිරීමට යත්න දරූ නමුත් අපගේ ගමන ධෛර්යෙන් යාමට ලංකා ඊ නිවුස් වැනි මාධ්‍ය ආයතනයන් වඩා වැඩි සහායක් ලබාදුන්නේය ඒ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතද අනතුරුද නොතකා ක්‍රියා කරුනු ලැබීය. එබැවින් මෙකී මාධ්‍ය මිත්‍රයින් සේම සමස්ත මාධ්‍ය නිදහසද අනතුරට පත්ව ඇත්තේ යහපාලන ආණ්ඩුවකදී වුවද අප එකී නිදහස වෙනුවෙන් කැපවී ක්‍රියාත්මක වීමට පෙරට එන්නේ වගකීම් සහගතවය . 

ඒ අනුව ලංකාවේ ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා මෙන්ම විවේචනය සිදුකීරීම මගින් මාධ්‍ය යේ නිදහසද පැවැතිය යුතු බව අප තරයේ විශ්වාස කරනු ලබයි. ඒ වෙනුවෙන් මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා දේශපාලන පක්ෂ සමග අත්වැල් බැදගන්නා අප ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙහි කර්තෘවරයාට ඔහුගේ මාධ්‍ය මෙහෙවර කර ගෙන යාමට ශක්තිය ධෛර්යය එකතු කරනු ලබන අතර මේ ආණ්ඩුවේ බලධාරීන්ගෙන් අප උදෙක් යහපාලනය සඳහා උර දුන් පක්ෂයක් ලෙස ඉල්ලා සිටින්නේ අදාළ චෝදනාවන්ට ඔහු වැරදිකරු හෝ නිවැරදිකරු වීම දෙස බලා උදම් ඇනීම වෙනුවට 2011 දී රාජපක්ෂවරුන් විසින් ලංකා ඊ නිවුස් ආයතන ගිනි තබා විනාශ කොට ඔවුන්ගේ දේපල හා අදාළ සිද්ධියට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතු බවයි. ලංකාවේ දේශපාලන පක්ෂයක් ලෙස අප මේ මොහොතේදීද ඉදිරියේදීද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කරන අතර ඒ වෙනුවෙන් පෙරට එන ලෙස මේ රටේ සියලු ජනතාවගේ ඉල්ලා සිටිමු. 

ආචාර්ය සේනක ද සිල්වා

සභාපති 
අපේ ජාතික පෙරමුණ
කෝට්ටේ පාර 
මිරිහාන 
නුගේගොඩ
2016.11.26 දින 

---------------------------
by     (2016-11-26 11:32:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Very true people will get together to protect lanka e news,It is a bounding duty of all those who know the greatest service rendered by lanka e news and also its criticism against the present administration when it does some thing against yahapalanaya.
-- by lion on 2016-11-27

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links