~

අපි ඇලර්ට් එකේ ඉන්නේ. මේක අපි අමාරුවෙන් පිහිටවපු ආණ්ඩුව, මේක වැටෙන්න දෙන්න බෑ: මේ වෙලාවෙදි අපි ඉන්නේ ඊ නිව්ස් පැත්තේ බව බය නැතිව කියනවා -නි.ඇමැති රන්ජන් රාමනායක

මාධ්‍ය ජාලයක හිමිකාරයෙක් මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ ඉන්නවා

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.27, පෙ.ව‍‍‍‍‍‍‍. 8.30) අයේෂා ආබ්දීන් ගැන ලංකා ඊ නිව්ස් හෙළි කළ නිසා ඇය දැන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන බවත් ලංකා ඊ නිව්ස් කෙළේ වරදක් නොවන අතර විනිසුරුවරුන් කියන්නේ දෙවිවරු නොවන බවත් මේ ප්‍රශ්නයේදී රන්ජන් රාමනායක ඉන්නේ ලංකා ඊ නිව්ස් පැත්තේ බව බය නැතිව කියන බවත් සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. 

ලංකා ඊ නිව්ස් ප්‍රධාන කතෘවරයාට හා එම වෙබ් අඩවියට එරෙහිව සිදුවන අධිකරණ හා දේශපාලනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේ ය.   පහත පළ වන්නේ ඔහු විසින් දැක්වූ අදහස් කිහිපයකි. 

“ ඇත්තටම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට හා එහි ප්‍රධාන කතෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව එල්ල කරන ලද මෙම චෝදනා සහ මෙම ක්‍රියාවලිය මම ඉතාම පිළිකුලෙන් හෙලා දකිනවා. ඊ නිව්ස් කියන්නේ අපේ මේ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට විශාල වැඩ කොටසක් කරපු මාධ්‍ය ආයතනයක්.
  
ඒ වගෙම තමයි අයේෂා ආබ්දීන් විනිසුරුවරිය මරණ දණ්ඩනයට නියම වී ඇති ප්‍රබල පුද්ගලයෙක් රාජකාරි පටිපාටියෙන් බැහැරව අවේලාවේ හමුවුනා කියල ලිව්වේ ඊ නිව්ස්. ලංකාවේ වෙන කිසිම මාධ්‍යයක් ඒක ලියන්න බය උනා. ඒ විදියේ මාධ්‍ය කලාවක් තමයි රටේ තියෙන්නෙ. ඊ නිව්ස් ඒක ලිව්වේ නැත්නම් ලංකාවේ මිනිස්සු මේක දන්නෙත් නෑ. ඊ නිව්ස් ඒක ලියපු හන්ද දැන් අධිකරණ සේවා කොමිෂන් සභාව ඇයව අනිවාර්ය නිවාඩු යවලා පරීක්ෂණ පවත්වනවා. ඉතිං ඒක ලියපු එක වරදක් නෙවෙයි.
   
විනිසුරුවරුන් කියන්නේ දෙවිවරුන් නෙවෙයි. එයාලත් වැරැද්දක් කරල තියෙනව නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. සරත්.එන්.සිල්වා, සරත් ආබෲ වගේ විනිසුරුවරුන්ට අපට ගරු කරන්න බෑ. හැබැයි කීර්තිමත් විනිසුරුවරයෙක් වන සරත් අඹේපිටිය විනිසුරුතුමා ඒ වගේම මෑත යුගයේ අධිකරණයේ කීර්තිය බේරගත්ත පද්මිණී.එන්.රණවක ගුණතිලක විනිසුරුවරිය වගේ අයට අපි හදවතින්ම ගරු කරනවා.“

වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.
      
‘‘ ලංකාවේ එක්තරා මාධ්‍ය ජාලයක හිමිකාරයෙක් මේක පිටිපස්සෙ ඉන්නවා කියල අපිට ආරංචියි. එයාගෙ සල්ලිත් මේ වෙලාවෙ ඊ නිව්ස් එකට විරුද්ධව යෙදෙනවා කියල අපි දන්නවා. ලංකාවේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි. අපි බලමු මොකද වෙන්නෙ කියල. උදයංග වීරතුංග අල්ලන්න රතු නිවේදන දෙන්න බෑ මේගොල්ලොන්ට, පැය විසිහතරෙම මඩ ගහන වෙබ් සයිට් වලට නියෝග දෙන්න බෑ, හැබැයි සඳරුවන් අල්ලන්න ටක් ගාලා රතු නිවේදන දෙන්න පුලුවන්. අනික පහුගිය කාලේ විජයදාස රාජපක්ෂ මහත්තයා කිව්වේ යහපාලන ආණ්ඩුවේ දේවල් නෙවෙයි. ජාතිවාදය කතාකරා, ගෝඨාභය බේරගන්න කතා කරා , මේවා මේ අපේ ආණ්ඩුවේ මතය නෙවෙයි.
    
අපි ඇලර්ට් එකේ ඉන්නවා, මේක අපි අමාරුවෙන් පිහිටවපු ආණ්ඩුව, මේක වැටෙන්න දෙන්න බෑ. රාජපක්ෂලා පරාජය කරාට රාජපක්ෂලාගේ අවතාර මේව පිටිපස්සේ ඉන්නවා කියල අපි දන්නවා. බය නැතුව ලියන්න රන්ජන් රාමනායක මේ ප්‍රශ්නෙදි ඉන්නේ ඊ නිව්ස් පැත්තේ කියලා.මං මේ ගැන පාර්ලිමේන්තුවෙත් කතා කරනවා.
 
සාකච්ඡා කෙළේ - වෛද්‍ය ශිෂ්‍ය එම්.එල්.එච් අඹේපිටිය

---------------------------
by     (2016-11-27 03:27:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  12 discussion on this news

Dear Ranjan, you are a blessing to humanity and an honour to your uncle late Mr Vijaya Kumaratunge. We need 225 of you in our parliament including the two in the top!
-- by citizen on 2016-11-27

අපි ඇලර්ට් එකේ ඉන්නේ. මේක අපි අමාරුවෙන් පිහිටවපු ආණ්ඩුව, මේක වැටෙන්න දෙන්න බෑ: මේ වෙලාවෙදි අපි ඉන්නේ ඊ නිව්ස් පැත්තේ බව බය නැතිව කියනවා -නි.ඇමැති රන්ජන් රාමනායක මාධ්‍ය ජාලයක හිමිකාරයෙක් මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ ඉන්නවා. (ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.27, පෙ.ව‍‍‍‍‍‍‍. 8.30) වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේද කීය. ============================================ කාට කුමන අාකාරයේ තර්ජනයක් වුවත්.... නූවත්.... අභීත ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ..... sobithawathara.blogspot.
-- by Sathpurasiya on 2016-11-27

Well done Rajan we have our respect to you.Not a single news paper except Rawaya cant come close to E news in respect of bringing this country to a justifiable country.In this regard the sacrifices made by E news was immeasurable. We are firmly behind E News and not with deal dasa and his cronies.
-- by lion on 2016-11-27

In addition to the three main pillars of the Executive, Legislature and Judiciary of democracy, two critical factors that ensures the maintenance of democracy are well informed, vocal and responsive civil activists and free and unhindered media without which democracy will end up being a bureaucracy and a kleptocracy. Rajapakshas for the past period have been hatching a come back conspiracy with the aid of traitors like Wijedasa Rapapaksha and racist and so called religious forces who are making headlines these days. But whatever they initiated and enacted met with complete exposure, revelation, forensic explanation and thwarting at the hands of dexterous issue-handling of LEN. While no other media is brave enough to mercilessly reveal all the conspiracy projects of Rajapakshas as well as other corruptions and malpractices both within and outside of the government, LEN was the one and only media channel that made it possible for the millions of internet users throughout the world. Had LEN been taken down and its revelations withheld the world of internet users who rely and depend on online news will run dry without news about what is happening at the government and corruption prevention level. One of the Rajapskahs headaches, in fact the biggest, was that they could not stop LEN from disseminating the facts and criticisms. Even with all the powers executive and underworld, Rajapakshas could not do so simply because they had distanced themselves away from the civilized world due to their barbaric nature and usage. It was LEN who played the leading role in defeating the Rajapakshas and promoting the RW & My3 led rule. If Rajapakshas are ever to succeed in conspiracy and come back one of the preconditions of such scheming is the bringing down of LEN. Rajapakshas know that the only way to achieve it was not through force or white van but judicial conspiracy using international loopholes in the system. The best indication to gauge the breadth and depth of this conspiracy is the fact that to have an international red warrant issued against Udaynga Weeratunga took eons and eons and still nobody is sure about its validity or veracity and in the meantime Udayanga had his passport renewed as well, it took only a publishing of a photograph of a murderer for them to have such a warrant issued against LEN the flag carrier of the movement that defeated Rajapakshas! This so called red warrant against LEN raises serious questions not necessarily in the local realm but in the international sphere. One of the criticisms against Rajapakshas and the main reasons for their defeat was their questionable conduct against media freedom which rendered them internationally blacklisted. This red warrant has relapsed and sullied international reputation of Sri Lanka to back where it was during Rajapaksha wanachara decade. The issue is not about an isolated judge issuing an isolated warrant against an isolated web entity but rather it questions the integrity of the good governance vis a vis its promised good government principles, freedoms of expression and communication, tolerance of views and criticisms, critical engagement and proactive dialogue with the media and civil society. It entails the use of state judicial mechanisms and immunity against suppression of medias and right to expression. It is an indication any trouble maker even far down the line can create a tornado in the system and made the system unstable, volatile and brittle. Such political atmosphere would invariably jeopardize the laboriously mobilized development project, investor appeal and future plans of the country because nobody wants to invest in an unstable country. This so called red warrant questions the integrity and core values of the very judiciary, its relevance and its independence. It questions its vision and mission vis a vis internationally accepted and established judicial principles and human rights. It is an indication that Sri Lanka is still a country where Kangaroo Courts and in existence and where Kangaroos are sitting at trials and that international judges have to hear cases here if proper verdicts are to be given, a case fought by LTTE rump and UNHRC! I maintain My3 too is part of this conspiracy the strongest indication being his interference with the FCID, casing away Dilrukshi and freeing the murder suspects. The President is a politically immature and sick man because quite opposite to the mandate he received from the majority of the country he is muttering about creating an SLFP government. People who comment on internet blogs are arrested and remanded which did not exist even during Rajapaksha wanachara decade! There is a clear conspiracy against social media because they know that it is the social media that provide the winning edge in a future election-there is a clearly divided base vote share for SLFP, UNP, JVP etc and new and floating votes decide the winner; it is this segment that social media approach. So they want to intimidate and suppress social media and those who partake in social media. They also want to impose legal barriers and restriction against social media, including arresting and imprisoning them like in the case of so called red warrant. It is time social activists, free media movements, policy maker, thinkers and all concerned get together and raise their voice against his illegal and undemocratic attack against LEN which is aimed at killing our own freedom of expression and right to information knowing the truth. It is good to see Ranjan come forward and raise his voise. Sarath Wijesuriya, Gamini Viyangoda, Sundanda Deshapriya, Dr. Wickramabahu Karunaratne et al please raise your voices against this because all the revulsive, shameful and abhorrent voices and noises of Sirasa, Hiru, Derana et al were allowed free and unhindered liberties to invade and pollute our wireless spaces and living rooms but when it comes to LEN the lonely warrior in exile and unsung and unbenefited fighter who singlehandedly created weapons, munitions and fortresses for warfare against dictatorship and kleptocracy the forces of democracy seem to slow, late and dysfunctional. Remember, we are entering the era of anti-revolution and if we are not sufficiently alert Rajapakshas would make a come back through My3. We used My3 to get rid of Rajapakshas. Now it is Rajapakshas’ turn to use My3 to turn tables.
-- by silva on 2016-11-27

Dealdasa seems to have done a deal with the President and/or Prime Minister as well. Otherwise, there is NO REASON for this public cry in the best interests of Yahapalanaya Government to fall on the deaf ears of those two people for so long! They both know very well that Dealdasa has been a disaster for their government from day one!! Hope the nation will come to know what was going on behind the scenes soon!!!
-- by lanka puthra on 2016-11-27

‘‘ ලංකාවේ එක්තරා මාධ්‍ය ජාලයක හිමිකාරයෙක් මේක පිටිපස්සෙ ඉන්නවා කියල අපිට ආරංචියි. එයාගෙ සල්ලිත් මේ වෙලාවෙ ඊ නිව්ස් එකට විරුද්ධව යෙදෙනවා කියල අපි දන්නවා. ලංකාවේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි. අපි බලමු මොකද වෙන්නෙ කියල. උදයංග වීරතුංග අල්ලන්න රතු නිවේදන දෙන්න බෑ මේගොල්ලොන්ට, පැය විසිහතරෙම මඩ ගහන වෙබ් සයිට් වලට නියෝග දෙන්න බෑ, හැබැයි සඳරුවන් අල්ලන්න ටක් ගාලා රතු නිවේදන දෙන්න පුලුවන්. අනික පහුගිය කාලේ විජයදාස රාජපක්ෂ මහත්තයා කිව්වේ යහපාලන ආණ්ඩුවේ දේවල් නෙවෙයි. ජාතිවාදය කතාකරා, ගෝඨාභය බේරගන්න කතා කරා , මේවා මේ අපේ ආණ්ඩුවේ මතය නෙවෙයි.--------------- ithin Hon. Ranjan.. oya Gon Bijjaage atadeken allaa aanduwen eliyata eda damanne neththe ay...? ata2 neththan, bellen allaa adala daanda. a kese wethath, Deal dasa ta aaye chandayakin nam desapalanayata ennata janathaawa ida dennenam naa naa mai, chandaya illannata aawoth GOO GASAA PANNANNATA JANATHAAWA DAN SOODAANAM. pakshaya kumak unath GOO NAM GASANA EKA GASANAWAA MAI..
-- by ToiletGate on 2016-11-27

මොනවා උනත් සඳරුවන් ව දඩයම් කරනෙකට මමත් විරුද්දයි . මොකද විරුද්ද අදහස් සමාජය තුල තිබිය යුතුමයි .සඳරුවන් කඩේයන U N P එකෙන්ම මෙහෙම වෙනෙක ඇත්තටම කණගාටුයි .සන්දරුවන්ටත් අලුතින් හිතන්න කාලය ඇවිල්ල ?
-- by Aruna on 2016-11-27

What ever Ranjan says, now it is too late. The President Sirisena unfortunately killed Yahapalanaya on the day he delivered that infamous speech. It is now dead. So all this is frivolous talk.
-- by Gamini Ranasinghe on 2016-11-27

Ranjan, obey adahasata apey sathuta. Obawani kelin kathakaranna puluwan desapalakayo thamayi apita awashaya. Obata jaya pathanawa!
-- by suri on 2016-11-28

Three cheers to Mr Ramanayake for his brave stance. We need leaders like you.
-- by Samarakoon Bandara on 2016-11-28

Well said. Hats off to you!
-- by suri on 2016-11-29

Well Done ! Ranja. Keep It Up.
-- by Bandula on 2016-11-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links