~

මහින්ද රාජපක්ෂවත් ඊ නිව්ස් එකට නොකරපු දේ අපි කරපු එක ගැන මට ලැජ්ජයි..! මේක ආණ්ඩුවට සාපයක් වේවි..! මීට එරෙහිව මම තනියම හරි සටන් කරනවා -අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.28, පෙ.ව‍‍‍‍‍‍‍.‍8.10)  මහින්ද රාජපක්ෂවත් ඊ නිව්ස් එකට නොකරපු දේ අපේ ආණ්ඩුව කරපු එක ගැන තමාට ලජ්ජා බවත්, මේක ආණ්ඩුවට සාපයක් වනු ඇතැයි තමන්ට බිය බවත්, මෙයට එරෙහිව තමන් තනියම හරි සටන් කරන බවත් විදුලි සංදේශ සහ ඩිජිටල් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  

 ලංකා ඊ නිව්ස් ප්‍රධාන කර්තෘ වරයාට හා එම වෙබ් අඩවියට එරෙහිව සිදුවන අධිකරණ හා දේශපාලනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක කොටසක් පහත දැක්වේ.

    "ඉස්සෙල්ලාම කියන්න ඕන මම මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අධිකරණයට අපහාසයක් කළා නම් වෙබ් සයිට් වලට නීතියක් ගේන්න තිබුනා. වෙබ් සයිට් වලට ලංකාවේ එහෙම නීතියක් නෑ. හැබැයි ඒ සම්බන්ධයෙන් මෙහෙම එක පාරට මේ වගෙ මේ ආණ්ඩුව ගේන්න විශාල වැඩකොටසක් කරපු නිර්භීත මාධ්‍ය ආයතනයකට මෙහෙම කරපු එකට මම දැඩිව විරුද්ධයි. මේක කරන්න කලින් අඩුම තරමේ ඒ ආයතනය සමග හෝ සඳරුවන් සමග කතාබහ කරල බලන්න යුතුකමක් තිබුනා.

     ලංකා ඊ නිව්ස් කියන්නේ තිබුන ආණ්ඩුව වෙනස් කරන්න වැඩ කරපු ලොකුම හස්තය. අපි ඒ කාලේ විපක්ෂයේ හිටපු කාලේ විවාද වලට යද්දී මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවට විරුද්ධව කරුණු හොයාගත්තේ ඊ නිව්ස් එකෙන්. අපිට ගවේෂණ කණ්ඩායම් හිටියෙ නෑ. අපි සේරම ඒ වගෙ තොරතුරු දැනගත්තෙ ලංකා ඊ නිව්ස් එකෙන්. අපි ඒ තොරතුරු මුල් කරගෙන තමයි එදා ඒ ආණ්ඩුවට ගැහුවේ. අපි එහෙමයි ඊ නිව්ස් එකෙන් ඒ කාලේ වැඩ ගත්තෙ. එහෙව් ඊ නිව්ස් එකට මේ කෙළෙහිගුණ අමතක සමහරු  කරන වැඩ නිසා මට ඇත්තටම බයයි අපේ ආණ්ඩුවට මේක සාපයක් වෙයි කියලා.

     මහින්ද රාජපක්ෂ නැති කරපු ඊ නිව්ස් එකට මහින්ද රාජපක්ෂවත් නොකරපු දේ අපේ ආණ්ඩුව කරපු එක ගැන මට ලැජ්ජයි ඇත්තටම. මහින්ද රාජපක්ෂටත් ඕන නම් තිබුනා සඳරුවන්ට ඕක කරන්න. ඒත් මහින්දවත් ඔහොම කරේ නෑ. ඊ නිව්ස් වගේම නම තියෙන තව මඩ වෙබ් එකක් තියෙනවා. ඊ නිව්ස් කවදාවත් ජාතිවාදය ආගම් වාදය ඇවිස්සුවේ නැති වුනාට ඒ මඩ වෙබ් එක ඒක කරනවා. ඒවායි එවුන්ටත් එහෙනම් ඔහොම කරන්න එපැයි.
 
      මම මේ සම්බන්ධයෙන් අඟහරුවාදා කැබිනට් එකෙත් කතා කරනවා. අපේ සමහරුන්ට කොන්ද පණ නැති උනාට ඕවා කියන්න මගේ කැබිනට් ඇමැතිකම නැති උනත් මම මේ ස්ථාවරයේ ඉන්නවා ඒ වෙනුවෙන් මම තනියම හරි සටන් කරනවා."

සාකච්ඡා කළේ - වෛද්‍ය ශිෂ්‍ය එම්.එල්.එච් අඹේපිටිය

---------------------------
by     (2016-11-28 02:57:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  12 discussion on this news

Dear Harin, thank you for showing your gratitude to LEN and a backbone to stand against injustice. The number one rotten apple in your cabinet is Wijedasa Rajapaksa. This book-smart fool has proven that he is not fit to be a cabinet minister on many occasions. The Yahapalanaya supporting nation is devastated due to the President and the Prime Minister showing a blind eye to this detrimental element in their cabinet for so long. There is no point in removing a cancer after it has passed the TERMINAL stage. It is sad to see that the strength and the longevity of Yahapalanaya Government are being shaken by a handful of snakes like Dealdasa who has ring-fenced the President and the Prime Minister from day one in a calculated manner.
-- by peacelover on 2016-11-28

well done minister. Try your best to oust deal dasa from UNP
-- by lion on 2016-11-28

Hats off to you
-- by Rathna on 2016-11-28

මම lankaenews වෙබ් අඩවියේ පළවන පුවත් ගැන බලන්නෙ දෙගිඩියාවෙන්..මාගේ අදහස්වලට විරැද්ධ පුවත් බහුල ලෙස රාවය සහ lankaenews එකේ යනවා. නමුත් මා කිසි විට හිතන්නේ නෑ. රාවය හෝ lankaenews පාලනය කළ යුතු බව. ජනතාව බුද්ධිමත් විය යුතුයි සත්‍ය අසත්‍ය වෙන් කර ගන්න. කිහිප දෙනෙකු එකතු වී lankaenews පාලනය කිරීමට යාම හෝ දඩුවම් කිරීමට යාම මා කිසිසේත් අනුමත තරන්නේ නෑ. විධායන හෝ ව්‍යවස්ථාදායක හෝ අධිකරණ ආයතන තමන්ගේ යුතුකම් සහ වගකීම් නිසි පරිදි ඉටුකරන ලද්දේ නම් 1971 තරුණ සංහාරයක් ද, 88-89 තරුණ සංහාරයක්ද, 1974 සිට 2009 මැයි 19 දක්වා උතුරු නැගෙනහිර සන්ද්ධ අරගලයක්ද ඇති වන්නේ කෙසේද? එමෙන්ම තරුණ තරුණියන් දහස් ගණනක් මහමග දැවී පිළිස්සී යයිද? ඊනියා ජාතික ආණ්ඩු අටවා ගනිමින් ඇමතිවරැ වැඩිකර ගන්නේ කෙසේද? මේවාට එරෙහි නොවන පිරිස් මාධ්‍යයට එරෙහි වීම විහිළුවකි. ඝාතන සිදුවීමි වලට වගකිව යුතු අය නිදහසේ නිදැල්ලේ සිටිද්දී lankaenews එකට හෝ එහි කතෘට දඩුවම් කිරීමට යාම මහත්වූ සමාජ ඛේදවාචකයකි.
-- by Aruna on 2016-11-28

The actions against LANKA ENEWS of courses could be curse specially over the garbage-vj-dasa rajapaksa (and so-forth crowd) who spoke against this particular web-news media loved by real SrlLankans.
-- by Raja Embogama on 2016-11-28

මම lankaenews වෙබ් අඩවියේ පළවන පුවත් ගැන බලන්නෙ දෙගිඩියාවෙන්..මාගේ අදහස්වලට විරැද්ධ පුවත් බහුල ලෙස රාවය සහ lankaenews එකේ යනවා. නමුත් මා කිසි විට හිතන්නේ නෑ. රාවය හෝ lankaenews පාලනය කළ යුතු බව. ජනතාව බුද්ධිමත් විය යුතුයි සත්‍ය අසත්‍ය වෙන් කර ගන්න. කිහිප දෙනෙකු එකතු වී lankaenews පාලනය කිරීමට යාම හෝ දඩුවම් කිරීමට යාම මා කිසිසේත් අනුමත තරන්නේ නෑ. විධායන හෝ ව්‍යවස්ථාදායක හෝ අධිකරණ ආයතන තමන්ගේ යුතුකම් සහ වගකීම් නිසි පරිදි ඉටුකරන ලද්දේ නම් 1971 තරුණ සංහාරයක් ද, 88-89 තරුණ සංහාරයක්ද, 1974 සිට 2009 මැයි 19 දක්වා උතුරු නැගෙනහිර සන්ද්ධ අරගලයක්ද ඇති වන්නේ කෙසේද? එමෙන්ම තරුණ තරුණියන් දහස් ගණනක් මහමග දැවී පිළිස්සී යයිද? ඊනියා ජාතික ආණ්ඩු අටවා ගනිමින් ඇමතිවරැ වැඩිකර ගන්නේ කෙසේද? මේවාට එරෙහි නොවන පිරිස් මාධ්‍යයට එරෙහි වීම විහිළුවකි. ඝාතන සිදුවීමි වලට වගකිව යුතු අය නිදහසේ නිදැල්ලේ සිටිද්දී lankaenews එකට හෝ එහි කතෘට දඩුවම් කිරීමට යාම මහත්වූ සමාජ ඛේදවාචකයකි. -- by Aruna on 2016-11-28 me siyallama yahapalana aanduwe weda nowe. mewaa yahapalanayata balen heththuwee sitinaa DEAL DAASA alias hora thakkadi moosala wal balaage da, hora paahara wal balu Kaluwarnakulasuriyageda, paratta wal panduru wesa belliyak wana FB sundaree alias Kavindaraa Nanayakkaara kiyanaa wesaa baduwage da yana thidenaage wedak pamani. ithin Yahapalana anduwenda, JSC eken da, supirim usaaviyen da, mun thundenaatama yasa paadamak ugannanawaatanam sekayak netha. eka eka hora wesa ballange padeta, telephone call ekata, thawa janathaawa nodannaa deal walata usaviye gavrawaya haa, vinisuru dooraye gawrawaya da kelesana me wal belliyan thawamath adikarana sewaye thabaagana inne mona labbakata dei nam janathaawata therenne,netha.
-- by Gameyaa on 2016-11-28

This is a critical moment of truth for the government to demonstrate which way they are moving. Either in the direction of Dealdasa and other underground power brokers in their closer circles or in the direction of Yahapanalanaya loving nation where LEN was only acting as their watchdog. You all are going to pay a heavy price for moving in the WRONG DIRECTION.
-- by lankaputhra on 2016-11-28

Laws for websites are not good either unless slander.
-- by Kolla on 2016-11-28

I agreed totally with Mr. Aruna's comment
-- by LAL PEIRIS on 2016-11-28

The whole country knows who the real Pulanna [Begger] is. The whole country knows who the real Dealdasa is. But the whole country does not know how this two tongued Pulanna survived in Yahapalanaya cabinet for so long???
-- by gamaya on 2016-11-28

Harin, you are completely hari! And I am totally with you. The buggers who came to power on the shoulders of LEN and other noble minded crusaders who worked without expecting any personal gains have gone dumb and blind to the great injustice and defamation done to LEN by some pro Rajapaksha thieves and conspirators. The idea of contempt of court and judges is a problematic issue and need further discussion, explanation and definition. As it is presently used, the judges seem to misuse it for intimidation of citizenry. LEN had already explained when not to criticize, comment, discuss and influence issues that are pending at courts. This limitation must strictly be confined to instances where court proceedings are clearly affected by such public discussion and exposure. But as the present legal dispensation system stands today especially after the degradation, damage and deformation caused by the decade long Rajapaksha rule, judges and the judicial system is an extremely corrupt affair with pervasive misuse, bribes, favoritism and inefficiency. If strong civil players like LEN do not raise alarm bells against rampant judicial corruption this country can never be saved from credibility loss. Who say judges and judgements cannot be questioned? The very foundation of even the greatest religion Buddhism is based on questioning and questioning again for anything that is accepted, obeyed or suffered without questioning is the cause of sorrow, suffering and ignorance. We must constantly question judges and their judgements if they seem unfair, biased or unprofessional which is how any system can evolve and develop. LEN has been the source of information and inspiration when the whole country had been subjugated in the wanachara decade. There were only a handful of brave activists like LEN in those hard and dangerous times. Going against the Rajapakshas meant invariable punishment, physical harm or death. Surely Rajapakshas must have tried to kill Sandaruwan on foreign soils. It is against all these odds that LEN has served this country. Of course on occasions I had serious disagreements with what LEN wrote and I have criticized Sandaruwan in most filthy terms which were never allowed to be published by them. Notwithstanding all that we need LEN to shed light on current political issues in the country. And while LEN was doing that, while Rajapakshas were making havoc and judges were ball-sucking to Rajapakshas and Chief Justice was chased away by harlots where was this Wijedasa Rajapaksha buffalo! Did anyone notice this fucker doing any serious business against Rajapakshas? This bugger is clearly executing a contract from the Rajapakshas on payment of millions of stolen money. This bugger must be fully investigated as to his wealth, possessions and his and his close relatives means, associations and dealings. He is a traitor of the Yahapalana movement. The bugger parachuted on the success and victory made possible by LEN et al and now try to be the Spiderman. The sordid fucker since of late appear at almost every TV channel and function and trying to show off to the country as being some kind of a respectable character! Lontha fucker! Anyone who wants to see how a traitor seems and operates, behold WR, this disgusting animal! This matimola comes up with a hilarious argument, that judges cannot give verdicts on cases because LEN writes about matters related to those cases the previous day! Where did this fool obtain his law degree? If what the silly bugger says is true then how the hell judges give judgements after hearing all the pro and against arguments at court cases! This WR Nariya is one of a kind! Action must be taken against the judge who issued this farcical and conspiratory red warrant because it is a blow and black mark on Sri Lanka’s judicial system. That warrant must be revoked.
-- by silva on 2016-11-28

We must protect e news. Shameless cowards of yahapaalanaya
-- by Denzil Abeysuriya on 2016-11-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links