~

හේමන්ත වර්ණකුලසූරියගේ ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය සහ සෞඛ්‍යයෙන් බිඳක්..!

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතාලි ශ්‍රී ලාංකිකයෝ විසිනි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.28, පෙ.ව‍‍‍‍‍‍‍.‍10.20) අද්වකාත්වරු හෙවත් පෙරකදෝරුවන් ගැන ලංකාවේ ජනතාව තුළ අතීතයේ පැවතියේ යහපත් දැක්මක් නොවේ. ජනතාව දුටුවේ ඔවුන් දෙපැත්තෙන් කන අශ්වයන් පිරිසක් ලෙසය. එහෙත් ජනතාව වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි පැරණි වාමවාදී නීතිඥයෝ නිසා ඒ මතය කෙමෙන් කෙමෙන් අඩු විය. මෙකල අගවිනිසුරුවරිය එක රැයින් පන්නා දැමීමට රාජපක්ෂ රෙජීමය ගත් පියවරත් සමග නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් පෙරට ආ යහපාලනප්‍රේමී නීතිඥ පරපුර හේතුවෙන් නීතිඥයන් වනාහී සඟ වෙද ගුරු වැනි තවත් නව බලවේගයක් ලෙස ජනතාව අතර තහවුරු විය. එසේ වී නමුත් නීතිඥ වෘත්තිය වෛශ්‍යා වෘත්තියේ යොදවන ලද පුද්ගලයෝ  ද බොහෝ වෙති. ඔවුන් අතර නීලකාස හොරෙක් වූ හේමන්ත වර්ණකුලසූරිය ඉදිරියෙන්ම සිටින්නෙකි. ඔහු වඩාත් ප්‍රචලිත වූයේ තමන්ගේ සේවා දායකයා පාවා දෙමින් අනෙක් පාර්ශවයෙන් මුදල් ගැනීම ගැනයි. ඔහුගේ මෙම ‘දෙපත් නයි‘ වැඩ නිසා බොහෝ දෙනෙක් සිරගත වූයේ හේතු රහිතවය. 

පසුකාලීනව මහින්ද රාජපක්ෂගේ පශ්චාත්භාගය ලෙව කමින් තම මඩිය තර කරගත් මොහු හෙල්පින් හම්බන්තොට සිද්ධියේදී මහින්ද රාජපක්ෂ බේරාගත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර තවමත් එම සිද්ධියට අදාල රහස් ලියකියවිලි ඔහු සතුව ඇතැයි පාරම් බෑවේය. එනිසාම මහින්ද රාජපක්ෂ ඉන්නේ ඔහුගේ සාක්කුවේ යයිද පාරම් බෑවේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවීමත් සමග හේමන්ත වර්ණකුලසූරියට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති තනතුර ලැබෙන්නේ ඔහු විසින් හෙල්පින් හම්බන්තොට නඩුවේදී ඔහුට කරන ලද උදව්ව නිසාය. හොරා කොතැනත් හොරාය යන මතය සනාථ කරමින් හේමන්ත වර්ණකුලසූරිය ඉතාලියේදී ද විශාල හොරකම් රාශියක් සිදු කරන ලද බව රහසක් නොවේ.

ඉතාලියේ දී කළ ජඩකම්

ඉතාලියේ සිටින ලාංකිකයින් බොහෝ දෙනෙක් තම කටයුතු සඳහා රෝමයේ පිහිටි තානාපති කාර්යාලයට පැමිණීමට ඇති දුෂ්කරතා හේතුවෙන් එම කටයුතු කරදීම පිණිස ඒජන්තවරුන් හට බාර දේ. මෙය ඉතා හොඳ බිස්නස් එකකි. මෙම ඒජන්තවරු තානාපති කාර්යාලයට ගොස් එම කටයුතු කරදීමට රුපියල් 25,000 සිට ඉහළට විවිධ ගාස්තු අයකරති. මේ පිරිස් අතරින් තමන්ට හිතවත් පිරිසක් පමණක් තෝරාගත් හේමන්ත වර්ණකුලසූරිය ඔවුන්ගේ කටයුතු පමණක් කරදුන් ඒ සඳහා කොමිස් මුදලක් අය කරන ලදී. අනෙක් පිරිසට තානාපති කාර්යාලය තහනම් කලාපයක් බවට පත් කරන ලදී. මේ කොමිස් මගින් ඔහු මසකට යුරෝ 6000 ක පමණක මුදලක් සොයා ගත් අතර මේ කටයුතු සම්බන්ධීකරණය කිරීම පිණිස කුමාරසිංහ නැමැත්තෙක් පත් කර ගෙන සිටියේය.

මෙම දූෂිත තානාපතිවරයා ඉතාලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින ඉතාලි ජාතික ගරු කොන්සල්වරුන්ගෙන් වසරක් පාසා යූරෝ 10,000 බැගින් ඔවුන්ගේ කාලය දීර්ඝ කිරීම පිණිස කප්පම් මුදල් ලබා ගත්තේය. ඔහුට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා සයිප්‍රසයේ සිටි ගරු කොන්සල් වූ ජොරපොලොස් නැමැත්තා එම තනතුරෙන් ඉවත් කිරීම විදේශ අමාත්‍යංශයට නිර්දේශ කොට කොටි සංවිධානය සමග හිතවත් නැව් සමාගමක් පවත්වාගෙන යන පියරේ නැමැත්තා හට එම තනතුර බාර දුන්නේ ඔහුගෙන් යූරෝ 25,000 ක මුදලක් ලබාගෙන ය. එසේම ලංකාවේ පැවති තම දියණියගේ විවාහ උත්සවය වෙනුවෙන් සෑම කොන්සල් වරයෙකුගෙන්ම යුරෝ 5000 බැගින් සහ ඉතාලියේ සිටින ලාංකිකයන්ට සේවා සපයන ඒජන්තවරුන් සහ වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් යූරෝ 2000 බැගින් ලබා ගත්තේ බලහත්කාරයෙනි.

රට පාවා දෙමින් එල්ටීටීඊයට කළ උදව්

ඔහු විසින් ලංකා ඉතිහාසයේ සිදුවූ තවත් ඓතිහාසික පාවාදීමක් කරන ලදී. ඉතාලියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන් කීපදෙනකුගේද සහාය ඇතිව එල්ටීටීඊ සංවිධානය පිළිබඳ පරීක්ෂණයක් කරගෙන යන ලදී. මෙම ලාංකිකයින්ගේ සේවය වූයේ එල්ටීටීඊයට සම්බන්ධ දුරකථන සංවාදවලට සවන් දී ඔවුන් හඳුනා ගැනීමයි. ඒ හෝඩුවාවන් ඔස්සේ යමින් දීර්ඝ කාලයක් පරීක්ෂණ කළ ඉතාලි ආරක්ෂක අංශ විසින් එල්ටීටීඊ  ක්‍රියාකාරීන් 38 දෙනෙක් එකම දිනක රාත්‍රියේ රට පුරා ස්ථාන 38 කදී අත් අඩංගුවට ගන්නා ලදී. ලෝක ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව එවැනි දැවැන්ත මෙහෙයුමක් ලෝකයේ කිසිදු තැනෙක සිදු කර තිබුනේ නැත. තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමටද සූදානමක් විය. එහෙත් හේමන්ත වර්ණකුලසූරිය නමැති තානාපති හොරා ශ්‍රී නාලිකාව නැමති ඉතාලිය මුල් කරගෙන පැවති රූපවාහිනී නාලිකාව හරහා එම අත්අඩංගුවට ගත් ඉතාලි නිලධාරීන් සහ එම මෙහෙයුම ලෝකයට හෙළිකෙළේ තමන්ට ලකුණූ දා ගැනීමේ අභිලාෂයෙන් තමන් කළ මෙහෙයුමක් ලෙසය. එහෙයින්ම ඉදිරි නීතිමය කර්තව්‍යයන් සඳහා ඉතාලි බලධාරීන්ට අවශ්‍ය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දිය යුතු සහාය මේ දෙපත් නයා දුන්නේ නැත. එ් නිසා  ඉදිරි මෙහෙයුම් අඩපණ විය. එපමණක් නොව එම මෙහෙයුමට සහාය දුන් ශ්‍රී ලාංකිකයින් පිරිසට ශ්‍රී ලංකාවේ රජයෙන් දිය යුතු ගරුත්වය ලබා දීමට ද මෙම තක්කඩි හේමන්ත වර්ණකුලසූරිය ඉඩ දුන්නේ ද නැත. අඩුම ගණනේ එකල ජනාධිපති රාජපක්ෂ ඉතාලි සංචාරයකට පැමිණි අවස්ථාවේ දී ඔවුන්ව හමුවීමට  තිබූ අවස්ථා පවා අහුරා දැම්මේය. 

රාජපක්ෂගේ එම සංචාරයේදී පැවැති හෝජන සංග්‍රහයකදී හිටපු විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගමට එරෙහිව කථා කිරීමට ගොස් බෝගොල්ලාගම මහත්මිය විසින් ජනාධිපතිවරයා ඉදිරියේදීම හේමන්ත වර්ණකුලසූරිය පට්ටා ගසන ලදී. අවසානයේදී ලංකාවට ගොස් බොගොල්ලාගම මහත්මියගේ දෙපා වැඳ සමාව ලබාගත් නිසා තම තානාපති පට්ටම බේරා ගැනීමට ඔහුට යාන්තම් හැකි විය.

වරක් මේ ගොබ්බ තානාපති වර්ණකුලසූරියගේ රාජකාරී වාහනයේ සයිලන්සරයටත් ඉහලින් ජලය පිරී තිබූ ස්ථානයක් හරහා රථය ධාවනය කිරීමට අණ කිරීම හේතුවෙන් රථයේ ඇන්ජිම නතර වී එය විනාශ විය. රථයට නව ඇන්ජිමක් සවිකිරීමට කියා රුපියල් මිලියන තුනක මුදලක් විදේශ අමාත්‍යංශය හරහා ලබාගත් අතර අක්‍රිය වූ ඇන්ජිම බාර දෙනවා වෙනුවට තමන් ලඟ තබාගෙන පසුව එය අලුත්වැඩියා කර විකුණා මුදල සාක්කුවේ දමා ගත්තේ ද මෙම තානාපති වර්ණකුලසූරිය දූෂිතයා විසිනි. 

ඉතාලියේ පැලන්මොර් මුල් කරගෙන පැවති එල්ටීටීඊ හිතවාදී ද්‍රවිඩ සංවිධානයක කාන්තාවක් සමග පැවැති අයථා සම්බන්ධය හේතුවෙන් වර්ණකුලසූරියට එල්ටීටීඊ හිතවාදීන් වෙනුවෙන් විවිධ පහසුකම් සැපයීමට සහ උපකාර කිරීමට  සිදුවිය. 

බට්ටී..

එසේම තමන්ගේ ඥාතී දියණියක් ලෙස හඳුන්වමින් ‘බට්ටී‘ නැමති කාන්තාවක් විදේශ කටයුතු අමාත්‍යංශයේ අවසරය සහිතව ඉතාලියට ගෙන එන ලදී. පසුව  හසුවූයේ මෙම කාන්තාව ඔහුගේ අනියම් සැපක් බවය. මෙම තත්ත්වය නිසා වර්ණකුලසූරියගේ බිරිඳ ඔහු අතහැර ලංකාවට පැමිණියාය. ඔහු ගේ ලිංගික අල්ලස් ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරිණියන් දෙදෙනෙක් තම බලය පාවිච්චි කර ලංකාවට පිටත් කර යවන ලදී. ඒ අතරම තමන්ගේ අපචාරී ක්‍රියා වලට සහාය නොදැක්වූ විදේශ සේවයේ අවංක නිලධාරීන් තිදෙනෙක් ද වරින් වර ලංකාවට එවීමට ඔහු කටයුතු කෙළේය.

තමන්ගේ නිවසේ සේවය කළ සේවකයාගේ බිරිඳ ඉතාලියට ගෙන්වා දී යුරෝ 10,000 මුදල් ලබාගත් වර්ණකුලසූරිය ඇයගෙන්ද අනියම් සැප ලබා ගත්තේ ය.  තම සේවා කාලය අවසානයේදී ඔවුන් දෙදෙනාට ඉතාලියේ නීති විරෝධීව සැඟවෙන්නට අවස්ථාව ලබා දුන් අතර ඒ ගැන සැබෑ තොරතුරු විදේශ අමාත්‍යංශයෙන් වසන් කර තිබේ. ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නැත.

ආරක්ෂක හමුදාව වෙනුවෙන් ආධාර කිරීම පිණිස ඉතාලියේ ලාංකිකයින් සහ තානාපති කාර්යාලයේ සේවය කළ චන්ද්‍රපාල ලියනගේ විසින් සංවිධානය කරන ලද සංස්කෘතික උත්සවයෙන් ලද රුපියල් කෝටියකට ආසන්න මුදලක් එම කටයුත්තට සම්මාදම් වූ පිරිසට හොරෙන් ලංකාවට විත් ජනාධිපතිවරයා අතට පත් කොට  වසරක සේවා දිගුවක් ලබා ගත්තේය. මේ නිසා ලාංකිකයින් ඔහු සමග දැඩි ලෙස උරණව සිටියේය.

ක්‍රිෂ්ණනාදන්..

ඔහු විසින් කරන ලද විශාලතම වංචාව  වන්නේ රජයේ මුදල් යුරෝ ලක්ෂයක් පමණ අවභාවිතා කිරීමයි. මේ සඳහා සහභාගී කර ගත්තේ කේ. කේ. ක්‍රිෂ්ණනාදන් නැමති මුදල් අයකැමියාය. ක්‍රිෂ්ණනාදන් රහස් පොලීසියට කියා තිබුණේ මෙම මුදල් වරින් වර තානාපතිවරයා ලබා ගත් බවයි. තම හිතවත් පොලිස් නිලධාරීන් හරහා ක්‍රිෂ්ණනාදන් බිය වැද්දීම නිසා ඔහු පසුව සත්‍ය වසන් කෙළේය. හොර තානාපතියාට විරුද්ධව රාජපක්ෂ රජය කටයුතු නොකෙළේ හෙල්පින් හම්බන්තොට ගිණුමේ රහස් ඔහු ලඟ තිබූ නිසාය. වරක් මෙම හොර තානාපතිවරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ හෙල්පින් හම්බන්තොට නඩුවෙන් බේරීම නිසා තමන්ට මෙම තානාපති තනතුර ලැබුණූ බවයි. එහි හඬපටය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දුන්නද ඔහු නිහඬ වූයෙන් මෙම ගිණුම් හුටපටය සත්‍යයක් බව අපට සහතික විය.

තානාපතිවරයා වශයෙන් සේවය කරන සමයේදී ඔහු ලංකාවට පැමිණ තමන්ගේ සේවාදායකයින්ගේ නඩු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ සරත් කොන්ගහගේ සමඟ ය. මෙය ද නීති විරෝධි ක්‍රියාවකි. මේ සම්බන්ධයෙන් හිටපු විදේශ ඇමති ජී.ඇල්. පීරිස් කිසිදු පියවරක් ගත්තේ නැත.

ඔහු ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ කථා කළ අතර රුපවාහිනිය ඔස්සේද මහින්දට කඩේ ගියේය. මෙය බලවත් වරදකි. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අද වනතෙක් සිදු වී නැත.

කුඩු සල්ලි

එපමණක් නොව ලංකාවේ දැනට හසුවූ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා වූ වෙලේ සුදාගෙන් වර්ණකුලසූරිය විසින් ලක්ෂ 50 ක මුදල් ලබාගෙන ඇති බව රහස් පොලිසියට මේ වන විටත් සාක්කි ලැබී තිබේ. චෙක් පත් වලින් ලක්ෂ 50 ක් ගනිද්දී අත යට මුදලින් කොපමණ ලබා ගෙන ඇතිදැයි දන්නේ වෙලේ සුදාත් හේමත්න නමැති තක්කඩියාත් පමණි. මෙම ලක්ෂ 50 ලබා ගත්තේ වෙලේ සුදාගේ නඩු වලට පෙනී සිටීමට යැයි වර්ණකුලසූරියට නිදහසට කරුණු ලෙස කිව හැකි වුවද ඔහු කුඩු ජාවාරම් කරුවෙකුගෙන් එතරම් විශාල මුදලක් ලබා ගත්තේ වෙනත් ජාවාරමක ගෙවීමක් ලෙසටදැයි පරීක්ෂණ පවත්වා සෙවිය යුතුය. ඔහු දිවි පරදුවට තබා පෙනී සිටි අනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා නම් දුමින්ද ආර්. සිල්වා ය. කෙසේ වෙතත් කුඩු කාරයන්ගෙන් මිලියන ගණන් මුදල් ලබා ගත් මේ තක්කඩියා සුදනෙකු සේ සමාජය ඉදිරියේ පෙනී සිටී. 

ඉදින් මෙවන් නීලකාස හොරෙක් නැවතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලඟට කිට්ටු කෙළේ මෛත්‍රීපාල යටක් කරගෙන සිටින කිලී මහාරාජා විසිනි. මහාරාජලාට වඩාත් වැදගත් මර්මස්ථානයක් වූ විදුලි සංදේශණ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ තනතුරකට හේමන්ත වර්ණකුලසූරිය පත් කරන ලද්දේ ඒ අනුව ය. ඔහු දැන් මෛත්‍රීවාදියෙකු ලෙස පෙනී සිටී. නමුත් මෛත්‍රී බලයට ගේන්නට කැපවූ බලවේග වලට පහර දෙයි. මෙවන් දෙපත් නයි යහපාලන රජය විසින් තව දුරටත් රෙද්ද අස්සේ දමාගෙන පසුව ‘කනෝ කනෝ‘ කියන බව නම් ඉර හඳ මෙන් සහතික ය. ‘මට කෙළවුනේ මං ලඟ හිටපු එවුන්‘ නිසා යැයි අද මහින්ද රාජපක්ෂ කියන බයිලාව මෛත්‍රීපාල සිරිසේන ද කවදා හෝ කියනු ඇත.  සිපිරි ගෙදරක පොලු ගණන් කරමින් සිටිය යුතු වුන් අද මොණර කොළ ගනිමින් සිටින්නේ යහපාලන ආණ්ඩුවේ ඇති සෙවලකම නිසාය.


ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතාලි ශ්‍රී ලාංකිකයෝ

(මෙහි ඇති බරපතල චෝදනා වලට හේමන්ත වර්ණකුලසූරිය විසින් පිළිතුරක් එවන්නේ නම් එයද පළ කිරීමට ලංකා ඊ නිව්ස් සූදානම් ය) 

---------------------------
by     (2016-11-28 17:36:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

Niyamai LeN, demu moota puka pelenndama . apith laksa 62 kuth thawa laksa 50 k LeN ekkai. muge awasaanaya. booru gon bijjaa. keri wesige puthaa.................. MEWWA KIYAWADDIWATH ADUMAGAANE ME WAGE WAL PAHARA HORA JAWARAM GAS BALLONTA yahapalana anduwe LOKU LOKU THANATURU DUNNU MAHATHTHURUNTA " kibuhum" wath yanne nedda danne naa neh LeN..?
-- by Civil-Law on 2016-11-28

Mr. Warnakulasooriya, now your chance to percent your innocence with a reply. Hope you are not going to getaway like your best friend Mr. Wijedasa. All SL innocent and pro good governance people are awaiting.
-- by Bathiya on 2016-11-28

me wage horikada, hora, wal ballan ta kawda TCRC eke Director post ekak dunne..? Yahapalane bambuwa.. gihilla hitang..
-- by AwillaHitang on 2016-11-28

Buddika Pathiranage Mamandilu neda meya?
-- by Nalaka on 2016-11-28

WARNAKULASOORIYA ALWAYS TRYING TO TARNISH THE GOOD NAME OF THE JUSTICE. YOU ARE THE PERSON WHO IS BEHIND THE ISSUING INTERPOL WARRANT AGAINST LANKAENEWS. WE ARE WITH E NEWS TO DEFEAT THIS DOUBLE GAME
-- by shantha on 2016-11-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links