~

ඊ නිවුස් ඔවුන්ටම ආවේනික නව මාධ්‍ය සම්ප්‍රදායක් බිහිකොට අවසන්: ඔවුන් වෙත ඇඟිල්ල දිගු කරන පිරිස් එම ඇඟිල්ල පළමුව තමුන් දෙසට යොමු කරගත යුතුයි

-සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය

(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.28, පෙ.ව.11.00) සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම අපි තරයේ හෙලා දකිමු. ලංකා ඊ නිවුස් වල සඳරුවන් කියන්නේ මේ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට විශාල දායකත්වයක් දක්වපු ඒ වගේම ජීවිතය පරදුවට තබා කටයුතු කරපු, කරන ලංකාවේ මාධ්‍ය වේදියෙක්. ඔහුට රට දමල යන්න උනේ පසුගිය රජය කාලේ විඳින්නට උන මැර  තර්ජන නිසා ජීවිතේ බේරගන්න මිසක රටට ආදරේ නැතුව නොවේ. එදා මේ රට වසර 30 ක යුද්ධයෙන් බේරගන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සැබෑ රණවිරුවන් වගේම තමයි මේ මාධ්‍යවේදීන්. මේ රට වසර ගනනාවක් තිස්සේ එකම පවුලක් තම හිතු මතයට විධායක බලතල මුවාවෙන්  පොලීසිය, අධිකරණය වගේම රටේම සියලු ආයතන තම ග්‍රහණයට නතු කරගන රට පාලනය කරනකොට, මාධ්‍යවේදීන් ඝාතනය කරනකොට ඊට එරෙහිවෙලා බය නැතුව ලීවේ. රටක මාධ්‍ය කියන්නේ ඒ රටේ මුර බල්ලා. ඔහු ඔහුගේ කාරිය හරියට කරන එක ඔහුගේ පරම යුතුකම. 

දේශපාලකයෝ කියන්නේ රටේ භාරකාරයො මිස අයිති කාරයෝ නොවේ. නමුත් අවාසනාවකට හැම රජයක්ම බලයට ගෙන ඒමට කටයුතු කරන බොහෝ මාධ්‍ය ටික කලක් යනකොට අර දේශපාලකයන්ගේ මුර කාරයෝ වෙනවා. මෙවැනි පසුබිමක ලංකා ඊ නිවුස් කිසිම පක්ෂ භේදයකින් තොරව මේ රජය සහ දේශපාලකයන් පවා කරන සියලුම වැරදි පෙන්වා දෙමින් යුගයේ මාධ්‍ය වගකීම කරට ගෙන කටයුතු කරනකොට ඊට එරෙහිවන පුද්ගලයන් පිළිබඳව රටේ ජනතාව මීට වඩා සිතිය යුතුයි. දේශපාලකයෝ වගේම නීතිඥ වේවා ඕනෑම වෘත්තියක යෙදෙන රජයට සම්බන්ධවෙලා රජයේ මුදලින් යැපෙන ඕනෑම පුද්ගලයෙක් පිළිබඳව  ඔවුන්ගේ ක්‍රියාකලාප පිළිබඳව  විවේචන කිරීමට රටක ජන මාධ්‍ය වලට ඇති අයිතියට අපි ගරු කරමු. ඒ වගේම ඔවුන් එසේ ලියන්නේ ඇයි කියල සොයල බලල වරදක් ඇත්නම් ඒක නිවැරදි කිරීමට ඕන තරම් ක්‍රම තිබියදී මෙවන් ඒක පාක්ෂික නඩු ඇසීම් සහ නීත්‍යානුකුල ක්‍රියා මාර්ග ගැනීම අපි අනුමත නොකරමු. 

රජය සහ ඊට සම්බන්ද දේශපාලකයන්  වගේම මේ කුමන හෝ පුද්ගලයෙක් සම්බන්දව යම් චෝදනාවක් කර තිබේ  නම් ඔවුන් වහාම එම චෝදනාව හෝ එම කරුණු එසේ ලියා  තියෙන්නේ ඇයි කියල සොයල බලල ඒ කරුණු නිවැරදි කිරීමට හෝ එම වැරදි වලට යමකු දායක වී ඇත්නම් පළමුව ඔවුන්ට එරෙහිව ක්‍රියා කරනු වෙනුවට මාධ්‍යවේදීන් නිහඬ කිරීමට කටයුතු කරන්නේ නම් ඉන් ඔප්පුවන්නේ හිටපු උදවිය එලවා දමා ගෙනාපු උදවියත් යන්නේ ඒ පාරේම බව නොවේද? 

ඊ නිවුස් වල පලකරන සියලු දෙයම සත්‍යය කියල පිළිගන්න තරම් මෝඩයෝ ඉන්න රටක් නෙවෙයි මේ ලංකාව. කවුරු මොනවා ලීවත්, කීවත් විචාරක බුද්ධියෙන් ඒව කියවල ඒවායේ සත්‍ය අසත්‍ය තාවයන් හොයල බලල ක්‍රියා කිරීම රටක ජනතාවගේ යුතුකමක්. මම හිතන්නේ ඔවුන් ඒක කරනවා. ඊ නිවුස් හෝ මොන නිවුස් වල ගියත් තමුන් වරදක් කරලා නැතිනම් මොකටද බයවෙන්නේ.? නීතිය හමුවට යනවා නම් පුද්ගලයෙක්   ඉලක්ක කරගන ඇයි කටයුතු කරන්නේ. ඔහු ලියල තිබෙන දේවල් වල වරදක් තිබේ නම් ඒවට විරුද්ධව කටයුතු කොට ඒව නිවැරදි කිරීමට කටයුතු කරන මෙන් මේ අවි අමෝරාගන නැවත වතාවක් මේ රට වසර 30 ක යුද්ධයෙන් වගේම වසර 10 ක ඒකාධිපති පාලනයකින් නිදහස් කරගැනීමට දිවි හිමියෙන් කටයුතු කරපු ජනතාවට විරුද්ධව කිසියම් පිරිසක් එකතුවෙලා සංවිධානාත්මකව කරන කුමන්ත්‍රණ වල කොටස් කරුවන් නොවන ලෙස මේ රටේ ජනහිතකාමී සියලුම පක්ෂ, විපක්ෂ  දේශපාලකයන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

රටක පිළිගත් මාධ්‍ය සම්ප්‍රදායන් අනුව බලන විට මොන යම් අඩුපාඩු තිබුනත් මේ රටේ සිදුවන බොහොමයක් දේවල් ඉතාම ජුගුප්සාජනක දේවල් බව මේ රටේ මිනිස්සු දන්නවා සමහරක් දේශපාලකයෝ නොදැන හිටියාට. අන්න  එහෙම වෙලාවට ඊ නිවුස් බලල තමයි ඔවුන් මේ දේවල් දැනගන්නේ. එ්කෙන් ඔප්පුවන්නේ ඔවුන් ඔවුන්ටම ආවේනික නව සම්ප්‍රදායක් බිහිකොට ඇති බවයි. කලයුත්තේ ඒකට පහර ගසන එක නවතා තම තමුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාව විමසිල්ලෙන් සිටින බව තේරුම් ගෙන තමුන් නිවැරදි වීමට කටයුතු කිරීම බව මේ රටේ ජනතාව දරන අදහසයි. 

කවුරු මොනවා කීවත් අදත් රටේ සිදුවන මහා පරිමාන දුෂණ, වංචා සහ ඩීල් පිළිබඳව ජනතාව දැනගන්නේ ලංකා ඊ නිවුස් වලින්. ඒ වගේම ඔවුන් කිසි දිනෙක මේ රටේ ජනතාව උසිගන්වන පටු ජාතිවාදී අදහස් වලින් ජනතාව පෙලන කිසිවක් ලියන්නේ නැති බවත් රටේ ජාතික එකමුතුව, සංහිඳියාව වගේම දුෂණයට, වංචාවට, හොරකමට, මත්ද්‍රව්‍ය ප්‍රචාරණයට විරුද්ධව ලියන කියන හැම විටකම ඔවුන් රටේ ජනතාව පැත්තේ ඉන්න ජන මාධ්‍යයක් කියල මුළු රටම පිළිගෙන ඉවරයි. මීට එරෙහිවන්නේ මේ සියලු අගතීන් සිදු කරන සහ ඒවාට මොනයම් අයුරකින් හෝ දායකවන පිරිසක් බව ජනතාවට පෙනුනත් සමහර දේශපාලකයන්ට නොපෙනීම කනගාටුවක්. 

ඒ නිසා ඊ නිවුස් වෙත ඇඟිල්ල දිගු කරන පිරිස් එම ඇඟිල්ල පළමුව තමුන් දෙසට යොමු කිරීමට කටයුතු කරන්නේ නම් එය ඔබලාට මෙන් ම මේ රටට ද ඉතාම යහපතක්ම වනු ඇත. රටක ජනතාව ලෙස අපේ ඉල්ලීම ඊ නිවුස් වලත් යම් අඩුපාඩු  තිබේ නම් ඒවා නිවැරදි කරගන මීටත් වඩා ප්‍රබලව නැගී සිට හැමදාම ජනතාවගේ පැත්තේ සිට කටයුතු කරනු දැකීම මිස දේශපාලකයන්ට ආ වඩනු හෝ ඔවුන්ගේ අතකොලු වනු දැකීම නොවේ.

මීට 
 
සිසිර ජයමහ

ලේකම් - සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

---------------------------
by     (2016-11-28 05:50:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

samastha lankaawema ugath/ buddimath/ duppath/ pohosath bedayakin thorawa, jaathi bedawalin thorawa , aagam bedayen thorawa, pakshabedawalin thorawa, laksa 150 ka janathaawa sithanne da mema lipiye liyaa thibena akurak naara kiyanaaa de,maya.
-- by Mahajanathawa on 2016-11-28

I completely agreed with this article
-- by Lal peiris on 2016-11-28

100% agree
-- by Jayathilake J on 2016-11-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links