~

ලංකා ඊ නිව්ස් සිද්ධිය ගැන රන්ජන් පාර්ලිමේන්තුව දෙක කරමින් තිත්ත වුනත් ඇත්තම කියයි: විජේදාස ඇබ්සන්ට්..! (Video)

රන්ජන් රාමනායකගේ ඒ ඓතිහාසික කතාව සම්පූර්ණයෙන්

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.28, ප.ව‍‍‍‍‍‍‍.‍5.20) අද ඇමැතිවරු වී සිටින බහුතරයක් අය එදා රාජපක්ෂලාට එරෙහිව කතා කිරීමට බිය වී සිටියදී රාජපක්ෂලාගේ දූෂණ මිනීමැරුම් ගැන හෙළිකර යහපාලන ආණ්ඩුවක් හැදීමට විශාල කාර්යභාරයක කළ ලංකා ඊ නිව්ස් කර්තෘවරයාට ඉන්ටර්පොල් රතු වරෙන්තුවක් නිකුත් කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අධිකරණ ඇමැතිවරයා සහ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ මාමණ්ඩිය සිටින බවත් විනිසුරුවරිය ට්‍රැක් පැනලා වරෙන්තු නිකුත් කරන ලද බවත් මේවා ගැන ජවිපෙ නායක අනුර දිසානායක කතා නොකර ඉන්නේ දුමින්දලාගේ නාලිකාව සමග ඇති ඩීල් නිසා බවත් ඊ නිව්ස් එකට එරෙහි කුමන්ත්‍රණය ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් විය යුතු බවත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ඔහු මෙසේ කීවේ අය වැය තුන්වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිලිබඳ විවාදයට සහභාගී වෙමිනි 

ලංකාවේ පුද්ගලික ජනමාධ්‍ය ආයතන වල තිබෙන මාෆියාවද හෙළිදරව් කරමින් රන්ජන් රාමනායක මහතා කළ කතාවේ සභාගත කරන ලද පිටපත පහත දැක්වෙන අතර කතාවේ වීඩියෝව අවසානයේ දැක්වේ.

“අද ජනමාධ්‍ය නිදහස මේ ආණ්ඩුව විසින් ලබාදී තිබෙනවා, අපි දකිනවා ඉස්සර මාධ්‍ය සාකච්ඡා වලට ගිහින් ප්‍රශ්නයක් අහන්න කොන්දක් මාධ්‍යවේදීන්ට තිබුනේ නැහැ, තිබුනා නම් ඔවුන්ට වෙන්නේ ලසන්ත වික්‍රමතුංගට වෙච්ච දේ, නමුත් දැන් අපි දකිනවා කැබිනට් මාධ්‍ය හමුව වගේ මාධ්‍ය හමුවල ජනතාව වෙනුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා, ඒ අතර හොරුන්, මිනීමරුවන්  වෙනුවෙන් කඩේ යන මාධ්‍යවේදියොත් ඉන්නවා, ජනතාවට ඒ අය අඳුරගන්න පුළුවන් 

යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය නිදහසට එල්ලවූ බරපතලම කැළල තමයි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මා වත් විවේචනය කරලා තියෙනවා, නමුත් හැමදාම අපි ලංකා ඊ නිව්ස් දැක්කේ අසාධාරණය වෙනුවෙන් කතාකරන වෙබ් අඩවියක් විදිහට.  ලංකාවේ බොහෝ මාධ්‍ය රාජපක්ෂලට එරෙහිව කතා කරන්නත් බය වෙද්දී අද ඇමතිවරු වෙලා ඉන්න අපේ ඇමතිවරුන් බහුතරයක්ම බයවෙද්දී ඔවුන්ගේ දුෂණ මිනීමැරුම් ගැන හෙළිකරලා යහපාලන ආණ්ඩුවක් හදන්න විශාල කාර්යභාරයක් කළේ ලංකා ඊ නිව්ස් කියල කියන්න අපි ලජ්ජා වෙන්න ඕනේ නැහැ. 

දැන් ලංකා ඊ නිව්ස් ජාත්‍යන්තර වරෙන්තුව හරි අපුරු එකක්, මේකේ පිටුපස දෙන්නෙක් ඉන්නවා, කණගාටුයි කියන්න එක්කෙනෙක් අපේ ආණ්ඩුවේම අධිකරණ ඇමතිතුමා. (කෝ එයා දැන් නෑ නේද?) අනිත් කෙනා මරණ දණ්ඩනයට නියම වූ දුමින්ද සිල්වාගේ නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය. මේ දිනවල තිරගත වන ‘උසාවිය නිහඬයි‘ කියන චිත්‍රපටයේ කියනවා ඒ දුෂිත විනිසුරුවරයා බේරගන්න සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුදලියාර් කියලා අන්වර්ථ නාමෙන් පුවත්පත් ලිපි ලියපු කළු චරිතයක් ගැන. අන්න ඒ කළු චරිතේ කවුරුවත් නෙවෙයි  මේ දුමින්ද සිල්වාගේ නීතිඥ අපේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාගේ මාමන්ඩිය හේමන්ත වර්ණකුලසුරිය කියලා අද රන්ජන් රාමනායක කියනවා.

පසුගිය සතියේ හරි අපුරු දෙයක් සිදුවෙනවා, ලංකා ඉතිහාසයේ පලවෙනි වරට විනිසුරුවරියක් රෑක හොරෙන් ගිහින් මරණ දණ්ඩනය නියමවූ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමා හම්බවෙනවා. ඊට පස්සේ ලංකාවේ නීතිය විහිළුවක් කරමින් මරණ දණ්ඩනය හිමි වූ පුද්ගලයෙක් ප්‍රතිකාර ගැනීමට පුද්ගලික රෝහලකට ඇතුලත් කරන්න එලියට ගේනවා. කෙසේ හෝ ඒ රෝහලට ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහුට ආපසු යන්න සිදුවෙනවා. රටේ නීතිය විහිළුවක් කළ මේ සිදුවීම ගැන මුලින්ම හෙළි  කළේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි. ඒ නිසා අද ඒ විනිසුරුවරිය වැඩ තහනමකට පවා ලක්වෙනවා. පුවත්පත් කිහිපයක් හැරෙන්න ලංකාවේ බහුතර මාධ්‍යයට මේක පුවතක් වත් වෙන්නේ නැහැ. මහබැංකුවේ චෝදනා ලද අර්ජුන් මහේන්ද්‍රන් දින කිහිපයකට විදේශ ගත වීම නිසා රට පෙරළන්න වගේ කෑ ගහපු අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර මන්ත්‍රීවරුන් පවා මේක නොදැක්ක වගේ හිටියා.

හිතල බලන්න මරණ දණ්ඩනය හිමිවුණු කෙනෙක් පුද්ගලික රෝහලකට ඇතුලත් කිරීම හා විනිසුරුවරියක් පුද්ගලිකව මුන ගැහිම වගේ දෙයක් ගැන. අපේ අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන ආකාරය ගැන, එතුමාගේ වචන වලින්ම කිව්වම ‘ලැජ්ජයි... අම්මපා... මෙහෙමත් ආණ්ඩුවක්‘ කියලා පාර්ලිමේන්තුව දෙවනත් කරන්න තිබ්බා. නමුත් එහෙම වුනේ නැහැ, ඇයි ඒ ?  මේ පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසාද ? නැහැ ඒකට හේතුව මේ පුද්ගලයගේ පවුල මේ රටේ ප්‍රධාන මාධ්‍ය ජාලයක හිමිකරුවන් වීම. ඕක ගැන කතා කළොත් අපේ නිව්ස් ඒ චැනල් එකේ දාන්නේ නැහැ. අපිට බලයේ චාන්ස් දෙන්නේ නැහැ, ඒක නේද හේතුව.?

මම ප්‍රධාන පක්ෂ දෙක ගැන කතාකරන්නේ නැහැ, ඒකේ ඉන්න අය ඒ ගොල්ලෝ හඳුන්වන්නේ ‘ස්මාර්ට් පොලිටිෂියන්ස්‘ ලා කියලනේ. එකනේ ඒ අය මටත් බනින්නේ ‘රන්ජන් මෝඩ වෙන්න එපා. ඇත්ත වුනාට ඕක කිව්වට පස්සේ උඹට ඒ චැනල් වලින් පබ්ලිසිටි ලැබන්නේ නැහැ‘ කියලා

මීඩියා ඩීල්

අනුර කුමාර සහෝදරයා හැමදාම කියනවනේ උනුත් එකයි මුනුත් එකයි කියලා, මම කියනවා ඕගොල්ලොත් එකයි කියල. 2013 වසරේ සිට අරන් බලන්න දුමින්ද සිල්වාට එරෙහිව වචනයක් අපේ ජේවීපී සහෝදර වරු කතා කරලා තියෙනවද කියලා. මිනීමැරුම් චුදිතයෙක් වෙලා දවසක්වත් රිමාන්ඩ් එකේ හිටපු නැති ගැන කතා කළා ද ?  ඒගොල්ලෝ කතා කළා පොඩි කාලෙකට. එතොකොටම  ඒ චැනල් වලින් එහෙම කතා කරපු නිසා නිව්ස් නැවැත්තුවා. ඒක නැවැත්තුවට පස්සේ අනිත් අයට ඩීල් කාරයෝ කියල චෝදනා කරන මේ අයම ඩීල් එකක් ගැහුවා, ඒ ගැන කතා නොකරන්න. එයින් පසු දිගටම අනුර සහෝදරයට නිව්ස් එකේ තුන්වෙනි නිව්ස් එක හම්බවුනා, බලයේ පුටුවක් වෙන්වුනා, මෙන්න මේකයි ඇත්ත. මෙන්න මෙහෙමයි සමහර මාධ්‍ය ආයතන දේශපාලකයන් මෙහෙයවන්නේ. මම අභියෝග කරනවා අනුර කුමාර සහෝදරයට භාරත ලක්ෂ්මන් නඩුව ගැන, මරණ දඬුවම දුන්න අය පුද්ගලික රෝහල් වලට ගෙනයාම ගැන, විනිසුරුවරුන් හොරෙන් ගිහින් හමුවීම ගැන කතාකරන්න කියලා. අර සුපුරුදු ‘ලැජ්ජයි... අම්මපා‘ ලීලාවෙන්, මම හිතනවා ඩිල් එක දැන්වත් නවත්වලා කතා කරයි කියලා.

ලංකා ඊ නිව්ස් වරෙන්තුව පිටුපස ඉන්නෙත් මේ දුමින්ද සිල්වා නාටකයේ පිරිස් තමයි. තමන්ට කිසිසේත් සම්බන්ධයක් නැති නඩුවකට දුමින්ද සිල්වාගේ නිතිඥ තුමා ඉදිරිපත් වෙනවා. එකම ඉල්ලීමෙන් විනිසුරුවරිය, තමන්ට චෝදනා කළ වෙබ් අඩවියට එරෙහිව තීන්දු දෙනවා. විනිසුරුතුමිය තමන්ගේ FB එකේ ‘අලි හොරා විනිසුරුට ක්‍රියා කළයි කියලා නීතිපතිට බැනල තිබුණු එක ගැන හෙළිදරව් කිරීම තමයි විනිසුරුතුමියට ඊ නිව්ස් එක ගැන තිබුණු ප්‍රශ්නය.

දැන් මේක ගැන කතා කරන්න කවුරුත් බයයි. ඇයි ලොකු මාධ්‍ය ආයතනයක් තරහ වෙන්න ඉඩ තියෙනවා. මේ කතාවෙන් ලොකුම හානිය මට කියල මම දන්නවා. මම මේ ගැන මුලින් කතාකරපු දවසේ සිට මගේ පුවත් හෝ කලා නිර්මාණ ඒ මාධ්‍ය ජාලයේ යන්නේ නැහැ. නමුත් අසාධාරණය බලාගෙන නිහඬව කොන්දක් නැති කෙනෙක් ලෙස ලැබෙන පබ්ලිසිටි වැඩසටහන් මට එපා. මම කියන්න තියෙන දේ කියනවා. අද සිට මට ඒ ජාලය මෙහෙයවන අයගෙන් මඩ පිට මඩ එයි. නමුත් මම දන්නවා ජනතාව ඉන්නේ මාත් එක්ක කියල, ඒ නිසා ඒ ගැන මට බයවෙන්ඩ දෙයක් නැහැ. මම කාටවත් වරදක් කරලා නැති නිසා. 

මම ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමගෙනුයි අගමැතිතුමගෙනුයි ලංකා ඊ නිව්ස් සිද්ධියට මැදිහත් වෙන්න කියලා. ඔවුන් ගැන චෝදනා තියෙනව නම් නිසි ක්‍රමවේදයකට ඒවා විමර්ශනය කරන්න. එහෙම නැතුව මේ වගේ විනිසුරු ඇමති ඩීල් වලට ඉඩ දෙන්න එපා. අපහාසයක් වෙලා තියෙනව නම් අපහාස නඩු දාන්න කියන්න. එහෙම නැතුව ලෝකයා ඉදිරියේ අපේ අධිකරණ පද්ධතියම ලජ්ජා වෙන විදිහේ වැඩ කරන්න ඉඩ දෙන්න එපා කියලත් මම අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලනවා.“

රන්ජන් රාමනායක මහතාගේ කතාවේ වීඩියෝව පහතින් 

---------------------------
by     (2016-11-28 12:11:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Ranjan oba wagey manthriwaru thamai apata oney. jVP eka lajja wenna oney karana double geyma gena. JVP kathawa dolawen, gamana paiyin!!!!!!
-- by suri on 2016-11-28

තුට්ටු දෙකේ නළුවෙක්කො උනත් කොන්ද ඇතුව කතා කරපු රන්ජන්ට මගේ හද පිරි ගෞරවය.ඒ නිවුස් ඇතැම් විට UNP එකට කඩේ යනව වැඩියි . නමුත් මේ වෙලාවේ මගේ පූර්ණ සහයෝගය සත්‍ය වෙනුවෙන් ඔබට සඳරුවන් මහත්තයෝ. ඔබලාගේ ගවේශනාත්මක ලිපි Shear කිරීමේ පහසුකම හදන්නකෝ. මම copy and past කරලා අමාරුවෙන් තමයි මේ ලිපි facebook හා සමාජ ජාලා වලට යවන්නේ.ඔබට ශක්තිය.
-- by Sumedha on 2016-11-29

Anna veradi, JVP eke kathavt dolaven gamanth dolaven !.
-- by thilak on 2016-11-29

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links