(ලංකා ඊ නිව්ස් -2016.දෙසැ.08, ප.ව.1.00) වරාය ඇමැති අර්ජුන රණතුංග ආණ්ඩුවට එරෙහිව වරාය සේවකයන් වර්ජන කිරීමට පොළඹවන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
අර්ජුන සහ ආණ්ඩුව අතර සංහිඳියාව බිඳ වැටී ඇති අතර අර්ජුනගේ ගිනස් ගහ අතර මග නතර කිරීමට බලපා ඇත්තේද එයම බව දැන ගන්නට තිබේ.
වර්තා වන අන්දමට සුල මුල මෙසේය.
පාඩු ලබන හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමෙහිලා ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව වරාය චීන සමාගමකට දීමටත් ඒ හා බැඳුනු සංවර්ධන වැඩ සටහන අනුව හම්බන්තොට ප්‍රදේශයෙන් අක්කර 15000 ක් නිදහස් වෙළඳ කලාපයක් ලෙස වෙන් කිරීමටත් සැලසුම් කර තිබේ. මෙම කටයුතු සිදු කිරීමට රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව කටයුතු කරන අතර එය පාරදෘශ්‍යව සිදු කෙරේ. කිසිවෙකුට අත යට කුට්ටියක් ගසා කෑමට ඒ නිසාම නොහැකි වී තිබේ. මේ කටයුත්තේදී වරාය භාර ඇමැතිවරයා ලෙස අර්ජුන රණතුංගට හෝ සභාපති ලෙස ධම්මික රණතුංගට කිසිදු කුට්ටියක් ගසා කෑමට නොහැකි වී ඇති බැවින් අර්ජුන මෙම වැඩ පිළිවෙල කඩා කප්පල් කිරීමට කටයුතු කරයි. මෙම වැඩ පිලිවෙල පිළිබඳ චීනය සමග කරන ලද සාකච්ඡාවන්හිදී අගමැතිවරයා අර්ජුන රණතුංගව චීනයට රැගෙන නොයෑම ගැනද අර්ජුන රණතුංග කෝප වී සිටී. සෑම කාරියකින්ම හොරකම් කිරීමට පුරුදු වී ඇති රණතුංග චෞර පවුලට මේ සිද්ධියේදී සත පහක් හෝ හොරා කෑමට නොහැකි වීම නිසා මොවුන් හම්බන්තොට වරාය පෞද්ගලික කිරීමට එරෙහිව යැයි කියා එහි සේවකයන් වර්ජන සඳහා පොළඹවා ඇත.
මෙහි කොන්ත්‍රාත්තුව බාර ගෙන ඇත්තේ වරායේ වෘත්තීය සමිති එකමුතුව බිඳ දැමූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ ය. ඔහු සමිති එකමුතුවේ සමගිය බිඳ දැම්මේද අර්ජුන සමග ඩීල් එකක් ගසමිනි. දැන් අර්ජුන ඔහු ලවා තම ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව වර්ජන මෙහෙයවයි.
අර්ජුනගේ කුපාඩි ක්‍රියාව දැන ගත් ආණ්ඩුවේ ප්‍රධානීන් අර්ජුනට දැනවීමේ අදහසින් ඔහුගේ ගිනස් ගහ අතර මගින් නතර කරවා ඇත. කාදිනල් තුමන් ගේ ප්‍රකාශය ආණ්ඩු ප්‍රධානියෙකුගේ ඉල්ලීමක් අනුව සිදුකරන ලද්දකැයි දැන ගන්නට තිබේ.
කෙසේ වෙතත් ගිනස් ගහ අතර මගින් නතර කිරීමට සිදුවීමෙන් පසුව අර්ජුන දැන් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට එරෙහිව වර්ජන සඳහා වෘත්තීය සමිති නායකයන් පොළඹවීමට කටයුතු කරමින් සිටී. පසුගිය කාලයේ තමන්ට එරෙහි වීම නිසා විවිධ බොරු චෝදනා එල්ල කරමින් නඩු වලට පැටලැවූ වෘත්තීය සමිති නායකයන්ට අර්ජුන දැන් පිං සෙන්ඩු වෙමින් සිටින බව දැන ගන්නට ඇත.
---------------------------
by (2016-12-08 07:35:52)
Leave a Reply
මම නම් කියන්නනේ වියාග්ර වන්සයගේ පරණ ධබේ මූට ගෙනත් දෙන්ඩ තියෙන්නේ හම එඇද එඇද ඉන්ඩ
-- by Sunil on 2016-12-08
hora, mera, dooshana, wanchaa, thakkadi, paathaala, weda karamin janathawage chandayen balayata with janathaawagema mudalin kaakaa bibee a madiwaata horakameda yedemin sitinaa kumana desapalluwaa uwada, a kaata HENA 7 ma gahapang... HENA 7 ma gahapang.. wena me rate unta danduwam kirime kramawedayak nam aththema netha.
-- by Heneyaa on 2016-12-08
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි