~

එකම නිර්භීත නායකයා ප්‍රභාකරන්..! රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් කියයි

(ලංකා ඊ නිව්ස් -2016.දෙසැ.28, ප.ව.11.00) යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් අද (28 දා) සවස කිළිනොච්චියේදී පවසා තිබේ.

අමාත්‍යවරිය මේ බව පවසා ඇත්තේ කිළිනොච්චියේ උත්සවයකට සහභාගිවීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය පවසා ඇත්තේ වල්මත් වූ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවලටත් ඡන්දය ලබාදෙන නමුත් එම ක්‍රියාදාමය තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් නොවිසඳෙන බවයි.

දෙමළ ජනතාවගේ සැබෑ නායකයෙකු වූ ප්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාව අසරණ වී ඇති බව ප්‍රකාශ කරණ ඇමතිවරිය ප්‍රභාකරන්ට එම ඉරණම උදාකිරීමට දායක වූයේද දෙමළ ජනතාවගෙන්ම කොටසක් බවද  පවසා සිටියි.

විවිධ වරප්‍රසාද හා තාන්නමාන්න වලට කෑදරකමින් දෙමළ ජනතාවගෙන් කොටසක් ප්‍රභාකරන් මෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්ද පාවාදී ඇතැයි ඇය වැඩිදුරටත් කියා සිටියි.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2016-12-28 19:13:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links