~

සුදනන් ලෙස සුදු පිරුවට හැඳ සිටින දේසපාලුවන්ගේ කෙරුවාව හෙළිකරන සෙල්ල කතරගම ඇල්බට්ගේ අවනඩුව..!

(ලංකා ඊ නිව්ස් -20­­­­17.ජන.04, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.0.25) තම සුළු පියා සහ ඔහුගේ මල්ලීගේ තිරශ්චීන ඝාතන ගැනත්, සුළු පියා විසින් 1965 සිට වගා කරගෙන ආ ඉඩම අසාධාරණ ලෙස මංකොල්ලා කෑම ගැනත් සුළු පියාගේ සහ මල්ලීගේ සොහොන් කොත් දෙකයි තම නිවසයි විනාශ කිරීම ගැනත්, සෙල්ල කතරගම කේ. ඒ. ඇල්බට් සතරසිංහ නමැති පීඩිතයාගේ අවනඩුව සම්බන්ධ වාර්තාවක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. 

මෙකී පීඩිතයාගේ අවනඩුව මගින් මේ වන විට සුදනන් සේ කටයුතු කරන දේශපාලන ධාරාවන් කිහිපයකගේ සැබෑ කෙරුවාව ගැන මෙන්ම රටේ ආණ්ඩු රටවැසි දුබලයා ගැන සලකන ආකාරයත් ගැන සැබෑ හෙලිදරව්වක් සිදුකෙරෙන බැවින් ඇල්බට් සතරසිංහ විසින් නාගරික සංවර්ධන අධිකාරියට තම අවනඩුව පවසා යවන ලද ලිපිය සම්පූර්ණයෙන් පහත පළ කරමු. (මොහුගේ ලිපියේ සඳහන් කාලයේදී නාගරික සංවර්ධන අධිකාරිය තිබුනේ ගෝඨාභය රාජපක්ෂ යටතේය) මේ සම්බන්ධයෙන් වත්මන් බලධාරීන් ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද යන්න ගැනද අවධානයෙන් සිටිමු.

නාගරික සංවර්ධන අධිකාරිය වෙත

මහත්මයාණෙනි,

සෙල්ලකතරගම, අක්කර 20, වැව අයිනේ ජීවත්වීම සඳහා, වගා කටයුතු කිරීමට අක්කර 1/2 ඉඩම ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

දැනට 53 වන වියෙහි පසුවන , සිව් දරු පියෙක් වන මා, මෙම ඉඩම් කොටස ඉල්ලා සිටින්නේ, පහත සඳහන් හේතු මතය.

01. සෙල්ල කතරගම, අක්කර 20 වැව අයිනේ පිහිටි, අක්කර 2 රූඩ් 2 ප‍්‍රමාණයේ රජයේ ඉඩම, 1965 සිට, මාගේ සුළු පියා වූ ජී.ඩී.ඩබ්. සිරිපාල විසින් වගා කරගෙන ජීවත් විය.

02. ජී.ඩී.ඩබ්. සිරිපාල, මාගේ පියාගේ මරණයෙන් පසුව, මාගේ මව විවාහ කරගත් අයයි. එවිට මාගේ වයස අවුරුදු 9ක් පමණ විය. එතැන් පටන් මාද, අනෙකුත් සියලූ දෙනාද ඔහු සමග, ඉහත ඉඩමේ ජීවත් විය.

03. 1989 අගෝස්තු 03 වන දින, රාත‍්‍රියේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායමක් පැමිණ, ගෙදර සිටි සුළු පියාව එළියට රැගෙන ගොස්, වෙඩි තබා මරා දමන ලදි.

04. මාගේ සුළු පියාගේ මෘත දේහය භූමදාන කළේ - අප ජීවත් වූ ඉඩමේදී ය. (මරණ ලියාපදිංචි කිරීමේ ලේඛණයේ ඡායා පිටපත අමුණා ඇත)

05. මාගේ සුළු පියා ගේ මරණයෙන් පසුව, එම මරණය සිදුකළ පිරිසට එරෙහිව කතා කිරීම නිසා, එම වසරේම, 1989 දෙසැම්බර් 07 දින, සුළු පියාගේ මල්ලී වූ ජී.ඩබ්.වික‍්‍රමගේව ද, ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙඩි තබා, පිහියෙන් ඇන මරා දමන ලදී. එම මරණයද, භූමදාන කළේ, සුළු පියා භූමදාන කළ ස්ථානයේදී ම ය.

06. සුළු පියාගේ මරණයෙන් පසුව, මාගේ මව හා පවුලේ අය එක්ව, මෙම ඉඩමේ වගා කටයුතු කරමින් ජීවත් වූයෙමු. මා විවාහ වී, දැනට වසර 30 වැඩි අතර, දරුවන් 4 දෙනාම උපත ලැබුවේද මෙම ඉඩමේ පදිංචිව සිටි කාලයේදී ය.

07. පවුලේ අනෙකුත් අය, වෙනත් ස්ථාන වල පදිංචි වූ අතර, මා, මාගේ බිරිඳ ඇතුලු පවුලේ උදවිය, මව හා එක්ව වගා කටයුතු කරමින් ජීවත් වූයෙමු.

08. මෙසේ කිසිදු බාධාවකින් තොරව ගොවිතැන් කටයුතු කරමින්, ජීවිකාව කරගෙන යද්දී, 2010.01.21 දාතමින් හා අංක 25/මො/10/1/70/128 දරන ඔබගේ ලිපිය මගින්, මා අනවසරයෙන් වගා කිරීම කරන බවට චෝදනා කරමින්, මට ඉවත් වන ලෙසට නියම කරන ලදී. (එම ලිපියේ පිටපත අමුණා ඇත) 

09. මේ පිලිබඳව මම, ඔබ කතරගම කාර්යාලයට, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් කරුණු දක්වා සිටියෙමි.

10. නමුත් විසඳුමක් ලබා දුන්නේ නැත.

11. 2012 දී, ගුවන් හමුදාවෙන් භට පිරිසක් පැමිණ, අප පවුල පදිංචි ඉඩම, තමන් සතු බව පවසා ඉවත් වන ලෙසට නියම කරන ලදී.

12. අක්කර 02 රූඩ් 02 විශාල ඉඩමෙන් අක්කර 1/2 ඉතුරු කර, මට එහි ගෙයක් හදාගන්න යයි කියා, මට රු: 50,000/= මුදලක් ඔබ අධිකාරියෙන් ලබා දෙන ලදී.

13. ගුවන් හමුදාව විසින් අප පදිංචි නිවස පමණක් නොව, මාගේ සුළු පියාගේ හා ඔහුගේ මල්ලීගේ සොහොන් දෙකද කඩා විනාශ කර දමන ලදී. දැනට මෙම ඉඩමේ ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් සඳහා හෝටලයක් සාදා ඇත.

14. එ් සමගම, අසලින් මා හට පර්චස් 20 ක් ද ලබා දෙන ලදී. ඉතිරි අක්කර 1/2 මා වගා කටයුතු කරගෙන පදිංචි වීමට සූදානම් වූයෙමි.

15. එ් අවස්ථාවේ ඔබ අධීකාරිය වසින්, තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයේ මට විරුද්ධව නඩු පවරන ලදී. නඩු අංකය බී.ආර්.33753/15 වේ.

නමුත් මෙම නඩුව, ඉදිරියට පවත්වාගෙන නොයන බවට, ඔබ අධිකාරිය ප‍්‍රකාශ කිරීම නිසා, නඩුව අවසන් විය.

මා ඉල්ලා සිටින්නේ,

මාගේ සුළු පියා විසින් 1965 පමණ කාලයේ සිට භුක්ති විඳින ලද මෙම ඉඩමේ මාගේ පදිංචිය අවුරුදු 35 කට වැඩිය.

පසු කාලයක ඔබ අධිකාරියට පවරා ගන්නා ලද අක්කර 2 රූඩ් 02 විශාල ඉඩමෙන්, ගුවන් හමුදාවට, හෝටලයක් ඉදි කිරීම සඳහා ලබාදුන් කොටසින් ඉතිරිව තිබූ, දැනටත් මා වගා කටයුතු කරගෙන යමින් පදිංචිව සිටින අක්කර 1/2 මා හට පවරා දෙන ලෙසයි.

මෙයට,

කේ. එ්. ඇල්බට් සතරසිංහ.

( මෙය අප වෙත එවූ ජන සංසදය කණ්ඩායමට අපගේ ස්තූතිය )

---------------------------
by     (2017-01-03 18:59:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

bloody fucking political bastards. - I.R.C
-- by acrperera on 2017-01-03

meka harima awanaduwak. meyata sadarana wisandumak Yahapalanaya diya uthuyi.
-- by suri on 2017-01-03

ගොබ්බ දේශපාලන විඥාණයකින් කටයුතු කිරීම නිසා සබුද්ධික දේදුනු ජනතාව විසින් නෙරපා හරිනු ලැබූ පැවති යමපාලන රජයේ හිටපු අඳගොළුබිහිරි යමපාලන ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අමනෝක්ඥ සොහොයුරා ගෝඨාබය බලය යනු තමාගේ බලය යැයි සිතා එම බලය තමන් වෙත අාරෝපනය කරගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට ගෝස් තම සෙහොයුරාගේ දේශපාලන දිවියම අරාජික කල අමනෝක්ඥ ගෝඨාබයලාගේ බැසිල්ලාගේ සහ මර්වින්ලාගේ සහ කටු ලෙවකෑ අනිකුත් පසුපෙල පිසාචයින්ගේ මෙවන් අත්තනෝමතික ක්රියා බෙහෙවින් පැවති රජයේ විනාශයට බලපාන්නට හේතුපාදක විනි. කෙසේ වෙතත් මෙම දුක් ගැනවිල්ලේ සඳහන් පරිදි ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් සඳහා හෝටලයක් ඉදිකිරීම වෙනුවෙන් හෝ වෙනත් අත්යාවශ්යයතාවයක් වෙනුවෙන් හෝ නිසි ක්රමවේදයකින් සහ සාධාරනයකින් තොරව ගෝඨා,බැසිල්,මර්වින් තියරි භාවිතයෙන් ක්රියා කිරීම රජයකට තරම් නොවනු අැත. ඒ නිසාම අරක්කු බාේතලයටයි,බත්ගොට්ටයි,මොනරකොලයටයි රැවටී වහල් වී රට විනාශයට ගෙන යන තක්කඩියන් හට බලය ලබා දෙන නූගත් අවස්ථාවාදී ගාෙබ්බ ජනතාව පරයා සියල්ල දකිමින්ද.. සියල්ල විඳවා ගනිමින්ද.. මුත් රට වෙනුවෙන්ද... තම මතු පරපුර වෙනුවෙන්ද... තම පරමාදිපත්යය බලය පාවිච්චි කිරීමේ තීරනාත්මක මොහොත උදාවන තුරු නිහඬව කල්මැරූ සබුද්ධික දේදුනු ප්රජාව කිසිදා පැරදවිය නොහැකි යැයි ඉතාමත් අධි තක්සේරුවක සිටි යමපාලකයින් සියල්ලෝම කසල ගොඩට අැද දමමින් මින් මතු මෙරටේ බිහිවනා සියළු රජයන්ටත් යස පූර්වාදර්ශයක් දමා දෙන්නට යෙදුනි. එනිසා පවතිනා සම්මුතිවාදී යහපාලන රජයට යෝජනා කරන්නට යෙදෙනුයේ පසුගිය කුරිරු සමයේ සිදුව අැති මෙවන් වූ අත්තනෝමතික ක්රියා සියල්ලක්ම විමසා බලා (මාධ්යය ඔස්සේ හෝ ප්රචාරනයක් ලබා දී මෙවන් අකටයුතු කම්වලට භාජනය වූවන් හට) සාධාරනයක් ඉටු කර දෙන ලෙසටය. සෝභිතාවතාර 2017/01/04 ===================================== විශේෂයෙන් සැලකිය යුතුයි ================== මෙවන් අවස්ථාවකදී හෝ එකී විප්ලවය වෙනුවෙන් සබුද්ධික ජනතාව නිරවධ්යය කඳවුර කරා ගාල් කරලීමට තම ජීවිත පරදුවට තබා කටයුතු කල ඊනිව්ස් සමස්තයම සිහිපත් කරලීමටද අමතක නාෙකල යුතුව අැත. දේදුනු විප්ලවයේ 2020 මීලඟ දිගුව වෙනුවෙන් අප සැමට ඊනිව්ස් හා එකතුව සිදුකිරීමට තවත් කාර්යය භාරයක් ඉතිරිව අැත. ඉන් පසුව ඔවුන්ගේ මානව හිමිකම් යාවත්කාලීන කරලීමකට ලක්කොට අනිකුත් සාමාන්යය ජනතාව සේ ජීවිත අවධානමකින් තොරව සැපෙන් සතුටින් වාසය කරලීමේ සැනසිල්ල උදා කර දිය යුතුය.
-- by Sathpurasiya on 2017-01-04

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links