~

ශිෂ්ඨාචාර රටවැසියා අමන්දානන්දයට පත් කරමින් වනචාරී වීරවංශ රිමාන්ඩ්..! නෑදෑයින්ට හෙංචයියන්ට රජයේ වාහන 37 ක් බෙදා රු. 9 කෝටි 16 ලක්ෂයක් පාඩු කරලා

අක්කගේ ලමයින්ට, මස්සිනාලට, ගෙදර බත් තැම්බූ බාල නංගිටත් වාහන බෙදලා (සම්පූර්ණ වාර්තාව)

(ලංකා ඊ නිව්ස් - 2017.ජන.10, ප.ව.5.00) 9 වන ශ්‍රේණිය පමණක් සමත්ව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුව ඉන් ඉවත් වෙද්දී ෆුට්සයිකලයක් හෝ නොතිබුණු නමුත් මහින්ද රාජපක්ෂගේ වනචර දශකයේ ඇමැතිවරයෙක් වී මහජන මුදල් හොරා කෑමෙන් කෝටිපතියෙක් බවට පත් විමල් වීරවංශ නමැති හොර තක්කඩි අන්ත ජාතිවාදී  දේශපාලුවා අද දහවල් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව ඇසීමෙන් ශ්‍රී ලංකාවේ ශිෂ්ඨාචාර ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ඔහුව අද රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ හොර උප්පැන්න හදා හොර පාස්පෝට් භාවිතා කිරීමේ වරදට නොවේ. නිවාස ඇමැතිව හිඳිමින් රජයේ මුදලින් තැනූ නිවාස 6 ක් අඩු මුදලට තම ඥාතීන්ට ලබා දීමේ වරදටද නොවේ. නිශ්චිත ආදායමක් නොමැතිව කෝටි ගණනක් වටිනා මාලිගාවක හිමිකරුවෙක් වීමේ කළු සල්ලි වරදකටද නොවේ. රාත්‍රී කාලයේ තම නිවසේ දී ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවක් ශරීර ගතව තරුණයෙකු අභිරහස් ලෙස ඝාතනය කිරීමේ වරදට ද නොවේ. අන්ත ජාතිවාදී අසත්‍ය ප්‍රකාශ කරමින් ජාතීන් අතර අසමගිය සහ වෛරය වැපිරීමේ වරදට ද නොවේ. ඔහුව අද රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ ඔහු විසින් ඇමැති ධූරය දරද්දී අමාත්‍යාංශයේ රජයේ වාහන තම ඥාතීන්ට සහ හෙංචයියන්ට ලබා දී මහජන දේපොල අවභාවිතා කරමින් රුපියල් 9 කෝටි 16 ලක්ෂ 35,591 ක මුදලක් රජයට පාඩු කිරීමේ වරදට ය.  

වීරවංශගේ අපරාධය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කර තිබුනේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති මයිකල් එමිල් ජොයකිම් මහතා ය. 

රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම ආදී චෝදනා සහ ඊට අනුබලය දීමේ චෝදනා යටතේ  දණ්ඩ නීති සංග්‍රහයේ අංක 100, 102, 113, 388, 389, 400 යටතේ සහ මුදල් විශුද්ධි කරන පණත යටතේ වැරදි සිදුකර ඇතැයි අංක බී/3088/2016 දරණ බී වාර්තාව මගින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විමල් වීරවංශ සමග ඉංජිනේරු සංස්ථාවේ හිටපු මානව සම්පත් කළමනාකරු වූ තංගල්ලේ පදිංචි සමන්ත ප්‍රියනාත් ලොකුහැන්නැදිගේ නමැත්තාද ලබන 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළාය. 

විමල් වීරවංශ ජඩමාධ්‍ය කැමරා ඉදිරියේ තමන් සුදනා සේ කයිවාරු කෙළින නමුත් ඔහු විසින් තම ඥාතීන්ට සහ හෙංචයියන්ට අම්මාගේ අප්පාගේ බූදලය සේ භුක්ති විඳීමට ලබා දී තිබූ රජයේ වාහන ගණන එකක් දෙකක් නොව 37 කි.

ඒ ඥාතීන්ට වාහන 05 ක්ද, ජනිපෙ හෙංචයියන්ට වාහන 10 ක්ද, තම කාර්ය මණ්ඩලයට කියා පිටතින් බඳවා ගත් නමුත් ඔවුන්ගේ තනතුරු අනුව වාහනයක් පාවිච්චි කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නැති නිලධාරීන් 22 ක්ද ලෙසය.

වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය.

1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය
2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන
3. විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන
4. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ වාහනය
5. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ වාහනය

මෙලෙස වාහන පාවිච්චි කර ඇති රිද්ම විමුක්ති වීරවංශ ඕෂන් වීව් ආයතනයේ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙසද, ලලිත් පුෂ්ප කුමාර විමල්ගේ අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර වරයෙකු ලෙසද, වී.ඩබ්. ආනන්ද අශෝක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ආරක්ෂක ලෙසද, පී.පී. ආනන්ද ප්‍රියදර්ශන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කළමණාකාර සහකාරවරයෙකු ලෙසද ගබඩා පාලක වරයෙකු ලෙසද කටයුතු කර තිබේ. ඉහත 4 දෙනා වාහන පාවිච්චි කර ඇත්තේ එම නිලයන්ට වාහන පාවිච්චි කිරීමට නීත්‍යාණුකූල අයිතියක් නොමැතිව තිබියදීය. මෙහි ඇති අපූරු සිද්ධිය නම් මෙහි සඳහන් විමල් ගේ බාල සොයුරිය වූ නිලානි වීරවංශ කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු තනතුරක් දරා නොමැති අතර ඇය නිවසේ බත් තම්බමින් සිටි කාන්තාවක් වුවද ඇයටත් රජයේ වාහනයක් ලබා දී තිබීමය. 

වීරවංශ තම පක්ෂයේ හෙංචයියන්ට ලබා දී තිබූ වාහන මෙසේය.

1. ලාල් කුලරත්නට - HK-8877, KT-2884
2. පියසිරි විජේනායකට - JN-5767, KK-3081, 64-3225, HA-2189, KA-4685, 
3. කේ.ඩී.යූ ජයසේනට - KO-5871
4. ඩී.වී.ඒ. ජයවර්ධනට - KM-0882
5. එල්.සී කුමාරට - 54-5678
6. විරාජ් සංජීවට - KT-6089
7. නුවන් ඉන්දික -  KA-8125, 32-9390
8. පී.එස්.විජේසිරි හෙවත් දම්පාල - HR-7619, HN-4098
9. චානක ට - GI-0001
10. නිශ්ශංක ට - GF-0887

වීරවංශගේ කාර්ය මණ්ඩලයට කියා පිටතින් බඳවා ගත් නමුත් ඔවුන්ගේ තනතුරු අනුව වාහනයක් පාවිච්චි කිරීමට අයිතියක් නැතිවද ලබා දී තිබූ අය සහ වාහන මෙසේය. ඒ අය අතර සිංහල රාවයේ නායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නමැති චීවරධාරියාද, ලංකාදීප පුවත්පතේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් නමැති ලියන්නාද වෙති. 

1. ඒ.එන්.එස්. මෙන්ඩිස් - මහජන සම්බන්ධතා සහ වෘත්තීය සමිති ලේකම් - KQ-0976, KA-9447, KP-3768, KD-0158, KQ-9762
2. යූ.ඩී.සංජීව පෙරේරා -මාධ්‍ය ලේකම්/උපදේශක - JO-5953, JE-6557, 
3. සිසිර හේරත් - ප්‍රධාන ආරක්ෂකයා (අයිපී) - PC-6171, 252-4908, PC-8430, PF-1277, EA-0260, PE-3626, KD-1494, EA-0004, PF-3770
4. බී.එම්.ජේ.ටී. මෙන්ඩිස් - කළමණාකාර සහකාර - 65-5231, KI-3053, HR-0800, KG-2376
5. ජේ.එච්.ආර්.නයනානන්ද - සම්බන්ධීකරණ ලේකම් - KB-4427, JC-2440, KB-8657, JO-5953, CAB-9727
6. අලගිය හේවගේ සුරේෂ් ඉන්දික - සංවර්ධන සහකාර - 301-2751, HC-2349, JW-3549, KU-9867, 300-2590
7. බී.ජී.ඉන්දික ප්‍රසාද් - ගිණුම් සහකාර - PC-2896, PC-9097
8. ඉෂිකා නදී පෙරේරා - කාර්යාල නිලධාරිනී -JR-5354, 300-5690
9. වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක - උපදේශක -HC-2048, HI-2658
10. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි (රාවණා බලය) - අධීක්ෂණ මණ්ඩල සාමාජික - GJ-7117, KO-6514, JS-9725, HN-2194, PD-2563, CAC-3327
11. ප්‍රසන්න සංජිව තෙන්නකෝන් (ලංකාදීප මාධ්‍යකරුවා) - අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක - KK-8941
12. දුෂ්මන්ත අබේසිංහ - පාර්ලිමේන්තු ලේකම් - KE-0231, KR-7730, KA-8125, KS-7735
13. සම්පත් තිලකරත්න - ලිපිකරු/වැඩබිම් සම්බන්ධීකරණ ලේකම් - JR-5774, KT-9085, KI-1610, KS-0097, KQ-7961
14. ප්‍රසාද් මංජු - අමාත්‍ය මාධ්‍ය ලේකම් - 250-4713, JY-0359
15. රංජිත් එදිරිසිංහ - කළමණාකාර පුහුණු/සම්බන්ධීකරණ ලේකම් - JZ-2669
16. කේ.එල්.එම්. සමරතුංග - පිරිස් කළමණාකරු -HM-6920
17. රංජිත් ගාමිණී වික්‍රමසිංහ - සම්බන්ධීකරණ ලේකම් - KA-6932, GJ-4501, JN-9942

වීරවංශ තම ගැලවිජ්ජාවට කට උත්තර දී ඇත්තේ තමා ලබා දෙන්නේ උපදෙස් පමණක් බැවින් එම උපදෙස් නීතියට අනුකූලව වන ආකාරයට ක්‍රියාවට නැංවීම නිලධාරීන් සතු යුතුකමක් ලෙසයි. තම ඥාතීන්ගෙන් සුමනාවතී අක්කාගේ දරුවන් දෙදෙනා තම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වූ දෙදෙනෙකු යයි වීරවංශ ප්‍රකාශ කර තිබේ. බිරිඳගේ අක්කාගේ මහත්තයා, නංගීගේ මහත්තයා දෙදෙනා අමාත්‍ය මණ්ඩල කාර්ය මණ්ඩලයේ තනතුරු දැරූ නමුත් ඒ අයට වාහන ලබා දුන් බව තමන් දන්නේ නැතැයිද බාල නංගී ද තමාට සහාය වූ නමුත් වාහනයක් ලබා දී තිබූ බව දන්නේ නැතැයිද වීරවංශ පවසා තිබේ.

වීරවංශට එරෙහිව කිහිප අවස්ථාවකදීම අධිකරණයට කරුණු වාර්තා කරන ලද අතර එහි අවසන් සම්පූර්ණ බී වාර්තාව පසුව ඉදිරිපත් කරන්නෙමු.

---------------------------
by     (2017-01-15 10:06:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

The authorities should SERIOUSLY investigate the reasons behind this man and his wife obtaining fraudulent passports. A major reason could be to hide their identities when opening bank accounts in foreign countries for money laundering purposes. One thing is very clear. This man and his close cronies all have been treating the nation as utter fools.
-- by country puthra on 2017-01-10

According to my observation when there were serious problems in the last regime people like him had a seriously negative contribution.
-- by Sriyani Mangalika on 2017-01-10

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links