~

අතුරලියේ රතන ‘ස්වාධීන‘ වීමට පෙර ගෝඨා සමග රහස් සාකච්ඡා කරලා: අශෝක අබේවර්ධනත් හවුල්: රතනගේ බල්ටියේ ඇත්ත කතාව..!

ජාතික ලැයිස්තුවෙන් ආ අය ස්වාධීන වීම නොයුතුයි: කළ යුත්තේ ඉල්ලා අස්වීමයි

(ලංකා ඊ නිව්ස් -2017.ජන.18, පෙ.ව.7.50) මහජන කැමැත්තකින් තොරව පක්ෂ නායකයාගේ කැමැත්ත අනුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද අයෙක් තමා පත් කරන ලද පක්ෂයේ මතයට එකඟ නොවන්නේ නම් පාර්ලිමේන්තුව තුල ‘ස්වාධීන වෙනවා‘ කියා දෙයක් නොමැති අතර ජනමතයට හිස නමා කළ යුත්තේ ඉල්ලා අස්වීම වුවද අතුරලියේ රතන හිමි ඊයේ මාධ්‍ය හමුවක් තබමින් තමන් පාර්ලිමේන්තුව තුල ‘ස්වාධීන වෙනවා‘ යයි ප්‍රකාශ කෙළේ මාස කිහිපයක් තිස්සේ ගෝඨාභය රාජපක්ෂ නමැති මිනීමරුවා සමග කරන ලද කුමන්ත්‍රණයකින් පසුව බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

රතන හිමි සහ ගෝඨාභය අතර පැවැති රහස් සාකච්ඡා ගැන මීට පෙර ලංකා ඊ නිව්ස්ද ඇතුළු විකල්ප මාධ්‍ය විසින් හෙලිකරන ලද අතර තීරණාත්මක රහස් සාකච්ඡාව සඳහා රතන හිමි සමග අශෝක අබේගුණවර්ධන නමැත්තාද සහභාගී වී තිබේ.

මේ වන විට අතුරලියේ රතන හිමි ඔහු කලක් තිස්සේ නියෝජනය කළ ජාතික හෙළ උරුමයෙන්ද ඉවත් කර හෝ ඉවත් වී හෝ තිබේ. 

තිරය පිටුපස සිට ජනාධිපති හැසිරවීමට ගොස් අනාගත් රතන

අතුරලියේ රතන හිමි ගෝඨාභය වෙත සමීප වීමට හේතු වී ඇත්තේ ජනාධිපති මෛත්‍රී සමග පැවැති පයුරු පාසානය දෙදරා යෑමයි. ජනාධිපති මෛත්‍රී පත්වූ සැනින් ඔහුගේ සමීපතමයෙකු වීමට උත්සාහ කළ රතන හිමි එය භාවිතා කරමින් රජයේ ආයතන වෙත නුසුදුසු මිනිසුන් රැසක් පත් කරන ලදී. ඊයේ ඉවත් කරන ලද ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්නද එවැන්නෙක් වන අතර කුප්‍රකට පත් කිරීම නම් ජාතික රූපවාහිනියේ සභාපති වරයා ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකව පත් කිරීමයි. පසුව ඔහු ඉල්ලා අස්විය. 

මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප වී ජනාධිපතිවරයා හසුරුවන තිරය පිටුපස හස්තය වීමට උත්සාහ කළ රතන හිමිට එය අසාර්ථක බව දැන ගත්තේ ‘වස විස නැති රටක්‘ ජාතික ව්‍යාපාරයේ නායකත්වයට ජනාධිපතිවරයා විසින් රතන හිමි පත් නොකර ඒ සම්බන්ධ දැනුමැති කෘෂි විශේෂඥයෙකු පත් කිරීමෙන් පසුවය. බොහෝ පත්කිරීම් වලදී ජනාධිපති මෛත්‍රී අසාර්ථක වුවද එකී පත් කිරීමේ දී නම් ඉතාමත් සාර්ථක ය. මන්ද යත් අතුරලියේ රතන හිමි ගේ යෝජනා රටකට ක්‍රියාත්මක කළ නොහැකි මනෝරාජික බහු බූත වීම නිසාය. ඊට හොඳම උදාහරණයක් මෙසේය. ‘වස විස නැති රටක්‘ ව්‍යාපෘතියේදී රතන හිමිගේ යෝජනාවක් වූයේ රටේ භාවිතා වන සියළුම කාබනික පොහොර නතර කර කොම්පෝස්ට් පොහොර භාවිතා කළ යුතු බවයි. එහිදී ජනාධිපතිවරයා පත් කළ කෘෂි විශේෂඥයා පවසා සිටියේ එවැන්නක් කළහොත් වසර 5 ක් යද්දී රටේ කෘෂි ඵලදාව සියයට  75 කින් අඩුවනු ඇති බවයි. එවැන්නක වගකීම රතන හිමියන් දරනවාදැයි හේ ප්‍රශ්න කළේය. ඔහු කියා සිටියේ ප්‍රමිතියෙන් ඉහල කාබනික පොහොර භාවිතා කරමින් කොම්පෝස්ට් පොහොරද මිශ්‍රව භාවිතා කරන ක්‍රමවේදයක් මිස රතන හිමි කියනා සේ අන්තවාදී ක්‍රමයකින් රටේ කෘෂිකර්මාන්තය විනාශ වන බවයි. 

වස විස නැති රටක් ව්‍යාපෘතිය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රතන හිමියන්ට ලැබුනේ කුඩා කාමරයක් වන අතර එයද ඔහුගේ අසන්තෝෂයට කාරණාවක් විය. දින කිහිපයක් පමණක් එකී කාර්යාලයට පැමිණි රතන වාෂ්ප වී ගියේය.

මෛත්‍රී ජනාධිපතිවරයා සමග සිටි ටික කාලයේදීද ඔහු කෙළේ ජනාධිපතිවරයා බාල්දු කිරීමය. මොන්ටිසෝරියක තෑගි බෙදා දීමකට රටක ජනාධිපතිවරයෙක් රැගෙන ගියා නම් ඒ අනෙකෙකු නොව අතුරලියේ රතන ය. තම ප්‍රියම්භිකාවක් වන ගායිකාවකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මොන්ටිසෝරියක තෑගි බෙදා දීමේ උත්සවයකට ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැගෙන ගිය අතර එය බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය.

චීවරයක් දරමින් ව්‍යවස්ථාව ගැන පට්ට පල් බොරු කී රතන

අතුරලියේ රතන වනාහී ‘වනචර දශකය‘ පුරාම රාජපක්ෂ රෙජීමය සමග ලගිමින් ඉන් ඵල ප්‍රයෝජන ගත් අයෙකි. ඔහු කෝටි ගණනක වියදමින් තම පන්සල විජාබහුවක් ලෙස හදා ගත්තේ රාජපක්ෂලාගේ පිහිටෙනි. කෝටි ගණන් වටිනා ඉඩම් නොමිලේම ලබා ගත්තේ රාජපක්ෂලාගේ පිහිටෙනි. ඌව පළාත් සභා ඡන්දයෙන් විපක්ෂයට ජය ගත හැකි බව හරීන් ප්‍රනාන්දු ප්‍රමුඛ පිරිස දිවි පරදුවට තබා පෙන්වා දීමෙන් පසු අවසාන මොහොතේදී අතුරලියේ රතනලා විපක්ෂයට බල්ටිය ගැසුවා මිස යහපාලනය ගැන අවංක චේතනාවකින් මොවුන් විපක්ෂ ව්‍යාපාරය සමග එක්වූවා නොවේ. 

ඒ බව ඉතා හොඳින් තහවුරු වන්නේ සහ ඔහු ගෝඨාභයගේ ඉත්තෙකු ලෙස කටයුතු කිරීමට දත මදින බව තේරුම් යන්නේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කී ප්‍රකාශ අනුව ය.

“රටේ ඒකීයභාවයට හානි පමුණුවන ව්‍යවස්ථා කෙටුම්පතක් මේ වන විට සකස්කර ඇති බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලට එය පටහැණි බවත්, මෙම ව්‍යවස්ථාවට කිසිසේත්ම එකඟවිය නොහැකි බවත්, ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර ඇත්තේ බෙදුම්වාදයට රුකුල්දෙන පිරිසක් විසින් බවත්“ රතන හිමියන් එහිදී පට්ට පල් බේගලයක් දෙසා බෑවේය. 

මෙය සම්පූර්ණයෙන්ම සත්‍ය තත්ත්වය විකෘති කර කියා පෑමක් වන අතර තමන් හැඳ සිටින චීවරයටද නිගා දෙන්නකි. යලිත් වාර්ගික යුද්ධයක් ඇති නොවීමට දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලැබෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් ජයග්‍රාහී ජනමතයක් ලැබිණ. ඒ අනුව මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් සේ රැස්වී යෝජනා ගෙන එමින් දැන් එය කෙටුම්පත් කර ගෙන යයි. යෝජනා ගෙන එන ප්‍රධාන අනු කමිටු වල සභාපතිවරුන් ලෙස විපක්ෂයේ අය විශාල ප්‍රමාණයක් සිටිති. දැනට ගෙනැවිත් තිබෙන යෝජනා අනුකමිටු විසින් ඒකච්ඡන්දයෙන් සම්මත කර ගත් ඒවාය. යෝජිත නව ව්‍යවස්ථාව මගින් ඒකීය රාජ්‍යය සහතික කෙරෙන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එපමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහත‍ා නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මූලික තැන දීමට තමන් විරුද්ධ නොවන බවද පවසා තිබේ. එසේ තිබියදී අතුරලියේ රතන චීවරයකුත් දරාගෙන ඉහත ප්‍රකාශය කෙළේ කා පිනවීම සඳහා ද? 

ව්‍යවස්ථා කෙටුම්පතක් මේ වන විට සකස් කර ඇතැයි යන්නම බොරුවකි. ජනාධිපතිගේ ප්‍රතිපත්ති වලට පටහැනි යයි කීමද බොරුවකි. ජනාධිපතිගේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නට රතන කව්ද? රතන ජනාධිපතිගේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ ජනාධිපති දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අවභාවිතා කර, ජනාධිපතිවරයාට පිටුපා ස්වාධීන වෙනවා යයි කියමින් වීමම මෙහි ඇති විහිළුවයි. ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරන්නේ බෙදුම්වාදයට රුකුල් දෙන පිරිසකැයි ඔහු තවත් බේගලයක් කියයි. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් සේ එක් වී සකසන ව්‍යවස්ථාවක දී එය කරන්නේ බෙදුම්වාදීන් නම් අද තිබෙන මුළු පාර්ලිමේන්තුවම බෙදුම්වාදයට රුකුල් දෙන අය සිටින පාර්ලිමේන්තුවක් විය යුතුය. 

අතුරලියේ රතන හිමියන්ට රක්තවාතය ඉහට ගසා තිබෙන බව මෙයින් පැහැදිලිය. මොහු මේ ප්‍රකාශ කරන්නේ අන් කිසිවකට නොව තමන් රහසිගතව සාකච්ඡා කර එකඟ වී සිටින මිනීමරු ගෝඨාභයගේ වැඩ පිළිවෙල සාර්ථක කර දීමට ය.

අඳනකඩය කඩාගෙන ගෝඨාට කඩේ යෑම 

නෛසර්ගික ජාතිවාදියෙකු වූ අතුරලියේ රතන ජනතා විමුක්ති පෙරමුණෙන් බල්ටි ගසා ජාතික හෙළ උරුමයට එක්විය. ජාතික හෙළ උරුමයෙන් බල්ටි ගසා  දැන් ස්වාධීන වී ජාතික බලවේගයක් හදනවා යයි කියන්නේ ය. මොන බලවේග හැදුවත් ඔහු ප්‍රථමයෙන් කළ යුත්තේ ජනමතයට හිස නමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමය. 

අවස්ථාවාදී ජාතිවාදී සිවුරුකරුවන්ට ජාතික බලවේග ගොඩ නැගිය නොහැකිය. ඊට හොඳම උදාහරණය ගලගොඩඅත්තේ ඥානසාර ඉදිරිපත් වූ මැතිවරණයේදී ඔහුට ලබා ගත හැකිවූ දහසකටත් අඩු ඡන්ද සංඛ්‍යාවයි. අවස්ථාවාදී ජාතිවාදී සිවුරුකරුවන්ට කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ වැනි මිනීමරුවෙකුට කඩේ යෑම පමණි. නමුත් ඊට පෙර ගෝඨා හිරේ්ට යන එකනම් අපට ඉන්තේරුවෙන්ම කිව හැකිය. අතුරලියේ රතන අද වන වනා දොඩවන කතා එවිට අඳනකඩය කඩාගෙන බෑඟිරි ගසනු නිසැකය. එදින ජනතාවට තවත් ජාතිවාදී අවස්ථාවාදී සිවුරුකරුවෙකුගේ දේශපාලන හෙළුව බලා ගත හැකි වනු ඇත.

---------------------------
by     (2017-01-18 04:10:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Ratane witharak nowei,hamuduruwaru desapalanayata enney thamanta dharmayata anuwa pilipadinna beri nisa.Gihiyan thamai megollannwa andala prayojana ganney.!!!! mey jara kramaya newathwiya yuththey gihiyanmai!!!!!!!!1
-- by suri on 2017-01-18

සංඝයා වරුන් හැසිරිය යුත්තේ සැමටම අනුශාසක වරයෙක් ලෙස විනා දේශපාලකයෙක් ලෙස නොවන බව ශීලාචාර බෞද්ධයන්ගේ පිලිගැනීමයි. රජයේ හෝ වෙනයම්ම තැනක යම්කිසි අකටයුත්තක් හෝ සධාචාර සම්පන්න නොවන දෙයක් වෙන්නේ නම්, සංඝයා වරුන් ධර්මානුකූලව, නීතිගරුකව එයට මැදිහත් වීමත් ශිෂ්ඨ පුරවැසියන්ගේ පිලිගැනීමයි. එමනිසා ශීලාචාර, නීතිගරුක බෞද්ධයන් සංවිධානයවී, වහාම සංඝයා වරුන්ට පාර්ලිමේන්තු දේශපාලනය තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කරනලෙස සියලුම මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිය යුතුයි. එසේ නොවුනහොත් බෞද්ධ සංඝයාවරුන්ගේ පිරිහීම වැඩි ඈතක නොවේ. විශේෂයෙන්ම තවත් අවුරුදු දහයකින් පහලොවකින් එන තරුණ පරම්පරාව සංඝයා යනු තවත් දේශපාලකයින් කොටසකැයි කියා බැහැරකර ධර්ම ශාස්තෘවරයෙක් ලෙස නොපිලිගැනීම නිසැකවම සිදුවනු ඇත. පිරිසිදු සිතින් සිවුපසේ පිහිටා දන නමස්කාරය කිරීමට සංඝරත්ණයේ ගෞරවය ආරක්ශාවීම අත්‍යාවශ්‍ය කාරනයකි. වෙනත් කිසියම්ම ආගමක පූජකවරයෙකුට එම බැතිමතුන් එසේ දන නමස්කාරය නොකරන නිසා ප්‍රශ්නය ඇත්තේ බෞද්ධයන් වන අපට පමනි.
-- by Bathiya on 2017-01-18

This yellow bird was appointed by party He must resign if he does not to remain in the party They have only one party ie their boss's party They are not singing their Lord's Songs
-- by Wije on 2017-01-18

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links