~

යහපාලන සේනාධිනායකයාට අවුරුදු දෙකයි: ඒත් යුධ හමුදාව තුල තවමත් ක්‍රියාත්මක රාජපක්ෂ පාලනයයි: අප පත් කර ගත්තේ රාජපක්ෂ අවතාරයක්දැයි දැන් දැන් සැක සිතෙයි

කලකට පසු සොල්දාදු උන්නැහේගේ හෙළිදරව්වක්..!

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.04, පෙ.ව‍.1.15) 2015 ජනවාරි 08 වෙනි දා යහපාලන ජනාධිපතිවරයෙකු සේනාධිනායකයෙකු  පත් කරගත්තේ රාජපක්‍ෂ පාලනයේ කුරිරු පලිගැනීම්, සට්ටැඹි සංග්‍රහ, ඥාති සංග්‍රහවලින් තොර සාධාරණ යහපාලනයක් බලාපොරොත්තුවෙනි. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති යුධ හමුදාව තුල ඔහුගේ අනුදැනුම යටතේ හෝ අනුදැනුමකින් තොරව හෝ තවමත් රජ කරන්නේ රාජපක්‍ෂ පාලනය යි. ඊට උදාහරණ මෙසේය.

විදේශ පාඨමාලාවලට නිලධාරින් තෝරාගනු ලබන්නේ  යුධ හමුදාපතිවරයාගේ සහ පාඨමාලාවලට තොරාගැනීමේ මණ්ඩලයක් මගිනි. මේ මණ්ඩලයේ සිටින්නේ රාජපක්‍ෂලාට ගැතිකම් කළ විශ්‍රාම යාමට ආසන්න හමුදා නිලධාරීන් බහුතරයකි. ඔව්හු තම හිතවතුන් සහ රාජපක්‍ෂලාට ගැතිකම් කළ තම සට්ටැඹියන්ව පාඨමාලාවලට තෝරාගනු ලබති. ජාතික ආරක්‍ෂක පාඨමාලා (NDC) සඳහා නිලධාරියෙකු සපුරා තිබිය යුතු සුදූසුකම් වනුයේ..,

1. බලසේනාධිපතිවරයෙක් ලෙස වසර දෙකක් අණ දී තිබීම.
2. සේනාධිපති ශක‍්‍යතා මණ්ඩලය ( POTENTIAL G.O.C BOARD) මගින් තෝරාගෙන තිබීම.
3. ක්ෂේත්‍රයේ හෙවත් යුද බිමේදී දැක්වූ දක‍්ෂතා. යනාදිය යි.

 මෙයට අමතරව පාඨමාලාව සඳහා පුරප්පාඩු 4 ක් ලද හොත් ඉන් තුනක් පාබල සහ ආධාරක    රෙජිමේන්තුවලටත් ඵකක් ඉංජිනේරු සහ සංඥා රෙජිමේන්තුවලටත් ලබාදෙනු ලබයි. නමූත් 2015 සහ  2016 වසර සඳහා ජාතික ආරක‍්ෂක පාඨමාලාවට (NDC) නිලධාරීන් තෝරාගෙන ඇත්තේ හමුදාපතිවරයාගේ සහ තෝරාගන්නා මණ්ඩලයේ සට්ටැඹි නිලධාරීන්ගේ හිතුවක්කාරී අභිමතය අනුව මිස සාධාරණ නීත්‍යාණුකූල පිළිවෙතකට නොවේ. 

අවම සුදුසුකම් හෝ  සපුරා නොමැති පහත සඳහන් නිලධාරීන් විදේශ පාඨමාලාවලට තෝරාගෙන ඇත්තේ යහපාලනයට අනුවද රාජපක‍්ෂ පාලනයට අනුවද යන්න සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ යුද හමුදාපතිවරයා යුද හමුදාවට පැහැදිලි කළ යුතුය.  

1. බ්‍රිගේඩියර් ජගත් ගුණවර්ධන (ඉංජිනේරු) 
ඉහත සඳහන් සුදුසුකම් කිසිවක් සපුරා නැත. යුධ සමයේ රාජකාරි කිරීමේ දී අධික පීඩනය දරාගැනීමට නොහැකිව පහත් මානසිකත‍්වයට වැටී සිට තනතුරුවලින් ඉවත්කළ නිලධාරියෙකි. යුධ හමුදාපතිවරයාගේ රෙජිමේන්තුවේ සිටි හෙයින් ඒ හිතවත්කම මත පමණක් පාඨමාලාව සඳහා තෝරාගෙන ඇත.

2. බ්‍රිගේඩියර් නෙවිල් වීරසිංහ (ඉංජිනේරු) 
   ඉහත සඳහන් සුදුසුකම් කිසිවක් සපුරා නැත. යුධ සමයේ කිසිදු අණදෙන තනතුරක් දරා නැති නිලධාරියෙකි.

3. බ්‍රිගේඩියර් පී.කේ.පීරිස් (ඉංජිනේරු) 
   ඉහත සඳහන් සුදුසුකම් කිසිවක් සපුරා නොමැති නිලධාරියෙකි.

4. ජේ. ජේ. නානායක්කාර (ඉංජිනේරු) 
සුදුසුකම් සපූරා ඇති නිලධාරියෙකි. නමුත් ඉංජිනේරු රෙජිමේන්තුවේ හතර දෙනෙකුට ඵකවර අවස්ථාවන් ලබාදිය නොහැක.
 
5. ඒ.ආර්. ධර්මසිරි (සිංහ) 
යුද්දයෙන් පසුව සුදුසුකම් සපුරා ඇති නිලධාරියෙක් නමුත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටියදී මේජර් ජෙනරාල් ලාල් පෙරේරා සමඟ ඵක්ව ඵම ප්‍රදේශයේ සිටි ආරි අක්කා නැමති කාන්තාව සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතාව පරාජය කිරීමට විවෘතවම දේශපාලන කටයුතු කළ රාජපක්ෂ සට්ටැඹියෙකි.

6. එන්. හෙට්ටිආරච්චි (සංඥා)
ඉහත සුදුසුකම් සපුරා නොමැති පාලන රාජකාරි පමණක් කළ නිලධාරියෙකි. හමුදාපතිවරයාගේ හිතවත්කම මත සහ යුද හමුදාපතිගේ විදුහල වූ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වීම මත උසස් ආරක‍්ෂක කළමණාකාර පාඨමාලාවට (HDMC) තෝරා යවා ඇත.

7. බී.ඩී.එන්.දෙමවන්පිටිය (සංඥා) 
යුධ සමයේ සාමකාමී ප්‍රදේශවල මාණ්ඩලික තනතුරු, උපදේශක තනතුරු දරා සිටි අයෙක් පමණක් වන අතර යුද්දයෙන් පසුව සුදුසුකම් සපුරා ඇති නිධාරියෙකි.

8. එච්.පී. සෙනවිරත්න (සංඥා) 
යුධ සමයේ මාණ්ඩලික තනතුරු දරමින් සිටි අයෙකි. යුද්දයෙන් පසුව සුදුසුකම් සපුරා දී ඇති නිලධාරියෙකි.

9. පී.චන‍්ද්‍රසේකර (සංඥා) 
යුධ සමයේ මාණ්ඩලික තනතුරු දරමින් සිටි අයෙකි. යුද්දයෙන් පසුව සුදුසුකම් සපුරා දී ඇති නිලධාරියෙකි.

10. පී.එස්.බන්සජයා (ගැමුණු) 
චීනයේ තානාපති සේවයේ වසර දෙකක් සම්පූර්ණ කිරීමට මාස හයකට පෙර පැමිණි අයෙකි. නැවතත් චීනයේ පාඨමාලාවක් සඳහා යවා ඇත. මොහු ගෝඨාභය රාජපක‍්ෂට ගැතිකම්කළ නිලධාරියෙකි.

11. බ්‍රිගේඩියර් කේ.ජේ.ජයවීර (පාබල) 
හමුදා මාධ්‍යය ප්‍රකාශක ලෙස වැඩකළ නිලධාරියෙකි. හිටපු හමූදාපති දයා රත්නායකගේ සට්ටැඹියෙකි. මොහුට වඩා සුදුසුකම් සපිරූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී ඵංගලන්තයේ RCDS පාඨමාලාවට තෝරා යවා ඇත.

12. බ්‍රිගේඩියර් ඵච්.ආර්. ප්‍රනාන්දු (ගජබා)
යුද්දයෙන් පසුව සුදුසුකම් සපූරා දී ඇති නිලධාරියෙකි.

13. බ්‍රිගේඩියර් මුදලිගේ (පාබල) 
යුද්දයෙන් පසුව සුදුසුකම් සපුරා දී ඇති නිලධාරියෙකි. හයිටි රාජ්‍යයේ සීමාවාසික රාජකාරියේ යෙදී සිටියදී සෙබලුන්ගේ මුදල් එකතුකර මුදල් වංචා කළ නිලධාරියෙකි. හිටපු හමුදාපති දයා රත්නායකට ගැතිකම් කළ නිලධාරියෙකි.

14. බ්‍රිගේඩියර් ජයශාන්ත ගමගේ (ගජබා) 
ගෝඨාභය රාජපක‍්ෂට ගැති කම් කළ නිලධාරියෙකි. පිලිපීනයේ ජාතික ආරක‍්ෂක පාඨමාලාවට (NDL) යවා ඇත.

15. බ්‍රිගේඩියර් කේ.ඵච්.පී. ප්‍රනාන‍්දු (සංඥා) 
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ගැතිකම් කළ නිලධාරියෙකි. ඉන්දුනීසියාවේ ජාතික ආරක්‍ෂක පාඨමාලාවට (NDL) යවා ඇත.

16. බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ (කාලතුවක්කු)
ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී මේජර් ජෙනරාල් සුමිත් බාලසූරියගේ බලපෑම මත ඉන්දියාවේ ජාතික ආරක‍්ෂක පඨමාලාව සඳහා තෝරාගෙන ඇත.

17. බ්‍රිගේඩියර් ජේ.සී.ගමගේ (ඉංජිනේරු)
යුද්දයෙන් පසුව සුදුසුකම් සපුරා දී ඇති නිලධාරියෙකි. එංගලන්තයේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව (NDC) සඳහා තොරාගෙන ඇත.

ඉහත උදාහරණ රාශියකින් පෙන්නුම් කරන්නේ යහපාලන රජයෙන් ද තනතුරු, වරප්‍රසාද සහ විදේශ පාඨමාලා ලබා දී ඇත්තේ ද රාජපක්‍ෂ පාලනයට සට්ටැඹිකම් කළ නිලධාරීන්ටම බවයි. සුදුසුකම් සපුරා ඇති රජපක්‍ෂලාට සට්ටැඹිකම් නොකළ, ඍජුවම තම රාජකාරී කළ නිලධාරීන්ට යහපාලනයෙන් ද සාධාරණයක් ඉටු වී නැත. 

සේනාධිනායක ජනාධිපතිවරයා යුද හමුදාවේ උත්තමාචාරය පිළිගන්නා අද නිදහස් දිනයේ දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුය. හමුදාවේ බහුතරයක් ඉහළ නිලධාරීන් නීති විරෝධීව එළිපිටම දේශපාලනය කෙළේ රාජපක්ෂලාට පක්ෂව යහපාලනයට විරුද්ධව ය. තම ඉහළ නිලධාරීන්ගේ නියෝග වලට පිටුපා යහපාලන ජනාධිපතිවරයා පත් කර ගැනීමට ක්‍රියා කෙළේ යුද හමුදාවේ පහළ අවංක නිලධාරීන්ය. අද ජනාධිපතිවරයා සන්තර්පනය කරන්නේ ඒ පහල අවංක නිලධාරීන් නොව රාජපක්ෂලාට සට්ටැඹිකම් කළ දූෂිත නිලධාරීන්වම ය. ඔහු ‘රණවිරුවන්‘ ලෙස දකින්නේ ඒ දූෂිතයන් ය. අප පත් කර ගත්තේ රාජපක්ෂ අවතාරයක්දැයි අපට දැන් දැන් සැක සිතේ.. කෙසේ වෙතත් සාධාරණයක් ඉටු වන තුරු නීතිගරුක අවංක හමුදා නිලධාරීහු බලා සිටිති.

 

-සොල්දාදු උන්නැහේ විසිනි-

---------------------------
by     (2017-02-03 20:01:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links