~

පාදෙණිය සහ සොයිසාගේ ත්‍රස්ත සංවිධානය ජනපතිට යැවූ ලිපියට ආනුභාවනන්ද ගෙන් පිළිතුරු

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.05, ප.ව‍.10.45) පරාජයෙන් වියරු වැටී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අප කලින්ම අනාවැකි කී ආකාරයටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලපෑම් කිරීමට උත්සාහ දරමින් සිටී. සයිටම් ප්‍රශ්නය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය සහ ලේකම් නවීන් ද සොයිසා එම ලිපිය යොමු කිරීමට පැය කිහිපයකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා යහපාලන ආණ්ඩුව බිඳ දැමීමේ ප්‍රහාර පිළිබඳව එකඟතාවයකට පැමිණි බවද ජනතාවට හෙළි කළ යුතුය.

ජනාධිපතිවරයාගෙන් සාධාරණත්වය බලාපොරොත්තු වන බව කියමින් ඔහුව මුරුංගා අත්තට නග්ගන්න හදන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා අඩි 6 ක් යට යැවීමේ කණ්ඩායමේ පෙරමුණු කණ්ඩායමකි. ඒ පිලිබඳව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී විස්තරාත්මකව පැහැදිලි කෙළේ පාදෙණියලා රාජපක්ෂ රෙජීමයට ‘සුපර් මාකට්‘ ගිය බව පවසමිනි. ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයේ ප්‍රධාන කොටස් කරුවෙකු වන සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න ද පාදෙණියලා, මෛත්‍රීපාල සිරිසේන අඩි 6 ක් යට යැවීමේ මෙහෙයුමේ කොටස් කරුවන් වූ අන්දම කිහිප වතාවක්ම පැහැදිලි කර දී ඇති බැවින් ඒ පිලිබඳ වැඩි දුර සාකච්ඡා කිරීම අනවශ්‍ය ය. 

ජනාධිපතිවරයාට පසුගිය 3 වෙනිදා ලිපිය යැවීමට පැය කිහිපයකට පෙර ද මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්වී යහපාලන රජයට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණ කිරීම මගින් පාදෙණියලා සොයිසලා ගේ අභිමතාර්ථය ගැන ජනාධිපති සිරිසේන මහතාට පැහැදිලි වනවා නොඅනුමාන ය.

ජනාධිපතිවරයාට යොමු කරන ලිපිය ආරම්භයේ කියා සිටින්නේ “ රටේ වෛද්‍ය සභාවේ පිළිගැනීම නොලද ආයතනයක් මගින් වෛද්‍යවරුන් බිහිවීමට යන ලෝකයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාව“ වන බවයි. දැන් එවැනි ප්‍රශ්නයක් නැත. අභියාචනාධිකරණ තීන්දුව මගින් ‘සයිටම්‘ හි වෛද්‍ය උපාධිය සමත් වූ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියා පදිංචි කරන ලෙසට පැහැදිලි ලිඛිත නියෝගයක් ලබා දී තිබේ. දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඇත්තේ අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම හෝ එම තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම ය. 

මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටි අවධියේ පත් කළ පංච පුද්ගල කමිටුව, වෛද්‍ය සභා නිර්දේශ සහ පීඨාධිපති නිර්දේශ සැලකිල්ලට ගෙන නොමැති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිට යැවූ ලිපියේ සඳහන් වෙයි. පළමුව කිව යුත්තේ ජනාධිපතිවරයාට ජනවාරි 8 වෙනිදා ජනවරම ලැබුනේ ඔහු සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමට නොවන බවයි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රධාන වශයෙන් සහයෝගය ලබා දුන් එජාප සහ ද්‍රවිඩ ජාතික සන්ධානය  ‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් පෙනී සිටින පක්ෂ දෙකක් මිස පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීමට කැස කවන ගල් යුගයේ දේශපාලන පක්ෂ නොවෙයි. එබැවින් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිදුකළ කාර්ය භාරය අදට වලංගු නැත. අද ඇත්තේ වෙනත් ජනවරමකි.

එමෙන්ම ‘සයිටම්‘ ආයතනය බිහි කිරීමට අනුමැතිය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය යි. ‘සයිටම්‘ සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබුනේ වසර 2008 දී ය. වසර 2009 ‘සයිටම්‘ සරසවියක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත්තේ ය. වසර 2011 දී ‘සයිටම්‘ පිළිගනිමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙළේය. වසර 2012 දී මහින්ද රාජපක්ෂ රජය ඇප වී ‘සයිටම්‘ ආයතනය සඳහා රුපියල් මිලියන 4000 ක ණයක් ලබා දුන්නේ ය. වසර 2013 දී ‘සයිටම්‘ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් ලබා දීමට තීරණය කෙළේය. මේ සියල්ල මහින්ද රාජපක්ෂ ගත් තනි තීරණ නොව රජයක් වශයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර එහි අනුමැතියෙන් ගත් තීරණය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඒ කැබිනට් මණ්ඩලයේ සිටිමින් මේ සියල්ලට එකඟ වූ බව රහසක් නොවේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ‘සයිටම්‘ ආයතනයට එදා විරුද්ධ වූ බවට පාදෙණියලා සහ සොයිසලා තම ලිපිය මගින් අද කියන කතා පට්ට පල් බොරුය. ජනාධිපති සිරිසේන මහතා ‘මං සුදනා‘ චරිතය රඟපෑමට ඉමහත් රුචියක් දක්වන බව දන්නා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ‘ඇම‘ ජනාධිපතිවරයාට ඉහළින් ස්ථාන ගත කර තිබෙන බව ඔවුන්ගේ ලිපියෙන් පෙනී යයි. එහෙත් අභියාචනාධිකරණ තීරණය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කළ යුතු බවත් ‘සයිටම්‘ ආයතනය ආරම්භ කෙළේ තම රජය යටතේ බවයි. එබැවින් ජනාධිපති සිරිසේන මහතාට අලුතින් දැන් ‘මං සුදනා‘ චරිතය රඟපෑමට අවශ්‍යතාවයක් නැත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති සිරිසේන මහතාට සිය ලිපියෙන් දැනුම් දෙන්නේ ‘සයිටම්‘ ආයතනයට එරෙහිව සියළු බලවේගයන් එක් කරමින් එයට නායකත්වය දීමට තම සංගමය කටයුතු කරන බවයි. එසේ නම් ‘සයිටම්‘ ආයතනය වසර 2008 ආරම්භ කළ අතර වසර 2015 ජනවාරි 8 වෙනිදා තෙක් එම ආයතනය ස්ථාපිත වීමට තම සංගමය ඉඩ දුන්නේ මන්ද කියා පාදෙණියලා සහ සොයිසලා පැහැදිලි කර දිය යුතුය. 

යහපාලන රජය බලයට පැමිණීමත් සමගම සරසවි සිසුන් පාරට ඇද දමමින් සහ ලක්ෂ ගණන් රෝගී ජීවිත ජීවග්‍රහයට ගනිමින් හිටි හැටියේ උද්ඝෝෂන කිරීමට පාදෙණියලාට සොයිසලාට මතක් වූයේ ඇයි..? වසර 2008 සිට 2015 ජනවාරි 8 වෙනිදා දක්වා පූස් පැටවුන් මෙන් සිටියේ ඇයි..? මෙය පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් මිස අන් කුමක් ද? සයිටම් ආයතනය පිළිබඳව පමණක් නොව ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමට ද එරෙහිව මෙම දොස්තර මාෆියාව පාරට බැස්සේ ය. මෙය යහපාලන ආණ්ඩුව බිඳ දැමීමට කරන වැඩ පිළිවෙලකි. එනම් මෙය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටම එරෙහි වැඩ පිළිවෙලක් බව ඔහු අවබෝධ කර ගන්නවා නිසැක ය. 

පාදෙණියලාගේ සොයිසලාගේ ලිපිය අවසන් කරන්නේ “රෝගී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට සහ ජීවිත වලට සිදුවිය හැකි හානිය වැළැක්වීමටත්“ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරමිනි. 

ලක්ෂ සංඛ්‍යාත රෝගී ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් කටයුතු කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති ත්‍රස්තවාදී සංවිධානය බව අමුතුවෙන් කිව යුතු නැත. වැටුප් වර්ධකයට, කාර් පර්මිට් එකට, දරුවන්ට සුපිරි පාසැල් ඉල්ලා, බදු අය කිරීම වැළැක්වීමට, හෙදියන් වෙද නලාව භාවිතා කරනවාට විරුද්ධව, වින්නඹු අම්මලාගේ රාජකාරියට විරුද්ධව, රටකින් ගිලන් රථ සේවාවක් ලබා දීමට විරුද්ධව ආදී නොයෙකුත් අසාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් නොමරා මරන්නේ මෙම කාලකන්නි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මිස අනෙකෙකු නොවේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා රෝගී ජනතාවගේ අයිතිවාසිකම් බේරා ගත යුතුව ඇත්තේ මේ කාලකන්නි රැලගෙනි. විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට සහ ජීවිත වලට සිදුවන අනතුරට වගකිව යුත්තේ දිනපතා ඔවුන්ව පාරවල් ගානේ දක්කන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවන පෙරටුගාමීන් සහ ඔවුන් සමග තරඟ කරන ජවිපෙත් ඒ සඳහා මුදල් ආධාර සහ ආශිර්වාදය ලබා දෙන පාදෙණියලාගේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයත් ය. සරසවි සිසුන් බේරා ගත යුත්තේ මේ කාලකන්නි රැලගෙනි.

(පාදෙණිය සහ සොයිසා ජනාධිපතිවරයාට යවන ලද ලිපිය මෙහි පහත දැක්වේ) 

-ආනුභාවනන්ද විසිනි-

[email protected]

මේ හා සබැඳි ආනුභාවනන්දගේ ලිපි

“අධ්‍යාපනයේ නිදහස“ පිළිබඳ සටනේ පළමු වටය ජය ගතිමු..! නමුත් දෙවන වටයේදී ෆැසිස්ට්වාදීන් ලේ හලනවා සිකුරුයි..!!
සයිටම් නඩු තීන්දුව ගැන ‘ආනුභාවනන්ද‘ ලියයි

මාරපුත්‍රයන් සහ අපතයන් සමග ඔබ වේද අප විද්‍යා..? රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා තනි ඇහැට ඇඬෙන ඇත්ත කතාව -ආනුභාවනන්දගේ විග්‍රහය-

නියැන්ඩතාල් වම්මුන්ගේ සහ කපටි දේශප්‍රේමීන්ගේ දෙමුඛ වසා ගිනස් වාර්තා තැබූ අරුම පුදුම ‘ගෝඨා පීඨය‘ හෙවත් කොතලාවල පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කතාව -ආනුභාවනන්දගේ විග්‍රහයකි-

වෛද්‍ය අධ්‍යාපනයේ ‘එදත් මාරයා අදත් මාරයා‘ මරාචාර්ය කාලෝ ෆොන්සේකාට ආනුභාවනන්දගෙන් පිළිතුරු

---------------------------
by     (2017-02-05 17:44:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

20 yrs we were together ruining the country. am i to take yahapalanaya or the past........? and how to tease both parties........?
-- by open mind on 2017-02-05

Do we need to think these morons who are in Medical Council want to save education and health systems in Sri Lanka? We gave the power to this Govt. to rule the country. If Govt. don’t get right decisions we will not give a second chance in next election. People…. Don’t support this GMOA idiots.
-- by Amal on 2017-02-06

යහපාලන ආණ්ඩුව පත් කල හැටදෙලක්ස්යක් ජනතාවගේ උතුකම ඉටුකිරීමට කාලය පැමිණ ඇත .මෙම දොස්තර නඩයෙන් තමන් පත් කල ආණ්ඩුව බේරාගැනීමට කාලය පැමිණ ඇත .ජනතාවනි පෙළගැසෙන්න මෙම දොස්තරවරුන්ගේ ගෙවල් වටලා සාමකාමී අරගලයකට කාලය පැමිණ ඇත.මොවුන් හදන්නේ ආණුඩුව අඩපන කරන්නඊ හොර දොස්තර නඩයට උද්ගෝෂණ කිරීමට aithya ඇත්නම් මහජනතාව වන අපටද උද්ගෝෂණය කල හැක,මෙවර පිටකොටුවේ දුම්රිය ස්ථානය, ලිප්ටෝන්වටරවුම නොව වයද්යවරුන්ගේ ගෙවල් ඉදිරිපිට්ටඊ.එවිට මොවුන් අහිසක රෝගීන්ගේ ගීවිත නොසලකුවට උන්ගේ අඹුදරුවන්ගේ සුපිරි ජීවිත ගැන සලකනවා noanumanni
-- by Jayantha on 2017-02-06

දොස්තර මහත්තුරැ නිදහස් අධ්‍යාපනය සුරකිමුයි අරක මේකයි කියා කිව්වත් ඒ අයගේ ඇත්ත පැටිකිරිය. සමසෞඛ්‍ය උපාදිය වසර 4 සිට වසර 3 කප්පාදුකර ඉගෙනීමේ අයිතිය අවුරැද්දකින් අඩුකලේ තමුන්ගේ උපාදිකාලසීමාවට සමාන වේයැයි බියටද නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැන සිතාද සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන සිතාදැයි ප්‍රමිතිය ගැන දැන් බොරැවට කියෝන දොස්තර මහත්තුරැන්ගෙන් මට අහන්නට ඇත. සම සෞඛ්‍ය සිසුන්ට මෙතරම් සුදුසුකම් තිබුනත් වසර ගනනක් යනතුරැ රජයේ රැකියාවලට ඒමට දොස්තර මහත්තුරැ ඉඩ නොදුනි. වසර 4 උපාදිදාරීන්ට මෙරට ලැබෙන sl කාන්ඩයේ වැටුප වෙනුවට අදටත් වසර 2 ඩිප්ලෝමා වේතනයෙන් එහා සතපහක් සම සෞඛ්‍ය උපාදිදාරීන්ට නොදෙන්නට වෛද්‍යවරැ කටයුතුකර ඇත.
-- by sasi on 2017-02-07

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links