~

කකුල කකුල කකුල පේන්න බැරි කකුල..! යහපාලනය තුල අමන පාලනයක්..!!

ආචාර්යතුමෙකුගේ අත්දැකීමක්

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.08, ප.ව.7.45) ඉතාම දිගු කාලයකට පසුව මම පසුගිය ඉරිදා සවස මා ඉගෙනගත් ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට (එකල එය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ විද්යෝදය මණ්ඩපය නම් විය) ගියේ අතීතයේ පෙර දවස මා විඳි එම තාරුණ්‍යයේ යොවුන් මතකයන් යලි මතක් කර ගැනීමේ අරමුණින් සහ මගේ නැණැස පෑදූ එම උත්තරීතර ආයතනය යලි දැක බලා ගැනීමටය. ශ්‍රී සෝරත මාවතේ විශ්ව විද්‍යාල බිම පටන් ගන්නා තැන සිට රතු පැහැති රෙදි වල ලියන ලද සයිටම් විරෝධී සටන් පාඨ වලින් මුළු පෙදෙසම වැසී ගොස් ඇති බව දුරටම මම දුටුවෙමි. ප්‍රධාන දොරටුව අභියස රතු රෙදිවලින් තැනුන කුඩාරමක් වූ අතර එය වටා විවිධ සටන් පාඨ වලින් පුරවා තිබුණි. දොරටුවෙන් ඇතුළු වී සුමංගල ශාලාව දක්වා ඇවිදගෙන ගිය මට දැක ගත හැකි වුයේ විශ්ව විද්‍යාලයේ එකල ඵල බරව අලංකාරව පෙලට තිබු අඹ ගස් වලින් කීපයක් පමණක් තවමත් තිබුනත් වැඩිකලක් එම ගස් ජීවත් නොවෙන ලකුණුය. මට සිතට සියුම් දුකක් දැනුනේ එම අඹ ගස් යට තිබෙන අසුන් මත හිඳ ගෙන මිතුරු මිතුරියන්  සමග එකල  ගත කළ ඒ සුන්දර සමය සිතට දැනුනු බැවිනි. අප වටා සිටි සුන්දර යෙහෙලියන්ගේ සිනහ හඬ සහ විහිලු තහළු යලි මා මනසට නැගෙමින් අතීතයට මා පාවී ගියේ පුළුන් රොදක් මෙනි. හදිසියේම කවුදෝ කතා කරන හඬින් මා යලි වර්තමානයට ආවෙමි. විශ්ව විද්‍යාල සිසුවෙක් මා අභියස සිටි.

"මේ මහත්තය, කොට කලිසම් ඇඳගෙන  මේක ඇතුලට එන්න තහනම් බව දන්නේ නැද්ද?"

මා මගේ  කලිසම දෙස බැලුවෙමි. 

"මේක එච්චරම කොට නැහැනේ. දන හිසෙන් පහලටම තියෙනවා නේ" මම කීවෙමී.

"ෂෝර්ට් ඒවා සහ ත්‍රී ක්වාර්ටර් ඒවා ඇඳගෙන ඇතුලට එන්න පුළුවන් රෑ අට හමාරෙන් පස්සේ විතරයි.  ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව එලියට ගියොත් හොඳයි."

"ඒ මොකද එහෙම අලුත් නීතියක්?" මම ඇසුවෙමි.

"අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව එලියට ගියානම් හොඳයි" කියූ සිසුවා යන්න ගියේ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් අප දෙසට එනු පෙනුන නිසා විය හැක.
  
"මම මේ ආවේ කතා කරනවා දැකල. කොට කලිසම් ඇඳගෙන  මේක ඇතුලට එන්න තහනම් කරල තියෙන්නේ. මහත්තයා ගේට්ටුවෙන් ඇතුලට එනවා මම දැක්කේ නැහැ." ආරක්ෂක නිලධාරියා මට කිවේය. 

"පරිපාලනයෙන්ද මේ නීතිය දාල තියෙන්නේ?"

"අපොයි නැහැ මහත්තය" 

" එහෙනම් ආරක්ෂක අංශයෙන්ද?"

"නැහැ මහත්තය මේක අපේ නීතියක් නොවෙයි."

"එහෙනම් කාගේ නීතියක්ද?"

"මේක ළමයින්ගේ නීතියක්. අපට කියල තියෙන්නේ පොලිස් ඇඳුම් ඇඳගෙන එන අයට සහ කොට කලිසම් ඇඳගෙන එන අයට මේ ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්න එපා කියල. ඉතින් ඒ ගොල්ල කියන දේවල් කළේ නැත්නම් අපට කරදර  වෙනවා. ඒ නිසා අපි ඒ ගොල්ල කියන විදියට තමයි පාලන කටයුතු කරන්නේ. මහත්තය දැන් එලියට ගියා නම් හොඳයි නේද?"

ඉර බැස යන්නට ආසන්නය. සෝරත හිමියන්ගේ නිසල පිළිරුව මේ කිසිවක් තේරුම් ගත නොහැකිවා මෙන් පාර දෙස බලා හිඳී. අතීතයට ගොඩ වැදී ඒ සුන්දර යුගය මනසින් හෝ යලි විඳ  ගැනීමේ බලාපොරොත්තු මා දෙනෙත් අබියස එලෙසින් සුන් වී යද්දී යලිත් වරක් සුමංගල ශාලාව දෙස හැරී බැලු  මම ගේට්ටුවෙන් එලියට පියමන් කලෙමි.

ආචාර්ය පියදාස එදිරිසුරිය විසිනි

මොනෑෂ් විශ්ව විද්‍යාලය 
මෙල්බර්න්, ඕස්ට්‍රේලියා.

---------------------------
by     (2017-02-08 14:55:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

Dan inne katapaadam karanna puluwan common sense nathi meeharak.
-- by Alwis on 2017-02-09

Munta mona yaha paalanada. Gota kala wage private security ekak danna ona.
-- by namal on 2017-02-09

As I can remember this was the case for so long...Some one can argue, but it was a Japura practice and no one questioned it...
-- by sanjeewa on 2017-02-09

මේ ඇති වී තිබෙන්නේ 1970 ට පෙර ජපුරේ පැවති තත්වයමය. ඊ ළග ප්‍රතිඵලය වූයේ 1971 -1974 දක්වා ජපුරය හිර කදවුරක් හා වධකාගාරයක් බවට පත් වීමය.ඒ හිටි වීරයන් හා නිළ නොලත් පාළකයින් නිවට නියාළු වී එහිම ගාල් වී සිටියහ. රටේ පාළකයෝ උගතුන්ගේ රැකියා ප්‍රශ්ණය සාර්ථකව විසදූහ. අදත් ඒ අයුරින් ම විසදීමට පාළකයෝ අර අදිති. මැර සිසුවෝ මැරමාණයෙන් ඊට මග පාදා දෙති. හේතුව ඉතිහාසය නොසළකා හැරීමය.වගකීම් නොසළකා තම අයිතිවාසිකම් ගැන පමණක්හඩ නගන මොවුන් දෙස බළා පාළකයෝ වෘක සිනහා නගති.
-- by B.Anthony on 2017-02-10

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links